පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
1 : පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන වැඩසටහන
2 : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2025 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව
(ii) 2025 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව
(iii) 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ වාර්ෂික වාර්තාව
(iv) 2025 වර්ෂය සඳහා හානිපූරණය සඳහා වන කාර්යාලය - ශ්‍රී ලංකාව හි වාර්ෂික වාර්තාව
(v) 2018 වර්ෂය සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ වාර්ෂික වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.
මහජන පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ගමගෙදර දිසානායක මහතා - පෙත්සම් දෙකයි
(ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) හංසක විජේමුණි මහතා - පෙත්සම් තුනයි
(iii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජන්ත ගම්මැද්දෙගේ මහතා - පෙත්සම් හතරයි
(iv) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී දීප්ති වාසලගේ මහත්මිය
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා
පස් ද්‍රව්‍ය සඳහා කැණීම් සහ පතල් බලපත්‍ර නිකුත් කිරීමේ නෛතික තත්ත්වය
අමාත්‍යාංශ නිවේදන
ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ ගැටලු සම්බන්ධයෙන් 2026.11.19 දින ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය, ගරු (මහාචාර්ය) ඒ. එච්. එම්. එච්. අබයරත්න මහතා පිළිතුරු ලබා දුන්නේ ය.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන පනත් කෙටුම්පත - 2027 - දෙවැනිවර කියවීම (හත්වැනි වෙන් කළ දිනය)
(අද දින න්‍යාය පත්‍රයේ අයිතම අංක 1 වශයෙන් සඳහන් වන)
විසර්ජන පනත් කෙටුම්පත (2027) දෙවැනිවර කියවීම සභාව විසින් සම්මත කරන ලදී. පැවැත්වූ ඡන්ද විමසීමේ දී, එයට පක්ෂව ඡන්ද 157 ක් ප්‍රකාශ වූ අතර විරුද්ධව ඡන්ද 60 ක් ප්‍රකාශ විය.
විසර්ජන පනත් කෙටුම්පත (2027) පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවට යොමු කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1859 ට 2026 නොවැම්බර් මස 21 වැනි සෙනසුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
2026-11-21
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : “සංවිධානාත්මක අපරාධ වැළැක්වීම” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය2 : කාරක සභා අවස්ථාවේ විවාදය අතරතුර අසුන් ගැනීමේ සැකැස්ම3 : කාරක සභා අවස්ථාවේ වියදම් ශීර්ෂ සඳහා දිනය වෙනස් කිරීම ලිපිලේඛනාදිය පිළිගැන්වීම2027 කෙටුම්පත් අයවැය ඇස්තමේන්තුවල පාඨ ආදියෙහි යෝජිත වෙනස් කිරීමේ ලැයිස්තුවකාරක සභා වාර්තා පිළිගැන්වීමඅධ්යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් සාමාජික මන්ත්‍රිනී ගරු නීතිඥ නිලූෂා ලක්මාලි ගමගේ මහත්මිය විසින් පිළිගන්වන ලදී.මහජන පෙත්සම් පිළිගැන්වීමගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩ විතාන මහතා - පෙත්සම් නවයයි (පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නගරු (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා මහතාචෙම්මණි සමූහ මිනීවළවල් කැණීමේ වර්තමාන තත්ත්වයගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතාපාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය අතිගරු ඉම්රාන් ඛාන් මහතා සම්බන්ධයෙන් කල් තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට අවසර ලබා දීම ප්‍රතික්ෂේප කිරීම.අද දින සභාවේ ප්‍රධාන කටයුතුවිසර්ජන පනත් කෙටුම්පත (2027) - කාරක සභාව (අටවැනි වෙන් කළ දිනය)(අද දින න්‍යාය පත්‍රයේ අයිතම අංක 1 වශයෙන් සඳහන් වන)සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව“කින්නියා මූලික රෝහල මධ්‍යම රජය යටතට පවරා ගැනීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ඉම්රාන් මහරූෆ් මහතා විසින් යෝජනා කරන ලදී.අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1852 ට 2026 නොවැම්බර් මස 23 වැනි සඳුදා පැය 0930 දක්වා කල් තබන ලදී.
2026-11-19
නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු (වෛද්‍ය) රිස්වි සාලි මහතා මූලසනාරූඪ විය.ලිපිලේඛනාදිය පිළිගැන්වීම(i) 2023 වර්ෂය සඳහා තුරුසවිය අරමුදලේ වාර්ෂික වාර්තාව(ii) 2025 වර්ෂය සඳහා පුනරුත්ථාපන කාර්යාංශයේ වාර්ෂික වාර්තාව(iii) 2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ වාර්ෂික වාර්තාවකාරක සභා වාර්තා පිළිගැන්වීමආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් සාමාජික මන්ත්‍රී ගරු නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය විසින් පිළිගන්වන ලදී.මහජන පෙත්සම් පිළිගැන්වීම(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ගුණසේන මහතා - පෙත්සම් තුනයි(ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මාදුගොඩ මහතා - පෙත්සම් පහයි (පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නගරු සජිත් ප්‍රේමදාස මහතාශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ ගැටලුඅද දින සභාවේ ප්‍රධාන කටයුතුවිසර්ජන පනත් කෙටුම්පත - 2027 - දෙවැනිවර කියවීම (හයවැනි වෙන් කළ දිනය)(අද දින න්‍යාය පත්‍රයේ අයිතම අංක 1 වශයෙන් සඳහන් වන)අනතුරුව, විසර්ජන පනත් කෙටුම්පත (2027) දෙවැනිවර කියවීමේ විවාදය පැය 1833 ට 2026 නොවැම්බර් මස 20 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
2026-11-18
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සඳහා පාර්ලිමේන්තුවේ දී දින දෙකක ජාත්‍යන්තර වැඩමුළුව2 : යෝජිත කම්කරු නීති (පනත් කෙටුම්පත්) සම්බන්ධයෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීමේ සැසියමහජන පෙත්සම් පිළිගැන්වීම(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතා - පෙත්සම් තුනයි(ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පලිහේන මහතා - පෙත්සම් තුනයි(iii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත පෙරේරා මහතා - පෙත්සම් දෙකයි (පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතාජාතික සමාජ සංවර්ධන ආයතනය ජාතික විශ්වවිද්‍යාලයක් සමඟ අනුබද්ධ කිරීමගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නා ය.අද දින සභාවේ ප්‍රධාන කටයුතුවිසර්ජන පනත් කෙටුම්පත - 2027- දෙවැනිවර කියවීම (පස්වැනි වෙන් කළ දිනය)(අද දින න්‍යාය පත්‍රයේ අයිතම අංක 1 වශයෙන් සඳහන් වන)සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව“පාසල් හා පෙරපාසල් පෝෂණ වැඩසටහන සඳහා අරමුදල් ඉහළ නැංවීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය විසින් යෝජනා කරන ලදී.අනතුරුව, විසර්ජන පනත් කෙටුම්පත (2027) දෙවැනිවර කියවීමේ විවාදය පැය 1855 ට 2026 නොවැම්බර් මස 19 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.
2026-11-17
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52(6) යටතේ වාර්තා පිළිගැන්වීමපාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52(6) යටතේ "ශ්‍රී ලංකා පහසුකම් කළමනාකරණ ආයතනය (සංස්ථාගත කිරීමේ)" නමැති පනත් කෙටුම්පත පිළිබඳ වාර්තාව ගරු නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යවරයා විසින් පිළිගන්වන ලදී.මහජන පෙත්සම් පිළිගැන්වීම(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හේමාලි වීරසේකර මහත්මිය (ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා - පෙත්සම් අටයි(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නගරු සජිත් ප්‍රේමදාස මහතාශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවය මුහුණ දෙන ගැටලුගරු සෞඛ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.අද දින සභාවේ ප්‍රධාන කටයුතුවිසර්ජන පනත් කෙටුම්පත - 2027- දෙවැනිවර කියවීම (සිව්වැනි වෙන් කළ දිනය)(අද දින න්‍යාය පත්‍රයේ අයිතම අංක 1 වශයෙන් සඳහන් වන)අනතුරුව, විසර්ජන පනත් කෙටුම්පත (2027) දෙවැනිවර කියවීමේ විවාදය පැය 1830 ට 2026 නොවැම්බර් මස 18 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks