01

E   |   த   |  

2026-06-23

පුවත් කාණ්ඩ : සභාවේ කටයුතු 

2026 ජුනි මස 23 වැනි දින සභාවේ කටයුතු

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

1 : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම
2 : ගරු ජී. ජී. පොන්නම්බලම් මහතා, පා.ම. විසින් මතු කරන ලද වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නය
3 : අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීවරයෙක් පත් කිරීම
4 : සෞඛ්‍ය සහ ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීවරයෙක් පත් කිරීම
5 : ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සඳහා “අසාත්මිකතාව සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ සහ හඳුනාගැනීමේ” වැඩසටහනක්


කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─
•    2021 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ LXVI (66) කොටස; 
•    2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ LVI (56) හා LVII (57) කොටස් සහ නවවැනි කාණ්ඩයේ XLI (41) හා XLII (42) කොටස්; සහ 
•    2025 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ I (1) කොටස

(ii)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දසවැනි කාණ්ඩය ─ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ 2022 සැප්තැම්බර් සිට 2024 අගෝස්තු දක්වා ක්‍රියාත්මක කරන ලද ජලගාස්තු සංශෝධන සම්බන්ධයෙන් පිළියෙළ කරන ලද විශේෂ විගණන වාර්තාව.


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. 
(ii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ උපරිමාධිකරණ විනිශ්චයකාරවරු සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. 
(iii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. 
(iv)    2005 අංක 28 දරන ගෙවීමේ හා බේරුම් කිරීමේ පද්ධති පනතේ 11 වගන්තිය සමඟ කියවිය යුතු 17 වගන්තිය යටතේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2025 දෙසැම්බර් 23 දිනැති අංක 2468/06 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.
(v)    2025 වර්ෂයේ හතරවන සහ 2026 වර්ෂයේ පළමුවන කාර්තු සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමෙහි දක්වා ඇති උද්ධමන ඉලක්කයෙන් මතුපිට උද්ධමනය අපගමනය වීම පිළිබඳ වාර්තාව.
(vi)    2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 51 වගන්තිය ප්‍රකාරව, 2025 අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව.
(vii)    (203 අධිකාරය වූ) මෝටර් වාහන පනතේ 237 වගන්තිය සමඟ කියවිය යුතු 141, 143, 144, 157අ, 168 සහ 190 වගන්ති යටතේ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2026 මාර්තු 19 දිනැති අංක 2480/22 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.
(viii)    2024 වර්ෂය සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව.
(ix)    2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ වාර්ෂික වාර්තාව.
(x)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව.


කාරක සභා වාර්තා පිළිගැන්වීම

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.


පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුරංග අබේසිංහ මහතා                    
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) රුවන් රණසිංහ මහතා
(iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා                    
(iv)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චි මහතා 

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)


පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු සජිත් ප්‍රේමදාස මහතා
නැගෙනහිර පර්යන්තය ඉදිකිරීම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අනෙකුත් ගැටළු

(ii)    ගරු රවී කරුණානායක මහතා
ගොවීන්ගේ විරෝධතාව සහ වී වගාවේ අනෙකුත් ගැටළු


අමාත්‍යාංශ නිවේදන

(i)    උතුරු හා නැගෙනහිර දෙමළ ජනතාවගෙන් අත්පත් කරගත් රන් ආභරණ නැවත බාරදීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් 2026.01.23 දින ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට ආරක්ෂක අමාත්‍යතුමා වෙනුවෙන් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, ගරු මේජර් ‍ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා පිළිතුරු ලබා දුන්නේ ය. 

(ii)    රජය විසින් ප්‍රධාන ආගමික නායකයින්ට සහ පුද්ගලයින්ට නිකුත් කරන ලද නිල ගමන් බලපත්‍ර පිළිබඳ විස්තර සම්බන්ධයෙන් 2026.03.20 දින ගරු කේ. කාදර් මස්තාන් මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය, ගරු ආනන්ද විජේපාල මහතා පිළිතුරු ලබා දුන්නේ ය.



අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 5 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලද අතර, අයිතම අංක (iv) ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කරන ලදී:- 

(i)    එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත - සංශෝධන සහිතව
(ii)    විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් දෙකක් 
(iii)    ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි
(iv)    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ (අවලංගු කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“ධීවර කර්මාන්තය මුහුණ දෙන ගැටළු” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා විසින් යෝජනා කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1743 ට 2026 ජුනි මස 24 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.




සම්බන්ධිත පුවත්

2026-10-23

2026 ඔක්තෝබර් මස 23 වැනි දින සභාවේ කටයුතු

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් ලැබී ඇති බව2 : ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීමේ වැඩසටහන3 : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සහ තේරීම් කාරක සභාවේ රැස්වීම්ලිපිලේඛනාදිය පිළිගැන්වීම(i)    2025 වර්ෂය සඳහා ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ වාර්ෂික වාර්තාව(ii)   2025 වර්ෂය සඳහා ජය කන්ටේනර් ටර්මිනල්ස් ලිමිටඩ් හි වාර්ෂික වාර්තාවකාරක සභා වාර්තා පිළිගැන්වීමරජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන්, එහි සාමාජික මන්ත්‍රී ගරු නිමල් පලිහේන මහතා විසින් පිළිගන්වන ලදී.මහජන පෙත්සම් පිළිගැන්වීම(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය(ii)   ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. එම්. සමන්ත රණසිංහ මහතා - පෙත්සම් දෙකයි(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න(i)    ගරු කේ. කාදර් මස්තාන් මහතාජපානයේ පැවැත්වෙන 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙලෙන් ෆාතිමා ශෆියා මිය ඉවත් කිරීම(ii)   ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතාගුරුවරුන් බඳවා ගැනීම සහ සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය නොකිරීමගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නා ය.අමාත්‍යාංශ නිවේදන(i)    මඩවනයි හි සාම්ප්‍රදායික තණබිම් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් 2026.09.23 දින ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය, ගරු කේ. ඩී. ලාල් කාන්ත මහතා පිළිතුරු ලබා දුන්නේ ය.(ii)   උතුරු සහ නැගෙනහිර පළාත්වල පළාත් පාලන ආයතනවල පවතින මූල්‍ය හා වෙනත් ගැටලු සම්බන්ධයෙන් 2026.09.25 දින ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය, ගරු (මහාචාර්ය) ඒ. එච්. එම්. එච්. අබයරත්න මහතා පිළිතුරු ලබා දුන්නේ ය.අද දින සභාවේ ප්‍රධාන කටයුතුජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම  (අද දින න්‍යාය පත්‍රයේ අයිතම අංක 1 වශයෙන් සඳහන් වන)විවාදයට ගෙන මතු දිනකට කල් තබන ලදී.සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව“බෙන්තර, කරන්දෙණිය සහ ඇල්පිටිය නව සංචාරක කලාප ලෙස සංවර්ධනය කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත පෙරේරා මහතා විසින් යෝජනා කරන ලදී.අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1759 ට 2026 නොවැම්බර් මස 03 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.


2026-10-22

2026 ඔක්තෝබර් මස 22 වැනි දින සභාවේ කටයුතු

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව2 : අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීමේ වැඩසටහනලිපිලේඛනාදිය පිළිගැන්වීම(i)    2024 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් අභිවර්ධන ආයතනයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්.(ii)    2024 වර්ෂය සඳහා ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ වාර්ෂික වාර්තාව.(iii)    2024 වර්ෂය සඳහා රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව.කාරක සභා වාර්තා පිළිගැන්වීමරාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් සාමාජික මන්ත්‍රී ගරු නීතිඥ තුෂාරි ජයසිංහ මහත්මිය විසින් පිළිගන්වන ලදී.පෙත්සම් පිළිගැන්වීම(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. බී. සරත් මහතා   (ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දිනිඳු සමන් හෙන්නායක මහතා - පෙත්සම් තුනයි          (iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඥානමුත්තු ශ්‍රීනේසන් මහතා                    (iv)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් කිත්සිරි මහතා                    (v)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද ලලිත් කුමාර මහතා                 (පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න(i)    ගරු සජිත් ප්‍රේමදාස මහතා2026 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම සහ භෞතික හා මූල්‍ය ප්‍රගතිය (ii)    ගරු රවී කරුණානායක මහතාඇමරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර ගැටුම හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇති වන ආර්ථික හා මූල්‍ය බලපෑම අමාත්‍යාංශ නිවේදන(i)    රටේ නිල සංචිතවල ගැටළු සම්බන්ධයෙන් 2026.08.18 දින ගරු රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වෙනුවෙන්, කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය, ගරු (ආචාර්ය) අනිල් ජයන්ත මහතා පිළිතුරු ලබා දුන්නේ ය.(ii)    ‘රට තුළ වර්ධනය වන එල් නිනෝ දේශගුණික තත්ත්වය අවම කිරීම සඳහා ගෙන ඇති පියවර’ සහ ‘දිත්වාහ් හි පසු ආපදා කළමනාකරණය සහ රට තුළ පවතින එල් නිනෝ තත්ත්වය’ සම්බන්ධයෙන් පිළිවෙළින් 2026.09.10 සහ 2026.09.23 යන දිනයන්හි දී ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නවලට ආරක්ෂක අමාත්‍යවරයා වෙනුවෙන් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, ගරු මේජර් ‍ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා පිළිතුරු ලබා දුන්නේ ය.අද දින සභාවේ ප්‍රධාන කටයුතුපහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ අයිතම අංක 1 සිට 11 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී: - (i)    විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) පනත් කෙටුම්පත (එල්.ඩී. - ඕ. 8/2026) – සංශෝධන සහිතව(ii)    විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) පනත් කෙටුම්පත (එල්.ඩී. - ඕ. 11/2026) – සංශෝධන සහිතව(iii)    ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනයේ වාර්ෂික වාර්තාව (2022)(iv)    ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍යය ආයතනයේ වාර්ෂික වාර්තාව (2022)(v)    ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව (2015)(vi)    ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව (2016)(vii)    ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව (2017)(viii)    ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව (2018)(ix)    රණවිරු සේවා අධිකාරියේ වාර්ෂික වාර්තාව (2023)(x)    ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව (2022)(xi)    ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව (2023)සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව“තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරියට රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීමක් ලබා දීමේදී රජය අතින් සිදුවූ අඩුපාඩු” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා විසින් යෝජනා කරන ලදී. අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1758 ට 2026 ඔක්තෝබර් මස 23 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.


2026-10-21

2026 ඔක්තෝබර් මස 21 වැනි දින සභාවේ කටයුතු

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : “ශ්‍රී ලංකා ක්‍රිකට්” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව2 : “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව3 : “ආගමන” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් ලැබී ඇති බව4 : නව සමූහ රක්ෂණය සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීමේ වැඩසටහනලිපිලේඛනාදිය පිළිගැන්වීම(i)    2025 වර්ෂය සඳහා රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ කාර්ය සාධන වාර්තාව.(ii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ එවකට තාක්ෂණ අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (iii)    2025 වර්ෂය සඳහා දකුණු පළාත් සභාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.(iv)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ බස්නාහිර පළාත් සභාව සහ ඒ යටතේ පවතින ආයතන සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව.කාරක සභා වාර්තා පිළිගැන්වීම(i)    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් සාමාජික මන්ත්‍රී ගරු රවී කරුණානායක මහතා විසින් පිළිගන්වන ලදී.(ii)    පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා විසින් පිළිගන්වන ලදී.පෙත්සම් පිළිගැන්වීම(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.වී. සමන්ත විද්‍යාරත්න මහතා        (ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මාදුගොඩ මහතා                 (පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න(i)    ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතානීතිවිරෝධී මත්පැන් භාවිතය සහ නව මත්පැන් බලපත්‍ර සම්බන්ධ ගැටලු ගරු ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය. (ii)    ගරු (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා මහතාතිලීපන් අනුස්මරණ දිනය සම්බන්ධ ගැටලුගරු මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය. අමාත්‍යාංශ නිවේදන‘මඩකලපුවේ සතුරුකොන්ඩන් ඝාතනය සහ අතුරුදහන් වීම පිළිබඳ විමර්ශනයේ විස්තර’ සම්බන්ධයෙන් සහ ‘වාර්ගික සහජීවනය සහ ජාතික ආරක්ෂාව සුරැකීමේ පියවර’ සම්බන්ධයෙන් පිළිවෙළින් 2026.08.07 දින ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා විසින් සහ 2026.10.09 දින ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නවලට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය, ගරු ආනන්ද විජේපාල මහතා පිළිතුරු ලබා දුන්නේ ය.පනත් කෙටුම්පත් පිළිගැන්වීම(87 වන අධිකාරය වූ) භාර ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ“භාර (සංශෝධන)”නමැති පනත් කෙටුම්පත ගරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් පිළිගන්වන ලදී.අද දින සභාවේ ප්‍රධාන කටයුතුපහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ අයිතම අංක 1 සිට 12 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී: - (i)    රාජ්‍ය ණය කළමනාකරණ පනත යටතේ යෝජනාව (ii)    පරිපූරක මුදල — ශීර්ෂය 243 —  වැඩසටහන 02 (iii)    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව (2021)   (iv)    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව (2022)   (v)    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව (2023)   (vi)    බී සී සී ලංකා ලිමිටඩ් සමාගමේ වාර්ෂික වාර්තාව (2021/2022)(vii)    බී සී සී ලංකා ලිමිටඩ් සමාගමේ වාර්ෂික වාර්තාව (2022/2023)(viii)    ජාතික ලුණු සමාගමේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් (2021/2022)(ix)    ජාතික ලුණු සමාගමේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් (2022/2023)(x)    ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ වාර්ෂික වාර්තාව (2022)(xi)    ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ වාර්ෂික වාර්තාව (2023)(xii)    මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනයේ වාර්ෂික වාර්තාව (2023)සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. එස්. උදුමාලෙබ්බේ මහතා(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී. ඩී. සූරියබණ්ඩාර මහතා අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1732 ට 2026 ඔක්තෝබර් මස 22 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.


2026-10-20

2026 ඔක්තෝබර් මස 20 වැනි දින සභාවේ කටයුතු

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම2 : “ශ්‍රී ලංකා ක්‍රිකට්” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව3 : “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව4 : දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම (2025-2029) යටතේ පාර්ලිමේන්තුව වෙත පැවරී ඇති කරුණු ක්‍රියාවේ යෙදවීමට මූලිකත්වය ගැනීමට සහ අධීක්ෂණය කිරීම සඳහා සාමාජිකයින් 13 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කිරීම5 : ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු පිරවීමේ ප්‍රමාදයන් සම්බන්ධයෙන් විපක්ෂය විසින් ඉල්ලා සිටි පාර්ලිමේන්තු විවාදය6 : පාර්ලිමේන්තු ප්‍රකාශන ඩිජිටල් ආකාරයෙන් ලබා ගැනීමකථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම(i)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─•    2022 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ XLIX (49) කොටස;•    2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ L (50) හා  LI (51) කොටස්; සහ•    2025 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ VIII (8), IX (9), X (10), XI (11) හා XII (12) කොටස්, තෙවැනි කාණ්ඩයේ VIII (8) IX (9), X (10) හා XI (11) කොටස් සහ නවවැනි කාණ්ඩයේ IV (4), V (5) හා VI (6) කොටස්(ii)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව, 2025 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ VI (6) කොටස, සිව්වැනි කාණ්ඩයේ IV (4) හා V (5) කොටස් සහ පස්වැනි කාණ්ඩයේ V (5) කොටස.ලිපිලේඛනාදිය පිළිගැන්වීම(i)    2024 වර්ෂය සඳහා රණවිරු සේවා අධිකාරියේ වාර්ෂික වාර්තාව.(ii)    2025 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ් හි වාර්ෂික වාර්තාව.(iii)    2025 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලයිෆ් ලිමිටඩ් හි වාර්ෂික වාර්තාව.(iv)    2025 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් හි වාර්ෂික වාර්තාව.(v)    2026 අංක 06 දරන පරිපූරක ඇස්තමේන්තුව.(vi)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (vii)    1974 අංක 35 දරන සහ 1988 අංක 83 දරන රේගු (සංශෝධන) පනත්වලින් සංශෝධිත (235 වැනි අධිකාරය වූ) රේගු ආඥා පනතේ 19(අ) වගන්තිය යටතේ රේගු ආනයන තීරු බදු සම්බන්ධයෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2026 අගෝස්තු 18 දිනැති අංක 2502/21 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය. (viii)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ සහ 70ඇ වගන්ති සමඟ කියවිය යුතු 27(1)(ආ) වගන්තිය  යටතේ එස්. එල්. ටී. කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය, ශ්‍රී ලංකා ටෙක්නොලොජි කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය ලෙස නාමය වෙනස් කිරීම සම්බන්ධයෙන් එවකට අධ්‍යාපන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2024 මැයි 16 දිනැති අංක 2384/27 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය. (ix)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය යටතේ ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනය විසින් ප්‍රදානය කරන රෙදිපිළි හා ඇඟලුම් අධ්‍යයනය පිළිබඳ විද්‍යාවේදී උපාධිය සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය විසින් සාදන ලදුව, 2025 ජූලි 22 දිනැති අංක 2446/36 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය. (x)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය සමඟ කියවිය යුතු 27(1)(ආ) වගන්තිය යටතේ   ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් ඉන්ෆොමේෂන් ටෙක්නොලොජි (ගැරන්ටි) ලිමිටඩ් විසින් ප්‍රදානය කරන ගෞරව උපාධි සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය විසින් සාදන ලදුව, 2025 අගෝස්තු 21 දිනැති අංක 2450/40 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය. (xi)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය සමඟ කියවිය යුතු 27(1)(ආ) වගන්තිය යටතේ කේ.අයි.යූ. කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදානය කරන කටුචිකිත්සක විද්‍යාව පිළිබඳවෛද්‍ය විද්‍යා ගෞරව උපාධි පාඨමාලාව සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය විසින් සාදන ලදුව, 2025 සැප්තැම්බර් 17 දිනැති අංක 2454/39 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය. (xii)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය යටතේ ද ඇමරිකන් කොලේජ් ඔෆ් හයර් එඩියුකේෂන් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදානය කරන මනෝවිද්‍යාව පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය විසින් සාදන ලදුව, 2025 සැප්තැම්බර් 22 දිනැති අංක 2455/06 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය. (xiii)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ සහ 70ඇ වගන්ති සමඟ කියවිය යුතු 27(1)(ආ) වගන්තිය යටතේ සීමාසහිත ඊසොෆ්ට් මෙට්රො කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් සමාගම, ඊසොෆ්ට් යුනි (ප්‍රයිවට්) ලිමිටඩ් ලෙස නාමය වෙනස් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය විසින් පනවන ලදුව, 2025 ඔක්තෝබර් 13 දිනැති අංක 2458/13 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය. (xiv)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය සමඟ කියවිය යුතු 27(1)(ආ) වගන්තිය යටතේ ශ්‍රී ලංකා ටෙක්නොලොජි කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදානය කරන ව්‍යාපාර විශ්ලේෂණය පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය විසින් සාදන ලදුව, 2025 දෙසැම්බර් 23 දිනැති අංක 2468/08 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය. (xv)    2024 වර්ෂය සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව.(xvi)    2024 වර්ෂය සඳහා සීමාසහිත ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ වාර්ෂික වාර්තාව.(xvii)    2024 වර්ෂය සඳහා ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව.(xviii)    2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා කජු සංස්ථාවේ වාර්ෂික වාර්තාව.(xix)    2025 වර්ෂය සඳහා රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව(xx)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ මධ්‍යම පළාත් සභාව යටතේ පවතින පළාත් පාලන ආයතන සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (xxi)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ බස්නාහිර පළාත් සභාව යටතේ පවතින පළාත් පාලන ආයතන සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (xxii)    2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ වාර්ෂික වාර්තාව.(xxiii)    2025 වර්ෂය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.(xxiv)    2025 වර්ෂය සඳහා මහා භාරකාර දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.කාරක සභා වාර්තා පිළිගැන්වීම(i)    පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා විසින් පිළිගන්වන ලදී.(ii)    යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා විසින් පිළිගන්වන ලදී.(iii)    රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් සාමාජික මන්ත්‍රී ගරු ධර්මප්‍රිය විජේසිංහ මහතා විසින් පිළිගන්වන ලදී.පෙත්සම් පිළිගැන්වීම(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ගුණසේන මහතා   (ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක මහතා           (පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න(i)    ගරු සජිත් ප්‍රේමදාස මහතාකාවන්තිස්ස ඇතාගේ මරණයගරු පරිසර අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය. (ii)    ගරු රවී කරුණානායක මහතා2026 ඔක්තෝබර් 17 වන දින දිවයින පුරා විදුලිය විසන්ධි වීමගරු බලශක්ති අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.අමාත්‍යාංශ නිවේදන(i)    2026 ඔක්තෝබර් 17 වන දින දිවයින පුරා විදුලිය විසන්ධි වීම සම්බන්ධයෙන් වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ බලශක්ති අමාත්‍ය, ගරු අනුර කරුණාතිලක මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.(ii)    කාවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධයෙන් පරිසර අමාත්‍ය, ගරු (වෛද්‍ය) දම්මික පටබැඳි මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.පනත් කෙටුම්පත් පිළිගැන්වීමගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් පහත සඳහන් පනත් කෙටුම්පත් පිළිගන්වන ලදී - (i)    විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් වැළැක්වීමේ - විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් විසින් එල්ල කරන තර්ජන වැළැක්වීමට සහ මැඩපැවැත්වීමට අදාළව වර්ෂ 2014 සැප්තැම්බර් මස 24 වන දින සම්මත කරගන්නා ලද 2178 දරන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක සභා යෝජනා සම්මතය බලාත්මක කිරීම සඳහා සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස වූ(ii)    සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ - ජාතික සීමා ඉක්ම වූ සංවිධානාත්මක අපරාධවලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය බලාත්මක කිරීම සඳහා ද; ඵලදායී ජාතික සහ අන්තර්ජාතික සහයෝගීතාව මගින් බරපතළ අපරාධ වැළැක්වීම, විමර්ශනය කිරීම සහ නඩු පැවරීම සඳහා ද; සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වලින් ඉදිරිපත් වන තර්ජනවලින් සමාජය ආරක්ෂා කිරීම සඳහා ද සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනාවට සභාව එකඟ විය - කොළඹ වරායේ සිට බහාලුම් 323ක් අනිවාර්‌ය භෞතික පරීක්ෂණයට භාජනය කිරීමකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමටත් ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවකොළඹ වරායේ සිට බහාලුම් 323 ක් අනිවාර්‌ය භෞතික පරීක්ෂණයට භාජනය කිරීමකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමටත් ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් නිරීක්ෂණය කරනු ලැබූ කරුණු, 2025 නොවැම්බර් 19 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව මඟින් නියම කර ඇති පරිදි පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට තවදුරටත් කාලය අවශ්‍ය වන බැවින්, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 102 ප්‍රකාරව එකී කාරක සභාවට ලබා දී ඇති කාලසීමාව,  2026 දෙසැම්බර් 21 දින දක්වා දීර්ඝ කළ යුතු ය.කල් තැබීමේ යෝජනාව“රටේ වර්තමාන තත්ත්වය” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා විසින් යෝජනා කරන ලදී. අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1740 ට 2026 ඔක්තෝබර් මස 21 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks