පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
සමස්ත චීන කාන්තා සම්මේලනය මඟින් ප්‍රදානය කරන ලද කාන්තා හා ළමා සනීපාරක්ෂක නිෂ්පාදන කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් ගංවතුර හා නායයෑම් ආපදාවට පත්වූවන් සඳහා ලබා දීමට තීරණය කර ඇත.
2025 නොවැම්බර් 25 දින සමස්ත චීන කාන්තා සම්මේලනය (All-China Women’s Federation – ACWF) විසින් යුවාන් 1,000,000 (ආසන්න වශයෙන් රු. මිලියන 43) ක් වටිනා ද්‍රව්‍ය තොගයක් පරිත්‍යාග කරන ලදී. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ දරුවන් සඳහා මාතෘ හා බිළිඳු කාමරයක් සහ ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය හරහා දිවයින පුරා බෙදා හැරීම පිණිස කාන්තා සනීපාරක්ෂක නිෂ්පාදන මෙහි අන්තර්ගත විය. මේ අනුව මෙම ප්‍රදානයේ කොටසක් වශයෙන් සනීපාරක්ෂක තුවා සහ ළමා ඩයපර් (Baby diapers), ළදරු පිසදැමීම් (Baby wipes), සනීපාරක්ෂක කඩදාසි (Tissue paper) ,මෘදු කපු තුවා (Soft cotton towels), විෂබීජහරණය කරන සනීපාරක්ෂක අත් සේදුම් දියර (Disinfection Of Hand sanitizer) ඇතුළු කාන්තා හා ළමා සනීපාරක්ෂක නිෂ්පාදන මෙලෙස ආපදාවට ලක්වූ පිරිස් වෙත බෙදා දීමට නියමිතව ඇත.
කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි සරෝජා සවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ මැදිහත්වීමෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් ඒකාබද්ධව මෙම කාන්තා හා ළමා සනීපාරක්ෂක නිෂ්පාදන බෙදා දීමට නියමිතව ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනිය පවසා සිටියේ කාන්තා සවිබල ගැන්වීම සහ දරුවන්ගේ යහපැවැත්ම සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන්ට සහාය දැක්වීමක් වශයෙන් ලද මෙම පරිත්‍යාගය මෙම ව්‍යසනකාරී තත්ත්වය හමුවේ ආපදාවට ලක් වූවන් සඳහා ලබා දීමට තීරණය කිරීම ඔවුනට යම් සහනයක් වනු ඇති බවයි.
තවද මෙම ප්‍රදානය ලබා දීමට මූලිකව කටයුතු කළ මහජන චීන සමූහාණ්ඩුව මෙන්ම චීන තානාපති චී ෂෙන්හොං මහතා සහ සමස්ත චීන කාන්තා සම්මේලනය වෙත පාර්ලිමේන්තුවේ මහලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය විශේෂ ස්තූතිය පළ කළාය. එසේම කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි සරෝජා සවිත්‍රි පෝල්රාජ් මහත්මියට සහ මේ සම්බන්ධයෙන් ආරම්භයේ සිටම විශාල සහයෝගයක් ලබා දුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සියලුම සාමාජික මන්ත්‍රීවරියන් හට ද ඇය සිය කෘතඥතාව පළ කළාය.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks