පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. ඒ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදය එහි සභාපතිනි කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2026.02.05 දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අවස්ථාවේදීයි.
ඒ අනුව, කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ සභාපතිනිය ඉල්ලා අස්වීම හේතුවෙන් හිස්ව ඇති පුරප්පාඩුව සම්පූර්ණ කිරීම සහ කොමිෂන් සභාව කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාමාර්ග ගන්නා ලෙසට එහි සාමාජික ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජනහා සේල්වරාස් මහත්මිය විසින් සංසදය වෙත යොමු කරන ලද 2026.02.02 දිනැති ලිපිය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි. මේ පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය, කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාව, සහ අදාළ අංශ නියෝජනය කරන පිරිස් ඉතා ඉක්මනින් ජනාධිපති ලේකම්වරයා හමුවී සාකච්ඡා කිරීමට මෙහිදී තීරණය විය.
එමෙන්ම, කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ එවකට සභාපතිනිය ලෙස කටයුතු කළ ආචාර්ය රමණී ජයසුන්දර මහත්මිය විසින් 2026 ජනවාරි 20 දින සංසදය වෙත යොමු කරන ලද ලිපිය පරිදි 2024 අංක 37 දරණ කාන්තාවන් සවිබල ගැන්වීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ ඇතිව තිබෙන කොමසාරිස්වරියකගේ පුරප්පාඩුව සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදය මෙවර කාන්තා දිනය සැමරීම සඳහා වැඩසටහන් සකස් කිරීමට හා 2026 වර්ෂයේ සංසදයේ ක්‍රියාකාරී සැලැස්මක සකස් කිරීම පිළබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි. ඒ අනුව මෙවර කාන්තා දිනයට සමගාමීව පාර්ලිමේන්තුවේදී සභාව කල් තබන අවස්ථාවේ සිදු කිරීමටත්, දේශපාලනය තුළ බිම් මට්ටමේ කාන්තාවන් බල ගැන්වීම සඳහා පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් සහ පළාත් පාලන සංසද සමග සාකච්ඡාවක් සිදු කිරීමටත් තීරණය විය.
තවද, කාන්තා හිංසනය පිටුදැකීම පිළිබඳ කාන්තා නියෝජනය ප්‍රමුඛවූ විවිධ වෘත්තීය සංවිධාන සමග සාකච්ඡාවක් සිදු කිරීමත් සංසදයේදී තීරණය විය. එයට අමතරව ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුකොටගෙන පීඩාවට පත්ව සිටින කාන්තාවන් සහ ඔවුන්ගේ ගැටලු සම්බන්ධව සාකච්ඡාවක් සිදු කිරීමටද සංසද සාමාජිකත්වයේ එකඟතාව හිමිවිය.
මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය නියෝජනය කරමින් එහි සාමාජික මන්ත්‍රීවරියන් පිරිසක් සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks