පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2023-11-20
ශ්‍රී ලංකා රේගුවේ පරිපාලන දුර්වලතා සහ අක්‍රමිකතා රැසක් කෝපා කමිටුවේදී අනාවරණය වීම සිදු විය.
මේ පිළිබඳ අනාවරණය වූයේ ශ්‍රී ලංකා රේගුවේ 2019, 2020 හා 2021 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාරයසාධනය පිළිබඳ සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (නොවැ. 17) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
මෙහිදී නැගෙනහිර පළාතේ ජල සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් පෞද්ගලික ආයතනයක් විසින් ගෙන්වූ ගුදම් නිදහස් කිරීමේදී ව්‍යාජව සැකසූ දේශීය තොරතුරු ඉදිරිපත් කිරීම මගින් අදාළ ආයතනයට සැලසුණු මූල්‍ය වාසිය පිළිබඳ කෝපා කමිටුවේ අවධානය යොමු විය. මේ අනුව අදාළ පෞද්ගලික ආයතනය ඇ.ඩො. 5,139,621 ක් ලෙස ගුදම්ගත කර තිබූ භාණ්ඩ නිදහස් කිරීමේදී දේශීයව සැකසූ ව්‍යාජ ලේඛන මගින් ඇ.ඩො. 6,350,364 ක් ලෙස වටිනාකම දක්වා ඇ.ඩො. 1,210,743ක් අදාළ ආයතනයට වැඩි පුර ලබාගැනීමට අවස්ථාව ලබා දී තිබුණි. මේ අනුව මේ සම්බන්ධයෙන් මාසයක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස කෝපා කමිටුව නිර්දේශ කරන ලදි.
එසේම ශ්‍රී ලංකා රේගුව නව තාක්ෂණය හඳුන්වාදීමේ තත්ත්වය පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය. මේ අනුව පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ මේ වන විට “අසිකුඩා” නම් පද්ධතියක් දත්ත පවත්වාගෙන යාමට භාවිතා කරන බවත් එය රැමිස් පද්ධතිය හා සම්බන්ධව පවතින බවත්ය. එසේම නව තාක්ෂණ පද්ධතියක් ඉදිරියේදී හඳුන්වාදීමට කටයුතු කරන බවත්ය.
තවද රේගු ආඥා පනත සංශෝධනය සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳවද මෙහිදී අවධානය යොමුවූ අතර පැමිණි නිලධාරීන් සඳහන් කළේ 2024 ජනවාරි මස මේ සම්බන්ධයෙන් වන සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.
එසේම නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයට ගල් අගුරු ගෙනඒමේදී නිවැරදි තොරතුරු අනාවරණය නොකිරීම හේතුවෙන් අඩුවෙන් අයකර තිබූ රු. මිලියන 187 කට ආසන්න වැට් බද්ද නැවත අයකරගැනීමට සිදු කළ රේගු විමර්ශනයෙන් වැට් බද්ද අතිරේක බද්දක් ලෙස අයකර නොගෙන රු. මිලියන 205ක දණ්ඩනයක් පනවා එම ලැබුණු මුදලෙන් 70%ක් නිලධාරීන්ගේ ත්‍යාග හා සුභසාධන වෙනුවෙන් වෙන්කිරීම පිළිබඳ කමිටුව නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරන ලදි. මේ අනුව නිලධාරීන් පෙන්වා දුන්නේ මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කොට මෙවැනි කරුණු නැවත නොවන ආකාරයේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට මේ වන විට සාකච්ඡා ආරම්භ කොට ඇති බවයි.
රේගු නිලධාරීන් සේවයට වාර්තා කිරීම සම්බන්ධයෙන් අඟිලි සලකුණු සටහන් යොදාගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා සිදු වූ අතර නිලධාරීන් පෙන්වා දුන්නේ ඉතාමත් රහසිගත මෙහෙයුම් සිදු කිරීමේදී සහ ප්‍රායෝගික තත්ත්වයේදී ඇතැම් මෙහෙයුම් සිදු කිරීමේදී ඇගිල සලකුණු සටහන් කිරීම අපහසු තත්ත්වයක් පවතින බවයි. මෙහිදී එවැනි වැදගත් මෙහෙයුම්වලදී ලිඛිත සටහනක් යෙදීමට අනෙකුත් සාමාන්‍ය රාජකාරීවලදී ඇඟිලි සලකුණ යෙදීමටත් කෝපා කමිටුව යෝජනා කළේය.
ආනයනය සහ අපනයනය කරන බහාලුම් පරීක්ෂා කිරීමට මිලදීගත් ස්කෑනර් යන්ත්‍රය මගින් අපේක්ෂිත සැලසුම්වලට ලඟාවීමට නොහැකිවීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය. මේ අනුව මේ සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් කෝපා කමිටුවට ලබා දෙන ලෙස කමිටුව නිර්දේශ කළේය.
එසේම රේගුව සන්තකයේ ඇති නිදහස් නොකළ වාහන සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා විය.
මෙම කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු ප්‍රසන්න රණවීර, ගරු සුරේන් රාඝවන්, ගරු ඩයනා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු තිස්ස අත්තනායක, ජේ.සී. අලවතුවල, ගරු වීරසුමන වීරසිංහ, ගරු ඉසුරු දොඩන්ගොඩ, ගරු සහන් ප්‍රදීප් විතාන සහ ගරු (ආචාර්ය) මේජර් ප්‍රදීප් උඳුගොඩ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
2026-09-18
2026-09-18
දිත්වා සුළි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තා කිරීමටත්, ඒ පිළිබඳ යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් මෙම ආපදා අවස්ථාවේදී පළාත් පාලන ආයතනවල සම්බන්ධීකරණය සිදු වූ ආකාරය විමසා බැලීම සඳහා ප්‍රාදේශීය සභා සහ නගර සභා නියෝජිතයන් කාරක සභාවට කැඳවීමට තීරණය කරන ලදී.විශේෂයෙන්, ආපදා අවස්ථාවේදී ප්‍රාදේශීය සභා සහ නගර සභා ඇතුළු පළාත් පාලන ආයතන නිල සන්නිවේදන හා සම්බන්ධීකරණ ක්‍රියාවලියට සම්බන්ධ වූ ආකාරය පිළිබඳව වැඩිදුර විමර්ශනය කිරීමේ අවශ්‍යතාව කාරක සභා සාමාජිකයින් මෙහිදී පෙන්වා දුන්හ.ගරු අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (සැප්. 10) රැස් වූ කාරක සභාවේදී, මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවල ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳව ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවේ සාමාජිකයින් සහ මහනුවර, මාතලේ දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් කරුණු විමසා බැලීය.ඒ අනුව, 2025 නොවැම්බර් මස 23 සිට 27 දක්වා කාලය තුළ මෙම ප්‍රදේශවල ඇති වූ අධික වර්ෂාපතනය, නායයෑම් සහ ගංවතුර තත්ත්වයන් හමුවේ පූර්ව අනතුරු ඇඟවීම්, රාජ්‍ය ආයතන අතර සන්නිවේදනය සහ හදිසි ප්‍රතිචාර ක්‍රියාවලිය පිළිබඳව මෙහිදී කාරක සභාවේ අවධානය යොමු විය.එමෙන්ම, හදිසි ආපදා අවස්ථාවලදී අනුගමනය කළ යුතු විධිමත් ලිඛිත ක්‍රියා පටිපාටි සකස් කිරීම, ආපදා පෙරහුරු නිතිපතා පැවැත්වීම සහ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති තවදුරටත් කාර්යක්ෂම කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මේජර් ජනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර සහ ඇන්ටන් ජයකොඩි යන මහත්වරුන් ද, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ අනුරාධ ජයරත්න, රෝහිණී කුමාරි විජේරත්න, කන්දසාමි ප්‍රභු, රුවන් මාපලගම සහ වෛද්‍ය පත්මනාදන් සත්‍යලිංගම් යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.
2026-09-17
ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සම්පත් ගවේෂණය සහ සංවර්ධනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම හා අදාළ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා වන නියෝගයට බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමි විය. වරාය සහ සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (සැප්. 11) පැවති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී මෙම අනුමැතිය ලැබිණි.2021 අංක 21 දරන ඛනිජ තෙල් සම්පත් පනතේ 17 වැනි වගන්තිය සමඟ කියවිය යුතු එම පනතේ 48 වැනි වගන්තිය යටතේ බලශක්ති අමාත්‍යවරයා විසින් සාදන ලද සහ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද මෙම නියෝගය, 2026 ජූලි 16 දිනැති අංක 2497/37 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර තිබිණි.මෙම නියෝගය මඟින් හඳුනාගත් බිම් කොටස් එකක් හෝ වැඩි ගණනක් තුළ ඛනිජතෙල් සම්පත් ගවේෂණය කිරීමට හෝ සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන තැනැත්තෙකු, ආයෝජන යෝජනාවක්, අදාළ ලංසු කැඳවීමේ නිශ්චිතව දක්වා ඇති පරිපාලන ගාස්තු ගෙවීමක් සමඟ ඉදිරිපත් කළ යුතුය.මෙම රැස්වීමට බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2026-09-17
විශ්වවිද්‍යාලවල සිදු වන නවක වදය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු පිළිබඳව වින්දිත සිසුන් තුළ විශ්වාසයක් ඇති වන ආකාරයෙන් විශ්වවිද්‍යාල මඟින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බව ආචාර්ය හරිනි අමරසූරිය, ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය අවධාරණය කළාය.අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවති අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ අනුකාරක සභා රැස්වීමේදී මේ පිළිබඳව අවධානය යොමු විය.උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ, විශේෂයෙන් විශ්වවිද්‍යාලවල පවතින පුරප්පාඩු පිරවීම සහ නවක වදය සම්බන්ධ සිදුවීම් පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.විශ්වවිද්‍යාලවල නවක වදය පාලනය කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල වෙත සදාචාරාත්මක වගකීමක් පවතින බවත්, නවක වදයට ලක් වන සිසුන්ට විශ්වවිද්‍යාලවල පවතින විමර්ශන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විශ්වාසයක් ඇති විය යුතු බවත් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.ඒ අනුව, නවක වදය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු කාර්යක්ෂම හා ඵලදායී විය යුතු අතර, වින්දිත සිසුන්ට කඩිනමින් සහනයක් ලබා දිය හැකි වන පරිදි එම කටයුතු සිදුකළ යුතු බව ද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.එමෙන්ම, විශ්වවිද්‍යාලවල පවතින පුරප්පාඩු පිරවීම සඳහා අමාත්‍යාංශය මඟින් අනුමත කර ඇති පත්වීම් මෙතෙක් සිදුකර නොමැති වීම සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යවරිය විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ගෙන් විමසා සිටියාය. අනුමත කර ඇති පුරප්පාඩු කඩිනමින් පිරවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද අග්‍රාමාත්‍යවරිය එහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නාය.මෙම රැස්වීමට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය ගරු ආචාර්ය උපාලි පන්නිලගේ, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුගත් රත්නායක යන මහත්වරුන් ඇතුළු විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු නියෝජිතයින් රැසක් සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks

