පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2025-12-05
පුවත් කාණ්ඩ : පුවත්
නෙයිනා තම්බි මරික්කාර් මොහමඩ් තාහිර් මහතා දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ අද (දෙසැ. 05) දිවුරුම් දුන්නේය.
කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඉදිරියේ දී මන්ත්‍රී නාමලේඛනයේ අත්සන් තැබීය.
සමගි ජනබලවේගය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළ මුහම්මදු ඉස්මායිල් මුත්තු මුහම්මදු මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුවට නෙයිනා තම්බි මරික්කාර් මොහමඩ් තාහිර් මහතා මෙලෙස පත් කර තිබේ.
කල්පිටිය තිගලි මුස්ලිම් මහා විද්‍යාලයෙන් සිය පාසල් අධ්‍යාපනය නිම කර ඇති නෙයිනා තම්බි මරික්කාර් මොහමඩ් තාහිර් මහතා 1991 දී කල්පිටිය ප්‍රාදේශීය සභාව නියෝජනය කරමින් දේශපාලනයට ප්‍රවේශ වී ඇත. තවද ඒ මහතා කල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයෙකු ලෙස සහ විපක්ෂ නායකවරයකු ලෙසද කටයුතු කොට තිබේ.
2025-12-05
විසර්ජන පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකයතවත් පනත් කෙටුම්පත් ත්‍රිත්වයක් පාර්ලිමේන්තුවේදී සම්මතයි 2026 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) අද (දෙසැ. 05) පාර්ලිමේන්තුවේදී වැඩි ජන්දයෙන් සම්මත විය.විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීම ප.ව 7.30ට ආරම්භ කෙරුණු අතර එහිදී පක්ෂව ඡන්ද 158 ක්ද විපක්ෂව ඡන්ද 1 ක්ද හිමිවිය. එසේම මන්ත්‍රීවරු දෙදෙනෙක් ඡන්දය දීමෙන් වැලකී සිටියහ. ඒ අනුව 2026 විසර්ජන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 157 කින් පාර්ලිමේන්තුවේ දී සම්මත විය.2026 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් ‘අයවැය කථාව’ මුදල් අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය නොවැම්බර් 07 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. අනතුරුව නොවැම්බර් 08 සිට 14 දක්වා, දින 6 ක් විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්විණි. ඒ අනුව නොවැම්බර් 14 වැනි දින පැවති විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 118 කින් පාර්ලිමේන්තුවේදි සම්මත විය. අනතුරුව විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 15 සිට අද (05) දක්වා දින 14 ක් පැවැත්විණි. 2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය දින 17 පැවැත්වීමට නියමිතව තිබූ අතර දිවයිනට බලපා තිබූ අයහපත් කාලගුණ තත්ත්වය නිසා ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් එම දින ගණන මෙසේ 14 දක්වා අඩු කිරීම සිදු විය.එම තත්ත්වය තුළ පසුගිය දින කිහිපයකට අදාළව කාරක සභා අවස්ථා විවාදයට ගැනීමට නියමිතව තිබූ අමාත්‍යාංශ වැය ශීර්ෂ කිහිපයක් පෙර සැලසුම්කළ දින වලදී විවාදයට ගැනීමට නොහැකි වූ බැවින්, මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අමතරව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ සහ වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයන්ද 2025.12.03 දින සහ අද දින විවාදයට ගැනීමෙන් අනතුරුව සංශෝධන සහිතව සම්මත වීම සිදු විය. මේ අතර අද (05) පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද 2026 මුදල් වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පතට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද සිය සහතිකය සටහන් කළේය.ඒ අනුව මෙම විසර්ජන පනත් කෙටුම්පත 2025 අංක 23 දරන විසර්ජන පනත ලෙස බලාත්මක වේ. මීට අමතරව සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන), ඔට්ටු ඇල්ලීමේ සහ සූදු බදු (සංශෝධන) සහ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති (සංශෝධන) යන පනත් කෙටුම්පත් ත්‍රිත්වයද විවාදයකින් තොරව අද පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලදි. එසේම මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනා සම්මතය සහ අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය සඳහාද පාර්ලිමේන්තුවේ අනුමතිය හිමි විය. මීට අමතරව පරිපූරක ඇස්තමේන්තු 3ක්ද අද පාර්ලිමේන්තුවේදී අනුමත කරන ලදී.
2025-12-03
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය මත ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ සියලු දෙනා සිහිපත් කරමින් පාර්ලිමේන්තුවේදී විනාඩියක නිහඬතාවයක් පවත්වන ලදී.ගරු විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා විසින් අද (දෙසැ. 03) පාර්ලිමේන්තුවේදී සිදු කළ යෝජනාවකට අනුව මෙම විනාඩියක නිහඬතාව පවත්වන්නට යෙදුණි.
2025-12-02
දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පසුගියදා තේරී පත් විය.මෙම සංගමය දසවැනි පාර්ලිමේන්තුව සඳහා පිහිටුවීමේ රැස්වීම පසුගියදා (නොවැ. 27) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් සැන්ඩිල් එඩ්වින් ෂාල්ක් මහතා (Sandile Edwin Schalk) ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය. අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී වූහ.මෙහිදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ මහතා සංගමයේ ලේකම් ලෙස තේරී පත් වූ අතර ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා සංගමයේ භාණ්ඩාගාරික ලෙස තේරී පත් විය.1994 වසරේදී විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමත් සමඟ ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දිගුකාලීන සම්බන්ධතා මෙම රැස්වීමේදී දෙපාර්ශ්වයම අවධාරණය කළහ. අංශ ගණනාවක් ඔස්සේ දෙරට අතර බෙදාගන්නා ලද අන්‍යෝන්‍ය සහයෝගය මෙහිදී ගෞරවයෙන් සිහිපත් කෙරිණි. සංචාරක, අධ්‍යාපනය සහ වෙළඳාම යන ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීමට ඇති හැකියාව මෙහිදී අවධාරණය කරන ලදී. ජාතිය ගොඩනැගීම සහ සංහිදියාව ඇති කිරීමේ ක්‍රියාවලීන්හි දකුණු අප්‍රිකාවේ අත්දැකීම් බෙදා ගැනීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමු විය.මෙම රැස්වීමට ප්‍රථම, දකුණු අප්‍රිකානු මහ කොමසාරිස්වරයා සහ ගරු කථානායකවරයා අතර හමුවක්ද පැවැත්විණි. මෙහිදී ජාතික සමගිය වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව දරන උත්සාහයන් මහකොමසාරිස්වරයාගේ ඇගයීමට ලක්වූ අතර එම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා දකුණු අප්‍රිකාව ඔවුන්ගේ සහයෝගය ලබා දීමට අපේක්ෂා කරන බවද ප්‍රකාශ කළේය.
2025-12-02
වසර 19 ක් පුරා ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය නව විශේෂාංග රැසක් සමඟින් නව්‍යකරණය කර 2025.11.27 වන දින පාර්ලිමේන්තුවේදී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එළි දැක්වීම සිදුවිය.මේ අවස්ථාව සඳහා ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහභාගී වී සිටියහ.ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වෙබ් අඩවිය ප්‍රථම වරට නිර්මාණය කර ජනතාවට එළිදක්වා ඇත්තේ 2006 වර්ෂයේදීය. ඒ අතරතුර කාලය තුළ දෙවතාවක් පාර්ලිමේන්තු නිල වෙබ් අඩවිය නව්‍යකරණයන්ට ලක් කෙරුණු අතර තුන්වැනි නව්‍යකරණය සිදුකරමින් පාර්ලිමේන්තු නිල වෙබ් අඩවිය මෙලෙස එළිදක්වන ලදී.ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත, පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඇතුළු මහලේකම් මණ්ඩලයේ අධීක්ෂණය යටතේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයේ (NDI) පුර්ණ අනුග්‍රහයෙන් මෙම වෙබ් අඩවියේ ප්‍රතිසංස්කරණ කටයුතු පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් ටෙක්ගීක්ස් (පුද්) සමාගම සමඟ සහයෝගයෙන් සිදුකර ඇත.නව පාර්ලිමේන්තු වෙබ් අඩවිය නවීන අවශ්‍යතාවන්ට ගැලපෙන ලෙස වඩාත් පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව සහ තවත් විශේෂාංග රැසක් එක් කරමින් නිර්මාණය කර ඇත. වෙබ් අඩවියේ "My Parliament" නැතහොත් "මගේ පාර්ලිමේන්තුව" ද්වාරය මඟින් සෑම පුරවැසියෙකුටම පාර්ලිමේන්තුව සහ එහි මන්ත්‍රීවරුන් සමඟ සෘජුවම සම්බන්ධවීමේ හැකියාව ලබා දී ඇති අතර වෙබ් අඩවියේ ලියාපදිංචි වීම ඔස්සේ මහජනතාවට පාර්ලිමේන්තුව මගින් සපයන සේවාන් වඩාත් පහසුවෙන් ලබාගැනීමට අවස්ථාව හිමිවේ. තවද පාර්ලිමේන්තුව සමග කටයුතු කරන රාජ්‍ය සේවකයින්ට මේ ලියාපදිංචි වීම හරහා එම කටයුතු පහසු කරගැනීමටද අවස්ථාව පවතී.පාර්ලිමේන්තු වෙබ් අඩවිය රාජ්‍ය අංශයේ සම්මානලාභී වෙබ් අඩවියක් වන අතර වසර ගණනාවක් තිස්සේ ජාතික මට්ටමේ තරඟවලදී "හොඳම රජයේ වෙබ් අඩවිය" සහ "හොඳම බහුභාෂා වෙබ් අඩවිය" ලෙස සම්මානයට පාත්‍ර වී ඇත. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂාවලින් ක්‍රියාත්මක වන පාර්ලිමේන්තු වෙබ් අඩවිය සඳහා අනාගතයේදී සිදුකළ යුතු වැඩිදියුණු කිරීම් ද මේ වන විට සැලසුම් කර ඇත.මේ අවස්ථාව සඳහා තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එන්.බී.යූ. නවගමුව මහතා ඇතුළු එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙන්ම ටෙක්ගීක්ස් (පුද්.) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ කසුන් ගමගේ මහතා ඇතුළු එම සමාගමේ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks