E   |   த   |  

2024-07-24

පුවත් කාණ්ඩ : සභාවේ කටයුතු 

2024 ජූලි මස 24 වැනි දින සභාවේ කටයුතු

නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු අජිත් රාජපක්ෂ මහතා මූලසනාරූඪ විය.


ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ

A : (40 වැනි අධිකාරිය වූ) මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාව


කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

B : “ශ්‍රී ලංකා සැලසුම් තාක්ෂණඥයින්ගේ ආයතනය (සංස්ථාගත කිරීමේ)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට නම් කරන ලද අතිරේක සාමාජික මන්ත්‍රීන්

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2022 වර්ෂය සඳහා ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනයේ වාර්ෂික වාර්තාව
(ii)    2022 වර්ෂය සඳහා යාපනය විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්
(iii)         2022/2023 වර්ෂය සඳහා සී/ස ලංකා පොස්පේට් සමාගමේ වාර්ෂික වාර්තාව
(iv)         2023 වර්ෂය සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(v)         2022 වර්ෂය සඳහා  ශ්‍රී ලංකා එනර්ජීස් (පුද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තාව
(vi)         2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පොලිසියේ කාර්ය සාධන වාර්තාව

(vii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව


කාරක සභා වාර්තා පිළිගැන්වීම

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු සජිත් ප්‍රේමදාස මහතා
පාරිභෝගික ආරක්ෂණ නීති

ගරු වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.


අමාත්‍යාංශ නිවේදන

(i)    සාමාන්‍ය පෙළ විෂයයන් සම්බන්ධ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය, ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.
(ii)    නිල්වලා ගඟ හරහා ඉදිකර ඇති ලවණ බාධකය හේතුවෙන් පැන නැගුණු ගැටලු සම්බන්ධයෙන් 2024.07.23 දින ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය, ගරු මහින්ද අමරවීර මහතා විසින් පිළිතුරු සපයන ලදී.

 

කල් තැබීමේ යෝජනාව

“ජාතික ආරක්‍ෂාවට, සියලු ආගම්වලට සහ රටේ සංස්කෘතියට කෘත්‍රිම බුද්ධි (AI) තාක්‍ෂණයේ බලපෑම සහ ඒ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීම” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු නීතිඥ මධුර විතානගේ මහතා විසින් යෝජනා කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1543 ට 2024 ජූලි මස 25 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.

 



සම්බන්ධිත පුවත්

2026-09-24

2026 සැප්තැම්බර් මස 24 වැනි දින සභාවේ කටයුතු

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.අභිනව මන්ත්‍රීවරයන්ගේ නිල ප්‍රතිඥාව හෝ දිවුරුමගරු හපීපු ලෙබ්බේ මුහම්මදු රිපාන් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ගරු කථානායකතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාට ලැබුණු ජාත්‍යන්තර ඇගයීමලිපිලේඛනාදිය පිළිගැන්වීම(i)    2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව.(ii)    2023 වර්ෂය සඳහා පොල් පර්යේෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව.(iii)    2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා එනර්ජීස් (පුද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තාව.පෙත්සම් පිළිගැන්වීම(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න මෙනෙවිය(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතා - පෙත්සම් තුනයි                    (පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න(i)    ගරු රවී කරුණානායක මහතාශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් මුහුණ දෙන ගැටලු(ii)    ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතාඑරාවූර් අලිගාර් ජාතික පාසලේ ඉඩම් ගැටලුව අමාත්‍යාංශ නිවේදනජාතික වශයෙන් ඇති එල් නිනෝ සූදානම සහ ප්‍රතිචාර සැලැස්ම පිළිබඳව 2026.08.04 දින ගරු රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට ආරක්ෂක අමාත්‍යතුමා වෙනුවෙන් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, ගරු මේජර් ‍ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා පිළිතුරු ලබා දුන්නේ ය.පනත් කෙටුම්පත් පිළිගැන්වීමසුනඛයන් එන්නත් කිරීම, සුනඛ ගහනය පාලනය කිරීම සහ සුනඛයන් වාණිජ අරමුණු සඳහා අභිජනනය කිරීම නියාමනය කිරීම මගින් ශ්‍රී ලංකාව තුළ ජලභීතිකා රෝගය තුරන් කිරීම සඳහා ද; සුනඛයන් ලියාපදිංචි කිරීම සඳහා ද; ජලභීතිකා රෝගය තුරන් කිරීමේ ජාතික උපදේශක කමිටුව සහ ජලභීතිකා රෝගය තුරන් කිරීමේ ප්‍රාදේශීය උපදේශක කමිටු පිහිටුවීම සඳහා ද; (476 වන අධිකාරය වූ) ජලභීතිකා රෝගය පිළිබඳ ආඥාපනත සහ (477 වන අධිකාරය වූ) බල්ලන් ලියාපදිංචි කිරීමේ ආඥාපනත ඉවත් කිරීම සඳහා ද; ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ“ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ”නමැති පනත් කෙටුම්පත ගරු රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා විසින් පිළිගන්වන ලදී.අද දින සභාවේ ප්‍රධාන කටයුතුපහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) විවාදයට ගෙන හෙටට කල් තබන ලදී: -(i)    විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම(ii)    අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1916 ට 2026 සැප්තැම්බර් මස 25 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.


2026-09-23

2026 සැප්තැම්බර් මස 23 වැනි දින සභාවේ කටයුතු

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම2 : ගරු ඩී. වී. චානක මහතා, පා.ම. විසින් මතු කරන ලද වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නයලිපිලේඛනාදිය පිළිගැන්වීම(i)    2023 වර්ෂය සඳහා සීමාසහිත නිපුණතා සංවර්ධන අරමුදලේ වාර්ෂික වාර්තාව.(ii)    2024 වර්ෂය සඳහා ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ වාර්ෂික වාර්තාව.(iii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (iv)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ සබරගමුව පළාත් සභාව යටතේ පවතින ආයතන සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග     119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (v)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව (පාර්ලිමේන්තු ප්‍රකාශන මාලා අංක 489) සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (vi)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව (පාර්ලිමේන්තු ප්‍රකාශන මාලා අංක 492) සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාකාරක සභා වාර්තා පිළිගැන්වීම(i)    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් සාමාජික මන්ත්‍රී ගරු රවී කරුණානායක මහතා විසින් පිළිගන්වන ලදී.(ii)    රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නජිත් ඉන්දික මහතා විසින් පිළිගන්වන ලදී.පෙත්සම් පිළිගැන්වීම(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) දම්මික පටබැඳි මහතා                    (ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ යූ. පී. අබේවික්‍රම මහතා - පෙත්සම් දෙකයි                 (පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න(i)    ගරු සජිත් ප්‍රේමදාස මහතාදිත්වාහ් හි පසු ආපදා කළමනාකරණය සහ රට තුළ පවතින එල් නිනෝ තත්ත්වය  (ii)    ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතාමඩවනයි හි සාම්ප්‍රදායික තණබිම් අත්පත් කර ගැනීම අමාත්‍යාංශ නිවේදනමඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ධීවරයින් මුහුදේදී මුහුණ දෙන සොරකම් සහ මුහුදු කොල්ලකෑම් සඳහා විසඳුමක් ලබාදීම සම්බන්ධයෙන් 2026.07.10 දින ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය, ගරු රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පිළිතුරු ලබා දුන්නේ ය.අද දින සභාවේ ප්‍රධාන කටයුතුපහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී: -(i)    අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත(ii)    පරිපූරක මුදල,— ශීර්ෂය 119 — වැඩසටහන 01 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතාඅනතුරුව, පාර්ලිමේන්තුව පැය  1800  ට 2026 සැප්තැම්බර් මස 24 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.


2026-09-22

2026 සැප්තැම්බර් මස 22 වැනි දින සභාවේ කටයුතු

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : “විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” සහ “අධිකරණ සංවිධාන (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත් පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය2 : “දූෂණ විරෝධී (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය3 : “විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) (L.D.O 08/2026)” නමැති පනත් කෙටුම්පත සහ “විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) (L.D.O 11/2026)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් ලැබී ඇති බව4 : ගරු එම්. එස්. අබ්දුල් වාහිද් මහතාගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩු වීම සම්බන්ධයෙන්5 : පාර්ලිමේන්තු මන්ත්‍රීන් සඳහා වූ ජංගම යෙදුම6 : පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලබන සියලුම වාර්තා සහ ලේඛන ඩිජිටල් ආකාරයෙන් ලබා ගැනීමට, එක් එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ කැමැත්ත ලබා ගැනීමකථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීමA.    (i)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව, 2025 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ III (3) කොටස.(ii)    කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යනු ලැබූ දැනට වසා දැමීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය ලැබී ඇති ─•    ගිණුම් අංක 7000/0/0/0285/0010 දරන අර්තාපල් වගා ව්‍යාප්ත කිරීමේ වැඩසටහන සඳහා වූ අත්තිකාරම් ගිණුම;•    ගිණුම් අංක 7000/0/0/0999/0409 දරන වැලිසර කෘෂිකාර්මික වැඩපල මෙහෙයවීමේ අත්තිකාරම් ගිණුම;•    ගිණුම් අංක 7000/0/0/0999/0002 දරන කෘෂිකාර්මික අළුත්වැඩියා වැඩපල පිළිබඳ අත්තිකාරම් ගිණුම; සහ•    ගිණුම් අංක 7000/0/0/0285/0004 දරන නාරාහේන්පිට කෘෂිකාර්මික මධ්‍යම බඩු ගබඩාව පිළිබඳ අත්තිකාරම් ගිණුමයන අත්තිකාරම් ගිණුම් හතරට අදාළ රු. 65,654,746.90 (රුපියල් හැටපන් මිලියන හයසිය පනස් හතර දහස් හත්සිය හතලිස් හයයි සත අනූව) ක් වූ කාරක පාඩුව සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් වාර්තාව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව.B.    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව -•    2022 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ XLVIII (48) කොටස; •    2023 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ LIX (59) කොටස; •    2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ LXIV (64) හා LXV (65) කොටස් සහ නවවැනි කාණ්ඩයේ XLVIII (48) කොටස; සහ •    2025 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ III (3) කොටස, තෙවැනි කාණ්ඩයේ III (3) කොටස සහ නවවැනි කාණ්ඩයේ I (1) කොටසලිපිලේඛනාදිය පිළිගැන්වීම(i)    2023 වර්ෂය සඳහා සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව.(ii)    2025 වර්ෂය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.(iii)    2025 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.(iv)    2025 වර්ෂය සඳහා ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.(v)    2026 අංක 05 දරන පරිපූරක ඇස්තමේන්තුව.(vi)    2022 වර්ෂය සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව.(vii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (viii)    2019 වර්ෂය සඳහා සීමාසහිත ඇල්කඩුව වැවිලි සමාගමේ වාර්ෂික වාර්තාව(ix)    2024 වර්ෂය සඳහා සී/ස හලාවත වැවිලි සමාගමේ වාර්ෂික වාර්තාව.(x)    2024 වර්ෂය සඳහා ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ වාර්ෂික වාර්තාව.(xi)    2025 වර්ෂය සඳහා මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.(xii)    2025 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව.(xiii)    2024 වර්ෂය සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ වාර්ෂික වාර්තාව.(xiv)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග     119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවකාරක සභා වාර්තා පිළිගැන්වීම(i)    බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු අනුර කරුණාතිලක මහතා විසින් පිළිගන්වන ලදී.(ii)    සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති,  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිහාල් අබේසිංහ මහතා විසින් පිළිගන්වන ලදී.පෙත්සම් පිළිගැන්වීම(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද විජේපාල මහතා                    (ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී බී. ආරියවංශ මහතා                    (iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය                 (පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න(i)    ගරු සජිත් ප්‍රේමදාස මහතාරැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දීම සඳහා නිසි යාන්ත්‍රණයක්  (ii)    ගරු රවී කරුණානායක මහතාශ්‍රී ලංකාව ඉන්දියන් සාගර කලාපයේ ප්‍රමුඛ සමුද්‍රීය භාණ්ඩ හුවමාරු සහ සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත කිරීමේ හැකියාව අමාත්‍යාංශ නිවේදන(i)    සෞදි අරාබියේ දී සිවරාජා අනෝජන්ට නියම වූ මරණ දඬුවම සම්බන්ධයෙන් රජයේ මැදිහත්වීම සහ ගනු ලැබූ රාජ්‍යතාන්ත්‍රික පියවර සම්බන්ධයෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය, ගරු විජිත හේරත් මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.(ii)    විශ්‍රාමික ත්‍රිවිධ හමුදා හා පොලිස් සාමාජිකයින්ට සහ ඔවුන්ගේ පවුල්වල ගැටලු සඳහා සහන සැලසීමට නිකුත් කළ චක්‍රලේඛය පිළිබඳව ආරක්ෂක අමාත්‍යතුමා වෙනුවෙන් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, ගරු මේජර් ‍ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.අද දින සභාවේ ප්‍රධාන කටයුතුපහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 3 වශයෙන් සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලද අතර, අයිතම අංක (ii) ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කරන ලදී:-(i)    ඛනිජ තෙල් සම්පත් පනත යටතේ නියෝග(ii)    අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව“බන්ධනාගාර පද්ධතියේ ගැටලු විසඳීම සඳහා යාන්ත්‍රණයක් සකස් කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද වි‍ජේසිරි මහතා විසින් යෝජනා කරන ලදී. අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1753 ට 2026 සැප්තැම්බර් මස 23 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.


2026-09-11

2026 සැප්තැම්බර් මස 11 වැනි දින සභාවේ කටයුතු

කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීවරයෙක් පත් කිරීමලිපිලේඛනාදිය පිළිගැන්වීම(i)    2024 වර්ෂය සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව.(ii)    2025 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.(iii)    2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 7 වගන්තිය සමඟ කියවිය යුතු 29 වගන්තිය යටතේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2026 ජුනි 18 දිනැති අංක‍ 2493/36 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි. (iv)    2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 7 වගන්තිය සමඟ කියවිය යුතු 29 වගන්තිය යටතේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2026 ජුනි 18 දිනැති අංක‍ 2493/37 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි. (v)    2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 22 වගන්තිය යටතේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2026 ජුනි 18 දිනැති අංක‍ 2493/38 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය. (vi)    2025 වර්ෂය සඳහා දෘශ්‍යාබාධිත පුනරුත්ථාපන භාර අරමුදලේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.පෙත්සම් පිළිගැන්වීම(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) දම්මික පටබැඳි මහතා (ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා(iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව රණසිංහ මහතා                    (iv)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩ විතාන මහතා - පෙත්සම් දෙකයි (v)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතා                   (පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න(i)    ගරු සජිත් ප්‍රේමදාස මහතා‘අස්වැසුම’ සුභසාධන වැඩසටහනේ ගැටලුගරු කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.(ii)    ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතාඋතුරු හා නැගෙනහිර වරාය සහ ගුවන් සේවා සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ විස්තරඅමාත්‍යාංශ නිවේදන(i)    රට තුළ වර්ධනය වෙමින් පවතින එල් නිනෝ (El Nino) දේශගුණික තත්ත්වය හේතුවෙන් කෘෂිකර්මාන්තයට එල්ල වන බලපෑම අවම කිරීමේ පියවර සම්බන්ධයෙන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය, ගරු කේ. ඩී. ලාල් කාන්ත මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.(ii)    ශ්‍රී ලංකාවේ එල් නිනෝ තත්ත්වය සම්බන්ධයෙන් වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ බලශක්ති අමාත්‍ය, ගරු අනුර කරුණාතිලක මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.(iii)    ‘සෙස්’ බද්ද සහ දේශීය කර්මාන්ත පිළිබඳ ගැටළු සහ අක්‍රීය ණය සහ කපා හරින ලද ණය හේතුවෙන් රාජ්‍ය බැංකුවලට සිදු වූ පාඩුව සම්බන්ධයෙන් පිළිවෙළින් 2026.05.22 සහ 2026.08.05 යන දිනවල ගරු සජිත් ප්‍රේමදාස මහතා සහ ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නවලට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වෙනුවෙන්, කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය, ගරු (ආචාර්ය) අනිල් ජයන්ත මහතා පිළිතුරු ලබා දුන්නේ ය.ගරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනාවලට සභාව එකඟ විය -පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවපළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් නිරීක්ෂණය කරනු ලැබූ කරුණු, 2026 ජනවාරි මස 06 වැනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව මඟින් නියම කර ඇති පරිදි පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා තවදුරටත් කාලය අවශ්‍ය වන බැවින්, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 102 ප්‍රකාරව එකී කාරක සභාවට ලබා දී ඇති කාලසීමාව,  2026 දෙසැම්බර් මස 17 දින දක්වා දීර්ඝ කළ යුතු ය.අද දින සභාවේ ප්‍රධාන කටයුතුපහත සඳහන් යෝජනා (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 6 දක්වා සඳහන් වන) සභාවට ඉදිරිපත් කර සම්මත කරන ලදී:- •    ඛනිජ තෙල්, ඉන්ධන හා ජලය පිළිබඳ කර්මාන්ත ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නියාමනයට ය‍ටත් කිරීමවිදුලිය, ඛනිජ තෙල්, ඉන්ධන හා ජලය පිළිබඳ කර්මාන්ත නියාමනය කළ යුතු වුවත්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අධීක්ෂණය කිරීම සඳහා අදාළ පනත් සං‍‍ශෝධනය නොකිරීම හේතුවෙන් වසර 21කට වැඩි කාලයක සිට ඛනිජ තෙල් සහ ජලය යන කර්මාන්ත නියාමනයට ය‍ටත් නොවී තිබෙන තත්ත්වය වෙනස් කිරීම සඳහා අදාළ නීතිමය කටයුතු සිදු කරනු ලැබිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.•    ශ්‍රී ලංකාවේ දරු උපත් සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා පවුල් ඒකකයන් වෙත දිරි දීමනාවක් ලබා දීම2018 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ වාර්ෂික දරු උපත් සංඛ්‍යාව අඛණ්ඩව පහත යමින් තිබෙන බව නිරීක්ෂණය වී ඇති හෙයින් ද, එහි ප්‍රතිඵලයක් ලෙස අනාගතයේ ශ්‍රී ලංකාවේ තරුණ ජනගහනය පහළ යාම නියත වශයෙන් සිදුවන හෙයින් ද, තරුණ ජනගහනය පහළ යාම ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන ක්‍රියාදාමයට ඉතා අගතිදායක ලෙස බලපාන හෙයින් ද, ශ්‍රී ලංකාවේ දරු උපත් සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා පවුල් ඒකක වෙත ආකර්ශණීය දිරි දීමනාවක් ලබා දීම‍ට රජය විසින් පියවර ගත යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.•    පරිවේණාචාර්යවරුන්ගේ විශ්‍රාම වැටුප සඳහා ඔවුන්ගේ වැටුපෙන් අමතර සියයට හයක මුදලක් අයකිරීම නතර කිරීමනූතන පාසල් අධ්‍යාපන රටාව මෙන්ම, සාම්ප්‍රදායික අධ්‍යාපන රටාව වූ පිරිවෙන් අධ්‍යාපනය, මෙරට ක්‍රියාත්මක වන ප්‍රධාන අධ්‍යාපන රටාවක් වන හෙයින් ද, නූතන පාසල් අධ්‍යාපන ක්‍රමයට, එහි ගුරුවරයන් හා සිසුන්හට ලැබෙන වරප්‍රසාද මෙන්ම පිළිගැනීම, පිරිවෙන් අධ්‍යාපනයට හෝ එහි ගුරුවරයන් හා ගිහි පැවිදි සිසුන් දෙපාර්ශ්වයටම එලෙසින්ම නොලැබෙන හෙයින් ද, පිරිවෙන් අධ්‍යාපනයේ ප්‍රධානම භූමිකාව වන පරිවේණාචාර්යවරුන්ගේ විශ්‍රාම වැටුප සඳහා ඔවුන්ගේ වැටුපෙන් අමතර සියයට හයක මුදලක් අයකිරීම 2026 අප්‍රේල් මස 01 දින සිට නතර කිරීමට අවශ්‍ය පියවර ගත යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.•    කඳුකර ප්‍රදේශවල ආහාර බෝග වගා කිරීම2025 නොවැම්බර් මස දී, ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක් ඇති වූ “දිට්වා සුළි කුණාටුව” හේතුවෙන් කෑගල්ල, මහනුවර, මාතලේ සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල කඳු ආශ්‍රිත ප්‍රදේශ බහුලව නායයෑමට ලක් වූ හෙයින් ද, දැනට ශ්‍රී ලංකාවේ බොහෝ දිස්ත්‍රික්කවල රිලවා, වඳුරා සහ දඬුලේනා වැනි වන සතුන්ගෙන් වගා හානි සිදුවන හෙයින් ද, මෙම සතුන්ගේ ආහාර වෙනුවෙන් සහ පරිසර සමතුලිතතාවය ආරක්ෂා කිරීම සඳහාත්, පාංශු ඛාදනය වළක්වා ගැනීම සඳහාත්, එකී නායයෑමට ලක් වූ කඳුකර ප්‍රදේශවල කොස්, අඹ, කොස්දෙල් සහ  ඇටඹ වැනි ආහාර බෝග වගා කිරීම සඳහා පියවර ගත යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.•    කිතුල් කර්මාන්තය නගා සිටුවීමශ්‍රී ලංකාවේ කිතුල් මැදීමේ තාක්ෂණය යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස නම් කිරීම මඟින් අප රට පිළිබඳව ලෝකය තුළ විශේෂ ගෞරවයක් හිමි වී ඇති හෙයින් ද, ගාල්ල, මාතර, කළුතර, මහනුවර, මාතලේ, නුවරඑළිය, රත්නපුරය, කෑගල්ල, බදුල්ල, ගම්පහ හා තවත් දිස්ත්‍රික්කවල, මෙම කර්මාන්තය අසීරු ලෙස රැකගනිමින් සාම්ප්‍රදායික කිතුල් ආශ්‍රිත කර්මාන්තකරුවන් දහස් ගණනක් මේ වනවිටත් එහි යෙදී සිටින හෙයින් ද, මෙම කර්මාන්තය නැගී එන සංචාරක ව්‍යාපාරය සමඟ බද්ධ කිරීමටත්, නවීන තාක්ෂණය යොදා ගනිමින් සාමාන්‍ය ග්‍රාමීය ජනතාවගේ ආර්ථික සංවර්ධනය සඳහා වූ නව ප්‍රවේශයන් සකස් කිරීමටත් සහ කිතුල් කර්මාන්තයේ දීර්ඝ කාලීන සුරක්ෂිතභාවය තහවුරු කර ගැනීමටත් සුදුසු යාන්ත්‍රණයක් සකස් කළ යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.•    ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය සඳහා වෛද්‍ය පීඨයක් ස්ථාපනය කිරීමශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය දේශීය හා විදේශීය රැකියා වෙළෙඳපොළ අවශ්‍යතා සපුරාලන නවීන තාක්ෂණික උපාධිධාරින් පිරිසක් සපයන විශ්වවිද්‍යාලයක් වන හෙයින්, ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රවල වර්ධනය වන අවශ්‍යතාවන් මෙන්ම ගෝලීය අවශ්‍යතාවන් සලකමින්, ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය සඳහා වෛද්‍ය පීඨයක් ස්ථාපනය කළ යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ රවුෆ් හකීම් මහතා(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. එම්. සමන්ත රණසිංහ මහතාඅනතුරුව, පාර්ලිමේන්තුව පැය  1738 ට 2026 සැප්තැම්බර් මස 22 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks