04

E   |     |  

 දිනය: 2018-06-22   පිළිතුර ලබා දී ඇත 

0552/2018: Ministers and appointments given by them Wayamba Province

552/’18

ගරු අශෝක ප්‍රියන්ත මහතා,— පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       වයඹ පළාත් සභාවේ අමාත්‍ය ධූර දරන අමාත්‍යවරයන්ගේ නම් කවරේද;

            (ii)       ඔවුන් දරන අමාත්‍යාංශ වෙන් වෙන් වශයෙන් කවරේද;

            (iii)       එක් එක් අමාත්‍යවරයා යටතේ ඇති ආයතන හා වෙනත් ව්‍යවස්ථාපිත ආයතන කවරේද;

(iv) වත්මන් යහපාලන රජය බලයට පත්වීමෙන් පසුව එක් එක් අමාත්‍යවරයා විසින් ලබා දී ඇති පත්වීම් සංඛ්‍යාව කොපමණද;

(v) පත්වීම් ලබා ගත් පුද්ගලයන්ගේ නම්, ලිපිනයන්, අධ්‍යාපන සුදුසුකම් හා තනතුරු කවරේද;

(vi) එම පත්වීම් ලබාදීමේදී අනුගමනය කළ ක්‍රමවේදය කවරේද;

(vii) පත්වීම් ලබාදීමේදී යම් අක්‍රමිකතාවක් සිදුවී ඇත්නම්, අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-06-22

අසන ලද්දේ

ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.

අමාත්‍යාංශය

පළාත්සභා, පළාත් පාලන සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks