logo

බලන්න

02

E   |     |  

2026-06-25

පුවත් කාණ්ඩ : සභාවේ කටයුතු 

2026 ජුනි මස 25 වැනි දින සභාවේ කටයුතු

නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු (වෛද්‍ය) රිස්වි සාලි මහතා මූලසනාරූඪ විය.


කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

1 : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සහ තේරීම් කාරක සභාවේ රැස්වීම්


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2024 වර්ෂය සඳහා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(ii)    2024 වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව.
(iii)    2024 වර්ෂය සඳහා ජාතික ණය සුරැකුම් ආයතනයේ වාර්ෂික වාර්තාව.
(iv)    2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ වාර්ෂික වාර්තාව.
(v)    2025 වර්ෂය සඳහා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(vi)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. 
(vii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. 
(viii)    2024 වර්ෂය සඳහා මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනයේ වාර්ෂික වාර්තාව.
(ix)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තා. 
(x)    2023 වර්ෂය සඳහා පොල් සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව.
(xi)    2024 වර්ෂය සඳහා කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව.
(xii)    2025 වර්ෂය සඳහා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(xiii)    2023 වර්ෂය සඳහා ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව.


කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරය සඳහා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවල වාර්තා දෙකක්, නියෝජ්‍ය කාරක සභා සභාපති, ගරු හේමාලි වීරසේකර මහත්මිය විසින් පිළිගන්වන ලදී.
(ii)    බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු අනුර කරුණාතිලක මහතා විසින් පිළිගන්වන ලදී.


පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. වී. සමන්ත විද්‍යාරත්න මහතා                    
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන් හේමචන්ද්‍ර මහතා  -  පෙත්සම් තුනයි

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)


පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු  සජිත් ප්‍රේමදාස මහතා
ඉන්ධන මිල පිළිබඳ ගැටළු

ගරු බලශක්ති අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

(ii)    ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා
චෙම්මනි සමූහ මිනීවළ කැණීම පිළිබඳ සොයාගැනීම් සහ අදාළ විමර්ශනය

ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.


අමාත්‍යාංශ නිවේදන

ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ ඉලක්කයට වඩා අඩුවෙන් උද්ධමනය පවත්වා ගැනීම, මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීම සහ වගවීම පවත්වා ගැනීම සම්බන්ධයෙන් 2026.03.04 දින ගරු රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වෙනුවෙන්, මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය, ගරු (ආචාර්ය) අනිල් ජයන්ත මහතා පිළිතුරු ලබා දුන්නේ ය.


පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

“ශ්‍රී ලංකා ඖෂධ විද්‍යා සංගමය (සංස්ථාගත කිරීමේ)”

නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු (වෛද්‍ය) ජනක සේනාරත්න මහතාට අවසර දෙන ලදී.


කල් තැබීමේ යෝජනාව

“මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව සටන් කිරීම” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී සමන්මලී ගුණසිංහ මහත්මිය විසින් යෝජනා කරන ලදී. 


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1746 ට 2026 ජුනි මස 26 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.




සම්බන්ධිත පුවත්

2026-07-07

2026 ජූලි මස 7 වැනි දින සභාවේ කටයුතු

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ1 : (40 වැනි අධිකාරිය වූ) මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාවකථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පත්වල සහතිකය සටහන් කිරීමකථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීමශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ LVIII (58), LIX (59) හා LX (60) කොටස් සහ නවවැනි කාණ්ඩයේ XLIII (43) හා XLIV (44) කොටස්.ලිපිලේඛනාදිය පිළිගැන්වීම(i)    2025 වර්ෂය සඳහා ජනාධිපති කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.(ii)    2025 වර්ෂය සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.(iii)    2025 වර්ෂය සඳහා අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ කාර්ය සාධන වාර්තාව.(iv)    2025 වර්ෂය සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.(v)    2025 වර්ෂය සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.(vi)    2025 වර්ෂය සඳහා මුදල් කොමිෂන් සභාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.(vii)    2025 වර්ෂය සඳහා විගණන සේවා කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව.(viii)    2025 වර්ෂය සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.(ix)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 21 සහ 139 වගන්ති සමඟ කියවිය යුතු 27(1) වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය මත, ශ්‍රී ලංකාවේ මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පේෂකර්ම තාක්ෂණ අධ්‍යයන අංශය, පේෂකර්ම සහ ඇඟලුම් ඉංජිනේරු අධ්‍යයන අංශය ලෙස සංශෝධනය කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය විසින් සාදන ලදුව, 2026 මාර්තු 20 දිනැති අංක 2480/26 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය.(x)    2025 අංක 23 දරන විසර්ජන පනතේ 6(1) වගන්තිය ප්‍රකාරව 2026.05.05 සිට 2026.05.29 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුව වැය ශීර්ෂ අංක 240 යටතේ සංවර්ධන කටයුතු වැඩසටහනෙන් වෙන්කර ඇති ප්‍රතිපාදන මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන.(xi)    2025 වර්ෂය සඳහා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.(xii)    2025 වර්ෂය සඳහා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ හිමිකම් රක්ෂණ අරමුදලේ කාර්ය සාධන වාර්තාව හා ගිණුම්.(xiii)    2025 වර්ෂය සඳහා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව හා ගිණුම්.(xiv)    2025 වර්ෂය සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.(xv)    2025 වර්ෂය සඳහා කුරුණෑගල, යාපනය, කිලිනොච්චිය, ගාල්ල, මාතර, මුලතිව්, බදුල්ල, පොළොන්නරුව, කළුතර, මහනුවර, හම්බන්තොට, මන්නාරම, වවුනියාව, අනුරාධපුර සහ මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල වාර්ෂික කාර්ය සාධන වාර්තා.(xvi)    2025 වර්ෂය සඳහා පුත්තලම, නුවරඑළිය, අම්පාර, කොළඹ, කෑගල්ල සහ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල වාර්ෂික කාර්ය සාධන වාර්තා සහ ගිණුම්.(xvii)    2025 වර්ෂය සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.(xviii)    2025 වර්ෂය සඳහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.(xix)    2025 වර්ෂය සඳහා ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.(xx)    2025 වර්ෂය සඳහා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.කාරක සභා වාර්තා පිළිගැන්වීම(i)    අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් පිළිගන්වන ලදී.(ii)    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.පෙත්සම් පිළිගැන්වීම(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද ජයසිංහ මහතා                    (ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා                    (iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ගුණසේන මහතා                 (පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න(i)    ගරු සජිත් ප්‍රේමදාස මහතාවී මිල නියම කිරීම, සහල් ආනයනය සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ රජයේ ප්‍රතිපත්තිය (ii)    ගරු රවී කරුණානායක මහතාකොළඹ වරාය නගරය සඳහා ගොඩ කරන ලද ඉඩම් පිළිබඳ විස්තරඅමාත්‍යාංශ නිවේදන(i)    ඛනිජ ගවේෂණය, පතල් කැණීම සහ ජාතික ඛනිජ ප්‍රතිපත්තිය පිළිබඳ විස්තර සම්බන්ධයෙන් 2026.06.24 දින ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය, ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා පිළිතුරු ලබා දුන්නේ ය.(ii)  නැගෙනහිර පර්යන්තය ඉදිකිරීම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අනෙකුත් ගැටළු සම්බන්ධයෙන් 2026.06.23 දින ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ බලශක්ති අමාත්‍ය, ගරු අනුර කරුණාතිලක මහතා පිළිතුරු ලබා දුන්නේ ය.(iii)   ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු වන්දි ලබාදීම, ප්‍රතිසංස්කරණ සහ නැවත පදිංචි කිරීම සඳහා ගත් පියවර ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් 2026.02.03 දින ගරු රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට ආරක්ෂක අමාත්‍යතුමා වෙනුවෙන් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, ගරු මේජර් ‍ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා පිළිතුරු ලබා දුන්නේ ය.(iv)    මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවය පිළිබඳව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, ගරු නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.අද දින සභාවේ ප්‍රධාන කටයුතුපහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 3 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-(i)    පුරාවස්තු ආඥා පනත යටතේ නියෝග(ii)    දූෂණ විරෝධී පනත යටතේ නියෝග දෙකක්කල් තැබීමේ යෝජනාව“මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවය” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විසින් යෝජනා කරන ලදී.අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1841 ට 2026 ජූලි මස 8 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.


2026-06-26

2026 ජුනි මස 26 වැනි දින සභාවේ කටයුතු

නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු (වෛද්‍ය) රිස්වි සාලි මහතා මූලසනාරූඪ විය.කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සහ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීවරයෙක් පත් කිරීම2 : ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා “තැනැත්තන් වෙළඳාම පිළිබඳ දැනුම්වත් කිරීමේ සහ අවබෝධතා වැඩසටහනක්”3 : පාර්ලිමේන්තුවේ පවත්වන “දියවන්නා පොසොන් බැති ගී සරණිය”ලිපිලේඛනාදිය පිළිගැන්වීම(i)    2025 මූල්‍ය වර්ෂය සඳහා රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ වාර්ෂික ණය කළමනාකරණ වාර්තාව.(ii)    2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 11 වගන්තිය ප්‍රකාරව, 2027 වර්ෂය සඳහා මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය.(iii)    2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්.(iv)    2025 වර්ෂය සඳහා තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.(v)    2025 වර්ෂය සඳහා කොම්ප්ට්‍රෝලර් ජනරාල් කාර්යාලයේ කාර්ය සාධන වාර්තාව.(vi)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (vii)    2023 වර්ෂය සඳහා සීමාසහිත කුරුණෑගල වැවිලි සමාගමේ වාර්ෂික වාර්තාව(viii)    2025 වර්ෂය සඳහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.(ix)    2025 වර්ෂය සඳහා රත්නපුර සහ මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල වාර්ෂික කාර්ය සාධන හා ගිණුම් වාර්තා.පෙත්සම් පිළිගැන්වීමගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) මධුර සෙනෙවිරත්න මහතා (පෙත්සම මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න(i)    ගරු රවී කරුණානායක මහතාශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව රජයේ ප්‍රතිපත්තිය(ii)    ගරු අමිර්තනාදන් අඩෛක්කලනාදන් මහතාමන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ සීටී ස්කෑන් යන්ත්‍රයක් නොමැතිකමඅමාත්‍යාංශ නිවේදන2026 හජ් වන්දනාවේදී වන්දනාකරුවන් මුහුණ දුන් දුෂ්කරතා සම්බන්ධයෙන් 2026.06.10 දින ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය, ගරු (ආචාර්ය) හිනිදුම සුනිල් සෙ‍නෙවි මහතා පිළිතුරු ලබා දුන්නේ ය.අද දින සභාවේ ප්‍රධාන කටයුතුශ්‍රී ලංකා විදුලිබල පනත යටතේ නියමය (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)සභාව විසින් අනුමත කරන ලදී.කල් තැබීමේ යෝජනාව“මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව සටන් කිරීම” පිළිබඳ කල් තැබූ විවාදය තවදුරටත් පවත්වා අවසන් කරන ලදී. අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2026 ජූලි මස 7 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.


2026-06-24

2026 ජුනි මස 24 වැනි දින සභාවේ කටයුතු

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.ලිපිලේඛනාදිය පිළිගැන්වීම(i)    2024 වර්ෂය සඳහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වාර්ෂික වාර්තාව.(ii)    2025 වර්ෂය සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.(iii)    2025 වර්ෂය සඳහා රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.(iv)    2025 වර්ෂය සඳහා භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.(v)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ අග්‍රාමාත්‍ය කාර්යාලය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (vi)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (vii)    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (viii)    (235 අධිකාරය වූ) රේගු ආඥා පනතේ 10 වගන්තිය යටතේ ආනයන තීරු ගාස්තු සම්බන්ධ යෝජනා සම්මතය(ix)    (2026 මාර්තු 03 දිනැති අංක 2478/03 දරන අති විශේෂ ගැසට් පත්‍රය).(x)    2025 වර්ෂය සඳහා පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.(xi)    2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව.(xii)    2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ වාර්ෂික වාර්තාව.(xiii)    1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 වගන්තිය යටතේ සෙස් බද්ද සම්බන්ධයෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාගේ ද එකඟතාවය ඇතිව, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2026 මාර්තු 03 දිනැති අංක‍ 2478/04 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය. (xiv)    1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 වගන්තිය යටතේ අය කළ යුතු සහ ගෙවිය යුතු සෙස් බදු අනුප්‍රමාණයන් සම්බන්ධයෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාගේ ද එකඟතාවය ඇතිව, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2026 මාර්තු 10 දිනැති අංක‍ 2479/38 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය. (xv)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (xvi)    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ සීමාසහිත ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (xvii)    2024 වර්ෂය සඳහා අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරියේ වාර්ෂික වාර්තාව.පෙත්සම් පිළිගැන්වීම(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා  -  පෙත්සම් දෙකයි (ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා                    (iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ ගීතා හේරත් මහත්මිය(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න(i)    ගරු කේ. කාදර් මස්තාන් මහතාඔලුවිල් වරාය සංවර්ධන ව්‍යාපෘතියේ විස්තර(ii)    ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතාඛනිජ ගවේෂණය, පතල් කැණීම සහ ජාතික ඛනිජ ප්‍රතිපත්තිය පිළිබඳ විස්තරඅමාත්‍යාංශ නිවේදන(i)    2025/2026 මහ කන්නයේ වී නිෂ්පාදනයට ‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑම සම්බන්ධයෙන් 2026.05.06 දින ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය, ගරු කේ. ඩී. ලාල් කාන්ත මහතා පිළිතුරු ලබා දුන්නේ ය.(ii)    ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය තුරන් කිරීම සම්බන්ධයෙන් 2025.10.08 දින ගරු කේ. කාදර් මස්තාන් මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය, ගරු ආනන්ද විජේපාල මහතා පිළිතුරු ලබා දුන්නේ ය.වරප්‍රසාද(i)    පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ජී. ජී. පොන්නම්බලම් මහතා විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට  2026 මැයි 21 දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු සම්බන්ධ වරප්‍රසාද යෝජනාව ගරු විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් ඉදිරිපත් කරන ලදුව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 හි විධිවිධාන ප්‍රකාරව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.(ii)    පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු එස්. එම්. මරික්කාර් මහතා විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2025 නොවැම්බර් 13 දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු සම්බන්ධ වරප්‍රසාද යෝජනාව ගරු විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් ඉදිරිපත් කරන ලදුව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 හි විධිවිධාන ප්‍රකාරව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.(iii)    පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා මහතා විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2026 ජුනි 10 දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු සම්බන්ධ වරප්‍රසාද යෝජනාව ගරු විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් ඉදිරිපත් කරන ලදුව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 හි විධිවිධාන ප්‍රකාරව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.අද දින සභාවේ ප්‍රධාන කටයුතුජාතික පාරිසරික (සංශෝධන) පනත් කෙටුම්පත (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)දෙවැනිවර කියවීමේ දී ඡන්ද විමසීමක් පවත්වා (පක්ෂව 113; විරුද්ධව 10) සභාව විසින් සංශෝධන සහිතව සම්මත කරන ලදී.සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්නගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර ගලප්පත්ති  මහතාඅනතුරුව, පාර්ලිමේන්තුව පැය 1811 ට 2026 ජුනි මස 25 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.


2026-06-23

2026 ජුනි මස 23 වැනි දින සභාවේ කටයුතු

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම2 : ගරු ජී. ජී. පොන්නම්බලම් මහතා, පා.ම. විසින් මතු කරන ලද වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නය3 : අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීවරයෙක් පත් කිරීම4 : සෞඛ්‍ය සහ ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීවරයෙක් පත් කිරීම5 : ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සඳහා “අසාත්මිකතාව සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ සහ හඳුනාගැනීමේ” වැඩසටහනක්කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම(i)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─•    2021 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ LXVI (66) කොටස; •    2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ LVI (56) හා LVII (57) කොටස් සහ නවවැනි කාණ්ඩයේ XLI (41) හා XLII (42) කොටස්; සහ •    2025 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ I (1) කොටස(ii)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දසවැනි කාණ්ඩය ─ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ 2022 සැප්තැම්බර් සිට 2024 අගෝස්තු දක්වා ක්‍රියාත්මක කරන ලද ජලගාස්තු සංශෝධන සම්බන්ධයෙන් පිළියෙළ කරන ලද විශේෂ විගණන වාර්තාව.ලිපිලේඛනාදිය පිළිගැන්වීම(i)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (ii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ උපරිමාධිකරණ විනිශ්චයකාරවරු සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (iii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (iv)    2005 අංක 28 දරන ගෙවීමේ හා බේරුම් කිරීමේ පද්ධති පනතේ 11 වගන්තිය සමඟ කියවිය යුතු 17 වගන්තිය යටතේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2025 දෙසැම්බර් 23 දිනැති අංක 2468/06 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.(v)    2025 වර්ෂයේ හතරවන සහ 2026 වර්ෂයේ පළමුවන කාර්තු සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමෙහි දක්වා ඇති උද්ධමන ඉලක්කයෙන් මතුපිට උද්ධමනය අපගමනය වීම පිළිබඳ වාර්තාව.(vi)    2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 51 වගන්තිය ප්‍රකාරව, 2025 අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව.(vii)    (203 අධිකාරය වූ) මෝටර් වාහන පනතේ 237 වගන්තිය සමඟ කියවිය යුතු 141, 143, 144, 157අ, 168 සහ 190 වගන්ති යටතේ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2026 මාර්තු 19 දිනැති අංක 2480/22 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.(viii)    2024 වර්ෂය සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව.(ix)    2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ වාර්ෂික වාර්තාව.(x)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව.කාරක සභා වාර්තා පිළිගැන්වීමරජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.පෙත්සම් පිළිගැන්වීම(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුරංග අබේසිංහ මහතා                    (ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) රුවන් රණසිංහ මහතා(iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා                    (iv)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චි මහතා (පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න(i)    ගරු සජිත් ප්‍රේමදාස මහතානැගෙනහිර පර්යන්තය ඉදිකිරීම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අනෙකුත් ගැටළු(ii)    ගරු රවී කරුණානායක මහතාගොවීන්ගේ විරෝධතාව සහ වී වගාවේ අනෙකුත් ගැටළුඅමාත්‍යාංශ නිවේදන(i)    උතුරු හා නැගෙනහිර දෙමළ ජනතාවගෙන් අත්පත් කරගත් රන් ආභරණ නැවත බාරදීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් 2026.01.23 දින ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට ආරක්ෂක අමාත්‍යතුමා වෙනුවෙන් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, ගරු මේජර් ‍ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා පිළිතුරු ලබා දුන්නේ ය. (ii)    රජය විසින් ප්‍රධාන ආගමික නායකයින්ට සහ පුද්ගලයින්ට නිකුත් කරන ලද නිල ගමන් බලපත්‍ර පිළිබඳ විස්තර සම්බන්ධයෙන් 2026.03.20 දින ගරු කේ. කාදර් මස්තාන් මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය, ගරු ආනන්ද විජේපාල මහතා පිළිතුරු ලබා දුන්නේ ය.අද දින සභාවේ ප්‍රධාන කටයුතුපහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 5 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලද අතර, අයිතම අංක (iv) ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කරන ලදී:- (i)    එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත - සංශෝධන සහිතව(ii)    විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් දෙකක් (iii)    ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි(iv)    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ (අවලංගු කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීමසභාව කල් තබන අවස්ථාවේ යෝජනාව“ධීවර කර්මාන්තය මුහුණ දෙන ගැටළු” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා විසින් යෝජනා කරන ලදී.අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1743 ට 2026 ජුනි මස 24 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks