පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2026-02-17
• පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකයත් හිමිවෙයි
පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත අද (පෙබ. 17) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 152 කින් සම්මත විය.
අද පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා පැවැත්වූ මෙම පනත් කෙටුම්පතට අදාළ දෙවැනිවර කියවීමේ විවාදයෙන් අනතුරුව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා විසින් ඡන්ද විමසීමක් ඉල්ලා සිටියේය. ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 154 ක් ද විපක්ෂව ඡන්ද 2 ක් ද හිමිවිය.
අනතුරුව පැවති කාරක සභා අවස්ථාවේදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවි කරුණානායක සහ චාමර සම්පත් දසනායක යන මහත්වරු විසින් පනත් කෙටුම්පතේ 3වන වගන්තිය සඳහා සංශෝධන ඉදිරිපත් කළහ. ඒවා නොපිළිගන්නා බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා විසින් දැනුම් දුන් අතර එහිදී චාමර සම්පත් දසනායක මහතා විසින් සිය සශෝධනයට අදාළව ඡන්ද විමසීමක් ඉල්ලා සිටියේය. ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී පනත් කෙටුම්පතේ 3 වන වගන්තිය සංශෝධනයකින් තොරව සම්මත කිරීම සඳහා ඡන්ද 152 ක්ද ද යෝජිත සංශෝධනය කිරීම සඳහා පක්ෂව 4ක් ද හිමිවිය.
එසේම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා විසින් පනත් කෙටුම්පතේ 4 වැනි වගන්තිය සඳහා ද සංශෝධනයක් ඉදිරිපත් කරන ලද අතර එය නොපිළිගන්නා බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා විසින් දැනුම් දෙන ලදී. ඉන්පසු පනත්කෙටුම්පත තෙවැනිවර කියවීමෙන් අනතුරුව සංශෝධන රහිතව සම්මත කෙරිණි.
මෙම පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා විසින් 2026 ජනවාරි මස 07 වන දින පළමුවනවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
තවද මෙම පනත් කෙටුම්පතට ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ සහතිකය ද අද හිමිවිය. ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2026 අංක 5 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත ලෙස බලාත්මක වනු ඇත.
ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම මෙම පනත මගින් සිදුවේ. ඒ අනුව පනතේ 3 වගන්තිය ප්‍රකාරව, මෙම පනත ක්‍රියාත්මකවීම ආරම්භවන දිනට පෙරාතුව විශ්‍රාම වැටුපක් ලැබීමට හිමිකම් ඇති සහ විශ්‍රාම වැටුප් ලබන යම් තැනැත්තෙකුට මෙම පනත ක්‍රියාත්මකවීම ආරම්භ වන දින සහ එම දිනයට පසුව එම විශ්‍රාම වැටුප් ලැබීම නතරවීම සිදුවේ.
2026-11-27
2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදයේ 05 වන දිනය වන අද දින (නොවැ. 27) ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ වැය ශිර්ෂ (124, 216, 331) සහ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ වැය ශීර්ෂ (151, 290) විවාදයට ගැනුණු අතර, එහිදී ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ 151 වැය ශිර්ෂය සංශෝධන සහිතවද අනෙකුත් වැය ශිර්ෂ සංශෝධන රහිතවද පාර්ලිමේන්තුවේ දී ඡන්ද විමසීමකින් තොරව සම්මත කෙරිණි.
2026-11-27
රුපියල් මිලියන 26,151.89 ක් කොළඹ නගරයේ කසළ, පුත්තලම අරුවක්කාලු ප්‍රදේශය වෙත ප්‍රවාහනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා මෙතෙක් වැය කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ගරු අමාත්‍ය මහාචාර්ය ඒ. එච්. එම්. එච්. අබයරත්න මහතා පැවසීය. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ මේ වන විට මෙම ව්‍යාපෘතියේ සියලු ඉදි කිරීම් මෙහෙයුම් සහ පර්යේෂණ කටයුතු සම්පූර්ණයෙන් අවසන් කර ව්‍යාපෘතියට අදාළ වත්කම් සහ ලේඛණ සේවායෝජකයා වෙත භාර ගැනීමේ කටයුතු සිදු කරමින් පවතින බවත් හෙතෙම කීවේය.පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. මෙම ව්‍යාපෘතියේ ව්‍යාපෘති කාල සීමාව දීර්ඝ කර ගැනීමත්, ව්‍යාපෘතියේ මෙහෙයුම් කටයුතු සිදු කළ යුතු ආකාරය පිළිබඳවත්, චයිනා හාබර් ඉංජිනියරින් කම්පැනි ලිමිටඩ් සමඟ සාකච්ඡා කර තීරණය කිරීමටත්, ඒ සඳහා කමිටුවක් පත් කිරීමටත් ලද අමාත්‍ය මණ්ඩල අනුමැතිය පරිදි ව්‍යාපෘතියේ ඉදිරි මෙහෙයුම් කටයුතු සිදු කිරීමට නියමිතව ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් දිනකට බැහැර කෙරෙන මෙට්‍රික් ටොන් 480 කසළ ප්‍රමාණය කෙරවලපිටිය පිහිටි (වෙස්ටර්න් පවර්) අපද්‍රව්‍යවලින් විදුලිය උත්පාදනය කරන බලාගාරයට බැහැර කෙරෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
2026-11-27
ගව හා මී ගව ගහනය අඩුවීමෙන් දේශීය දියර කිරි නිෂ්පාදනයට ඇති විය හැකි බලපෑම අවම කිරීම සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ගනු ලබන ක්‍රියාමාර්ග මඟින් සතුන්ගේ ඵලදායිතාව සහ ගොවිපල ඵලදායිතාව ඉහළ නැංවෙන බව කෘෂිකර්ම සහ පශු සම්පත් ගරු නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය. ඒ අනුව, ජාතික කිරි නිෂ්පාදන වැඩසටහන (Dairy Hub) ක්‍රියාත්මක කිරීම මඟින් ගොවිපල ඵලදායිතාව ඉහළ නැංවීම, උසස් ආරයේ සතුන් බිහි කිරීම සඳහා කෘත්‍රිම සිංචන සේවා සහ අභිජනන කළමනාකරණය වැඩිදියුණු කිරීම, සතුන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම සඳහා තණ හා ආහාර නිෂ්පාදනය සහ සංරක්ෂණය ප්‍රවර්ධනය කිරීම, සත්ව රෝග පාලනය වැළැක්වීම සහ පශු වෛද්‍ය සේවා ශක්තිමත් කිරීම, ගොවිපල කළමනාකරණය, සත්ව සුභසාධනය සහ කිරි නිෂ්පාදන කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම, ගොවීන් සඳහා පුහුණුව, තාක්ෂණික උපදෙස් සහ ව්‍යාප්ති සේවා ලබා දීම ආදී ක්‍රියාමාර්ග ගෙන තිබෙයි. මෙම ක්‍රියාමාර්ග මඟින් එක් සතෙකුගෙන් ලබා ගන්නා කිරි ප්‍රමාණය සහ සමස්ත ගොවිපල ඵලදායිතාව ඉහළ නැංවීමෙන් දේශීය දියර කිරි නිෂ්පාදනය වර්ධනය කිරීම අපේක්ෂා කෙරෙන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පාර්ලිමේන්තුවේ දී පිළිතුරු ලබා දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.එළ ගව හා මී ගව ගහනය අඩු වීම, දියර කිරි නිෂ්පාදනයට බලපෑ හැකි නිසා සතුන්ගේ ඵලදායිතාව සහ ගොවිපල ඵලදායිතාව ඉහළ නැංවීම මඟින් එම බලපෑම අවම කළ හැකි බව පැවසු නියෝජ්‍ය අමාත්‍යවරයා, 2015 වර්ෂයට සාපේක්ෂව සැලකූ විට 2025 වර්ෂයේදී එළ ගව හා මී ගව ගහනය අඩු වී නොමැති නමුත්, 2021 වර්ෂයෙන් පසු එළ ගව හා මී ගව ගහනයේ අඩුවීමක් දක්නට ලැබෙන බව ද කිවේය.2015 දී 1,227,379 ක් වූ එළ ගවයන් සංඛ්‍යාව, 2025 දී 1,525,717 ක් දක්වා වැඩි වූ බවත්, 2015 දී 381,431ක් වූ මී ගවයන් සංඛ්‍යාව 2025 දී 448,606 ක් දක්වා වැඩි වූ බවත් පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන අනුව, 2021 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා ගව හා මී ගව ගහනය අඩුවීමක් දක්නට ලැබුණ ද, එම කාලය තුළ සමස්ත දියර කිරි නිෂ්පාදනයේ අඛණ්ඩ අඩුවීමක් වාර්තා වී නොමැති බව පෙන්වා දුන්නේය. 2023 වර්ෂයේ ලීටර් මිලියන 371.73 ක් වූ සමස්ත දියර කිරි නිෂ්පාදනය 2025 වර්ෂයේදී ලීටර් මිලියන 410.16 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
2026-11-27
ශ්‍රී ලංකාවේ වෛද්‍ය පුනරුත්ථාපන රෝහල් 03 ක් සහ ඒ සම්බන්ධ ඒකක 05 ක් තිබෙන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ගරු අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. රාගම, දිගන (මහනුවර), සහ අම්පාරෙහි පුනරුත්ථාපන රෝහල් පිහිටා ඇති බවත්, ජයන්තිපුර (පොළොන්නරුව), වාරියපොල (කුරුණෑගල), කැන්දගොල්ල (බදුල්ල), මාන්කුලම් සහ මැලිබන් (ජාතික රෝහල ගාල්ල) ස්ථානවල පුනරුත්ථාපන ඒකක ක්‍රියාත්මක වන බවත් හෙතෙම කීවේය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය පත්මනාදන් සත්‍යලිංගම් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා ලබා දුන් පිළිතුරෙන් ඉහත කරුණු අනාවරණය විය. රුපියල් මිලියන 182 ක් සායන උපකරණ නිපදවීම සඳහා 2026 දී රාගම පුනරුත්ථාපන රෝහලටත්, රෝහල් පරිපාලනය යටතේ පවතින අනෙකුත් ඒකක සඳහා රෝහලට වෙන්වන ප්‍රතිපාදන තුළ එම ඒකකවල අවශ්‍යතාවන්ට ද ප්‍රතිපාදන වෙන් කෙරෙන බවත් අමාත්‍යවරයා පැවසුවේය.පුනරුත්ථාපන රෝහල්වල උපරිම සේවාවක් සැපයීම සඳහා මේ වනවිට සේවයේ නියුතු කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නොවන නිසා වෘත්තීය චිකිත්සක, භෞත චිකිත්සක, වාග් චිකිත්සක හා අංගාදේශක හා ඍජුකරණඥ සේවා කාණ්ඩවලට බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරගෙන යන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.රාගම පුනරුත්ථාපන රෝහල, දිගන පුනරුත්ථාපන රෝහල, කොළඹ ජාතික රෝහල, මඩකලපුව ශික්ෂණ රෝහල, යාපනය ශික්ෂණ රෝහල යන රෝහල්වල කෘතීම අවයව නිපදවන අංශ පිහිටා ඇති බවත්, 2025 – 2027 මධ්‍යකාලීන අයවැය රාමුව මඟින් රාගම පුනරුත්ථාපන රෝහල සහ කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකය සඳහා රුපියල් මිලියන 500 ක් වෙන් කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks