logo

E   |     |  



පාර්ලිමේන්තු සංසද 

පාර්ලිමේන්තු සංසදයක් යනු  පොදු අභිලාෂයන්/ අරමුණු සාකච්ඡා කිරීම සහ ඒ වෙනුවෙන් පෙනී සිටීම උදෙසා හෝ පොදු න්‍යාය පත්‍රයක් අනුව කටයුතු කිරීම වෙනුවෙන් එකට එකතුවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගෙන් සමන්විත වන කණ්ඩායමකි.

සංසදයක මූලික අරමුණ වන්නේ ක්‍රියාකාරකම් සම්බන්ධීකරණය කිරීම, ප්‍රතිපත්ති සම්බන්ද ගැටළු,  ව්‍යවස්ථාදායක ප්‍රමුඛතා සම්බන්ධ ක්‍රමෝපායන් සාකච්ඡා කිරීම ආදිය ලෙස දැක්විය හැකි ය. ඔවුන් නිරන්තරයෙන් විශේෂිතව හඳුනාගත් පාරිසරික, මානව හිමිකම් සම්බන්ධ, ආර්ථික සංවර්ධනයට අදාළ හෝ යම් නිශ්චිත ජන කණ්ඩායමකට අදාළ  ගැටළු/ මාතෘකා වෙත අවධානය යොමු කරයි. (උදා:- කාන්තා සංසදය, තරුණ සංසදය, ළමා සංසදය ආදිය)

සංසදයක කාර්යයන් ලෙස නිරන්තරයෙන් රැස්වීම් පැවැත්වීම, විවිධ වැඩමුළු හෝ වැඩසටහන් සංවිධානය කිරීම, නීති සංශෝධන ආදිය යෝජනා කිරීම, පාර්ශ්වකරුවන් හා ජනතාව සමඟ සම්බන්ධවී යෝජනා ඉදිරිපත් කිරීම, කාලීන ගැටළු සාකච්ඡා කිරීම ආදිය දැක්විය හැකිය.

 

නව වැනි පාර්ලිමේන්තුවේ තිබෙන වර්තමාන සංසද පහත පරිදි වේ:

  1. ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය
  2. ළමයින් සඳහා වන  පාර්ලිමේන්තු  සංසදය
  3. විවෘත පාර්ලිමේන්තු මුලාරම්භයන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය
  4. තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදය
  5. සත්ව සුබසාධනය පිළිබඳ පාර්ලිමේන්තු සංසදය
  6. ජාතික උරුමයන් සුරැකීම උදෙසා ක්‍රියාත්මක වීම පිණිස වන පාර්ලිමේන්තු සංසදය
  7. ආබාධ සහිත වූවන් සඳහා  වන පාර්ලිමේන්තු සංසදය
  8. කඳුකරය සුරැකීම සඳහා වන පාර්ලිමේන්තු සංසදය
  9. මානව හිමිකම් පිළිබඳ පාර්ලිමේන්තු සංසදය
  10. ශ්‍රී ලංකාවේ මලයියාග වැවිලි ප්‍රජාවේ විකාශය පිළිබඳ පාර්ලිමේන්තු සංසදය
  11. ශ්‍රී ලංකා දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදය
  12. ශ්‍රී ලංකා වෛද්‍ය පාර්ලිමේන්තු සංසදය

කෙසේ වුවද, පාර්ලිමේන්තු සංසද සඳහා වන ප්‍රතිපාදන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල සඳහන් නොවේ.


කාරක සභා ලැයිස්තුව

පෙන්වන්න

ශ්‍රී ලංකා වෛද්‍ය පාර්ලිමේන්තු සංසදය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව  | 5 වැනි සභාවාරය  | සංසද සහ වෙනත් කාරක සභා

සත්ව සුබසාධනය පිළිබඳ පාර්ලිමේන්තු සංසදය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව  | 5 වැනි සභාවාරය  | සංසද සහ වෙනත් කාරක සභා

ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව  | 5 වැනි සභාවාරය  | සංසද සහ වෙනත් කාරක සභා

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව  | 4 වැනි සභාවාරය  | සංසද සහ වෙනත් කාරක සභා

තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව  | 4 වැනි සභාවාරය  | සංසද සහ වෙනත් කාරක සභා

පාර්ලිමේන්තුවේ සභා ගර්භයේදී සහ පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී 2021 අප්‍රේල් මස 21 වැනි දින සිදු වූ සිද්ධීන් පිළිබඳව සොයා බලා ඒවාට ගත යුතු පියවර කවරේද යන්නත්, ඉදිරියේදී එවැනි සිදධීන් ඇති නොවීමට ගත යුතු ක්‍රියාමාර්ග කවරේද යන්න නිර්දේශ කිරීමටත්, ඉදිරියේදී එවැනි සිද්ධීන් ඇති නොවීමට ගත යුතු ක්‍රියාමාර්ග කවරේද යන්න නිර්දේශ කිරීමටත් පත්කළ විශේෂ කාරක සභාව

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව  | 1 වැනි සභාවාරය  | සංසද සහ වෙනත් කාරක සභා

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ගේ කාන්තා සංසදය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව  | 2 වැනි සභාවාරය  | සංසද සහ වෙනත් කාරක සභා

ළමුන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව  | 2 වැනි සභාවාරය  | සංසද සහ වෙනත් කාරක සභා





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks