පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2024-10-18
පුවත් කාණ්ඩ : පුවත්
නවවැනි පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු කාල පරිච්ඡේදය 2020 අගෝස්තු 20 දින මංගල රැස්වීම් දිනයේ සිට විසිරුවා හරිනු ලැබූ දිනය වූ 2024.09.24 දින දක්වා අවුරුදු 4 කුත් මාස 1ක් සහ දින 4ක් වේ. ඒ අනුව සභාවාර 5ක් තුළ දින 390ක් රැස්වී තිබෙන නවවැනි පාර්ලිමේන්තුවේ කාල පරිච්ඡේදය තුළ ස්ථාවර නියෝගයන්ට අනුකූලව ස්ථාපිත මුළු කාරක සභා සංඛ්‍යාව 74 කි. මීට අමතරව විවිධ විෂයන් වෙනුවෙන් පාර්ලිමේන්තු සංසද 12 ක් ක්‍රියාත්මක වූ අතර ඒ අනුව ක්‍රියාත්මක වූ සංසද සහ කාරක සභා එකතුව 86ක් විය.
නවවැනි පාර්ලිමේන්තුවේ කාරක සභා සහ සංසද සංඛ්‍යාව පහත පරිදි වේ
| විශේෂ කාර්යයන් සඳහා කාරක සභා | ආංශික අධීක්ෂණ කාරක සභා | අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා | විශේෂ කාරක සභා | ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව | සංසද | මුළු ගණන |
| 16 | 17 | 29 | 11 | 01 | 12 | 86 |
නවවැනි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද කාරක සභා වාර්තා
| විශේෂ කාර්යයන් සඳහා කාරක සභා | ආංශික අධීක්ෂණ කාරක සභා | අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා | විශේෂ කාරක සභා | ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව | මුළු ගණන |
| 131 | 121 | 96 | 08 | 25 | 382 |
ඒ අනුව, විශේෂ කාර්යයන් සඳහා කාරක සභා 16 ක්‍රියාත්මක වූ අතර ඉදිරිපත් කර ඇති වාර්තා ගණන 131කි. විශේෂ කාර්යයන් සඳහා කාරක සභා 16 පහත පරිදි වේ.
ආංශික අධීක්ෂණ කාරක සභා 17 පහත පරිදි වේ.
ආංශික අධීක්ෂණ කාරක සභා විසින් නව්‍ය අංගයක් ලෙස ව්‍යවස්ථාදායක ක්‍රියාවලියට මෙරට තරුණ තරුණියන් සම්බන්ධ කර ගැනීමේ වැදගත්කම අවධාරණය කරනු ලැබූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස තෝරාගත් තරුණ තරුණියන්ට කාරක සභා රැස්වීම්වලට ක්‍රියාකාරීව සහභාගි වීමට ඉඩකඩ සලසා දීම නවවැනි පාර්ලිමේන්තු කාල සීමාවේදී සිදු විය. ව්‍යවස්ථාදායක ක්‍රියාවලියට නැවුම් දෘෂ්ටි කෝණයක් සහ නව්‍ය අදහස් ගෙන එමින් ප්‍රතිපත්ති සම්පාදනයේදී සහ අධීක්ෂණයේදී තරුණ පරම්පරාවේ හඬට සවන්දීම සහ සලකා බැලීම සහතික කිරීම, පාර්ලිමේන්තු කාර්යභාරයේ තිබෙන සියුම් සහ සංකීර්ණතා පිළිබඳව ග්‍රහණය කර ගැනීමට ඉඩ ප්‍රස්ථාව සැලසීම ඇතුළු සිවිල් වගකීම් සහ ආයතනික සහ සම්බන්ධතාවයන් පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමට අවකාශය සැලසීම මෙහි අරමුණ විය.
තවද ස්ථාවර නියෝගවලට අනුකූලව සෑම කැබිනට් අමාත්‍යාංශයක් සඳහාම එක් උපදේශක කාරක සභාවක් විය යුතු වන අතර, එවන් උපදේශක කාරක සභා 29ක් නවවැනි පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක විය.
ඊට අමතරව නවවැනි පාර්ලිමේන්තු කාල සීමාව තුළදී;
යනාදී වශයෙන් විශේෂ කාරක සභා 11 ක්‍රියාත්මක වූ අතර ඉන් කටයුතු අවසන් කොට කාරක සභා වාර්තා 08 ක් ඉදිරිපත් කොට ඇත. එම වාර්තා 8 වන්නේ,
තවද, නියෝජ්‍ය කථානායකවරයා සභාපති වූ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව නවවැනි පාර්ලිමේන්තුව තුළදී එහි කටයුතු සම්බන්ධයෙන් කාරක සභා වාර්තා 25ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇත.
2026-06-10
ශ්‍රී ලංකාවේ වත්මන් මූල්‍ය ප්‍රතිපත්තිය, විනිමය අනුපාත ප්‍රතිපත්තිය සහ රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පාර්ලිමේන්තුවේදී අද (ජුනි 10) පැවැත්විණි.ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා සම්පත් දායකයින් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.වැඩසටහන අතරතුර රට තුළ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන ආකාරය, විනිමය අනුපාතයේ හැසිරීම, ආර්ථික ස්ථාවරත්වය සහ රටේ ආර්ථික ප්‍රගතියට අදාළ කරුණු පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුවත් කෙරිණි. එසේම, මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කළ ප්‍රශ්න සහ අදහස් සඳහා ද ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන් විසින් කරුණු පැහැදිලි කරමින් පිළිතුරු ලබා දෙන ලදී.මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මිය, ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2026-06-09
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද දින (ජුනි 09) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බව තීරණය කර ඇත. එහෙත්, 14 වන වගන්තිය [යෝජිත 12අ(ආ) වගන්තිය] සහ 18 වන වගන්තිය [යෝජිත 17අ, 17ආ සහ 17ඇ වගන්ති] සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර අනුමැතිය අවශ්‍ය වන බව ද තීරණය කර ඇත. තවද, අධිකරණය විසින් යෝජනා කර ඇති සංශෝධනවලට අනුකූලව එම වගන්ති සංශෝධනය කරනු ලබන්නේ නම්, එම වගන්ති ද පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තවදුරටත් තීරණය කර ඇති බව කථානායකවරයා දැනුම් දුන්නේය.ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද දින (09) කාර්ය සටහන් දැක්වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතු බවටද ගරු කථානායකවරයා නියෝග කළේය.
2026-06-08
පාර්ලිමේන්තු කථා පරිවර්තකයන්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම මෑතකදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කමිටු අංක 02 කාමරයේ දී පැවැත්විණි. එහිදී 2026 වසර සඳහා නව නිලධාරී මණ්ඩලය ලෙස පහත සඳහන් මහත්ම මහත්මීන් තේරී පත් වූහ. ඒ අනුව සංගමයේ නව සභාපතිවරයා ලෙස බී.එම්. රසීල් මහතා සහ උප සභාපතිවරයා ලෙස එම්.අයි.එම්. ෆාසි මහතා තේරී පත්විය. නව ලේකම්වරයා ලෙස සී. මනිමාරන් මහතා සහ භාණ්ඩාගාරික ලෙස එම්.ටී. සෙයිනුර් රිෆා මහතා තෝරා පත් කර ගැනීමද එහිදී සිදුවිය. පාර්ලිමේන්තු කථා පරිවර්තකයන්ගේ සංගමයේ නව සහකාර ලේකම් ලෙස ඩී. තුලාංකනි මෙනවිය සහ විධායක කමිටු සාමාජිකයින් ලෙස එම්. මයුරේෂන් සහ ඒ.ඒ.එස්. සෆායා යන මහත්ම මහත්මීන් තේරී පත්විය.අභිනවයෙන් තේරී පත් වූ නිලධාරී මණ්ඩලය, ප්‍රධාන පාර්ලිමේන්තු කථා පරිවර්තක නීතිඥ සී.ජේ. කරුණාරත්න මහතා සහ නියෝජ්‍ය ප්‍රධාන පාර්ලිමේන්තු කථා පරිවර්තකයන් වන ඒ.ජී.එම්. ෆික්රි මහතා, ඒ. සරවනභවානන්දන් මහතා සහ එන්.බී.සී.ජේ. නිස්සංග මිය සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටියහ.
2026-06-04
දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (ජුනි 03) සිය සහතිකය සටහන් කළේය.දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය 2026 මැයි 19 වන දින පැවැත්වුණු අතර එහිදී එම පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත විය.2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධන සහිතව සම්මත කිරීම මගින් බදු පරිපාලන ක්‍රියාවලීන් නවීකරණය කිරීම, පවතින ප්‍රතිපාදන වඩාත් පැහැදිලි කිරීම, බදු අනුකූලතාවය සහ බදු නීති බලාත්මක කිරීම සහ ශක්තිමත් කිරීම සිදු කෙරේ. එමෙන්ම, බදු ගණනය කිරීම් සහ බදු අඩු කිරීම් වඩාත් නිවැරදි කිරීම, උපායමාර්ගික ආර්ථික අවශ්‍යතාවලට සහයෝගය දැක්වීම මෙන්ම විනිවිදභාවය සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ ශ්‍රම ශක්තිය ඉහළ නැංවීම ද මෙම පනතේ අරමුණු වේ.සුවිශේෂී මූල්‍ය ගනුදෙනුවලදී බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංක (TIN) සහතිකය භාවිත කිරීම අනිවාර්ය කිරීම, ආදායම් ගණනය කරන ආකාරය පිළිබඳව සංශෝධන කිහිපයක් සිදු කිරීම, විශේෂිත ව්‍යාපෘති සහ ව්‍යාපාර සඳහා ලබාදෙන බදු නිදහස් කිරීම් වඩාත් පැහැදිලි කිරීම, අදාළ බලධාරීන් වෙත තොරතුරු හෙළිදරව් කිරීමේ පරාසය පුළුල් කිරීම යන ප්‍රධානතම වෙනස්කම් කිහිපයක් මෙම නව පනත මඟින් හඳුන්වා දී ඇත.ඒ අනුව දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත, 2026 අංක 11 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි. | Text.privacy_policy
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks