පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2025 ජනවාරි 1 වැනිදා සිට 2025 දෙසැම්බර් 31 දක්වා දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයට අදාළව ගෙවුණු වසරක කාල සීමාව තුළ ආණ්ඩුවේ පනත් කෙටුම්පත් 26ක් පාර්ලිමේන්තුව විසින් සම්මත කොට ඇත.
සම්මත කරන ලද එම පනත් පිළිබඳ විස්තර පහත පරිදි වේ.
| 2025 | ||||
| පනතේ නම | සම්මත කළ දිනය | සහතිකය සටහන් කළ දිනය | පනතේ අංකය | |
| 1 | පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) | 17.02.2025 | 17.02.2025 | 01/2025 |
| 2 | දේශීය ආදායම් (සංශෝධන) | 20.03.2025 | 20.03.2025 | 02/2025 |
| 3 | විසර්ජන | 21.03.2025 | 21.03.2025 | 03/2025 |
| 4 | එකතු කළ අගය මත බදු (සංශෝධන) | 09.04.2025 | 11.04.2025 | 04/2025 |
| 5 | අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ | 08.04.2025 | 30.04.2025 | 05/2025 |
| 6 | විදේශීය ණය (ඉවත් කිරීමේ) | 23.05.2025 | 23.05.2025 | 06/2025 |
| 7 | අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) | 04.06.2025 | 18.06.2025 | 07/2025 |
| 8 | ජාතික ගමනාගමන කොමිෂන් සභා (සංශෝධන) | 05.06.2025 | 19.06.2025 | 08/2025 |
| 9 | සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) | 22.07.2025 | 23.07.2025 | 09/2025 |
| 10 | සේවකයන්ගේ අයවැය සහන දීමනාව (සංශෝධන) | 22.07.2025 | 23.07.2025 | 10/2025 |
| 11 | සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) | 22.07.2025 | 23.07.2025 | 11/2025 |
| 12 | සමාගම් (සංශෝධන) | 24.07.2025 | 04.08.2025 | 12/2025 |
| 13 | විනිමය පත්‍ර (සංශෝධන) | 07.08.2025 | 15.08.2025 | 13/2025 |
| 14 | ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) | 06.08.2025 | 18.08.2025 | 14/2025 |
| 15 | සමෘද්ධි (සංශෝධන) | 20.08.2025 | 22.08.2025 | 15/2025 |
| 16 | රබර් පාලන (සංශෝධන) | 20.08.2025 | 22.08.2025 | 16/2025 |
| 17 | සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය | 19.08.2025 | 03.09.2025 | 17/2025 |
| 18 | ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) | 10.09.2025 | 10.09.2025 | 18/2025 |
| 19 | ජාතික විගණන (සංශෝධන) | 11.09.2025 | 22.09.2025 | 19/2025 |
| 20 | ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය | 23.09.2025 | 07.10.2025 | 20/2025 |
| 21 | ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති (සංශෝධන) | 07.10.2025 | 07.10.2025 | 21/2025 |
| 22 | පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) | 21.10.2025 | 30.10.2025 | 22/2025 |
| 23 | විසර්ජන | 05.12.2025 | 05.12.2025 | 23/2025 |
| 24 | සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) | 05.12.2025 | 17.12.2025 | 24/2025 |
| 25 | ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු (සංශෝධන) | 05.12.2025 | 17.12.2025 | 25/2025 |
| 26 | ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති (සංශෝධන) | 05.12.2025 | 17.12.2025 | 26/2025 |
2026-10-07
2027 මුදල් වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත අද (ඔක්. 07) පළමුවර කියවීම සඳහා ගරු කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.2027 මුදල් වර්ෂය සඳහා රජයේ සේවා වියදම් (රුපියල් හාරදහස් නමසිය අනූ දෙක බිලියන හත්සිය හැත්තෑ තුන් මිලියන තුන්සිය අසූ අට දහසක්) වෙනුවෙන් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සැලසීම සහ රජයට ණය ලබා ගැනීම සඳහා බලය ලබා දීම ඇතුළු කරුණු සඳහා මෙම විසර්ජන පනත් කෙටුම්පත මඟින් විධිවිධාන සලසා තිබේ. මේ අනුව, 2027 අයවැය දෙවැනිවර කියවීම හෙවත් අයවැය කථාව සහ අයවැය යෝජනා ඉදිරිපත් කිරීම 2026 නොවැම්බර් 12 වැනිදා සිදු කිරීමට නියමිතය.ඉන් අනතුරුව, නොවැම්බර් 13 සිට නොවැම්බර් 20 දක්වා දින 07ක් දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමටත්, එහි ඡන්ද විමසීම නොවැම්බර් 20 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමටත් නියමිතය.පසුව, නොවැම්බර් 21 සිට දෙසැම්බර් 14 දක්වා දින 19ක් විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිත අතර, අයවැය තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතව තිබේ.අයවැය විවාදය පැවැත්වෙන කාලසීමාව තුළ රජයේ නිවාඩු සහ ඉරිදා දින හැර සෙනසුරාදා දින ද ඇතුළුව සෑම දිනකම පාර්ලිමේන්තුව පෙරවරු 9.30ට රැස්වීමට නියමිතය. 2027 විසර්ජන පනත් කෙටුම්පත මඟින් 2027 ජනවාරි 01 සිට දෙසැම්බර් 31 දක්වා වූ මුදල් වර්ෂය සඳහා රජයේ වියදම් දැරීම, ඒ සඳහා මූල්‍ය ප්‍රතිපාදන සැලසීම සහ අදාළ ණය ලබා ගැනීම සඳහා අවශ්‍ය නීතිමය විධිවිධාන සලසා තිබේ.
2026-10-07
කැලණිය ගුරුකුල විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී 2026.10.02 වන දින පැවැත්විණි. ඒ ගරු නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙනි. කැලණිය ගුරුකුල විද්‍යාලයීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබාදීම අරමුණු කොටගෙන එම විද්‍යාලය, ජනාධිපති ලේකම් කාර්යාලය හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි. මෙහිදී අදහස් දක්වමින් ගරු නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මිය ශිෂ්‍ය පාර්ලිමේන්තු මගින් දරුවන්ට නායකත්වය සම්බන්ධයෙන් වැදගත් අද්දැකීම් ප්‍රමාණයක් ලබාගත හැකි බවත්, ඒ ඔස්සේ එම දරුවන්ට අනාගත නායකයින් ලෙස ගොඩනැගීමට අවස්ථාව ලැබෙන බවත් පැවසුවාය. එසේම ශිෂ්‍ය අවධියේදීම නිපුණතා සහ දක්ෂතා වැඩිදියණු කරගැනීමේ වැදගත්කම පිළිබඳවද ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිවරිය අදහස් දැක්වූ අතර සාම්ප්‍රදායික රාමුවෙන් පිට සිතීමේ වැදගත්කම පෙන්වා දුන්නාය. තවද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ (පරිපාලන) චූලා හේරත් මහත්මිය විසින් පාර්ලිමේන්තුව සහ ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය සම්බන්ධයෙන් දරුවන් දැනුවත් කිරීම සිදු කරන ලදි.කැලණිය ගුරුකුල විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භ කරමින් කථානායකවරයා තෝරා පත්කර ගැනීම සිදුවීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය හා මන්ත්‍රී කණ්ඩායම දිවුරුම් දීම සිදුවිය. පසුව ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ එක් එක් අමාත්‍යවරුන් විසින් තම අමාත්‍යාංශ මගින් ක්‍රියාත්මක කිරීමට යෝජිත සැළසුම් පිළිබඳව සභාව දැනුවත් කරන ලදී.මෙහිදී ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන සිසුවියන් සඳහා සහතික පත්‍ර ලබාදීම ද ආරාධිතයින්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.වැඩසටහන අවසන් කරමින් කැලණිය ගුරුකුල විද්‍යාලයේ විදුහල්පති ආචාර්ය කුසල ප්‍රනාන්දු මහතා විසින් ස්තූති කථාව සිදු කරන ලද අතර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් දැයේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සිදු කරන මෙම වැඩසටන් මාලාව සම්බන්ධයෙන් සිය පැසසුම එක් කළේය.මෙම වැඩසටහන සඳහා ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සුභාෂ් රෝෂන්, ජනාධිපති ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ලුතිනල් කර්නල් නදීක දංගොල්ල, හා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සමන්ත මල්ලවආරච්චි යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක්ද එක්ව සිටියහ.
2026-10-06
අපනයන කෘෂිකර්මය ප්‍රවර්ධනය කිරීම (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (ඔක්. 06) සිය සහතිකය සටහන් කළේය.කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් මෙම පනත් කෙටුම්පත, 2026 අගෝස්තු 07 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර එමඟින් 1992 අංක 46 දරන පනතේ නීතිමය හා පරිපාලන විධිවිධාන යාවත්කාලීන කිරීම සහ අපනයන කෘෂිකාර්මික භෝග සම්බන්ධයෙන් පවතින නීතිමය රාමුව සංශෝධනයට ලක් කර ඇත.මෙම සංශෝධන මඟින් පරිපාලන ව්‍යුහය යාවත්කාලීන කරමින්, “අධ්‍යක්ෂ” යන තනතුරු නාමය වෙනුවට “අධ්‍යක්ෂ ජනරාල්” යන තනතුරු නාමය භාවිත කිරීමටත්, අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්ෂවරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් සහ සහකාර අධ්‍යක්ෂවරුන් යන තනතුරු නාමයන් ඇතුළත් කිරීමටත් යෝජනා කර ඇත.එසේම, “අපනයන කෘෂිකාර්මික භෝගය” යන්නෙහි අර්ථ දැක්වීම සංශෝධනය කර ඇති අතර, දේශීය පරිභෝජනයට අමතරව අපනයන විභවයක් ඇති බවට හඳුනාගත් භෝග ඊට ඇතුළත් වේ. කෙසේ වෙතත් වී, එළවළු, පලතුරු, අල වර්ග සහ ඇතැම් ආහාර භෝග ඇතුළු නිශ්චිතව සඳහන් කර ඇති භෝග මෙන්ම වැවිලි භෝග ද ඊට ඇතුළත් නොවේ.ඒ අනුව අපනයන කෘෂිකර්මය ප්‍රවර්ධනය කිරීම (සංශෝධන) පනත් කෙටුම්පත, 2026 අංක 24 දරන අපනයන කෘෂිකර්මය ප්‍රවර්ධනය කිරීම (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.
2026-10-02
පාර්ලිමේන්තුව ඔක්තෝබර් 06 සිට 09 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි.එම පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු පසුගියදා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය වී තිබේ.මේ අනුව, ඔක්තෝබර් 06 අගහරුවාදා පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර ඇත. පෙ.ව. 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා විදේශ විනිමය පනත යටතේ අංක 2493/36 සහ අංක 2493/37 දරන අති විශේෂ ගැසට් පත්‍රවල පළ කර ඇති රෙගුලාසි දෙකක්, විදේශ විනිමය පනත යටතේ අංක 2493/38 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝගයක් සහ රාජ්‍ය ණය කළමනාකරණ පනත යටතේ යෝජනා සම්මතය විවාදයට ගැනීමට තීරණය වී ඇත.ඉන්පසු, ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබේ. ඔක්තෝබර් 07 බදාදා පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර ඇත. පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 කාලය අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත. ඉන්පසු පෙ.ව. 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට තීරණය වී ඇත.ඔක්තෝබර් 08 බ්‍රහස්පතින්දා පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර ඇත. පෙ.ව. 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.ඉන්පසු, පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා දූෂණ විරෝධි (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය. අනතුරුව, ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර තිබේ.ඔක්තෝබර් 09 සිකුරාදා පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර ඇත. පෙ.ව. 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා පහත සඳහන් පෞද්ගලික මන්ත්‍රීවරයන්ගේ යෝජනා විවාදයට ගැනීමට තීරණය වී ඇත.පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නමපෞද්ගලික මන්ත්‍රී යෝජනාවේ නමගරු ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාදියගම වනාන්තරය ආරක්ෂා කිරීමගරු නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතාපුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ඉහළ නැංවීම සඳහා වැඩසටහනක් සකස් කිරීමගරු අමිර්තනාදන් අඩෛක්කලනාදන් මහතා1983 ‘කළු ජූලිය’ සමඟ ඇති වූ ජනවාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ සත්‍යය සෙවීම, විනාශයන් තක්සේරු කිරීම සහ නැවත එවැනි ජනවාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වීම වැළැක්වීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කිරීමගරු ලසිත් භාෂණ ගමගේ මහතාමාර්ග රක්ෂිතයන්හි ගස් සිටුවීම, විද්‍යාත්මකව කළමනාකරණය කිරීම සහ නඩත්තු කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමගරු නීතිඥ හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතාලංකාවේ සියලුම අධ්‍යාපන විද්‍යා පීඨ විශ්වවිද්‍යාල පීඨ බවට පත් කිරීමගරු චමින්ද විජේසිරි මහතාක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගත් ණය වින්දිතයින් බවට පත් වූ පුද්ගලයින්ට සාධාරණය ඉටු කිරීම සඳහා වැඩසටහනක් සකස් කිරීමගරු රවී කරුණානායක මහතාශ්‍රී ලංකාවේ ක්‍රීඩා ආයතන දේශපාලනීකරණයෙන් තොර කිරීමඅනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබේ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks