පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2026-08-06
වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් ලබා දීමේ අරමුණින් දුම්රිය සේවා සංවර්ධන ව්‍යාපෘති රැසක් 2027-2029 වර්ෂයන් සඳහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කරමින් පවතින බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන ගරු අමාත්‍ය බිමල් රත්නායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඒ අනුව කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය, කැලණි පාලම නවීකරණය, දුම්රිය පාලම් 10 ක් (කොම්පඤ්ඤ වීදිය, නාරාහේන්පිට, අලුත්ගම, ඉඳුරුව, ගිංතොට, දොඩන්දූව, වැල්ලවත්ත, පිංවත්ත, හික්කඩුව, පානදුර) ප්‍රතිස්ථාපනය කිරීම, ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහා බලවේග කට්ටල 05ක් සහ ඩීසල් විදුලි එන්ජින් 05 ක් ප්‍රසම්පාදනය කිරීම, කුරුණෑගල - පොල්ගහවෙල ද්විත්ව දුම්රිය මාර්ග ව්‍යාපෘතිය, මරදාන සිට රත්නපුර දක්වා කැළණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධනය, නව එන්ජින් 05 ක් සහ තදාසන්න ප්‍රවාහන කටයුතු සඳහා සැහැල්ලු දුම්රිය කට්ටල 05 මිල දී ගැනීම, දුම්රිය ස්ථාන නවීකරණ හා ප්‍රමිතිකරණ වැඩසටහන [Dream Destination (2027-2029)] සහ රත්මලාන Shops 27 and 28 ප්‍රතිසංස්කරණය කිරීම යන ව්‍යාපෘතින් ක්‍රියාත්මක වීමට නියමිත ය.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද වාචික පිළිතුරු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
එසේම, කොළඹ තදාසන්න දුම්රිය සේවා නවීකරණය කර මහජනයාට හිතකර සුවපහසු ආරක්ෂිත හා ලාභදායී ප්‍රවාහන සේවාවක් ලබා දීමට කටයුතු කිරීම තුළින් දුම්රිය භාවිතා කරන මගීන් සංඛ්‍යාව ඉහළ නැංවීමට කටයුතු කිරීමටද අපේක්ෂිත ය. තව ද, මහනුවර තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය සඳහා ශක්‍යතා අධ්‍යයනය මේ වන විට සිදු කරමින් පවතින අතර නව දුම්රිය එන්ජින් ධාවනයට එක් කිරීම, දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය, දුම්රිය ස්ථාන නවීකරණ හා ප්‍රමිතිකරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ E-Ticket ක්‍රමවේදය තව දුරටත් වැඩිදියුණු කෙරෙමින් පවතී.
ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක දුම්රිය මාර්ග කාණ්ඩ 04 කට බෙදා ඇති අතර , තනි මාර්ගය (A) ලෙස කි.මී.1308.707 ක් ද, ද්විත්ව මාර්ගය (B) ලෙස කි.මී.282.912 ක් ද, තුන්වන මාර්ගය (C) ලෙස කි.මී.40.938 ක් ද, හතරවන මාර්ගය (D) ලෙස කි.මී.7.580 ක් ද වන සේ ඒවායේ සමස්ත මුළු දුර කි.මී.1640.137ක් ලෙස පවතී. පසුගිය වසර 05 සඳහා දුම්රිය ප්‍රවාහනයෙන් (මගී, භාණ්ඩ සහ වෙනත්) ලැබුණු වාර්ෂික ඉපැයීම් ලෙස 2021 දී රු. 2,678,724,988.46 ක්ද ,2022 දී රු. 10,335,603,440.66 ක් ද , 2023 දී රු. 16,079,474,195.75 ක් ද , 2024 දී රු. 16,468,344,008.55 ක් ද සහ 2025 දී රු. 17,165,992,777.48 ක් ද පවතින බව ගරු අමාත්‍යවරයාගේ පිළිතුරෙහි වැඩිදුරටත් සඳහන් විණි.
2026-11-25
2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදයේ 03 වන දිනය වන අද දින (නොවැ. 25) සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශිර්ෂ (111, 210, 211, 220, 308) විවාදයට ගැනුණු අතර,එහිදී 111 වැය ශිර්ෂය සංශෝධන සහිතව ද අනෙකුත් වැය ශිර්ෂ සංශෝධන රහිතව ද පාර්ලිමේන්තුවේ දී ඡන්ද විමසීමකින් තොරව සම්මත කෙරිණි.
2026-11-25
2026 ගෝලීය තේමාව - “කාන්තාවන්ට සහ ගැහැණු දරුවන්ට එරෙහි හිංසනය තුරන් කිරීම වෙනුවෙන් එක්සත් වෙමු: යුක්තිය තහවුරු කරමු, හිංසනයට ලක් වූවන් සුරකිමු, දඬුවම් නොලැබීම දුරලමු”ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්රචණ්ඩත්වය පිටුදැකීමේ ගෝලීය ව්‍යාපාරයට පාර්ලිමේන්තුවේ සහයෝගය - ගරු කථානායකවරයා පාර්ලිමේන්තුවට නිවේදනය කරයි.දින 16 ක්‍රියාකාරීත්වය සනිටුහන් කරමින් අග්‍රාමාත්‍යවරිය සහ විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වතිස්ත්රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්රචණ්ඩත්වය පිටුදැකීම සඳහා වන ක්‍රියාකාරී දින 16 ගෝලීය වැඩසටහනට සහය පළ කරමින් පාර්ලිමේන්තුවේ වැඩසටහන් රැසක් අද (නොවැ. 25) පැවැත්විණි.මෙම වැඩසටහනට සහය පළ කරමින් ගරු අග්‍රාමාත්‍ය (ආචාර්ය) හරිනි අමරසූරිය මහත්මිය සහ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සංකේතාත්මක ලාංඡන පැළඳවීම සිදු විය.මෙයට සමගාමීව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් මෙන්ම මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ද තැඹිලි පැහැති හෝ තැඹිලි පැහැය සහිත ඇඳුමින් සැරසී මෙම වැඩසටහනට සහය පළ කළහ.පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) සහයෝගය ඇතිව සංවිධානය කරන ලද මෙම වැඩසටහනට සමගාමීව පාර්ලිමේන්තුව තුළ දින 16 ක වැඩසටහන් මාලාවක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.මෙවර ගෝලීය වැඩසටහනේ තේමාව වන්නේ “කාන්තාවන්ට සහ ගැහැණු දරුවන්ට එරෙහි හිංසනය තුරන් කිරීම වෙනුවෙන් එක්සත් වෙමු: යුක්තිය තහවුරු කරමු, හිංසනයට ලක් වූවන් සුරකිමු, දඬුවම් නොලැබීම දුරලමු” යන්නයි. ශ්‍රී ලංකාවේ මෙවර වැඩසටහන “This is my right” යන තේමාව යටතේ ක්‍රියාත්මක වේ.මෙම වැඩසටහනට සහය පළ කරමින් ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවේ දී විශේෂ නිවේදනයක් ද සිදු කරන ලදී. එහිදී නොවැම්බර් 25 වැනි දින සිට දෙසැම්බර් 10 වැනි දින දක්වා පැවැත්වෙන ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්රචණ්ඩත්වය පිටුදැකීමේ ක්‍රියාකාරී දින 16 ගෝලීය වැඩසටහන සංකේතවත් කරමින්, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල සමඟ එක්ව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහයෝගය පළ කරන බව එතුමා සභාවට දැනුම් දුන්නේය.මෙයට සමගාමීව පාර්ලිමේන්තුවේ දී අදහස් දැක් වූ ගරු අග්‍රාමාත්‍ය (ආචාර්ය) හරිනි අමරසූරිය මහත්මිය සහ ගරු විපක්ෂ නායකවරයා ද ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්රචණ්ඩත්වය පිටුදැකීමේ වැදගත්කම අවධාරණය කළහ. කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහිව සිදු වන හිංසනයන් වැළැක්වීම සඳහා සියලු පාර්ශ්වයන්ගේ සාමූහික සහයෝගය සහ වගකීම අවශ්‍ය බව මෙහිදී පෙන්වා දෙන ලදී.දින 16 ක ක්‍රියාකාරී වැඩසටහන යනු සෑම වසරකම නොවැම්බර් 25 වැනි දිනට යෙදෙන කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනයෙන් ආරම්භ වී දෙසැම්බර් 10 වැනි දිනට යෙදෙන මානව හිමිකම් දිනයෙන් අවසන් වන ගෝලීය ව්‍යාපාරයකි.මෙම වැඩසටහනේ අරමුණ වන්නේ කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහිව සිදු වන සියලු ආකාරයේ ප්රචණ්ඩත්වයන් පිළිබඳව සමාජය දැනුවත් කිරීම, එවැනි හිංසනයන් වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම සහ ප්‍රචණ්ඩත්වයෙන් තොර සමාජයක් ගොඩනැගීම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කිරීමට දිරිගැන්වීමයි.ඒ අනුව ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්රචණ්ඩත්වය පිටුදැකීම සඳහා නීතිමය සහ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගවලට අමතරව සමාජයේ සියලු පාර්ශ්වයන්ගේ කැපවීම සහ වගකීම ද අවශ්‍ය බව මෙවර වැඩසටහන මඟින් අවධාරණය කෙරේ.
2026-11-23
2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදයේ 02 වැනි දිනය වන අද (නොවැ. 23) දින විවාදයට ගැනුණු විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශට අදාළ වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේ දී ඡන්ද විමසීමකින් තොරව සංශෝධන රහිතව සම්මත විය.එයට අමතරව, විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් වැළැක්වීමේ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයද අද පස්වරු 6.00 සිට 6.30 දක්වා පැවත්වූ අතර, එම පනත් කෙටුම්පතද ඡන්ද විමසීමකින් තොරව සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේ දී සම්මත විය.
2026-11-23
ළමුන් සඳහා පාර්ලිමේන්තු සංසදයක් පිහිටුවීමට විශේෂ අවධානය – ගරු කථානායකදරුවන් විසින් ඉදිරිපත් කරන ලද අදහස් රජයේ ප්‍රතිපත්ති ප්රකාශනය සමඟ මනාව ගැළපෙන බවත්, ඒවා යථාර්ථයක් බවට පත් කිරීම සමස්ත සමාජයේම සාමූහික වගකීමක් බවත් ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කළාය. එමෙන්ම දරුවන්ගේ අදහස්වලට සවන්දීම එක් අවස්ථාවකට සීමා නොවිය යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය අවකාශය ලබා දීම වැඩිහිටියන්ගේ සහ මහජන නියෝජිතයන්ගේ වගකීමක් බවත් ඇය අවධාරණය කළාය.අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ ලෝක ළමා දිනයට සමගාමීව සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) 80 වැනි සංවත්සරය නිමිත්තෙන් පාර්ලිමේන්තුවේ දී පසුගිදා (නොවැ. 20) පැවැති “Little Amaya & Friends; A Wish for Sri Lanka” වැඩසටහනට සහභාගී වෙමිනි. දරුවන්ගේ අදහස් හා අභිලාෂයන් පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය, අධීක්ෂණය, නියෝජනය සහ අයවැය කාර්යයන් ඔස්සේ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ කිරීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කොට තිබිණි.ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහ දරුවන්ගේ හඬට පාර්ලිමේන්තුව තුළ අවස්ථාවක් ලබාදීමේ අරමුණින් ළමුන් සඳහා පාර්ලිමේන්තු සංසදයක් පිහිටුවීමට යෝජනා වී ඇති බවත්, දසවැනි පාර්ලිමේන්තුව තුළ පක්ෂ භේදයකින් තොරව එය කඩිනමින් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අවධාරණය කළේය. එමෙන්ම, දශක අටක් පුරා මෙරට දරුවන්ගේ සෞඛ්‍ය, පෝෂණය, අධ්‍යාපනය සහ ආරක්ෂාව වෙනුවෙන් UNICEF සංවිධානය ඉටු කළ මෙහෙවර ද කථානායකවරයා අගය කළේය.දරුවන්ගේ අදහස් හා අවශ්‍යතා ජාතික ප්‍රතිපත්ති, නීති සම්පාදනය සහ අයවැය තීරණ ගැනීමේදී ද සැලකිල්ලට ගත යුතු බව කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය සහ කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පැවසුවාය.ළමා, කාන්තා හා තරුණ අයිතිවාසිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට ඇතුළත් කිරීම සඳහා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව එකඟතාවකට පැමිණීමේ වැදගත්කම විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය. එමෙන්ම, දරුවන්ගේ සහ මව්වරුන්ගේ මන්දපෝෂණ ගැටලු විසඳීම සඳහා විධිමත් රාජ්‍ය ප්‍රතිපත්තියක් අවශ්‍ය බව ද ඔහු සඳහන් කළේය.දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් සහභාගී වූ ළමා නියෝජිතයන් 55 දෙනෙකුගේ අදහස් හා යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තුළින් දරුවන්ගේ හඬ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියට එක්කර ගැනීමේ වැදගත්කම තහවුරු වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් සහ කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. ළමයින් වෙනුවෙන් පාර්ලිමේන්තු ළමා සංසන්දය සක්‍රීය කිරීමේ අවශ්‍යතාව ද ඇය අවධාරණය කළාය.දරුවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය නොතිබුණ ද පාර්ලිමේන්තුවේ නීති සහ අයවැය තීරණ ඔවුන්ගේ ජීවිතවලට සෘජුව බලපාන බැවින්, සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුම තම ප්‍රදේශයේ සියලුම දරුවන් වෙනුවෙන් පෙනී සිටීමේ වගකීමක් ඇති බව UNICEF ශ්‍රී ලංකා ආයතනයේ වැඩබලන නියෝජිත බෙගෝනා අරෙලානෝ (Begona Arellano) මහත්මිය සඳහන් කළාය. ශ්‍රී ලංකාව සමඟ වසර 80 ක් පුරා පැවති සහයෝගීතාව ඉදිරියටත් පාර්ලිමේන්තුව සමඟ ශක්තිමත් කරගැනීමට අපේක්ෂා කරන බව ද ඇය පැවසුවාය.මෙහිදී, 2036 වසර වන විට ශ්‍රී ලංකාව කෙබඳු රටක් විය යුතුද සහ දරුවන්ට වඩාත් වැදගත් වන්නේ මොනවාද යන ප්‍රශ්න දෙක පදනම් කරගනිමින් දරුවන්ගේ අදහස් හා අභිලාෂයන් ඇතුළත් “A Wish for Sri Lanka” ප්‍රකාශ දරුවන් හත්දෙනකු විසින් ඉදිරිපත් කරන ලදී.තවද, “නීති සම්පාදනය, අධීක්ෂණය, නියෝජනය සහ අයවැය කාර්යයන් තුළින් ළමා අයිතිවාසිකම් ශක්තිමත් කිරීමේදී පාර්ලිමේන්තුවේ කාර්යභාරය” යන තේමාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාමාජික මන්ත්‍රීවරියන් වෙනුවෙන් UNICEF නිලධාරීන් විසින් විශේෂ සැසියක් ද මෙහෙයවන ලදී.මෙම අවස්ථාවට නියෝජ්‍ය කාරක සභා සභාපතිනි ගරු හේමාලි වීරසේකර මහත්මිය, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගරු ගයන්ත කරුණාතිලක මහතා, කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාමාජික මන්ත්‍රීවරියන්, UNICEF සංවිධානයේ නිලධාරීන් සහ සිසු දරුවන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks