පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
556/’18
ගරු අශෝක ප්‍රියන්ත මහතා,— පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වයඹ පළාතේ, පුත්තලම දිස්ත්‍රික්කයේ එක් එක් පළාත් පාලන ආයතනය විසුරුවා හරින ලද දිනය වෙන් වෙන් වශයෙන් කවරේද;
(ii) පළාත් පාලන ආයතන විසුරුවා හැරීමෙන් පසු පළාත් පාලන ආයතනවල කටයුතු පවත්වාගෙන යෑම සඳහා සේවකයන් බඳවාගෙන තිබේද;
(iii) එසේ නම්, බඳවාගත් සේවකයන්ගේ නම්, ලිපිනයන් හා බඳවාගත් තනතුරු කවරේද;
(iv) එසේ බඳවා ගැනීමේදී ආයතන සංග්‍රහය සහ මුදල් රෙගුලාසි විධිවිධාන අනුගමනය කර තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-07-19
අසන ලද්දේ
ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.
අමාත්‍යාංශය
පළාත්සභා, පළාත් පාලන සහ ක්‍රීඩා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks