පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ගෙන යන වැඩපිළිවෙළ මෙරට රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට හේතු වී ඇති බවත් ඒ වෙනුවෙන් කැපවී කටයුතු කරන එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඇතුළු සියලුදෙනාට තම කෘතඥතාව පිරිනමන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ගරු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේ වාර්තාවලට අනුව 2019 සහ 2020 වර්ෂවල ඉහළ කාර්යසාධන මට්ටමක් ළඟාකරගත් ආයතන 65ක් සඳහා රන් සහ රිදී සම්මාන පිරිනැමීමේ උත්සවයට සහභාගී වෙමිනි.
ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතාගේ හා කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ සභභාගිත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම උත්සවය අද (ජූලි 18) සිදු විය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ හරිත ආර්ථිකයක්, ඩිජිටල්කරණය සහ නව්‍යකරණය සමඟ ආර්ථිකය ඉදිරියට ගෙන යාම පැරණි ක්‍රමවේද අනුව සිදු කළ නොහැකි බවයි. එහිදී සියලු රාජ්‍ය ආයතන එක අරමුණක් සහ එක් සැලැස්මක් ඔස්සේ එකම ඒකකයක් ලෙස කටයුතු කිරීමේ අවශ්‍යතාවයද එතුමා අවධාරණය කළේය.
එසේම රාජ්‍ය වියදම් පාලනය, සෑම රුපියලකටම උපරිම වටිනාකමක් ලබාගැනීම, ආදායම් ඉහළ නංවා ගැනීම සහ රටේ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කර ගැනීම යන මූල්‍ය වැඩපිළිවෙළ ඔස්සේ රට ඉදිරියට ගෙන යා යුතු බවත්, ඒ සඳහා ශක්තිමත් පරිපාලන යාන්ත්‍රණයක් රටට අවශ්‍ය බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.
තවද ශක්තිමත් ආර්ථිකයක් ඇති කර ගැනීම වෙනුවෙන් කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරීත්වයට (RCEP) ඇතුළත්වීම මෙන්ම ඉන්දියාව සමග පවතින සබඳතා පුළුල් කර ගැනීමේ වැදගත්කමද ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
එසේම මෙහිදී අදහස් දැක්වූ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ලසන්ත අලගියවන්න මහතා ජයග්‍රහණ ලබාගත් සියලුම රාජ්‍ය ආයතනවලට සුබපැතුම් එක් කළ අතර 2015 වසරට වඩා අද වන විට රාජ්‍ය ආයතනවල සියයට 98කට වැඩි ප්‍රමාණයක විශාල ප්‍රගතියක් දක්නට ලැබෙන බවද පැවසීය.
මෙහිදී රාජ්‍ය, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල පොදු ගිණුම් තැබීමේ ක්‍රම, මූල්‍ය පාලනය සහ කාර්ය සාධනය පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් සකස්කර, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කරනු ලබන පරිගණක ජාලගත ක්‍රමය මගින් වාර්ෂිකව ඇගයෙන අතර, ඒ අනුව විගණකාධිපතිවරයා විසින් විශ්ලේෂණය හා විමර්ශනය කොට, සිදු කළ ඇගයීම් අනුව ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කළ රාජ්‍ය ආයතන මෙලෙස සම්මානයට පාත්‍ර විය.
ඒ අනුව, රාජ්‍ය ආයතන 833 ක් ඇගයීමට ලක් වූ අතර, 2019 වර්ෂයේදී ඉන් තෝරාගත් ආයතන 15 ක් වෙත රන් සම්මාන සහ ආයතන 30ක් වෙත රිදී සම්මාන ද, 2020 වර්ෂයේදී තෝරාගත් ආයතන 15 ක් වෙත රන් සම්මාන සහ ආයතන 30ක් වෙත රිදී සම්මාන බැගින් සමස්ත සම්මාන 90 ක් පිරිනැමීම ගරු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
රජයේ අමාත්‍යාංශ, රජයේ දෙපාර්තමේන්තු, රජයේ විශේෂිත වියදම් ඒකක, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, පළාත් සභා අරමුදල්, පළාත් අමාත්‍යාංශ/දෙපාර්තමේන්තු/විශේෂිත වියදම් ඒකක, පළාත් සභා ව්‍යවස්ථාපිත ආයතන, මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා යන අංශ යටතේ මෙම සම්මාන පිරිනැමුණි.
අටවැනි පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සංකල්පයකට අනුව රජයේ ආයතනවල මූල්‍ය හා කාර්ය සාධනය ක්‍රමවත් කිරීමේ අරමුණින් රාජ්‍ය, පළාත් සභා සහ පළාත් පාලන ආයතන ඇගයීමේ පරිගණක ජාලගත වැඩසටහන 2015 මුදල් වර්ෂය පදනම් කරගෙන 2016 වර්ෂයේදී ආරම්භ කළේය.
මෙම සම්මාන ප්‍රදානෝත්සවය සඳහා Zoom තාක්ෂණය ඔස්සේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, පළාත් සභා යටතේ පවතින ආයතන සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතන 1000 කට අධික ප්‍රමාණයක් සම්බන්ධ වීම සිදු විය.
මෙම අවස්ථාවට නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිර්වර්ධන, විගණකාධිපති ඩබ්ලිව්. පී. සී. වික්‍රමරත්න, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර ඇතුළු මහත්ම මහත්මීහු පිරිසක් එක්ව සිටියහ.
2026-10-21
2026 ඔක්තෝබර් 20 දිනැති තම නිවේදනයේ සඳහන් පෙත්සම් තිහට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්යවස්ථාව අනුව, “ශ්‍රී ලංකා ක්රිකට්” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද තවත් පෙත්සම් තුනක පිටපත්, තමා වෙත ලැබී ඇති බව ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (ඔක්. 21) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.එමෙන්ම, 2026 ඔක්තෝබර් 07, 08 සහ 20 දිනැති නිවේදනවල සඳහන් පෙත්සම් විසි පහට අමතරව, “ත්රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද තවත් පෙත්සම් එකොළහක පිටපත් සහ “ආගමන” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් තමා වෙත ලැබී ඇති බව කථානායකවරයා දැනුම් දුන්නේය.
2026-10-20
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා සහ ආර්ථික සංවර්ධන ගරු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා මේ මස 13 වැනිදා සිට 15 වැනිදා දක්වා බෙල්ජියමේ බ්රසල්ස් නුවර සංචාරයක නිරත වූහ. යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව අතර 12 වැනි අන්තර් පාර්ලිමේන්තු රැස්වීමට (IPM) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීම සහ ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයකට එක්වීම මෙම සංචාරයේ අරමුණ විය.යුරෝපා පාර්ලිමේන්තුවේ දකුණු ආසියානු රටවල් සමඟ සබඳතා පිළිබඳ නියෝජිත කණ්ඩායමේ සභාපති Șerban-Dimitrie Sturdza මහතා සහ ගරු කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතාගේ සම සභාපතිත්වයෙන් පැවති මෙම රැස්වීම ඔක්තෝබර් 15 වැනිදා බ්රසල්ස් නුවරදී සාර්ථකව අවසන් විය.ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා, බෙල්ජියම, ලක්සම්බර්ග් සහ යුරෝපා සංගමය සඳහා ශ්‍රී ලංකා තානාපති චන්දන වීරසේන මහතා සහ බ්රසල්ස්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමට ඇතුළත් වූහ.ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුව පිහිටුවීමෙන් අනතුරුව පැවති පළමු යුරෝපා සංගමය - ශ්‍රී ලංකා අන්තර් පාර්ලිමේන්තු රැස්වීම මෙය වීම විශේෂත්වයකි. මෙම රැස්වීම දෙපාර්ශ්වය අතර පාර්ලිමේන්තු සබඳතාවල වැදගත් සන්ධිස්ථානයක් වූ අතර, අඛණ්ඩ සංවාදය සහ සහයෝගීතාව ශක්තිමත් කිරීමට දෙපාර්ශ්වයේම කැපවීම එහිදී යළි තහවුරු කෙරිණි.මෙහිදී යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව අතර දේශපාලන හා ආර්ථික සබඳතා, ජී.එස්.පී. ප්ලස් (GSP+) සහනය, යහපාලනය සහ නීතියේ ආධිපත්‍යය ඇතුළු කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කෙරිණි. එමෙන්ම යුක්රේනයේ සහ මැදපෙරදිග තත්ත්වය, ඉන්දු–පැසිෆික් කලාපයේ වර්ධනයන්, සමුද්රීය සහයෝගීතාව, වෙළෙඳාම, ආයෝජන, තිරසර සංවර්ධනය, සම්බන්ධතා වර්ධනය සහ දෙරටේ ජනතාව අතර සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව ද අවධානය යොමු විය.සංගමයේ සම සභාපති Șerban-Dimitrie Sturdza මහතා සහ යුරෝපා පාර්ලිමේන්තු මන්ත්රීවරු ශ්‍රී ලංකාව විවිධ අභියෝග හමුවේ පෙන්නුම් කර ඇති ඔරොත්තු දීමේ හැකියාව අගය කළහ. දිත්වා සුළි කුණාටුවේ බලපෑම සහ මැදපෙරදිග නොසන්සුන් තත්ත්වය හේතුවෙන් ඇති වූ බලශක්ති අර්බුදය ඇතුළු අභියෝග මධ්යයේ වුව ද ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ධනාත්මක ආර්ථික වර්ධනය පිළිබඳව ද ඔවුහු ප්රශංසාව පළ කළහ.දිත්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවට යුරෝපා සංගමය ලබා දුන් මූල්‍ය හා මානුෂීය ආධාර පිළිබඳව ගරු කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා සිය ස්තුතිය පළ කළේය. හදිසි සහනාධාර සැපයීම, ආපදා තත්ත්වය තක්සේරු කිරීමට සහාය වීම සහ යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සඳහා ලබා දුන් සහාය ද ඒ මහතා අගය කළේය.එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ශ්‍රී ලංකාව කටයුතු කිරීමේදී සහ පැරිස් සමාජය (Paris Club) සමඟ ණය ප්රතිව්යුහගත කිරීමේ ක්රියාවලියේදී යුරෝපා සංගමය ලබා දුන් සහාය ද කථානායකවරයා සිහිපත් කළේය. පවතින භූ දේශපාලනික අභියෝග හමුවේ ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අමතර සහාය ලබා දෙන ලෙස ද ඒ මහතා ඉල්ලා සිටියේය.1995 වසරේදී අත්සන් කරන ලද යුරෝපා සංගමය–ශ්‍රී ලංකා සහයෝගීතා ගිවිසුම යටතේ දෙපාර්ශ්වයේ සබඳතා සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති බව පෙන්වා දුන් කථානායකවරයා, එම සබඳතා තවදුරටත් ඉහළ මට්ටමකට ගෙන යාමට කාලය එළඹ ඇති බව අවධාරණය කළේය.ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආර්ථික හවුල්කරුවකු ලෙස යුරෝපා සංගමය වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව දෙපාර්ශ්වයම පිළිගත්හ. ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන වෙළෙඳපොළක් සහ සංවර්ධන හවුල්කරුවකු ලෙස යුරෝපා සංගමය සමඟ පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා යුරෝපා පාර්ලිමේන්තුව සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අතර අඛණ්ඩ සම්බන්ධතාව පවත්වාගෙන යාමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.මෙම සංචාරය අතරතුර යුරෝපා පාර්ලිමේන්තුවේ දකුණු ආසියානු රටවල් සමඟ සබඳතා පිළිබඳ නියෝජිත කණ්ඩායම විසින් ශ්‍රී ලංකා නියෝජිත පිරිස වෙනුවෙන් නිල රාත්රී භෝජන සංග්රහයක් ද පවත්වන ලදී.ගරු කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා යුරෝපා පාර්ලිමේන්තුවේ උප සභාපති Younous Omarjee මහතා ඇතුළු ඉහළ පෙළේ නියෝජිතයන් සමඟ ද සාකච්ඡා පැවැත්වීය. යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා, නිතිපතා සාකච්ඡා පැවැත්වීමේ ක්‍රමවේද සහ ඉදිරියේදී සහයෝගීතාව වර්ධනය කළ හැකි ක්ෂේත්‍ර පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.යුරෝපා පාර්ලිමේන්තුවේ දකුණු ආසියානු රටවල් සමඟ සබඳතා පිළිබඳ නියෝජිත කණ්ඩායම විසින් කථානායකවරයා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිසට යුරෝපා පාර්ලිමේන්තුවේ සංචාරයක් ද සංවිධානය කරන ලදී. එහිදී පාර්ලිමේන්තු කාරක සභා රැස්වීමක් නිරීක්ෂණය කිරීමට ද අවස්ථාව සැලසිණි.කථානායකවරයා බෙල්ජියම් ෆෙඩරල් පාර්ලිමේන්තුවේ ද සංචාරය කළ අතර, එහි නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සභාපති Peter De Roover මහතා සහ එම මණ්ඩලයේ මන්ත්‍රීවරුන් හමු විය.2024 ජනාධිපතිවරණයේදී සහ පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාව ලබා දුන් ජනවරමෙන් පසු ශ්‍රී ලංකාවේ දේශපාලන, ආර්ථික හා සමාජීය ක්ෂේත්‍රවල පරිවර්තනයක් ඇති කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ, රටේ වත්මන් දේශපාලන ස්ථාවරත්වය සහ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව කථානායකවරයා මෙහිදී පැහැදිලි කළේය.විවිධ අවස්ථාවලදී ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳව බෙල්ජියම් රජයට ස්තුතිය පළ කළ කථානායකවරයා, ඉහළ පෙළේ ද්විපාර්ශ්වික සංචාරයක් සඳහා බෙල්ජියම් නියෝජිත පිරිසකට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ද ආරාධනා කළේය. 2028 වසරේදී දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 75ක් සපිරීමට නියමිත බැවින්, එවැනි සංචාරයක් දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට වැදගත් අවස්ථාවක් වනු ඇති බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අමාත්‍ය මදූසංක ජයසිංහ මහතා, වාණිජ අමාත්‍ය තවිෂ්යා මුල්ලේගමගොඩ මහත්මිය සහ අමාත්‍ය දිලිනි ලෙනගල මහත්මිය ද යුරෝපා සංගමය–ශ්‍රී ලංකා 12 වැනි අන්තර් පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වූ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමට ඇතුළත් වූහ.
2026-10-20
ශ්‍රී ලංකාවේ බහු ආගමික සහජීවනය සංකේතවත් කරමින්, නවරාත්රී පූජෝත්සවය ආචාර්ය හරිනි අමරසුරිය ගරු අග්රාමාත්යවරිය සහ වෛද්‍ය ජගත් වික්‍රමරත්න ගරු කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (ඔක්. 20) පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී උත්සවාකාරයෙන් සමරනු ලැබීය. ගරු කථානායකවරයාගේ උපදෙස් මත, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ, හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් මෙම උත්සවය සංවිධානය කරන ලදී.ඒ අනුව අද පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී නවරාත්රී පූජෝත්සවය සැමරීම ආරම්භ කරමින් හින්දු පූජකවරු ආගමික චාරිත්ර වල නිරත වූහ. එමෙන්ම මෙම අවස්ථාව ආශීර්වාදාත්මක නර්තනාංග කිහිපයකින් වර්ණවත් විය.ආචාර්ය හරිනි අමරසුරිය ගරු අග්රාමාත්යතුමිය මෙහිදී අදහස් දක්වමින්, යහපත් සිතිවිල්ලෙන් සිදු කරනු ලබන මෙම පූජෝත්සවය සමස්ත රටටම ආශීර්වාදයක් වන බව පවසා සිටියේය. එසේම අන්ය සංස්කෘතීන්ට ගරු කරන ආගමික සහ සංස්කෘතික සහජීවනය තුළින් වඩාත් යහපත් රටක් ඇති කිරීමට හැකි බවත් ඇය පෙන්වා දුන්නාය.මෙහිදී අදහස් දක්වමින් ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා, හින්දු විශ්වාසයට අනුව දුර්ගා දේවියගේ ආශිර්වාදයෙන් අයහපත දුරුවී, ලක්ෂ්මි දේවියගේ ආශීර්වාදයෙන් යස ඉසුරින් ආඪ්ය වී සරස්වතියගේ ඇල්ම බැල්මෙන් ප්රඥාව දියුණු වීම ප්රාර්ථනා කරන බවත් සඳහන් කළේය. එසේම සියලු දෙනාගේම දායකත්වයෙන් කිසිදු භේදයකින් තොරව මෙවැනි සැමරුම් සංවිධානය කිරීම ආදර්ශයක් බවත් කථානායකවරයා පැවසීය.භක්තියෙන් සමරනු ලබන හින්දු ආගමික උත්සවයක් ලෙස නවරාත්රී උත්සවය හැඳින්වෙන අතර මේ උත්සවය සෑම වසරකම ඔක්තෝබර් මස මුලදී සමරනු ලැබේ. මෙම පූජෝත්සවය පුරා දින 9ක් රාත්රී භාගයේ දෙවියන් වෙනුවෙන් පවත්වන හෙයින් " නවරාත්රී " උත්සවය ලෙස නම් කොට ඇත. පළමු දින තුනේදී දුර්ගා දේවිය වෙනුවෙන් පුද පූජා පවත්වන අතර සියලු දුර්ගුණ, නපුර සහ දෝෂ දුරු කිරීමේ බලය ඇය සතුය. ඊළඟ තෙදින තුළ පුදනු ලබන්නේ තමන්ගේ බැතිමතුන් වෙත නොනැසෙන සම්පත සහ යස ඉසුර ලබා දෙන්නී සේ සැලකෙන ලක්ෂ්මී දේවියයි. ප්රඥාවේ දේවතාවිය සේ සලකන සරස්වතිය නමදිනු ලබන්නේ අවසන් තෙදින තුළය. මෙකී දින 09න් පසු 10වන දිනයේදී පූජාවක් පැවැත්වෙන අතර එය “විද්යා ආරම්භම්” ලෙස හඳුන්වයි. එම පූජාව අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීම සංකේතවත් කරමින් කරනු ලබන පූජාවක් ලෙස සැළකේ.මේ අවස්ථාව සඳහා හින්දු ආගමික පුජකතුමන්ලා, ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි, නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, සෞඛ්ය සහ ජනමාධ්ය ගරු අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ගරු අමාත්‍ය (ආචාර්ය) හිනිදුම සුනිල් සෙනෙවි, ධීවර, ජලජ සහ සාගර සම්පත් ගරු අමාත්‍ය රාමලිංගම් චන්ද්රසේකර්, වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්රදීප්, විපක්ෂයේ ගරු ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක යන මහත්ම මහත්මීහූ ඇතුළු මැති ඇමතිවරු පිරිසක් සහභාගී වූහ. එසේම පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය, සහකාර මහ ලේකම් හංස අබේරත්න යන මහතා ඇතුළු පාර්ලිමේන්තු කාර්යමණ්ඩලය ද අනුබද්ධ කාර්ය මණ්ඩල සහ පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ නියෝජනය කරන නිලධාරී මහත්ම මහත්මීන් පිරිසක් ද මෙම උත්සවයට සහභාගී වූහ.
2026-10-19
දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (ඔක්. 19) සිය සහතිකය සටහන් කළේය.මෙම පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා 2026.08.19 දින ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්යතුමිය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර පනත් කෙටුම්පත සම්බන්ධව 2026.10.08 වැනි දින දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වුණු අතර, එහිදී සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.ඒ අනුව මෙම පනත මගින්, 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක කිරීමේදී හඳුනාගෙන ඇති නීතිමය, අර්ථ නිරූපණය සම්බන්ධ, පරිපාලනමය සහ තාක්ෂණික ගැටලු, සිංහල සහ ඉංග්රීසි පනත් පාඨ අතර පවතින නොගැළපීම්, දූෂණ වැරදි සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමේ සහ නඩු පැවරීමේ ගැටලු, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාවේ පරිපාලන කටයුතු මෙන්ම මධ්යගත ඉලෙක්ට්රොනික පද්ධතියක් ඔස්සේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීම අරමුණු කෙරේ. මෙම සංශෝධන මඟින් දූෂණයට එරෙහිව කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ පවතින නීතිමය හා ආයතනික රාමුව තවදුරටත් ශක්තිමත් කිරීමටත්, දූෂණ විරෝධී පනත ඵලදායීව, විනිවිදභාවයෙන් සහ වගකීමෙන් යුතුව ක්‍රියාත්මක කිරීම සහතික කිරීමටත් අපේක්ෂිතය.ඒ අනුව දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත, 2026 අංක 25 දරන දූෂණ විරෝධී (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks
සම්මානලාභීන්




