logo

E   |     |  

 ස්ථාවර නියෝගවල අන්‍යාකාරයෙන් නිශ්චිතව සඳහන් කර තිබේ නම් මිස, විශේෂ කාර්ය සඳහා වූ සෑම කාරක සභාවක් විසින්ම එහි පළමු රැස්වීමේ කටයුතු ආරම්භ කිරීමට පෙර එහි සභාපතිවරයා වශයෙන් එක් සාමාජික මන්ත්‍රීවරයකු තෝරා පත් කර ගනු ලැබිය යුත්තේ ය.

සභාපතිවරයාට මූලික ඡන්දයක් තිබිය යුතු අතර ඡන්දය විමසනු ලැබූ අවස්ථාවක දී, ලැබුණු ඡන්ද ගණන සමානව බෙදී තිබේ නම් සභාපතිවරයාට තීරක ඡන්දයක් තිබිය යුත්තේ ය.

ස්ථාවර නියෝගවල අන්‍යාකාරයෙන් නිශ්චිතව සඳහන් කර තිබේ නම් මිස, කාරක සභාවල පුරප්පාඩු, තේරීම් කාරක සභාව විසින් පුරවනු ලැබිය        යුත්තේ ය. එවැනි සෑම පුරප්පාඩුවක් පිරවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඊළඟ රැස්වීමේ දී පාර්ලිමේන්තුවට නිවේදනය කරනු ලැබිය යුත්තේ ය.

ස්ථාවර නියෝගවල අන්‍යාකාරයෙන් නිශ්චිතව සඳහන් කර තිබේ නම් මිස, කාරක සභාවේ ගණපූරණය සාමාජිකයන් තිදෙනෙකුගෙන් සමන්විත        විය යුතු අතර අවශ්‍ය ගණපූරණය නොමැතිව කටයුතු නොකිරීම එම කාරක සභාවේ සභාපතිවරයාගේ වගකීම විය යුත්තේ ය.

කාරක සභාවල රැස්වීම්, සභාපතිවරයා විසින් කැඳවනු ලැබිය යුත්තේ ය.

සභාපතිවරයා පැමිණ නොසිටින අවස්ථාවකදී, කාරක සභාව විසින් තෝරා පත් කරගනු ලබන කාරක සභාවේ වෙනත් යම් සාමාජික මන්ත්‍රීවරයකු විසින් මූලාසනය දරනු ලැබිය යුත්තේ ය.

කාරක සභාවක පූර්ව අවසරය ලබා නොගෙන, කාරක සභාවේ අනුගාමී රැස්වීම් තුනකට නොපැමි‍ණෙන යම් සාමාජික මන්ත්‍රීවරයකු එම කාරක සභාවේ සාමාජිකත්වය අතහැර ගියාසේ සලකනු ලැබිය යුත්තේ ය:

එසේ වුව ද, එම සාමාජික මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුවේ අවසරය කලින් ලබාගෙන පාර්ලිමේන්තුවේ රැස්වීම් සඳහා නොපැමිණ සිටින යම් කාල සීමාවක් තුළ කාරක සභාවේ යම් රැස්වීමක් පවත්වනු ලබන අවස්ථාවකදී ඉහත සඳහන් විධිවිධාන අදාළ නොවිය යුත්තේ ය.

කාරක සභා ලැයිස්තුව

පෙන්වන්න

ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව  | 3 වැනි සභාවාරය  | විශේෂ කාර්යයන් සඳහා වන කාරක සභා

ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව  | 2 වැනි සභාවාරය  | විශේෂ කාර්යයන් සඳහා වන කාරක සභා

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කටයුතු පිළිබඳ කාරක සභාව

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව  | 2 වැනි සභාවාරය  | විශේෂ කාර්යයන් සඳහා වන කාරක සභා

උසස් නිලතල පිළිබඳ කාරක සභාව

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව  | 2 වැනි සභාවාරය  | විශේෂ කාර්යයන් සඳහා වන කාරක සභා

ගෘහ්‍ය කාරක සභාව

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව  | 2 වැනි සභාවාරය  | විශේෂ කාර්යයන් සඳහා වන කාරක සභා

තේරීම් කාරක සභාව

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව  | 2 වැනි සභාවාරය  | විශේෂ කාර්යයන් සඳහා වන කාරක සභා

පසුපෙළ මන්ත්‍රීවරයන් ගේ කාරක සභාව

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව  | 2 වැනි සභාවාරය  | විශේෂ කාර්යයන් සඳහා වන කාරක සභා

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව  | 2 වැනි සභාවාරය  | විශේෂ කාර්යයන් සඳහා වන කාරක සභා

© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks