පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2026-07-30
පුවත් කාණ්ඩ : පුවත්
ජනතා නියෝජිතයන්ව පාර්ලිමේන්තුවට පත්කොට එවිය යුත්තේ රාජ්‍යතාන්ත්‍රිකයන් ලෙස මිස දේශපාලකයන් ලෙස නොවන බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා අවධාරණය කළේය. දේශපාලකයන් ඊළඟ ඡන්දය බලාගෙන වැඩ කරන බවත්, රාජ්‍යතාන්ත්‍රිකයන් දරුවන්ගේ යහපත ගැන සිතා වැඩ කරන බවත් ඒ මහතා සඳහන් කළේය.
කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටි පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී පැවති අවස්ථාවට විශේෂ ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින් ගරු නියෝජ්‍ය කථානායකවරයා මෙම අදහස් පළ කළේය.
කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවන්ට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ප්‍රයෝගික අත්දැකීම් සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රියාවලිය පිළිබඳව අවබෝධයක් ලබා දීමේ අරමුණින් ජනාධිපති ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන අමාත්‍යංශය එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
වැඩිදුරටත් සභාව ඇමතු ගරු නියෝජ්‍ය කථානායකවරයා, “ නීතියට ගරු නොකරන මිනිසුන් සිටින රටකට වෙන විපත සිතා ගැනීමටත් නොහැකියි. රටට අවශ්‍ය නීති සම්පාදනය කිරීම පාර්ලිමේන්තුවෙන් සිදු වෙනවා. එයට තෝරා එවිය යුත්තේ නිතියට ගරුකරන , නීතියට යටින් ඉන්න අයයි. රටට අවශ්‍ය නීති හැදිය හැක්කේ ඒ අයට පමණයි.
දරුවන්ගේ සිහින යථාර්තයක් බවට පත් කිරීමට තමන්ගේ උපරීම ශක්තිය යොදන ගුරුවරුන්ට ගෞරව කරන්න. ඔවූන්ට හොඳින් සවන් දෙන්න. ඔවූන්ගේ අශිවාදය නිරන්තරවම ලබා ගන්න. ශිෂ්‍ය ඔබ අනාගතයේදී ඉහළ තත්ත්වයකට පැමිණියත් තමන්ට සිප්සතර ඉගැන්නු ගුරුවරු තවමත් ගුරුවරුමයි. තමන් කුමන රැකියාව කළත් එය ආදරයෙන් කරන්න. කරන රැකියාව ගැන සතුටු වන්න. එයට ගෞරවය දෙන්න. රැකියාවේ නිරත වන විට අවංක වෙන්න.
තමන්ට වඩා දරුවන් ශ්‍රේෂ්ඨ විය යුතු බවට හිතන දෙන්නා තමයි දෙමාපියන්. ශිෂ්‍ය ඔබව පෝෂණය කරන ඔවුන්ට ගෞරව කරන්න, දරුවෝ දෙමාපියන්ව අනුගමනය කරනවා. ඒ නිසා තමන්ගේ දරුවන් ඉදිරියේ ආදර්ශමත් වීම දෙමාපියන් සතු වගකීමක්. නීතියට ගරුකරන විට තමන් නීතිගරුක පුරවැසියෙක් යන හැඟීම ඇති වෙනවා . ශිෂ්‍ය ඔබ අද මෙම ස්ථානයෙන් පිටත්ව යන විට නීතියට ගරු කරන පුරවැසියන් බවට පත් වන බවට ධාරණය කර ගන්න. ” යනුවෙන් සඳහන් කළේය.
ගරු පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා ද අදහස් දක්වමින් " පසුගිය කාලයේ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ජනවරමට විරුද්ධව පාවිච්චි වීම නිසා ජනතාවගේ අප්‍රසාදයට එය ලක් වෙලා. බලයට එන අය , බලය රැක ගන්න, දුෂිතයන් රැක ගන්න වරප්‍රසාද පාවිච්චි කළා. ජනවරමට වගකියන, වගකීම් සම්පන්න, සංයමයක්, විනයක් , ආදර්ශයක් ඇති තැනක් බවට පාර්ලිමේන්තුව පත් කීරීමට රජය උත්සහ ගන්නවා.
කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයීය ශිෂ්‍යාවන් විශිෂ්ට ගණයේ පාර්ලිමේන්තු සැසියක් පැවැත්තුවා. රටට හොඳ අනාගතයක් තිබෙන බව දැක්කා. අනාගතයේදී ශිෂ්‍ය ඔබ මේ රට පාලනය අතටගෙන ඔබෙන් පසු පරම්පරාව වෙනුවෙන් ඔබගේ වගකීම ඉටු කරන්න" යැයි පැවසිය.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ එම්. ජයලත් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේ වැඩකටයුතු මෙහෙය වීමට පාදක කරගනු ලබන ප්‍රධාන මුලාශ්‍ර පිළිබඳව ද සිසුන්ව මනා ලෙස දැනුවත් කළේය.
ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභා වාරය ආරම්භ කරමින්, කථානායකවරිය තෝරා පත් කර ගැනීම සහ මන්ත්‍රීවරියන් දිවුරුම් දීම සිදු විය. අමාත්‍ය ධුර දරන ශිෂ්‍යාවෝ තම අමාත්‍යාංශ හරහා පාසල තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන් සහ සංවර්ධන යෝජනා සභාවට ඉදිරිපත් කළහ.
මෙම අවස්ථාවට සහභාගී වූ ශිෂ්‍යාවන් වෙත ගරු නියෝජ්‍ය කථානායකවරයා ඇතුළු සම්භාවනීය ආරාධිතයින්ගේ අතින් සහතිකපත් ප්‍රදානය කිරීම ද සිදු විය.වැඩසටහන අවසානයේ කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි ගංගානි තිලකරත්න මැණිකේ මහත්මිය ස්තුති කතාව සිදු කළාය. සම්භාවනීය ආරාධිතයන් සමග ශිෂ්‍ය පාර්ලිමේන්තු සභිකයන් සහ ගුරු මණ්ඩලය සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.
ජනාධිපති ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කරන ශිෂ්‍ය පාර්ලිමේන්තු වැඩසටහන් මාලාවේ තවත් එක් පියවරක් ලෙස මෙම වැඩසටහන සාර්ථකව සංවිධානය කෙරුණු අතර, ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ, ජනාධිපති කාර්යාලයේ ත්‍රිවිධ හමුදා සම්බන්ධීකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් නදීක දංගොල්ල, පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (සන්නිවේදන) සමන්ත මල්ලවආරච්චි යන මහත්වරුන් සහ ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ ගුරු මණ්ඩලය, දෙමාපියන් සහ සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
2026-08-21
රජය විසින් 2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 7500 ක ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තමේන්තුව අද (අගෝ. 21) පාර්ලිමේන්තුවේදී අනුමත විය. එයට අදාළ විවාදය අද පෙරවරු 11.30 සිට ප.ව 12.30 දක්වා පැවැත්විණි.කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේම ව්‍යාපෘති/වැඩසටහන් සඳහා 2026 වර්ෂයට වෙන් කරන ලද ප්‍රතිපාදනවලින් මෙම වර්ෂය තුළදී උපයෝජනය නොවන බවට අපේක්ෂිත ප්‍රතිපාදන රුපියල් මිලියන 7500 ක් ගෙවීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කොට තිබිණි.
2026-08-21
• ශෝකය පළ කිරීම සඳහා සභා ගර්භයේ විනාඩියක නිශ්ශබ්දතාවක්දැයෙන් සමුගත් ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී අද (අගෝ. 21) ශෝකය පළ කෙරිණි. ඒ අනුව ගරු අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ යෝජනාවකට අනුව සභාගර්භය තුළ විනාඩියක නිශ්ශබ්දතාවක් පළ කෙරිණි. ඉන් අනතුරුව අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ ස්වර්ණමය හඬ ලෙස සම්භාවනාවට පාත්‍ර වූ දශක අටකට වැඩි කාලයක් සිය ගායන පෞරුෂයෙන් මෙරට සංගීතය හා සංස්කෘතිය පෝෂණය කළ අචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය පිළිබඳ පුවත ඇසීමේ තමා ඉමහත් සංවේගයට පත්වූ බවයි. නන්දා මාලිනී මහත්මියගේ විවිධ ගීත ඇසෙමින් ඒ ගීත සමග ජීවිතයේ විවිධ අවස්ථා ගෙවී ගිය රසිකාවියක ලෙස එතුමියගේ අභාවය හුදෙක් ලාංකීය සංගීතයට අසමසම කලා පෞරුෂයක් අහිමි වීමක් ලෙස පමණක් නොව අපේ ජීවිතවලට සමීපව අපේ මතකයන් සමග බැඳී සතුටේදීත් වේදනාවේදීත් අප සමග හිටි හුරු පුරුදු හඬක් අපෙන් වෙන් වීමක් බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.එතුමියගේ ගීත සිය පරම්පරාවේ අත්දැකීම් සමග බැඳී තිබුණු අතර ඇගේ මනරම් හඬ සමග රැඳී තිබූ මතකයන් ඇගේ වියෝවත් සමග වඩාත් තදින් දැනෙන බව ද සඳහන් කළ අගමැතිවරිය නන්දා මාලිනියගේ ගායන දිවිය ශ්‍රී ලාංකේය ගීත කලාවේ එක් යුගයක් පමණක් නොව, මෙරට ජන ජීවිතයේත්, සමාජ චලනයන්ගේත්, මිනිස් හැඟීම්වලත් සජීවී ප්‍රකාශනයක් වූ බව ප්‍රකාශ කළාය. ප්‍රේමය හා විරහව වැනි මානව හැඟීම් ගැයීමෙන් ඔබ්බට ගිය නන්දා මාලිනිය, පොදු ජනතාවගේ දුක, බිය, බලාපොරොත්තු සහ අරගලය සිය ගීත තුළින් හඬක් බවට පත් කළ බවත් ඒ නිසාම ඇගේ ගීත ඇසෙන විට අපට දැනුණේ ගායිකාවකගේ හඬක් පමණක් නොව, අපේම සමාජයේ හඬ බවත් සිහිපත් කළාය. අද නන්දා මාලිනියගේ වියෝව පිළිබඳ ශෝක වන මොහොතේ, ශ්‍රී ලාංකේය සංගීතයට අහිමි වූ අසමසම කලාකාරිනිය ගැන පමණක් නොව, අපේ ජීවිතයේ බොහෝ මතකයන් සමඟ බැඳුණු ආදරණීය හඬක් ගැන ද තමා සිහිපත් කරන බව අගමැතිවරිය ප්‍රකාශ කළාය. එසේම දශක ගණනාවක් පුරා අප සමඟ ගමන් කළ ඒ හඬ අද නිහඬ වුව ද, එතුමිය ගැයූ ගීත අපේ මතකයන් තුළත්, අපේ හදවත් තුළත් දිගටම ජීවත් වනු ඇති බව ද සිහිපත් කළ අගමැතිවරිය නන්දා මාලිනියගේ දියණියන් දෙදෙනා ඇතුළු පවුලේ සියලු දෙනාටත්, එතුමියගේ ගී හඬට ආදරය කළ සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවටත් තම බලවත් සංවේගය පළ කරන බවද ප්‍රකාශ කළාය.මෙම අවස්ථාවේදී ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තම අදහස් පළ කරමින් සඳහන් කළේ නන්දා මාලිනී මහත්මිය තමා පෞද්ගලිකවම හඳුනන බවත් ඇය කිසිවකට නොනැමුණු හැමවිටම ජනතාව වෙනුවෙන් හිටගත් කලාකාරිණියක් ලෙස මානව දයාව, කරුණාව, අනුකම්පාව ඉතාමත්ම ඉහළින්ම තිබුණු අපේ රටේ බිහිවුණු ශ්‍රේෂ්ඨතම ගායනවේදිනියක් බවයි. මෙහිදී අදහස් දැක්වූ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා, අභාවයට පත් ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය වෙනුවෙන් සභාගර්භය තුළ පළ කළ අදහස් සමග තමාද එක්වන බවත් එතුමියට නිවන්සුව අත්වේවායි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙනුවෙන් ප්‍රාර්ථනා කරන බවත් ප්‍රකාශ කළේය.
2026-08-20
රජය විසින් 2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 7500 ක ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව හෙට පෙ.ව. 11.30 සිට ප.ව. 12.30 දක්වා අනුමතිය සඳහා විවාදයට ගැනීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ සභාපතීත්වයෙන් අද (අගෝ. 20) රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේම ව්‍යාපෘති/වැඩසටහන් සඳහා 2026 වර්ෂයට වෙන් කරන ලද ප්‍රතිපාදනවලින් මෙම වර්ෂය තුළදී උපයෝජනය නොවන බවට අපේක්ෂිත ප්‍රතිපාදන රුපියල් මිලියන 7500 ක් ගෙවීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කොට තිබේ. අනතුරුව රජය විසින් ගෙනෙනු ලබන සභාව කල් තැබීමේ යෝජනාව පෙ.ව. 1.00 සිට ප.ව. 5.30 දක්වා විවාදයට ගැනීමට නියමිතව තිබේ.
2026-08-20
ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත අද (අගෝ. 20) පාර්ලිමේන්තුවේදී සම්මත විය. අද පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා පනත් කෙටුම්පතට අදාළ දෙවෙනි වර කියවීමේ විවාදය පැවැත්විණි. අනතුරුව පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීම පනත යටතේ වන වැරදිවලට අදාළ දඩ මුදල් රුපියල් දස දහසේ සිට රුපියල් ලක්ෂය දක්වා ඉහළ දැමීම සඳහා ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත ඉදිරිපත් කෙරිණි.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks