පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2025-11-26
පුවත් කාණ්ඩ : පුවත්
2026 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථා විවාදයේ 10 වන දිනය වන අද (නොවැ. 26) විවාදයට ගන්නා ලද ධීවර, ජලජ සහ සාගර සම්පත්, විද්‍යා සහ තාක්ෂණ සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයන්හී වැය ශීර්ෂ ඡන්ද විමසීමකින් තොරව, සංශෝධන සහිතව සම්මත විය.
2025-11-26
ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ සහ දරුවන්ගේ යහපැවැත්ම සහ සංවර්ධනය සඳහා සහාය වීම පිණිස සමස්ත චීන කාන්තා සම්මේලනය (All-China Women’s Federation - ACWF) විසින් යුවාන් 1,000,000 (ආසන්න වශයෙන් රු. මිලියන 43) ක් වටිනා ද්‍රව්‍ය තොගයක් පරිත්‍යාග කරන ලදී . ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ දරුවන් සඳහා මාතෘ හා බිළිඳු කාමරයක් සහ ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා උපකරණ මෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය හරහා රටපුරා බෙදා හැරීම පිණිස කාන්තා සනීපාරක්ෂක නිෂ්පාදන ද මෙම පරිත්‍යාගයට ඇතුළත් වේ.මෙම පරිත්‍යාගය නිල වශයෙන් භාරදීමේ උත්සවය ඊයේ (25) ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. එම පරිත්‍යාගය ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං (Qi Zhenhong ) මහතා විසින් ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට සහ කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි සරෝජා සවිත්‍රි පෝල්රාජ් මහත්මියට නිල වශයෙන් පිළිගන්වන ලදී.ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා එහිදී සිය අදහස් දක්වමින් සඳහන් කළේ මෙම පරිත්‍යාගය ශ්‍රී ලංකාව සහ චීනය අතර ඇති දිගුකාලීන මිත්‍රත්වය පිළිබිඹු කරන්නක් බවයි. මෙරට කාන්තාවන්ගේ සහ දරුවන්ගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීම රජයේ ප්‍රමුඛතාවයක් ලෙස පවතින බව අවධාරණය කළ කථානායකවරයා, සමස්ත චීන කාන්තා සම්මේලනයේ අඛණ්ඩ සහයෝගයට සිය කෘතඥතාව පළ කළේය.රැස්ව සිටි පිරිස අමතමින්, කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි සරෝජා සවිත්‍රි පෝල්රාජ් මහත්මිය මෙම කාලෝචිත පරිත්‍යගය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළාය. පරිත්‍යාග කරන ලද ද්‍රව්‍ය, විශේෂයෙන් මෙරට අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්හි කාන්තාවන් සහ දරුවන් නඟා සිටුවීම අරමුණු කරගත් වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සහය වනු ඇති බවද ඇය සඳහන් කළාය.චීනය සහ ශ්‍රී ලංකාව අතර පවත්නා දීර්ඝ මිත්‍රත්වය පිළිබඳව මෙහිදී සිහිපත් කළ චීන තානාපති චී ෂෙන්හොං මහතා සමස්ත චීන කාන්තා සම්මේලනයේ මෙම පරිත්‍යාගය කාන්තා සවිබල ගැන්වීම සහ දරුවන්ගේ යහපැවැත්ම සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන්ට සහාය දැක්වීම කෙරෙහි චීනයේ කැපවීම පිළිබිඹු කරන බව අවධාරණය කළේය.2023 සහ 2024 වසරවලදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සහ සමස්ත චීන කාන්තා සම්මේලනය (ACWF) අතර පැවති සාකච්ඡාවලින් අනතුරුව චීන රජය විසින් මෙරට පාසල් නිල ඇඳුම් සඳහා සහාය වීමට සහ මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ඉදිරි කටයුතුවලට අනුග්‍රහය ලබා දීම සඳහා එකඟතාවය පළ කොට තිබිණි.
2025-11-26
දසවන පාර්ලිමේන්තුව සඳහා වන ශ්‍රී ලංකා - ඉන්දුනීසියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස ගරු විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය (මහාචාර්ය) ක්‍රිෂාන්ත අබේසේන මහතා තේරී පත් විය. උක්ත සංගමය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ රැස්වීම ඊයේ (නොවැ. 25) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති ඩි.වි. ගුස්ටිනා ටොබින් මහත්මිය ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස උත්සවයට සහභාගී විය. ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා, අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී වූහ.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අබුබකර් අතම්බාවා මහතා සංගමයේ ලේකම් ලෙස තේරී පත් වූ අතර, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය සංගමයේ භාණ්ඩාගාරික ලෙස තේරී පත් විය. මෙම හමුව අතරතුර, ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර පවතින දීර්ඝකාලීන සම්බන්ධතාවය, ආගමික සබඳතා, සංස්කෘතික හුවමාරු සහ ජනතාව අතර සම්බන්ධතාවය මත ගොඩනගා ඇති බව දෙපාර්ශ්වයම අවධාරණය කළහ. සංචාරක ව්‍යාපාරය, කෘෂිකර්මාන්තය, බලශක්ති අංශය සහ ඩිජිටල්කරණය යන ක්ෂේත්‍රවල දෙරට අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ අවස්ථා පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි. ශ්‍රී ලංකා - ඉන්දුනීසියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය යළි පිහිටුවීම දෙරට අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීමට ඵලදායී අවස්ථාවක් නිර්මාණය කරනු ඇති බවට දෙපාර්ශ්වයම විශ්වාසය පළ කළහ. රැස්වීම ආරම්භ වීමට පෙර, ඉන්දුනීසියානු තානාපතිවරයා ගරු කථානායකතුමා හමුවූ අතර, එහිදී ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර වෙළඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යාම සහ පාර්ලිමේන්තු මට්ටමින් සහයෝගීතාව වර්ධනය කිරීම කෙරෙහි සාකච්ඡාවේ අවධානය යොමු කෙරිණි.
2025-11-25
අදාළ කමිටුවේ අවසන් වාර්තාව කථානායකවරයාට භාර දෙයිපාර්ලිමේන්තුවේ සේවිකාවකට කිසියම් අයුරක ලිංගික හිංසනයක් සිදුවී ඇත්දැයි සොයා බලා වාර්තා කිරීමට පත්කළ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය විසින් ඒ පිළිබඳ සකස් කළ ඇයගේ අවසන් වාර්තාව ඊයේ (නොවැ. 24) ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත භාර දෙන ලදී.පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සේවිකාවකට ලිංගික හිංසන සිදුවූවායැයි 2025.01.07 වැනි දින ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා විසින් සභා ගර්භයේදී සිදුකළ කතාවකදී කරුණු දක්වන ලදී. උක්ත කරුණ සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වන ලද අතර, එම පරික්ෂණය පිළිබඳ පැමිණිලිකාර පාර්ශවය සෑහීමකට පත් නොවීම හේතුවෙන් අදාළ කරුණ පිළිබඳ බාහිර පරික්ෂණයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලීය උපදේශක කාරක සභාව විසින් 2025.07.25දින තීරණය කරන ලදී. ඒ අනුව විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය විසින් උක්ත කරුණට අදාළ සියලු පාර්ශව කැඳවා කරුණු විමර්ශණය කොට මෙම අවසන් වාර්තාව සකස් කොට ඇත. ඊයේ දින ගරු කථානායකවරයාට භාරදී ඇති ඒකී වාර්තාවට අනුව උක්ත පැමිණිල්ල සිදුකරන ලද නිලධාරිනියට කිසිදු ලිංගික හිංසනයක් සිදුව නොමැති බව විමර්ශනයේදී අනාවරණය වූ කරුණු අනුව පෙනී යන බව වාර්තාව මගින් නිගමනය කොට තිබේ. තවද එම අංශයේ වෙනත් කිසිදු නිලධාරිනියකට හෝ ලිංගික හිංසන සිදුවී නොමැති බවද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
2025-11-25
2026 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථා විවාදයේ 09 වන දිනය වන අද (නොවැ. 25) විවාදයට ගැණුනු අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ ඡන්ද විමසීමකින් තොරව, සංශෝධන සහිතව සම්මත විය.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks