පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කාරක සභා කිහිපයක් සඳහා මේ වන තෙක් ලැබී ඇති නාම යෝජනා අනුව සාමාජික මන්ත්‍රීවරයන් නම් කෙරේ
පාර්ලිමේන්තුව විසින් 2024 පෙබරවාරි 09 දින සම්මත කරන ලද යෝජනා අනුව නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරයේ සේවය කිරීම සඳහා, පහත සඳහන් කාරක සභාවලට නම් කරන ලද සාමාජික මන්ත්‍රීවරයන්ගේ නාම ලේඛන නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතා අද (පෙබ. 22) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව
ඒ අනුව උක්ත කාරක සභාව සභාව සඳහා ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි, ගරු ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ, ගරු විජිත බේරුගොඩ, ගරු තාරක බාලසූරිය, ගරු අනුරාධ ජයරත්න, ගරු චමල් රාජපක්ෂ මහතා, ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගරු මහින්දානන්ද අලුත්ගමගේ, ගරු ජයන්ත කැටගොඩ, ගරු නීතිඥ මධුර විතානගේ මහතා සහ ගරු සමන්ප්‍රිය හේරත් යන මන්ත්‍රීවරයන් නම් කොට තිබේ.
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සඳහා ගරු නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, ගරු ලසන්ත අලගියවන්න, ගරු ප්‍රසන්න රණවීර, ගරු කේ. කාදර් මස්තාන්, ගරු ඩයනා ගමගේ, ගරු චාමර සම්පත් දසනායක, ගරු වජිර අබේවර්ධන, ගරු ඒ. එල්. එම්. අතාඋල්ලා, ගරු විමලවීර දිසානායක, ගරු ජයන්ත කැටගොඩ, ගරු (ආචාර්ය) මේජර් ප්‍රදීප් උඳුගොඩ, ගරු කරුණාදාස කොඩිතුවක්කු, ගරු ඉසුරු දොඩන්ගොඩ, ගරු නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත, ගරු මුදිතා ප්‍රිශාන්ති, ගරු එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන, ගරු නීතිඥ මධුර විතානගේ, ගරු ඩී. වීරසිංහ සහ ගරු මංජුලා දිසානායක යන මන්ත්‍රීවරයන් නම් කර තිබේ.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව
උක්ත කාරක සභාවට ගරු ජගත් පුෂ්පකුමාර, ගරු ජානක වක්කුඹුර, ගරු ලොහාන් රත්වත්තේ, ගරු ඉන්දික අනුරුද්ධ හේරත්, ගරු ශාන්ත බණ්ඩාර, ගරු මහින්දානන්ද අලුත්ගමගේ, ගරු දුමින්ද දිසානායක, ගරු රෝහිත අබේගුණවර්ධන, ගරු නිමල් ලාන්සා, ගරු යූ. කේ. සුමිත් උඩුකුඹුර, ගරු සංජීව එදිරිමාන්න, ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි, ගරු (මේජර්) සුදර්ශන දෙනිපිටිය, ගරු නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත, ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා, ගරු එම්. රාමේෂ්වරන්, ගරු රාජිකා වික්‍රමසිංහ, ගරු නීතිඥ මධුර විතානගේ සහ ගරු (මහාචාර්ය) රංජිත් බණ්ඩාර යන මන්ත්‍රීවරයන් නම් කර තිබේ.
මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව
ගරු ජගත් පුෂ්පකුමාර, ගරු එස්. වියාලේන්ද්‍රන්, ගරු අශෝක ප්‍රියන්ත, ගරු අ. අරවින්ද් කුමාර්, ගරු ගීතා සමන්මලී කුමාරසිංහ, ගරු ගාමිණී ලොකුගේ, ගරු වජිර අබේවර්ධන, ගරු (වෛද්‍ය) ගයාෂාන් නවනන්ද, ගරු ජයන්ත කැටගොඩ, ගරු යූ. කේ. සුමිත් උඩුකුඹුර, ගරු මායාදුන්න චින්තක අමල්, ගරු නිපුණ රණවක, ගරු රාජිකා වික්‍රමසිංහ, ගරු එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන, සහ ගරු යදාමිණී ගුණවර්ධන යන මන්ත්‍රීවරයන් උක්ත කාරක සභාවට නම් කර තිබේ.
ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
ගරු චමල් රාජපක්ෂ, ගරු (ආචාර්ය) සරත් වීරසේකර, ගරු (ආචාර්ය) මේජර් ප්‍රදීප් උඳුගොඩ යන මන්ත්‍රීවරයන් ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සාජිකයන් ලෙස නම් කර තිබේ.
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
උක්ත කාරක සබාවට ගරු මහින්දානන්ද අලුත්ගමගේ, ගරු එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන සහ ගරු (මහාචාර්ය) රංජිත් බණ්ඩාර යන මන්ත්‍රීවරයන් නම් කර තිබේ.
කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි, ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය, ගරු මංජුලා දිසානායක යන මන්ත්‍රීවරයන් කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට සාමාජිකයන් ලෙස නම් කර තිබේ.
ආයෝජන ප්‍රවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
ආයෝජන ප්‍රවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව සඳහා ගරු අ. අරවින්ද් කුමාර්, ගරු ධම්මික පෙරේරා, ගරු යදාමිණී ගුණවර්ධන යන මන්ත්‍රීවරයන් සමාජිකයන් ලෙස නම් කර තිබේ.
අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
ගරු අනුප පස්කුවල්, ගරු විමලවීර දිසානායක සහ ගරු ගුණතිලක රාජපක්ෂ යන මන්ත්‍රීවරයන් උක්ත කාරක සභාවට නම් කර තිබේ.
ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
ගරු එස්. එම්. එම්. මුෂාරෆ්, ගරු ජයන්ත කැටගොඩ, ගරු සංජීව එදිරිමාන්න යන මන්ත්‍රීවරයන් ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට නම් කර තිබේ.
සෞඛ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
ගරු කනක හේරත්, ගරු (වෛද්‍ය) ගයාෂාන් නවනන්ද, ගරු (ආචාර්ය) මේජර් ප්‍රදීප් උඳුගොඩ යන මන්ත්‍රීවරයන් සෞඛ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට නම් කර තිබේ.
කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
ගරු උදයකාන්ත ගුණතිලක , ගරු කුලසිංහම් තිලීපන්, ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ යන මන්ත්‍රීවරයන් කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට නම් කර තිබේ.
වනජීවී හා වනසම්පත් සංරක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
ගරු චාමර සම්පත් දසනායක, ගරු කපිල අතුකෝරල සහ ගරු කුමාරසිරි රත්නායක යන මන්ත්‍රීවරයන් උක්ත කාරක සභාවට නම් කර තිබේ.
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
ගරු නීතිඥ සිසිර ජයකොඩි, ගරු නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත, ගරු නීතිඥ සාගර කාරියවසම් යන මන්ත්‍රීවරයන් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට නම් කර තිබේ.
කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
ගරු ප්‍රේමලාල් ජයසේකර, ගරු යූ. කේ. සුමිත් උඩුකුඹුර, ගරු ලලිත් වර්ණ කුමාර යන මන්ත්‍රීවරයන් උක්ත කාරක සභාවට නම් කර තිබේ.
නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
ගරු කෝකිලා ගුණවර්ධන, ගරු මිලාන් ජයතිලක, ගරු නීතිඥ මධුර විතානගේ යන මන්ත්‍රීවරයන් නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට නම් කර තිබේ.
විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
ගරු එස්. බී. දිසානායක, ගරු නීතිඥ නාමල් රාජපක්ෂ සහ ගරු (මේජර්) සුදර්ශන දෙනිපිටිය යන මන්ත්‍රීවරයන් උක්ත කාරකසභාවට නම් කර තිබේ.
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
ගරු එච්. නන්දසේන, ගරු ගුණතිලක රාජපක්ෂ, ගරු සමන්ප්‍රිය හේරත් යන මන්ත්‍රීවරයන් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට නම් කර තිබේ.
විදුලිබල හා බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
ගරු ගාමිණී ලොකුගේ, ගරු දුමින්ද දිසානායක, ගරු නාලක බණ්ඩාර කෝට්ටේගොඩ යන මන්ත්‍රීවරයන් උක්ත කාරක සභාවට නම් කර තිබේ.
පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
ගරු එස්. එම්. චන්ද්‍රසේන, ගරු ඉසුරු දොඩන්ගොඩ, ගරු මුදිතා ප්‍රිශාන්ති යන මන්ත්‍රීවරයන් පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට නම් කර තිබේ.
ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ගරු මිලාන් ජයතිලක, ගරු ඩී. වීරසිංහ යන මන්ත්‍රීවරයන් මෙම කාරක සභාවට නම් කර තිබේ.
වාරිමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
ගරු ඩී. වීරසිංහ, ගරු යදාමිණී ගුණවර්ධන, ගරු ජගත් සමරවික්‍රම යන මන්ත්‍රීවරයන් වාරිමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට නම් කර තිබේ.
කම්කරු හා විදේශ රැකියා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
ගරු ඩී. බී. හේරත්, ගරු නීතිඥ ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න, ගරු ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා උක්ත කාරක සභාවට නහ් කර තිබේ.
රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව
ගරු සම්පත් අතුකෝරල, ගරු තිසකුට්ටි ආරච්චි, ගරු එම්. රාමේෂ්වරන් යන මන්ත්‍රිවරයන් රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කටයුතු පිලිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට පක් කර තිබේ.
2026-09-09
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත අද (සැප්. 09) පාර්ලිමේන්තුවේදී සම්මත විය.අදාළ පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීමේ විවාදය අද පෙරවරු 11.00 සිට පස්වරු 5.00 දක්වා පාර්ලිමේන්තුවේදී පැවැති අතර, අනතුරුව ඡන්ද විමසීමකින් තොරව එය සම්මත කෙරිණි.මෙම පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා 2026 අගෝස්තු 04 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ස්ථාපිත කරමින් හඳුන්වාදුන් 2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබේ.2009 වසරේදී සම්මත කරන ලද එම පනත මගින් කාලීන අවශ්‍යතා අනුව සන්නද්ධ හමුදා සහ ආරක්ෂක අමාත්‍යාංශය අතර කටයුතු සම්බන්ධීකරණය ඇතුළු කාර්යයන් සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ස්ථාපිත කර තිබිණි.ඒ අනුව මෙම පනත් කෙටුම්පත මගින් 2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීමත් සමඟ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරද අවසන් කිරීමට නියමිතය.තවද, මෙම පනත ක්‍රියාත්මක වීමත් සමඟ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයට අයත් සියලු චංචල හා නිශ්චල දේපළ, ආරක්ෂක විෂය පවරා ඇති අමාත්‍යවරයාගේ අමාත්‍යාංශය වෙත පැවරෙනු ඇති.
2026-09-09
වසර 50කට අධික කාලයක් භාවිතා කර ඇති පැරණි හා යල් පැන ගිය යන්ත්‍රෝපකරණ ක්‍රමයෙන් ඉවත් කර, නවීන තාක්ෂණයෙන් සමන්විත කාර්යක්ෂම උපකරණ මිලදී ගනිමින්, ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉලක්ක කරගත් ඉහළ තාක්ෂණයෙන් සහ උසස් ආරක්ෂිත මුද්‍රණ (Smart Security Printing) හැකියාවන්ගෙන් සමන්විත නවීන මුද්‍රණ ඒකකයක් ස්ථාපිත කිරීම සඳහා රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව නවීකරණය කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බව ආචාර්ය හරිනි අමරසූරිය ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර මහතා විසින් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ ස්ථීර සේවකයන් 445 දෙනෙකු සහ කොන්ත්‍රාත් පදනමින් තවත් සේවකයන් 21 දෙනෙකු සේවයේ නිරත වන බව අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.පාදුක්ක, වටරැක ප්‍රදේශයේ ක්‍රියාකාරී තත්ත්වයේ පවතින රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුද්‍රණාලය මඟින් රජයෙන් ලැබෙන ඇණවුම් පරිදි පාසල් පෙළපොත්/මොඩියුල මුද්‍රණය, ආරක්ෂිත මුද්‍රණ කටයුතු ( පළාත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය, ලොතරැයි මුද්‍රණය හා රහස් ලේඛන මුද්‍රණය) සිදු කරන බව ද ඇය සඳහන් කළාය.එමෙන්ම, SPC අභ්‍යාස පොත් මුද්‍රණය, විවිධ රාජ්‍ය ආයතන සඳහා මුද්‍රණ කටයුතු, අනෙකුත් වාණිජ මුද්‍රණ කටයුතු, පුද්ගලික මුද්‍රණ ඇණවුම් කටයුතු සහ මැතිවරණ මුද්‍රණ කටයුතු සිදු කරන අතර, දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක් පුරා SPC අලෙවිසැල් ජාලය ද පවත්වාගෙන යන බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.අමාත්‍යාංශය යටතේ මුද්‍රණාලයක් පැවතීම හේතුවෙන් රජයට ප්‍රතිලාභ රැසක් අත්වන බව ද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.ඒ අනුව, වෙළෙඳපොළ මිල පාලනය කිරීමේ සාධකයක් ලෙස රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව පැවතීම, වෙළෙඳපොළ ප්‍රමිතිය හා ගුණාත්මකභාවය පාලනය කිරීම, විශ්වාසදායී ආරක්ෂිත මුද්‍රණ (Security Printing) ඒකකයක අවශ්‍යතාව සපුරාලීම සහ රාජ්‍ය අංශයේ එකම රාජ්‍ය ව්‍යවසාය ආයතනය ලෙස රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව පැවතීම ඒ අතර වන බව ඇය සඳහන් කළාය.මහා පරිමාණ මුද්‍රණ යන්ත්‍රණයක අවශ්‍යතාව සැපයීම, රජය සතු මුද්‍රණ යන්ත්‍රණයක අවශ්‍යතාව සපුරාලීම සහ මුද්‍රණ කටයුතු සඳහා පවතින පිරිවැය අවම කර ගැනීම ද එහි ප්‍රතිලාභ අතර වන බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.එමෙන්ම, දීර්ඝ කාලයක සිට රාජ්‍ය ආයතනයක් ලෙස රැකියා අවස්ථා සලසා දෙමින් පුහුණු මානව සම්පතක් සහිත වීම සහ රාජ්‍ය භාගය ලෙස රජයට ප්‍රතිලාභ අත්වීමට ඉඩ සැලසීම ද රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව පැවතීමෙන් ලැබෙන ප්‍රතිලාභ ලෙස අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.
2026-09-08
“ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය තමා වෙත ලැබී ඇති බව ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (08) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. එම නිවේදනය පහත පරිදි වේ. පනත් කෙටුම්පතේ 3(එ) වගන්තිය අපැහැදිලි වන අතර, එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14(1)(උ) ව්‍යවස්ථාවන්ට අනනුකූල වන බව ද, එය සම්මත කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාව යටතේ අවශ්‍ය වන විශේෂ බහුතර ඡන්දයෙන් පමණක් බව හා එම වගන්තිය ඉවත් කරනු ලැබුවහොත් එම අනනුකූලතාවය තවදුරටත් නොපවතින බව ද;(i) පනත් කෙටුම්පතේ 4(ච) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14(1)(උ) ව්‍යවස්ථාවන්ට අනනුකූල වන බවත්, එය සම්මත කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාව යටතේ අවශ්‍ය වන විශේෂ බහුතර ඡන්දයෙන් පමණක් බව හා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කර ඇති පරිදි එම වගන්තිය සංශෝධනය කරනු ලැබුවහොත් එම අනනුකූලතාවය තවදුරටත් නොපවතින බව ද;(ii) පනත් කෙටුම්පතේ 5(4)(ආ) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනනුකූල වන බව ද, එය සම්මත කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාව යටතේ අවශ්‍ය වන විශේෂ බහුතර ඡන්දයෙන් පමණක් බව හා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කර ඇති පරිදි 5 වගන්තිය සංශෝධනය කරනු ලැබුවහොත් එම අනනුකූලතාවය තවදුරටත් නොපවතින බව ද,(iii) පනත් කෙටුම්පතේ ඉතිරි වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන බව ද,ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත.“විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්2026 අගෝස්තු 19, 20 හා 21 දිනැති නථානායකවරයාගේ නිවේදනයන්හි සඳහන් පෙත්සම් නවයට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, “විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් පහත සඳහන් පරිදි තමා වෙත ලැබී ඇති බව ද ගරු කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.• 2026 අගෝස්තු 21 දින පෙත්සම් හතයි • 2026 අගෝස්තු 24 දින පෙත්සම් හතරයි • 2026 අගෝස්තු 25 දින පෙත්සම් අටයි • 2026 අගෝස්තු 28 දින පෙත්සම් පහයි • 2026 අගෝස්තු 31 දින පෙත්සම් තිස් එකයි • 2026 සැප්තැම්බර් 01 දින පෙත්සම් දහයයි • 2026 සැප්තැම්බර් 03 දින පෙත්සම් තුනයි • 2026 සැප්තැම්බර් 04 දින පෙත්සම් දෙකයි “දූෂණ විරෝධී (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, “දූෂණ විරෝධී (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම් පහළොවක පිටපත්, තමා වෙත ලැබී ඇති බව ද ගරු කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. “අධිකරණ සංවිධාන (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද තවත් පෙත්සම්2026 අගෝස්තු 19 දින කථානායකවරයාගේ නිවේදනයෙහි සඳහන් පෙත්සමට අමතරව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, “අධිකරණ සංවිධාන (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද තවත් පෙත්සම් හතක පිටපත් ලැබී ඇති බව ද ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
2026-09-08
ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (සැප්. 08) සිය සහතිකය සටහන් කළේය.1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීම පනත සංශෝධනය කිරීම සඳහා වූ මෙම පනත් කෙටුම්පත කම්කරු අමාත්‍ය ගරු (ආචාර්ය) අනිල් ජයන්ත විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, එය පසුගිය 20 වැනිදා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී.මෙම සංශෝධනයේ මූලික අරමුණ වන්නේ ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීම සම්බන්ධයෙන් පනත යටතේ සිදුවන වැරදි සඳහා පනවා ඇති දඩ මුදල් වර්තමාන තත්ත්වයට ගැළපෙන පරිදි යාවත්කාලීන කිරීමයි.මේ අනුව 1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ පනත මගින් වයස අවුරුදු 16ට අඩු ළමයින් සේවයේ යෙදවීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර එම පනතට අදාළ වන වැරදි සඳහා අධිකරණය විසින් නියම කළ හැකි දඩ මුදල් වර්තමාන සමාජ ආර්ථික තත්ත්වයන් මත ප්‍රමාණවත් නොවන බැවින් එම දඩ මුදල් සංශෝධනය කිරීම මෙම නව සංශෝධන පනත මගින් සිදු වේ.ඒ අනුව, ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීම පනත යටතේ වන වැරදිවලට අදාළ දඩ මුදල් රුපියල් දස දහසේ සිට රුපියල් ලක්ෂය දක්වා ඉහළ දැමීම සඳහා ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත මගින් සිදුකෙරේ.ඒ අනුව, ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත 2026 අංක 21 දරන ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks