02

E   |   த   |  

2026-07-10

පුවත් කාණ්ඩ : සභාවේ කටයුතු 

2026 ජූලි මස 10 වැනි දින සභාවේ කටයුතු

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

1 : “මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ (අවලංගු කිරීමේ)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට නම් කරන ලද අතිරේක සාමාජික මන්ත්‍රීන්
2 : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2024 වර්ෂය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්.
(ii)    2025 වර්ෂය සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(iii)    2025 වර්ෂය සඳහා උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ කාර්ය සාධන වාර්තාව.
(iv)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ මැතිවරණ කොමිෂන් සභාව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. 
(v)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ විගණන සේවා කොමිෂන් සභාව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. 
(vi)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. 
(vii)    1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1), 6 සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2026 ජුනි 15 දිනැති අංක‍ 2493/03 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි.
(viii)    1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1) සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2026 ජුනි 18 දිනැති අංක‍ 2493/39 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි.
(ix)    2025 වර්ෂය සඳහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජනමාධ්‍ය අංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(x)    2025 වර්ෂය සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(xi)    2025 වර්ෂය සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(xii)    2020 වර්ෂය සඳහා ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව.
(xiii)    2025 වර්ෂය සඳහා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ධීවර ත්‍යාග අරමුදලේ කාර්ය සාධන වාර්තාව.
(xiv)    2025 වර්ෂය සඳහා බලශක්ති අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(xv)    2025 වර්ෂය සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.
(xvi)    2025 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පොලිසියේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(xvii)    2025 වර්ෂය සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.
(xviii)    2024 වර්ෂය සඳහා ටවර් හෝල් රඟහල පදනමේ වාර්ෂික වාර්තාව.



කාරක සභා වාර්තා පිළිගැන්වීම

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.


පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා                    
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා -  පෙත්සම් දෙකයි 
(iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක මහතා  -  පෙත්සම් දෙකයි 
(iv)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) එල්. එම්. අබේවික්‍රම මහතා         
(v)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් බියන්විල මහතා              
              
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)


පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා
මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ධීවරයින් මුහුදේදී මුහුණ දෙන සොරකම් සහ මුහුදු කොල්ලකෑම් සඳහා විසඳුමක්

(ii)    ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා
වරාය නගරය පිළිබඳ ගැටළු


අමාත්‍යාංශ නිවේදන

(i)    ‘දිට්වා’ සුළි කුණාටු සහනාධාර පිළිබඳ විස්තර සම්බන්ධයෙන් 2026.06.10 දින ගරු මුජිබුර් රහුමාන් මහතා විසින් අග්‍රාමාත්‍යතුමියගෙන් අසන ලද ප්‍රශ්නයට අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, ගරු ආචාර්ය හරිනි අමරසූරිය පිළිතුරු ලබා දුන්නා ය. 

(ii)    NDB බැංකුවේ මූල්‍ය වංචාව සහ රෙගුලාසි සම්බන්ධයෙන් මහ බැංකුවේ වගවීම සම්බන්ධයෙන් 2026.05.05 දින ගරු රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වෙනුවෙන්, මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය, ගරු (ආචාර්ය) අනිල් ජයන්ත මහතා පිළිතුරු ලබා දුන්නේ ය.



අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් යෝජනා (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2, 3 සහ 5 සිට 7 දක්වා සඳහන් වන) සභාවට ඉදිරිපත් කර සම්මත කරන ලදී:- 

•    රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මඩුවන්වෙල වලව්ව ප්‍රමුඛ ශ්‍රී ලංකාවේ ‍‍‍ඓතිහාසික වටිනාකමින් යුත් ස්ථාන ආරක්ෂා කිරීම

    රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඓතිහාසික ස්ථානයක් වන මඩුවන්වෙල වලව්ව ප්‍රමුඛ ශ්‍රී ලංකාවේ ‍‍‍ඓතිහාසික වටිනාකමින් යුත් ස්ථාන බොහෝ ප්‍රමාණයක් පවතින හෙයින් ද, එම ස්ථාන සංචාරක ආකර්ශණයට ලක් වී ඇති හෙයින් ද, වර්තමානය වනවිට එවැනි ස්ථාන දැඩි අනාරක්ෂිත තත්ත්වයට පත් වී ඇති හෙයින් ද, මෙම ස්ථානවල මුල් පෞරාණිකභාවයට හානියක් නොවන ලෙස සංරක්ෂණය කොට එම ස්ථාන සතු ඉඩම් කඩිනමින් මැන නිරවුල් කොට අනාගත පරපුර සඳහා ආරක්ෂා කර දෙමින් සංචාරක කර්මාන්තයට යොදා ගැනීම සඳහා ඒවා ආරක්ෂා කිරීමට වැඩපිළිවෙළක් රජය විසින් සකස් කරනු ලැබිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

•    පාසල් සිසුන්ගේ අධ්‍යාපන සංවර්ධනය, වෘත්තීය සංවර්ධනය සහ පුද්ගල සමාජ සංවර්ධනය සඳහා සෑම පාසලකටම පුහුණුවලත් මනෝ උපදේශකවරයෙකු (Student Counsellor) පත් කිරීම

    වර්තමානයේ බොහෝ පාසල් සිසුන් අතර විවිධ මානසික පසුබෑම් දක්නට ලැබෙන හෙයින් ද, මෙම තත්ත්වයන් ඔවුන්ගේ ශාරීරික හා සමාජීය පැවැත්ම සඳහා වක්‍රාකාරව බලපාන හෙයින් ද, ඇතැම් අවස්ථාවලදී පාසල් සඳහා පාසල් මනෝ උපදේශකවරයන් පත් කර තිබුණ ද එම තනතුර සඳහා පාසල් ගුරුවරුන්ගේ භූමිකාව ද ඇතුළත්වීම හරහා ඉන් බලාපොරොත්තු වන සේවය ඵලදායීව සිදු වී නොමැති හෙයින් ද, සෑම පාසලකටම මනෝ උපදේශකවරයෙකුගේ අවශ්‍යතාවය මතු වී ඇති හෙයින් ද, පාසල් සිසුන්ගේ අධ්‍යාපන සංවර්ධනය, වෘත්තීය සංවර්ධනය හා පුද්ගල සමාජ සංවර්ධනය සඳහා සෑම පාසලකටම පුහුණුවලත් මනෝ උපදේශකවරයෙකු පත් කිරීමට අවශ්‍ය පියවර රජය විසින් ගනු ලැබිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

•    විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වන “රටවිරුවන්” වෙනුවෙන් විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් සකස් කිරීම

    ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකය පණ ගැන්වීම සඳහා විදෙස්ගත ශ්‍රමික ප්‍රජාවගෙන් ලැබෙන දායකත්වය ඉතා සුවිශේෂ වන හෙයින් ද, ආර්ථික අර්බුදය හමුවේ විදෙස් රටවල වසර ගණනාවක් රැකියා කිරීමෙන් අනතුරුව නැවත ශ්‍රී ලංකාවට පැමිණ තම දූ දරුවන්ද සමඟින් ජීවිකාව ගෙන යන ඔවුන්ට ඇතැම් අවස්ථාවලදී නැවත රැකියාවක් කිරීමට තරම් හැකියාවක් නොමැතිවීම හේතුවෙන් විවිධ ගැටලුවලට මුහුණපෑමට සිදුවන හෙයින් ද, ඔවුන්ගෙන් විදේශ විනිමය වශයෙන් ලැබෙන මුදලින් යම් ප්‍රතිශතයක් යොදාගෙන විශ්‍රාම අරමුදලක් පිහිටුවා විශ්‍රාම යෝජනා ක්‍රමයක් රජය විසින් සකස් කරනු ලැබිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

•    ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ පිහිටි ආපනශාලාවන්හි ළමුන්ට අහිතකර ආහාර අලෙවි කිරීම නතර කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම

    ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් අතර දියවැඩියාව රෝගය බහුල වශයෙන් හඳුනාගෙන ඇති බව විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දී තිබෙන හෙයින් ද, දියවැඩියාව රෝගය සඳහා ආහාර වර්ග මෙන්ම ආහාර පුරුදු සහ ආහාර රටාව හේතු වන හෙයින් ද, ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ පිහිටි පාසල් ආපනශාලාවන්හි දියවැඩියාව සඳහා හේතු වන්නා වූ සීනි සහ පිටි සහිත ආහාර මෙන්ම ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, ක්ෂණික නුඩ්ල්ස් වැනි ආහාර වර්ග ඉතා විශාල වශයෙන් පාසල් ළමුන්ට අළෙවි කරන හෙයින්ද, අප රටේ පාසල් දරුවන් අතර දියවැඩියා රෝගී තත්ත්වය පාලනය කිරීම සඳහා පාසල් ආපනශාලාවල අළෙවි කළ යුතු ආහාරපාන වර්ග පිළිබඳව රජය විසින් යම් සීමාවන් පැනවිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

•    යාපනයේ සංචාරක සේවා ප්‍රවර්ධනය කිරීම හා ආර්ථිකය සංවර්ධනය කිරීම

    ශ්‍රී ලංකාවේ යාපනය ප්‍රදේශයේ සංචාරක සේවා ප්‍රවර්ධනය කිරීම සහ ආර්ථිකය සංවර්ධනය කිරීම මඟින් මෙරට සංචාරක ආර්ථිකය ශක්තිමත් කිරීමටත්, රැකියා නිර්මාණය කිරීමටත්, යාපනය සජීවී සංස්කෘතික ගමනාන්තයක් ලෙස පිළිබිඹු කිරීමටත් හැකි වන බැවින්, යාපනය සහ ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශය ප්‍රධාන සංචාරක කේන්ද්‍ර ලෙස පිළිගැනීමට සහ දේශීය හා විදේශීය සංචාරකයින් ප්‍රදේශයේ හෝටල්, අවන්හල් සහ සේවා සපයන්නන් සමඟ සම්බන්ධ කිරීම, සැබෑ සංචාරක අත්දැකීම් ප්‍රවර්ධනය කිරීම, ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයට සංචාරකයින් පැමිණීම සහ ඔවුන්ගේ තෘප්තිමත්භාවය ඉහළ නැංවීම සඳහා යටිතල පහසුකම්, ඩිජිටල් සම්බන්ධතාවය සහ අළෙවිකරණය වැඩි දියුණු කරන ප්‍රතිපත්ති සහ ආයෝජන සඳහා සහාය වන, ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයේ නියුතු වූවන් සවිබල ගන්වන සහ සංස්කෘතික උරුමය ප්‍රවර්ධනය කරන සංචාරක සේවා ව්‍යාපාර දිරිමත් කිරීම සහ ඒවාට පහසුකම් සැලසීම මඟින් යාපනය ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයේ තිරසර සංවර්ධනය සහ ආර්ථික වර්ධනය වැඩිදියුණු කරන රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයන් ප්‍රවර්ධනය කිරීම මඟින් සහ මාස 12 සිට 18 දක්වා වූ කාලයක් තුළ තිරසර ආර්ථික ප්‍රතිලාභ ඉලක්ක කර ගනිමින් ප්‍රදේශයේ රැකියා සහ ව්‍යාපාරික අවස්ථා කෙරෙහි එවැනි වැඩසටහන් මඟින් ඇති කරන බලපෑම නිරීක්ෂණය කිරීම මඟින් යාපනය කේන්ද්‍ර කරගත් සංචාරක වේදිකාවක් නිර්මාණය කිරීම සඳහා සහාය දීමට පියවර ගත යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“සංචාරක කර්මාන්තය සඳහා විශේෂිත වෙළඳපොළ උපාය මාර්ගයක්” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතා විසින් යෝජනා කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1627 ට 2026 ජූලි මස 21 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.




සම්බන්ධිත පුවත්

2026-09-25

2026 සැප්තැම්බර් මස 25 වැනි දින සභාවේ කටයුතු

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සහ තේරීම් කාරක සභාවේ රැස්වීම්ලිපිලේඛනාදිය පිළිගැන්වීම(i)    2024 වර්ෂය සඳහා රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව.(ii)    2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ 53 වගන්තිය යටතේ ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාර සම්බන්ධයෙන් කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ නිර්දේශ සැලකිල්ලට ගෙන සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය ලබා ගැනීමෙන් පසුව, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2026 අප්‍රේල් 10 දිනැති අංක‍ 2483/17 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය. (iii)    2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ 53 වගන්තිය යටතේ ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්විතීයික ව්‍යාපාර සම්බන්ධයෙන් කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ නිර්දේශ සැලකිල්ලට ගෙන සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය ලබා ගැනීමෙන් පසුව, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2026 අප්‍රේල් 10 දිනැති අංක‍ 2483/18 සිට 2483/85 දක්වා අනුපිළිවෙළින් වූ අංක දරන අති විශේෂ ගැසට් පත්‍ර 68 ක පළ කරන ලද නියමයන්. (iv)    2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ 53 වගන්තිය යටතේ ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාර සම්බන්ධයෙන් කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ නිර්දේශ සැලකිල්ලට ගෙන සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය ලබා ගැනීමෙන් පසුව, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2026 මැයි 11 දිනැති  අංක‍ 2488/03 සහ 2488/04 දරන අති විශේෂ ගැසට් පත්‍රවල පළ කරන ලද නියමයන්. (v)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (vi)    2025 වර්ෂය සඳහා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.පෙත්සම් පිළිගැන්වීම(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා                    (ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය(iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බංඩාර මහතා                    (iv)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ අනුෂ්කා තිලකරත්න මහත්මිය            (v)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ ගීතා හේරත් මහත්මිය                    (පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න(i)    ගරු කේ. කාදර් මස්තාන් මහතාඋතුරු සහ නැගෙනහිර පළාත්වල රජයේ ආයතනවල පවතින කාර්ය මණ්ඩල පුරප්පාඩු(ii)    ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතාඋතුරු සහ නැගෙනහිර පළාත්වල පළාත් පාලන ආයතනවල පවතින මූල්‍ය හා වෙනත් ගැටලු වරප්‍රසාදපාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඩී. වී. චානක මහතා විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2026 සැප්තැම්බර් 09 දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු සම්බන්ධ වරප්‍රසාද යෝජනාව ගරු විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් ඉදිරිපත් කරන ලදුව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 හි විධිවිධාන ප්‍රකාරව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී. අද දින සභාවේ ප්‍රධාන කටයුතුපහත සඳහන් පනත් කෙටුම්පත් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී: -(i)    විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය – සංශෝධන සහිතව තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මත කරන ලදී (පක්ෂව 158; විරුද්ධව 63)(ii)    අධිකරණ සංවිධාන (සංශෝධන) – ඡන්ද විමසීමක් පැවැත්වීමෙන් අනතුරුව සම්මත කරන ලදී (පක්ෂව 158; විරුද්ධව 62)අනතුරුව, පාර්ලිමේන්තුව පැය 2015 ට 2026 ඔක්තෝබර් මස 6 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.


2026-09-24

2026 සැප්තැම්බර් මස 24 වැනි දින සභාවේ කටයුතු

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.අභිනව මන්ත්‍රීවරයන්ගේ නිල ප්‍රතිඥාව හෝ දිවුරුමගරු හපීපු ලෙබ්බේ මුහම්මදු රිපාන් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ගරු කථානායකතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාට ලැබුණු ජාත්‍යන්තර ඇගයීමලිපිලේඛනාදිය පිළිගැන්වීම(i)    2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව.(ii)    2023 වර්ෂය සඳහා පොල් පර්යේෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව.(iii)    2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා එනර්ජීස් (පුද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තාව.පෙත්සම් පිළිගැන්වීම(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න මෙනෙවිය(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතා - පෙත්සම් තුනයි                    (පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න(i)    ගරු රවී කරුණානායක මහතාශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් මුහුණ දෙන ගැටලු(ii)    ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතාඑරාවූර් අලිගාර් ජාතික පාසලේ ඉඩම් ගැටලුව අමාත්‍යාංශ නිවේදනජාතික වශයෙන් ඇති එල් නිනෝ සූදානම සහ ප්‍රතිචාර සැලැස්ම පිළිබඳව 2026.08.04 දින ගරු රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට ආරක්ෂක අමාත්‍යතුමා වෙනුවෙන් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, ගරු මේජර් ‍ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා පිළිතුරු ලබා දුන්නේ ය.පනත් කෙටුම්පත් පිළිගැන්වීමසුනඛයන් එන්නත් කිරීම, සුනඛ ගහනය පාලනය කිරීම සහ සුනඛයන් වාණිජ අරමුණු සඳහා අභිජනනය කිරීම නියාමනය කිරීම මගින් ශ්‍රී ලංකාව තුළ ජලභීතිකා රෝගය තුරන් කිරීම සඳහා ද; සුනඛයන් ලියාපදිංචි කිරීම සඳහා ද; ජලභීතිකා රෝගය තුරන් කිරීමේ ජාතික උපදේශක කමිටුව සහ ජලභීතිකා රෝගය තුරන් කිරීමේ ප්‍රාදේශීය උපදේශක කමිටු පිහිටුවීම සඳහා ද; (476 වන අධිකාරය වූ) ජලභීතිකා රෝගය පිළිබඳ ආඥාපනත සහ (477 වන අධිකාරය වූ) බල්ලන් ලියාපදිංචි කිරීමේ ආඥාපනත ඉවත් කිරීම සඳහා ද; ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ“ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ”නමැති පනත් කෙටුම්පත ගරු රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා විසින් පිළිගන්වන ලදී.අද දින සභාවේ ප්‍රධාන කටයුතුපහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) විවාදයට ගෙන හෙටට කල් තබන ලදී: -(i)    විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම(ii)    අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1916 ට 2026 සැප්තැම්බර් මස 25 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.


2026-09-23

2026 සැප්තැම්බර් මස 23 වැනි දින සභාවේ කටයුතු

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම2 : ගරු ඩී. වී. චානක මහතා, පා.ම. විසින් මතු කරන ලද වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නයලිපිලේඛනාදිය පිළිගැන්වීම(i)    2023 වර්ෂය සඳහා සීමාසහිත නිපුණතා සංවර්ධන අරමුදලේ වාර්ෂික වාර්තාව.(ii)    2024 වර්ෂය සඳහා ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ වාර්ෂික වාර්තාව.(iii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (iv)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ සබරගමුව පළාත් සභාව යටතේ පවතින ආයතන සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග     119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (v)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව (පාර්ලිමේන්තු ප්‍රකාශන මාලා අංක 489) සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (vi)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව (පාර්ලිමේන්තු ප්‍රකාශන මාලා අංක 492) සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාකාරක සභා වාර්තා පිළිගැන්වීම(i)    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් සාමාජික මන්ත්‍රී ගරු රවී කරුණානායක මහතා විසින් පිළිගන්වන ලදී.(ii)    රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නජිත් ඉන්දික මහතා විසින් පිළිගන්වන ලදී.පෙත්සම් පිළිගැන්වීම(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) දම්මික පටබැඳි මහතා                    (ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ යූ. පී. අබේවික්‍රම මහතා - පෙත්සම් දෙකයි                 (පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න(i)    ගරු සජිත් ප්‍රේමදාස මහතාදිත්වාහ් හි පසු ආපදා කළමනාකරණය සහ රට තුළ පවතින එල් නිනෝ තත්ත්වය  (ii)    ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතාමඩවනයි හි සාම්ප්‍රදායික තණබිම් අත්පත් කර ගැනීම අමාත්‍යාංශ නිවේදනමඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ධීවරයින් මුහුදේදී මුහුණ දෙන සොරකම් සහ මුහුදු කොල්ලකෑම් සඳහා විසඳුමක් ලබාදීම සම්බන්ධයෙන් 2026.07.10 දින ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය, ගරු රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පිළිතුරු ලබා දුන්නේ ය.අද දින සභාවේ ප්‍රධාන කටයුතුපහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී: -(i)    අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත(ii)    පරිපූරක මුදල,— ශීර්ෂය 119 — වැඩසටහන 01 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතාඅනතුරුව, පාර්ලිමේන්තුව පැය  1800  ට 2026 සැප්තැම්බර් මස 24 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.


2026-09-22

2026 සැප්තැම්බර් මස 22 වැනි දින සභාවේ කටයුතු

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : “විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” සහ “අධිකරණ සංවිධාන (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත් පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය2 : “දූෂණ විරෝධී (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය3 : “විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) (L.D.O 08/2026)” නමැති පනත් කෙටුම්පත සහ “විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) (L.D.O 11/2026)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් ලැබී ඇති බව4 : ගරු එම්. එස්. අබ්දුල් වාහිද් මහතාගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩු වීම සම්බන්ධයෙන්5 : පාර්ලිමේන්තු මන්ත්‍රීන් සඳහා වූ ජංගම යෙදුම6 : පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලබන සියලුම වාර්තා සහ ලේඛන ඩිජිටල් ආකාරයෙන් ලබා ගැනීමට, එක් එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ කැමැත්ත ලබා ගැනීමකථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීමA.    (i)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව, 2025 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ III (3) කොටස.(ii)    කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යනු ලැබූ දැනට වසා දැමීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය ලැබී ඇති ─•    ගිණුම් අංක 7000/0/0/0285/0010 දරන අර්තාපල් වගා ව්‍යාප්ත කිරීමේ වැඩසටහන සඳහා වූ අත්තිකාරම් ගිණුම;•    ගිණුම් අංක 7000/0/0/0999/0409 දරන වැලිසර කෘෂිකාර්මික වැඩපල මෙහෙයවීමේ අත්තිකාරම් ගිණුම;•    ගිණුම් අංක 7000/0/0/0999/0002 දරන කෘෂිකාර්මික අළුත්වැඩියා වැඩපල පිළිබඳ අත්තිකාරම් ගිණුම; සහ•    ගිණුම් අංක 7000/0/0/0285/0004 දරන නාරාහේන්පිට කෘෂිකාර්මික මධ්‍යම බඩු ගබඩාව පිළිබඳ අත්තිකාරම් ගිණුමයන අත්තිකාරම් ගිණුම් හතරට අදාළ රු. 65,654,746.90 (රුපියල් හැටපන් මිලියන හයසිය පනස් හතර දහස් හත්සිය හතලිස් හයයි සත අනූව) ක් වූ කාරක පාඩුව සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් වාර්තාව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව.B.    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව -•    2022 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ XLVIII (48) කොටස; •    2023 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ LIX (59) කොටස; •    2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ LXIV (64) හා LXV (65) කොටස් සහ නවවැනි කාණ්ඩයේ XLVIII (48) කොටස; සහ •    2025 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ III (3) කොටස, තෙවැනි කාණ්ඩයේ III (3) කොටස සහ නවවැනි කාණ්ඩයේ I (1) කොටසලිපිලේඛනාදිය පිළිගැන්වීම(i)    2023 වර්ෂය සඳහා සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව.(ii)    2025 වර්ෂය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.(iii)    2025 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.(iv)    2025 වර්ෂය සඳහා ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.(v)    2026 අංක 05 දරන පරිපූරක ඇස්තමේන්තුව.(vi)    2022 වර්ෂය සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව.(vii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (viii)    2019 වර්ෂය සඳහා සීමාසහිත ඇල්කඩුව වැවිලි සමාගමේ වාර්ෂික වාර්තාව(ix)    2024 වර්ෂය සඳහා සී/ස හලාවත වැවිලි සමාගමේ වාර්ෂික වාර්තාව.(x)    2024 වර්ෂය සඳහා ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ වාර්ෂික වාර්තාව.(xi)    2025 වර්ෂය සඳහා මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.(xii)    2025 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව.(xiii)    2024 වර්ෂය සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ වාර්ෂික වාර්තාව.(xiv)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග     119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවකාරක සභා වාර්තා පිළිගැන්වීම(i)    බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු අනුර කරුණාතිලක මහතා විසින් පිළිගන්වන ලදී.(ii)    සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති,  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිහාල් අබේසිංහ මහතා විසින් පිළිගන්වන ලදී.පෙත්සම් පිළිගැන්වීම(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද විජේපාල මහතා                    (ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී බී. ආරියවංශ මහතා                    (iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය                 (පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න(i)    ගරු සජිත් ප්‍රේමදාස මහතාරැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දීම සඳහා නිසි යාන්ත්‍රණයක්  (ii)    ගරු රවී කරුණානායක මහතාශ්‍රී ලංකාව ඉන්දියන් සාගර කලාපයේ ප්‍රමුඛ සමුද්‍රීය භාණ්ඩ හුවමාරු සහ සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත කිරීමේ හැකියාව අමාත්‍යාංශ නිවේදන(i)    සෞදි අරාබියේ දී සිවරාජා අනෝජන්ට නියම වූ මරණ දඬුවම සම්බන්ධයෙන් රජයේ මැදිහත්වීම සහ ගනු ලැබූ රාජ්‍යතාන්ත්‍රික පියවර සම්බන්ධයෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය, ගරු විජිත හේරත් මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.(ii)    විශ්‍රාමික ත්‍රිවිධ හමුදා හා පොලිස් සාමාජිකයින්ට සහ ඔවුන්ගේ පවුල්වල ගැටලු සඳහා සහන සැලසීමට නිකුත් කළ චක්‍රලේඛය පිළිබඳව ආරක්ෂක අමාත්‍යතුමා වෙනුවෙන් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, ගරු මේජර් ‍ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.අද දින සභාවේ ප්‍රධාන කටයුතුපහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 3 වශයෙන් සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලද අතර, අයිතම අංක (ii) ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කරන ලදී:-(i)    ඛනිජ තෙල් සම්පත් පනත යටතේ නියෝග(ii)    අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව“බන්ධනාගාර පද්ධතියේ ගැටලු විසඳීම සඳහා යාන්ත්‍රණයක් සකස් කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද වි‍ජේසිරි මහතා විසින් යෝජනා කරන ලදී. අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1753 ට 2026 සැප්තැම්බර් මස 23 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks