පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2026-11-04
ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරු හේතුවෙන් 2021 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා සිදු වූ මරණ සංඛ්‍යාවල වසරක සාමාන්‍ය 2,536 ක් බවත්, තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව වසරක සාමාන්‍ය 22,483 ක් බවත් සෞඛ්‍ය ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය පත්මනාදන් සත්‍යලිංගම් මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කරන ලද ප්‍රශ්නවලට අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේ දී ලබා දුන් පිළිතුරේ ඉහත කරුණු සඳහන් විය.
මාර්ග අනතුරු හේතුවෙන් තාවකාලිකව සහ ස්ථීරව ආබාධිත තත්ත්වයට පත්වන පුද්ගලයින් සංඛ්‍යාවෙහි සාමාන්‍ය, ආසන්න වශයෙන් 25,000 ක් පමණක් වන බවත් සඳහන් කළ අමාත්‍යවරයා අන්තර්ජාතික නිර්ණායකවලට අනුව රටක මාර්ග අනතුරු නිසා ආර්ථිකයට සිදු වන ඵලදායී හානිය (productivity lost) දළ ජාතික නිෂ්පාදනයෙන් 3% ත් 5% ත් අතර ප්‍රමාණයක් වනු ඇතැයි විශ්වාස කරන බව ද කීවේය.
2026-11-04
ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ ජන හා නිවාස සංගණනය - 2024 අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ සිටින සමස්ත ආබාධිත පුද්ගලයන් සංඛ්‍යාව 727,293 ක් බවත් පැවසු ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා බලගැන්වීමේ ගරු අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා ආබාධිත පුද්ගලයන්ගේ සුබසාධනය සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග විස්තරාත්මකව විග්රහ කළේය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සුගත් වසන්ත ද සිල්වා මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේ දී ලබා දුන් පිළිතුරේ ඉහත කරුණු අනාවරණය විය. අමාත්‍යවරයාගේ විස්තර දැක්වීමට අනුව, අඩු ආදායම්ලාභී ආබාධ සහිත පුද්ගලයන්ට මාසිකව රු. 10,000 ක ජීවනාධාර මුදලක් ලබා දීම, විශේෂ ආධාරක උපකරණ ලබා දීම, ශ්‍රවණ උපකරණ හා එහි අමතර කොටස් මිලදී ගැනීමට උපරිමය රු. 50,000 ක් දක්වා ආධාර මුදලක් ලබා දීම සිදු කෙරේ.නිවසක් අහිමි ආබාධ සහිත අයෙකු සිටින පවුලකට උපරිමය රු. 1,000,000 ක් ද නිවාස අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් උපරිමය රු. 50,000 ක් මූල්‍ය ආධාරයක් ද, සනීපාරක්ෂක කටයුතු වැඩිදියුණු කර ගැනීමට රු. 150,000 ක් ද ලබා දීමට කටයුතු කර ඇත.මීට අමතරව, නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශය මඟින් බස්නාහිර පළාත තුළ ආබාධ සහිත පුද්ගලයන්ගේ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කර ගැනීම සඳහා එක් පුද්ගලයෙකු වෙනුවෙන් රු. ලක්ෂ 10 ක් බැගින් ලබා දෙයි.අධ්‍යාපන උපකරණ මිලදී ගැනීමට ආධාර කිරීම, වෛද්‍ය පහසුකම් සඳහා පහසුකම් සැලසීම, ජනාධිපති කාර්යාලයේ මැදිහත්වීම යටතේ, වෛද්‍ය ආධාර සඳහා රු. 100,000/- උපරිමය දක්වා ලබා දීම සිදු කරයි. ආබාධ සහිත තැනැත්තන්ට හෝ ඔවුන්ගේ භාරකරුවෙකුට හෝ ස්වයං රැකියාවක නිරත වීමට මුල්‍ය ආධාර ලබා දෙන අතර, විශේෂ අධ්‍යාපන ඒකක/ ආයතන සඳහා ක්‍රීඩා උපකරණ හා සංගීත භාණ්ඩ ලබා දීමට ද කටයුතු කර ඇත. ආබාධ සහිත තැනැත්තන්ට සේවා සපයනු ලබන ආයතන, සංවර්ධනයට උපරිමය රු. 500,000 ක ආධාර මුදලක් ද ලබා දෙයි.තවද, ජංගම අක්ෂි සායන මඟින් නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීම සහ ආබාධ සහිත ප්‍රජාවට පොදු ස්ථාන වෙත පහසුවෙන් ප්‍රවේශ වීම සඳහා අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක කෙරේ.වෘත්තීය පුහුණුව ලබා දී රැකියාගත කිරීමත්, වයස අවුරුදු 16 ට අඩු ආබාධ සහිත දරුවන් සඳහා පූර්ව මැදිහත්වීම් මඟින් අධ්‍යාපනයට යොමු කරවීමත්, ඒ සඳහා කුසලතා සංවර්ධන හා දිවාසුරුකුම් පහසුකම් සැලසීමත් සිදු කෙරේ.මීට අමතරව, අඩු ආදායම්ලාභී පවුල්වල ආබාධ සහිත සිසුන් සඳහා මාසිකව රුපියල් 5,000 ක දීමනාවක් ලබා දෙන අතර, උසස් අධ්‍යාපනය ලබන ආබාධ සහිත සිසුන් වෙනුවෙන් රුපියල් 5,000 ක මාසික දීමනාවක් අධ්‍යාපන අමාත්‍යංශය මඟින් ලබා දීමට කටයුතු කර ඇත.
2026-11-03
වෙනත් රටවල අනන්‍ය ආර්ථික කලාපයන්ට ඇතුළු වීම නිසා 2020 වර්ෂයේ සිට 2026.10.23 දක්වා ධීවර යාත්‍රා 145 ක් සමඟ ධීවර කාර්මිකයින් 795 දෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති බවත් ඉන් ධීවර යාත්‍රා 66 ක් සමඟ ධීවර කාර්මිකයින් 753 දෙනෙකු මේවන විට නිදහස් වී ඇති බවත් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ගරු අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කරන ලද ප්‍රශ්නවලට ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යවරයා වෙනුවෙන් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් පාර්ලිමේන්තුවේ දී ලබා දුන් පිළිතුරේ ඉහත කරුණු සඳහන් විය. 2024 වර්ෂයේ සංඛ්‍යාලේඛන දත්තවලට අනුව, සම්පූර්ණ යාත්‍රා 49,271 ක් සක්‍රීයව ධීවර කර්මාන්තයේ යෙදී සිටින බව සඳහන් කළ අමාත්‍යවරයා එයට ලියාපදිංචි බහුදින යාත්‍රා සංඛ්‍යාව 4,869 ක් ද, එක්දින යාත්‍රා (IDAY) 880 ක් ද, පිටත එන්ජින් සහිත යාත්‍රා (OFRP) 24,823 ක් ද, එන්ජින් සහිත සාම්ප්‍රදායික යාන්ත්‍රික යාත්‍රා (MTRB) 2,709 ක් ද, එන්ජින් රහිත සාම්ප්‍රදායික යාත්‍රා (NTRB) 15,037 ක් ද, යාන්ත්‍රික නොවන මාදැල් යාත්‍රා (NBSB) 953 ක් ද අයත්වන බව පැවසීය.මේ අතරින් බහුදින යාත්‍රා 4,869 ක් ජාත්‍යන්තර මුහුදේ රැකියාව කිරීම සඳහා නීත්‍යානුකූල බලපත්‍ර ලබා ඇති බව ද, සමහරවිට අහිතකර කාලගුණ තත්ත්වයන් සහ අධික සුළං තත්ත්වයන්හි දී හෝ කාර්මික දෝෂ හේතු නිසා හෝ ධීවර යාත්‍රා වෙනත් රටවල අනන්‍ය ආර්ථික කලාපයන්ට ඇතුළු වන අවස්ථා ඇති බව ද ඇතැම් යාත්‍රා නියමුවන් විසින් හිතාමතාම වෙනත් රටවල මුහුදු සීමාවන්ට ඇතුළුව එම මුහුදු සීමාවන්හි මත්ස්‍ය සම්පත් නෙළා ගන්නා අවස්ථාවන් ද වාර්තා වෙන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.විදේශයන්හි අත්අඩංගුවට පත් වන ධීවරයින් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින බව නිරීක්ෂණය වෙන බවත්, 2026 වර්ෂයේදී යාත්‍රා සංඛ්‍යාව 7 ක් සමග ධීවරයින් 40 දෙනෙකු පමණක් මේ වන විට අත්අඩංගුවට පත්වී ඇති බවත් අමාත්‍යවරයා කීවේය.විදේශ රටවල අත්අඩංගුවට පත් ධීවරයින් සහ ධීවරයාත්‍රා සම්බන්ධයෙන් එම රටවල පිහිටුවා තිබෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාල සෘජුවම කටයුතු කරන බව ද ඒ අනුව, අත්අඩංගුවට පත් ධීවර යාත්‍රා සහ ධීවරයින් සම්බන්ධයෙන් අවශ්‍ය සියලුම නීතිමය හා රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම එම තානාපති කාර්යාල මගින් සිදු කරනු ලබන බව ද අමාත්‍යවරයා කියා සිටියේය.එමෙන්ම ආපදාවන්ට ලක්වන යාත්‍රා සම්බන්ධයෙන් සහ අනෙකුත් යාත්‍රා සම්බන්ධයෙන් අවශ්‍ය තාක්ෂණික වාර්තා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් සපයන බවත්, ඇතැම් අවස්ථාවලදී මෙම ධීවරයින් ගෙන්වා ගැනීමට අවශ්‍ය ගුවන් ටිකට්පත් පවා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන බවත් අමාත්‍යවරයා කියා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
2026-11-03
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළින් 2019 සිට 2025 දක්වා ක්ෂය රෝගීන් 6658 ක් වාර්තා වී ඇති බවත්, ක්ෂය රෝගය ඇතිවීමට බලපාන ප්‍රධාන අවදානම් සාධක ලෙස අඩු ප්රතිශක්තීකරණය, ජනාකීර්ණ සහ අසතුටුදායක වාසස්ථාන, මන්ද පෝෂණය, ජීවන රටා සාධක සහ සමීප ආශ්‍රය යනාදිය හේතුවන බවත් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ගරු අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දුන්නේය. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේ දී ලබා දුන් පිළිතුරේ ඉහත කරුණු සඳහන් විය. Mycobacterium tuberculosis නැමැති බැක්ටීරියාව ආසාදනය වීමෙන් පසු, ශරීරයේ ප්රතිශක්තීකරණය හීන වන අවස්ථාවලදී එය පසු කාලීනව සක්‍රිය ක්ෂය රෝගය දක්වා වර්ධනය වන බව අමාත්‍යවරයා පවසා සිටියේය.ක්ෂය රෝගය ඇතිවීමට බලපාන සාධක ලෙස, පෙනහැලි ක්ෂය රෝගියෙකු කහින විට, කිවිසුම් යවන විට, කතා කරන විට හෝ සිනාසෙන විට හෝ ක්ෂය රෝග කාරක බැක්ටීරියාව සහිත ක්ෂුද්‍ර බිඳිති (airborne droplets) වාතයට මුදා හැරෙන බවත්, එම බිඳිති ආශ්වාස කිරීම මඟින් නිරෝගී පුද්ගලයෙකුගේ ශ්වසන පද්ධතියට බැක්ටීරියාව ඇතුළු වන නිසා මෙලෙස රෝගය ව්‍යාප්ත වීම සිදු වන බවත් අමාත්‍යවරයා පැවසීය. කොළඹ මහ නගර සභා සීමාව තුළ ක්ෂය රෝගය පැතිරීම වැළැක්වීම සඳහා සියලුම රෝගීන්ට නොමිලේ ඖෂධ ලබා දීම සහ සෘජු නිරීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබා දීම සිදු කරන බවත්, අධි අවදානම් සහිත නාගරික ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් ජංගම එක්ස්-රේ රථ යොදා ගෙන නොමිලේ පරීක්ෂණ සායන පැවැත්වීම සිදු කරන බවත් අමාත්‍යවරයා කියා සිටියේය. එමෙන්ම, හඳුනාගත් රෝගීන්ගේ පවුලේ සාමාජිකයන් සහ සමීපතමයන් පරීක්ෂාවට ලක් කර, අවශ්‍ය අවස්ථාවලදී පූර්ව ආරක්ෂණ ප්‍රතිකාර ලබාදීමට ද කටයුතු කරන බව සඳහන් කළේය.මීට අමතරව, නාගරික ප්‍රජාව සහ පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන්, සෞඛ්‍ය උපදේශකවරුන් සඳහා ධාරිතා සංවර්ධන වැඩසටහන් මෙන්ම ලෝක ක්ෂය රෝග දිනයට සමගාමීව ප්‍රජා දැනුවත් කිරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. තවද, අධි අවදානම් කණ්ඩායම් හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමු කිරීම මෙන්ම ආබාධ සහිත සහ වයස්ගත පුද්ගලයන්ගේ ක්ෂය රෝග අවදානම පරීක්ෂා කිරීම සඳහා ඒකාබද්ධ වැඩසටහන් ද ක්‍රියාත්මක කරන බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
2026-11-03
රතු නිවේදන නිකුත් කර ඇති ශ්‍රී ලාංකීය අපරාධකරුවන් 236 ක් මේ වන විට විදේශීය රටවල සැඟවී සිටින බවත්, ඒ අතරින් 97 ක් සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ගරු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කවින්ද හේෂාන් ජයවර්ධන මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට අමාත්‍යවරයා විසින් ලබා දුන් පිළිතුර මඟින් ඉහත කරුණු අනාවරණය විය.රතු නිවේදන නිකුත් කර ඇති අපරාධකරුවන් මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනිස් ජාවාරම්, මුදල් විශුද්ධිකරණය, නීති විරෝධී වත්කම් රැස් කිරීම, අපරාධවලට කුමන්ත්‍රණය කිරීම හා අපරාධ සඳහා ආධාර අනුබල දීම ඇතුළු විවිධ සංකීර්ණ අපරාධවලට සම්බන්ධ වූ පුද්ගලයන් බවත්, ඒ අතරින් අපරාධකරුවන් 32 ක් මනුෂ්‍ය ඝාතන සිදු කර ඇති බව ද, අනෙකුත් අපරාධකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදීම හෝ වෙනත් බරපතල සංකීර්ණ අපරාධවලට හෝ සම්බන්ධ සැකකරුවන් බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.එක් අපරාධකරුවෙකු වෙනුවෙන් රතු වරෙන්තු එකකට වැඩි සංඛ්‍යාවක් නිකුත් නොකරන බවත්, ජාත්‍යන්තර පොලිස් නිවේදන මඟින් සැකකරුවන්ගේ ජීව දත්ත තොරතුරු ජාත්‍යන්තර පොලිස් තොරතුරු පද්ධති තුළ සංසරණය කර ඇති නිසා සැකකරුවකු අත්අඩංගුවට පත්වන තෙක් එය රහස්‍ය ලේඛනයක් ලෙස තබා ගන්න බවත් අමාත්‍යවරයා කියා සිටියේය.විදේශීය රටවල සැඟවී සිටින අපරාධකරුවන් මෙරටට ගෙන්වා ඔවුනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට 1977 අංක 08 දරන උදර්පණ පනතේ ප්‍රතිපාදන හෝ එක් එක් රටවල් සමඟ අත්සන් කර ඇති ගිවිසුම්වල ප්‍රතිපාදන අනුව කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks