04

E   |     |  

 දිනය: 2018-07-06   පිළිතුර ලබා දී ඇත 

0554/2018: Investigation to misappropriation of over Rs. 10 million from thalassaemia fund

554/’18

ගරු අශෝක ප්‍රියන්ත මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       වර්ෂ 2020 දී වයඹ පළාත තුළ තැලසීමියා රෝගය සම්පූර්ණයෙන්ම තුරන් කිරීම වෙනුවෙන් විශේෂ අරමුදලක් 2009 වර්ෂයේදී පිහිටුවනු ලැබූ බවත්;

             (ii)       එම අරමුදලින් රුපියල් මිලියන දහයකට අධික මුදලක් අයථා ලෙස පරිහරණය කිරීම පිළිබඳව සොයා බැලීමට විශේෂ විමර්ශන කමිටුවක් පත් කරන ලද නමුත් මේ දක්වා එහි වාර්තාව ප්‍රකාශයට පත් වී නොමැති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) එසේ නම්, මෙම විමර්ශන වාර්තාව ප්‍රකාශයට පත් කර, අදාළ පුද්ගලයන්ට එරෙහිව අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-07-06

අසන ලද්දේ

ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks