පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2025-12-12
පුවත් කාණ්ඩ : පුවත්
පකිස්ථානයේ සමුද්‍රීය කටයුතු පිළිබඳ ගරු ෆෙඩරල් අමාත්‍ය මුහම්මද් ජුනයිඩ් අන්වර් මහතාගේ ප්‍රමුඛත්වයෙන් යුතු දූත පිරිසක් පසුගිය දෙසැ. 10 වන දා පාර්ලිමේන්තුවේ දී ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා හමුවිය.
දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ව්‍යසනය හේතුවෙන් මිය ගිය සියලු ජනතාව වෙනුවෙන් මුහම්මද් ජුනයිඩ් අන්වර් මහතා සිය ශෝකය ප්‍රකාශ කළ අතර, ශ්‍රී ලංකා ජනතාව සමඟ එක්ව සිටින බව ප්‍රකාශ කළේය. මෙම අසීරු අවස්ථාවේ සිය සහයෝගය ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා දෙන බව ප්‍රකාශ කළ ඒ මහතා දේශගුණික විපර්යාස, ඒ සඳහා ඔරොත්තු දීමේ හැකියාව සහ තිරසාරභාවය කෙරෙහි අවධානය යොමු කළ යුතු අනාගත අත්‍යවශ්‍යතාවය පිළිබඳව සාකච්ඡා කළේය.
මේ අවස්ථාව සඳහා පකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ෆාහීම් උල් අසීස්, නියෝජ්‍ය මහ කොමසාරිස් සුනයිරා ලතීෆ් මහත්මිය සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය, කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා ද සහභාගී වූහ.
වෘත්තීය විශේෂඥයින් සහ ඉහළ අධ්‍යපන පසුබිමක් සහිත නියෝජිතයින් පාර්ලිමේන්තුවේ සිටීම ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ශක්තිමත් කිරීමේ වැදගත් ඉදිරි පියවරක් බව ප්‍රකාශ කළ මුහම්මද් ජුනේද් අන්වර් මහතා ගරු නියෝජ්‍ය කථානායක (වෛද්‍ය) රිස්වි සාලි මහතාට පකිස්ථානයේ සංචාරයකට ද ආරාධනා කළේය.
තවද ඒ මහතා විසින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ ස්ථාපිත කර ඇති කාරක සභා ක්‍රමය පිළිබඳව ද විමසන ලදී. එහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පාර්ලිමේන්තුවේ පවතින ශක්තිමත් කාරක සභා ක්‍රමය සහ එහි කාර්යයන් පිළිබඳව පැහැදිළි කිරීමක් සිදුකළාය.
අනතුරුව, පකිස්ථානයේ සමුද්‍රීය කටයුතු පිළිබඳ ගරු ෆෙඩරල් අමාත්‍ය මුහම්මද් ජුනයිඩ් අන්වර් මහතා ඇතුළු දූත පිරිස ගරු නියෝජ්‍ය කථානායක (වෛද්‍ය) රිස්වි සාලි මහතා සමඟ පාර්ලිමේන්තු පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට ද එක්වුහ.
2025-12-15
ගරු අග්‍රාමාත්‍යතුමියගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 හි විධිවිධාන ප්‍රකාරව ලබන 18 වැනි බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා තිබේ.පාර්ලිමේන්තුවේ එම විශේෂ රැස්වීම කැඳවීම, අංක 2466/33 යන 2025.12.12 දිනැතිව ගරු කථානායකවරයා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර ඇත.ඒ අනුව එදින පාර්ලිමේන්තුව පෙ.ව. 9.30 ට රැස්වෙන අතර එම රැස්වීමට පැමිණ සහභාගී වන ලෙස ගරු කථානායකවරයා විසින් සියලුම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට දැනුම් දෙයි.
2025-12-05
නෙයිනා තම්බි මරික්කාර් මොහමඩ් තාහිර් මහතා දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ අද (දෙසැ. 05) දිවුරුම් දුන්නේය.කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඉදිරියේ දී මන්ත්‍රී නාමලේඛනයේ අත්සන් තැබීය.සමගි ජනබලවේගය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළ මුහම්මදු ඉස්මායිල් මුත්තු මුහම්මදු මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුවට නෙයිනා තම්බි මරික්කාර් මොහමඩ් තාහිර් මහතා මෙලෙස පත් කර තිබේ.කල්පිටිය තිගලි මුස්ලිම් මහා විද්‍යාලයෙන් සිය පාසල් අධ්‍යාපනය නිම කර ඇති නෙයිනා තම්බි මරික්කාර් මොහමඩ් තාහිර් මහතා 1991 දී කල්පිටිය ප්‍රාදේශීය සභාව නියෝජනය කරමින් දේශපාලනයට ප්‍රවේශ වී ඇත. තවද ඒ මහතා කල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයෙකු ලෙස සහ විපක්ෂ නායකවරයකු ලෙසද කටයුතු කොට තිබේ.
2025-12-05
විසර්ජන පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකයතවත් පනත් කෙටුම්පත් ත්‍රිත්වයක් පාර්ලිමේන්තුවේදී සම්මතයි 2026 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) අද (දෙසැ. 05) පාර්ලිමේන්තුවේදී වැඩි ජන්දයෙන් සම්මත විය.විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීම ප.ව 7.30ට ආරම්භ කෙරුණු අතර එහිදී පක්ෂව ඡන්ද 158 ක්ද විපක්ෂව ඡන්ද 1 ක්ද හිමිවිය. එසේම මන්ත්‍රීවරු දෙදෙනෙක් ඡන්දය දීමෙන් වැලකී සිටියහ. ඒ අනුව 2026 විසර්ජන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 157 කින් පාර්ලිමේන්තුවේ දී සම්මත විය.2026 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් ‘අයවැය කථාව’ මුදල් අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය නොවැම්බර් 07 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. අනතුරුව නොවැම්බර් 08 සිට 14 දක්වා, දින 6 ක් විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්විණි. ඒ අනුව නොවැම්බර් 14 වැනි දින පැවති විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 118 කින් පාර්ලිමේන්තුවේදි සම්මත විය. අනතුරුව විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 15 සිට අද (05) දක්වා දින 14 ක් පැවැත්විණි. 2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය දින 17 පැවැත්වීමට නියමිතව තිබූ අතර දිවයිනට බලපා තිබූ අයහපත් කාලගුණ තත්ත්වය නිසා ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් එම දින ගණන මෙසේ 14 දක්වා අඩු කිරීම සිදු විය.එම තත්ත්වය තුළ පසුගිය දින කිහිපයකට අදාළව කාරක සභා අවස්ථා විවාදයට ගැනීමට නියමිතව තිබූ අමාත්‍යාංශ වැය ශීර්ෂ කිහිපයක් පෙර සැලසුම්කළ දින වලදී විවාදයට ගැනීමට නොහැකි වූ බැවින්, මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අමතරව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ සහ වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයන්ද 2025.12.03 දින සහ අද දින විවාදයට ගැනීමෙන් අනතුරුව සංශෝධන සහිතව සම්මත වීම සිදු විය. මේ අතර අද (05) පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද 2026 මුදල් වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පතට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද සිය සහතිකය සටහන් කළේය.ඒ අනුව මෙම විසර්ජන පනත් කෙටුම්පත 2025 අංක 23 දරන විසර්ජන පනත ලෙස බලාත්මක වේ. මීට අමතරව සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන), ඔට්ටු ඇල්ලීමේ සහ සූදු බදු (සංශෝධන) සහ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති (සංශෝධන) යන පනත් කෙටුම්පත් ත්‍රිත්වයද විවාදයකින් තොරව අද පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලදි. එසේම මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනා සම්මතය සහ අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය සඳහාද පාර්ලිමේන්තුවේ අනුමතිය හිමි විය. මීට අමතරව පරිපූරක ඇස්තමේන්තු 3ක්ද අද පාර්ලිමේන්තුවේදී අනුමත කරන ලදී.
2025-12-03
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය මත ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ සියලු දෙනා සිහිපත් කරමින් පාර්ලිමේන්තුවේදී විනාඩියක නිහඬතාවයක් පවත්වන ලදී.ගරු විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා විසින් අද (දෙසැ. 03) පාර්ලිමේන්තුවේදී සිදු කළ යෝජනාවකට අනුව මෙම විනාඩියක නිහඬතාව පවත්වන්නට යෙදුණි.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks