පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2026-01-01
පුවත් කාණ්ඩ : පුවත්
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නව වසරේ රාජකාරි ඇරඹීම අද (ජන. 01) පෙරවරුවේ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදුකෙරිණි.
මෙහිදී අදහස් දක්වමින් ගරු කථානායකවරයා අවධාරණය කළේ සමස්ත ජාතියේ නැවුම් පරිවර්තනයක් ජනතාව අපේක්ෂා කරන බැවින් දසවැනි පාර්ලිමේන්තුවට සුවිශාල වගකීමක් පැවරී ඇති බවයි. ඒ අනුව පාරදෘශ්‍ය බවකින් සහ වගවීමෙන් කටයුතු කිරීමේ විශාල වගකීමක් සමස්ත පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට පැවරී ඇති බව කථානායකවරයා අවධාරණය කළේය. එමෙන්ම ගතවූ කාලය තුළ එහි සාධනීය ලක්ෂණ රැසක් දක්නට ලැබුණු බවත් ඒ මහතා සඳහන් කළේය.
සමාජ සංවර්ධනය සිදුවීමේදී සාධාරණත්වය සහ සමානාත්මතාව පාර්ලිමේන්තුවේ සියලු කාර්ය මණ්ඩලයට ද ලබා දෙන බවත් ගරු කථානායකවරයා පැවසීය. ඒ අනුව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ඇතුළු සමස්ත වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් උපරිම වශයෙන් ආරක්ෂා කරන බවත් ඒ වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටින බවත් කථානායකවරයා මෙහිදී අවධාරණය කළේය.
පාර්ලිමේන්තු පරිපාලනය ශක්තිමත් කරමින් තවදුරටත් විශිෂ්ට සේවාවක් සපයන කාර්ය මණ්ඩලයක් බවට පත් වීමට නව වසරේදී ශක්තිය ධෛර්ය පතන බව ද නව වසරට සුබ පැතුම් එක් කරමින් ගරු කථානායකවරයා ප්‍රකාශ කළේය.
මෙහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවේ රටක් වශයෙන් සංවර්ධන ඉලක්ක හඹා යෑමේදී ව්‍යවස්ථාදායකය ලෙස පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට පැවරෙන වගකීම සුළුපටු නොවන බවයි. රටේ ව්‍යවස්ථාදායක ක්‍රියාවලියට දායක විමට සහ පාර්ලිමේන්තුව නැරඹීමට පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත පිරිසකට අවශ්‍ය පහසුකම් සැපයීම ඇතුළු අනෙකුත් සියලු කටයුතු මෙලෙසින් පවත්වා ගැනීමට කැපවන පාර්ලිමේන්තුවේ සියලු කාර්ය මණ්ඩලයට ස්තුතිය පුද කරන බව නව වසරට සුබ පැතුම් එක් කරමින් ඇය පැවසුවාය. එසේම පාර්ලිමේන්තු පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවලට ද අනෙකුත් අනුබද්ධ කාර්ය මණ්ඩලවල කැපවීමට ද මහලේකම්වරිය සිය ස්තූතිය මෙහිදී පළ කළාය.
එසේම මෙහිදී සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයන් රාජ්‍ය සේවා ප්‍රතිඥාව / දිවුරුම හඩනගා කියවීම සිදු කෙරිණි.
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි, නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න, සහකාර මහලේකම් හංස අබේරත්න යන මහත්ම මහත්මීහු ද , දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු පාර්ලිමේන්තු සහ අනුබද්ධ කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
2025-12-31
උදා වූ 2026 නව වසර අලුත් හැගුම් සමඟ සුබවාදීව සහ අධිෂ්ඨානශීලීව අප පිළිගනු ලබන්නේ රටක් ලෙස නව බලාපොරොත්තු සහිතව යළි නැගීසිටිමින් සිටින මොහොතකයි. ගෙවී ගිය වසර අප රටේ තීරණාත්මක වසරක් බවට පත් වූයේ රටේ ඉදිරි යහපත වෙනුවෙන් නව මං රැසක් වෙත පියවර තබන්නට හැකි වූ නිසාය. එමෙන්ම 2025 වසර අගභාගයේ අප මුහුණ දුන් ඒ දැවැන්ත ස්වාභාවික ආපදාවේ කම්පනයන් තවමත් ජන සමාජය තුළින් පහව ගොස් නැත. ඒ ආපදා අවස්ථාවේදී රටක් ලෙසත් සමාජයක් ලෙසත් පීඩාවට පත් අපගේම ආදරණීයයන් වෙනුවෙන් සියලු ජනතාව දැක් වූ සහයෝගය වගේ ම නැවත ජන ජීවිතය නගා සිටුවීම උදෙසා රාජ්‍ය නිලධාරීන් සිදුකළ දැවැන්ත කැප කිරීම සමාජයක් ලෙස අප එකතු කරගත් මිනිසත්කම ප්‍රකට කෙරෙන්නා වූ අවස්ථාවකි. මෙවැනි සිදුවීම් සොබාහදම විසින් අපගේ මනුදම් පරික්ෂා කෙරෙන හොරාවන් බව මම විශ්වාස කරමි. නව වසර උදාවෙන මේ මොහොතේ ඒ සියළු කැපකිරීම් සිදුකළ ඔබ සැම වෙනුවෙන් ගෞරව පූර්වක ස්තූතිය පුදකර සිටිමි. ඒ වගේම රටේ ව්‍යවස්ථාදායකය ලෙස, මේ නව ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු දේශපාලන සංස්කෘතිය ස්ථාපිත කරළීමට අවශ්‍ය පියවර ගණනාවක් ගෙවී ගිය වසරේ දී ශ්‍රී ලංකාවේ දසවන පාර්ලිමේන්තුව වශයෙන් අපට සපුරා ගැනීමට හැකි වූ බව ද නිහතමානී ආඩම්බරයකින් යුතුව ඔබ හමුවේ ප්‍රකාශ කරන්නට කැමැත්තෙමි.මේ සියල්ල කෙටි කාලයක් තුළ අප, සමාජයක් ලෙස ලැබූ ජයග්‍රහණයි. ඉදිරියේ දී ද සහකම්පනයෙන් යුතු නව සංස්කෘතික මිනිසෙක් මෙන්ම නව යහපත් සමාජයක් බිහි කරලීම වෙනුවෙන් අවශ්‍ය සෑම පියවරක්ම ගනිමින් අපි එකාවන්ව ඉදිරියට යා යුතුව ඇත. ඒ වෙනුවෙන් ඔබ අප වෙත තබා ඇති විශ්වාසයේ බර අප හොදින් හදුනාගෙන සිටින බවත් ඉදිරියටත් ඒ විශ්වාසය එලෙසම රැකගනිමින් ඇප කැප වෙමින් කටයුතු කරන බවත් මේ නව වසර එළඹෙන මොහොතේ ඔබ හමුවේ ප්‍රකාශ කර සිටිමි. උදා වූ 2026 නව වසර සියලු බාධක අභියෝග දුරැර, සියලු දෙනා එක්ව ශක්තිමත්ව මේ රට ගොඩනැගීමට, සහෝදරත්වයෙන් එක්වන ලෙස ඔබ සැමට ආරාධනා කරමි.ලැබුවා වූ නව වසර ඔබ සැමට නිදුක් නිරෝගී සාර්ථක වසරක් වේවායි ප්‍රාර්ථනා කරමි...!!!වෛද්‍ය ජගත් වික්‍රමරත්නකථානායකශ්‍රී ලංකා පාර්ලිමේන්තුව
2025-12-31
පාර්ලිමේන්තුව ජනවාරි 6 සිට 9 දක්වා රැස්වෙයි 2026 ජනවාරි මාසයේ පළමු පාර්ලිමේන්තු රැස්වීම් සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු අද (දෙසැ. 31) ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය විය.මේ අනුව පාර්ලිමේන්තුව ජනවාරි 6 සිට 9 දක්වා රැස්වීමට නියමිතය.2026 ජනවාරි 6 වැනි අඟහරුවාදා පෙ. ව 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 3.30 දක්වා ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ අංක 2371/35 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග සහ ධීවර විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ පනත යටතේ අංක 2428/13 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග විවාදයට ගැනීමට නියමිතය. ඉන්පසු ප.ව. 3.30 සිට ප.ව. 5.30 දක්වා මහජන ආරක්ෂක ආඥා පනත යටතේ 2025.12.28 දිනැති අංක 2468/45 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද ප්‍රකාශනයට අදාළ යෝජනා සම්මතය විවාදයට ගැනීමට තීරණය වී තිබේ. කෙසේ වුවද මෙම යෝජනා සම්මතය විවාදයට ගැනීමට වෙන්කළ කාලය ප්‍රමාණවත් නොවන බවට විපක්ෂ මන්ත්‍රීවරු මෙහිදී කාරක සභාවට දැනුම් දී ඇත. තවද, මෙදින ප.ව. 5.30ට න්‍යාය පුස්තක අංක 3හි දින නියමයක් නොමැතිව සඳහන් කර ඇති පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතු ද යන්න සොයාබලා යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමට වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ස්ථාපිත කිරීමට අදාළ යෝජනා සම්මතය ද අනුමතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.2026 ජනවාරි 7 වැනි බදාදා පෙ.ව. 9.30 පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 – 10.30 කාලය අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා ද පෙ.ව. 10.30 - පෙ.ව. 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා ද වෙන් කර ඇත. ඉන්පසු පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමටත් නියමිත වී තිබේ. ඉන්පසු ප.ව. 5.00 ට අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය විවාදයකින් තොරව අනුමත කිරීමටත් මෙහිදී තීරණය වී ඇත. ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ දී අසනු ලබන ප්‍රශ්න සඳහා ද කාලය වෙන් කර තිබේ.2026 ජනවාරි 8 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව. 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 - 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා (203 අධිකාරියවූ) මෝටර් වාහන පනත යටතේ අංක 2455/29 සහ අංක 2452/40 දරන අතිවිශේෂ ගැසට් පත්‍රවල පළ කරන ලද නියෝග දෙකක් විවාදයට ගැනීමට නියමිතය. ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබේ. 2026 ජනවාරි 9 වැනි සිකුරාදා පෙ.ව. 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 3.00 දක්වා (129 අධිකාරිය වූ) සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබඳ ( සේවය හා වේතන විධිමත් කිරීම) පනත යටතේ නියෝගය විවාදයට ගැනීමට තීරණය වී ඇත. ඉන්පසු ප.ව. 3.00 සිට ප.ව. 5.00 දක්වා ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2465/07 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි විවාදයට ගැනීමටත් නියමිතව ඇත. අනතුරුව ප.ව. 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ දී අසනු ලබන ප්‍රශ්න සඳහා කාලය වෙන් කර තිබේ.
2025-12-30
2025 ජනවාරි 1 වැනිදා සිට 2025 දෙසැම්බර් 31 දක්වා දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයට අදාළව ගෙවුණු වසරක කාල සීමාව තුළ ආණ්ඩුවේ පනත් කෙටුම්පත් 26ක් පාර්ලිමේන්තුව විසින් සම්මත කොට ඇත.සම්මත කරන ලද එම පනත් පිළිබඳ විස්තර පහත පරිදි වේ. 2025පනතේ නමසම්මත කළ දිනයසහතිකය සටහන් කළ දිනයපනතේ අංකය1පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන)17.02.202517.02.202501/20252දේශීය ආදායම් (සංශෝධන)20.03.202520.03.202502/20253විසර්ජන21.03.202521.03.202503/20254එකතු කළ අගය මත බදු (සංශෝධන)09.04.202511.04.202504/20255අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ08.04.202530.04.202505/20256විදේශීය ණය (ඉවත් කිරීමේ)23.05.202523.05.202506/20257අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන)04.06.202518.06.202507/20258ජාතික ගමනාගමන කොමිෂන් සභා (සංශෝධන)05.06.202519.06.202508/20259සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන)22.07.202523.07.202509/202510සේවකයන්ගේ අයවැය සහන දීමනාව (සංශෝධන)22.07.202523.07.202510/202511සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන)22.07.202523.07.202511/202512සමාගම් (සංශෝධන)24.07.202504.08.202512/202513විනිමය පත්‍ර (සංශෝධන)07.08.202515.08.202513/202514ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන)06.08.202518.08.202514/202515සමෘද්ධි (සංශෝධන)20.08.202522.08.202515/202516රබර් පාලන (සංශෝධන)20.08.202522.08.202516/202517සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය19.08.202503.09.202517/202518ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)10.09.202510.09.202518/202519ජාතික විගණන (සංශෝධන)11.09.202522.09.202519/202520ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය23.09.202507.10.202520/202521ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති (සංශෝධන)07.10.202507.10.202521/202522පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන)21.10.202530.10.202522/202523විසර්ජන05.12.202505.12.202523/202524සමාජ ආරක්‍ෂණ දායකත්ව බදු (සංශෝධන)05.12.202517.12.202524/202525ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු (සංශෝධන)05.12.202517.12.202525/202526ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති (සංශෝධන)05.12.202517.12.202526/2025
2025-12-24
"දෙවියන් වහන්සේ අප අතර තම ප්‍රේමය පෙන්වූයේ මෙසේ ය. උන් වහන්සේ තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ අප එතුමන් තුළින් ජීවත් වන පිණිස ය".ප්‍රේමය, පරිත්‍යාගය, කරුණාව පිළිබද අර්ථයන් සංකේතවත් කරමින් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන මෙම සුභ නත්තල් සමය, ශ්‍රී ලංකාවාසී කිතුනු බැතිමතුන්ට ආශීර්වාදය පිරි සුන්දර අවස්ථාවකි.නත්තලේ සැබෑ අරුත නම් මනුෂ්‍යත්වයත් ප්‍රේමණීය පරිත්‍යාගයත් අවධාරණය කරමින් එවැනි ජීවිතයකට අවශ්‍ය අධ්‍යාත්මික මාර්ගයන් විවර කිරීමයි.නමුත් මෙවර නත්තල අප සමරන්නේ, රටක් ජාතියක් ලෙස සුවිසල් ව්‍යසනයකට මුහුණ දීමෙන් අනතුරුව ය. දිවයිනේ විවිධ ප්‍රදේශවල අපේම ආදරණීයයන් බොහෝ පිරිසක් මේ අවස්ථාව වන විටත් පීඩාවට පත් වී සිටියි. මේ ව්‍යසනය රටක් ලෙස අපව කම්පනය කළ ද ශ්‍රී ලාංකික ජාතියක් ලෙස සියලුම දෙනා එක්ව ආගම්, ජාති, පක්ෂ භේද නොතකා අනෙකා වෙනුවෙන් දැක්වූ පරිත්‍යාගය සහ මානව ප්‍රේමය ගෞරවණීය වූවකි. මෙය නත්තලේ සැබෑ අරුත කියා පෑ මානව ප්‍රේමයේ ප්‍රකාශනයක් ලෙස මම විශ්වාස කරමි.ඒ අනුව මේ නත්තල් සමය සියළු අභියෝග දුරැර, රටක් ජාතියක් ලෙස නැවත නැගී සිටීමටත්, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් ලෝකයට හෙළි කළ මනුෂ්‍යත්වයේ ප්‍රේමය සෑම අයෙකු සමඟම බෙදා ගැනීමටත්, සාමය ලඟා කර ගැනීමටත් අරමුණු කරගත් සතුට සෞභාග්‍යය සපිරි ශුභ නත්තලක් වේවා යි ඔබ සැමට ප්‍රාර්ථනා කරමි.වෛද්‍ය ජගත් වික්‍රමරත්න කථානායකශ්‍රී ලංකා පාර්ලිමේන්තුව
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks