පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2023-03-09
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරයේ, ආචාරධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු චමල් රාජපක්ෂ මහතා නිතරඟයෙන් ඊයේ (මාර්තු 08) තේරී පත්විය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අලි සබ්රි රහීම් මහතා චමල් රාජපක්ෂ මහතාගේ නම සභාපතිවරයා ලෙස යෝජනා කළ අතර රාජ්‍ය අමාත්‍ය ගරු විජිත බේරුගොඩ මහතා එය ස්ථිර කළේය.
මේ අනුව නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේදී කමිටුවට ඉදිරිපත් වී අවසන් කිරීමට නොහැකි වූ කරුණු කිහිපයක් පිළිබඳ ඉදිරියේදී සලකා බැලීමසම්බන්ධයෙන් සාකච්ඡා වූ අතර මාධ්‍ය ආයතන ප්‍රධානීන් වෙනුවෙන් මෙම කමිටුවේ සම්බන්ධීකරණයෙන් වැඩමුලුවක් පැවැත්වීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.
එසේම ආචාරධර්ම සහ වරප්‍රසාද සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත් කිරීමේ වැඩමුලුවක් පැවැත්වීමටද කාරක සභාවේදී තීරණය විය.
මෙම කාරකසභාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු කණක හේරත්, ගරු අනුරාධ ජයරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු ජයන්ත කැටගොඩ, ගරු ජී. ජී. පොන්නම්බලම්, ගරු කෝකිලා ගුණවර්ධන සහ ගරු සමන්ප්‍රිය හේරත් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
2026-02-16
ක්ෂුද්‍රමුල්‍ය හා ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බලා අනුමත කරන ලදී.ඒ එම කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් සහ ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න මෙනවිය, නිශාන්ත ජයවීර, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන නීතිඥ රවුෆ් හකීම්, නිමල් පලිහේන යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් 2026.02.10 වන දින පාර්ලිමේන්තුවේදී රැස්වු අවස්ථාවේදීය.ශ්‍රී ලංකා ක්ෂුද්‍රමුල්‍ය සහ ණය නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීම, මුදල් ණයට දීමේ ව්‍යාපාරය සහ ක්ෂුද්‍රමුල්‍ය ව්‍යාපාරය නියාමනය කිරීම, මුදල් ණයට දීමේ ව්‍යාපාරය සහ ක්ෂුද්‍ර මුල්‍ය ව්‍යාපාරයේ ගනුදෙනුකරුවන්ට ආරක්ෂාව සැපයීම සඳහා සහ 2016 අංක 6 දරන ක්ෂුද්‍රමුල්‍ය පනත ඉවත් කිරීම සහ ඒ හාය සම්බන්ධ හෝ ඊට අනුෂාංගික කරුණු සඳහා විධි විධාන සැලැස්වීම අරමුණු කොටගෙන මෙම ක්ෂුද්‍ර මුල්‍ය හා ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත සකස් කර ඇත.2024 වසරේ ඉදිරිපත් කරන ලද මෙහි මුලික කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් වූ අතර එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙන්වා දුන් ව්‍යවස්ථානුකූල නොගැලපීම් මෙම නව පනත් කෙටුම්පත මගින් විසඳා ඇති බවට පෙනී යන බව මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා පැවසීය. සියලු පාර්ශ්වවල අදහස් ලබාගෙන සකස් කර ඇති මෙම ක්ෂුද්‍රමුල්‍ය හා ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පතට කාරක සභාවේ ප්‍රසාදය හිමිවිය.මෙම පනත් කෙටුම්පත මගින් පිහිටවනු ලබන අධිකාරියක් මගින් මුදල් ණයට දීමේ ව්‍යාපාරයේ සහ ක්ෂුද්‍ර මුල්‍ය ව්‍යාපාරයේ යෙදී සිටින තැනැත්තන් සඳහා බලපත්‍ර දීම සහ ඔවුන් නියාමනය කිරීම සිදු කරනු ලබන අතර මෙම අධිකාරිය අධ්‍යක්ෂ මණ්ඩලයක් විසින් පාලනය කරනු ලබයි. අධිකාරිය විසින් ප්‍රදානය කරන බලපත්‍රයක් ඇතිව මිස, යම් තැනැත්තකු විසින් මුදල් ණයට දීමේ ව්‍යාපාර සිදු නොකළ යුතු බව දක්වා ඇති බව පනත් කෙටුම්පත පිළිබඳව කරුණු ඉදිරිපත් කරමින් නිලධාරීහු මෙහිදී පැවසුහ.මාර්ගගත ආකාරයට ණය මුදල් ලබාදීමේ ක්‍රියාවලිය මෙම අධිකාරිය යටතේ නියාමනයට ලක්වන්නේද යන්න කාරක සභාව නිලධාරීන්ගෙන් වීමසීය. ඒ අනුව මාර්ගගත ආකාරයට ද ණය මුදල් ලබාදීම සිදු කළ හැක්කේ බලපත්‍ර සහිතවුන්ට පමණක් බව නිලධාරීහු පැවසූහ. එමෙන්ම ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීම මෙම පනතකෙටුම්පත මගින් ප්‍රධාන වශයෙන් සිදු කර ඇති බවද නිලධාරීහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුහ.ප්‍රජා මූලික මූල්‍ය ආයතන සඳහා ලිහිල් නියාමන ගාස්තු හෝ සරල අනුකූලතා අවශ්‍යතා හඳුන්වා දීමෙන් ඔවුන්ගේ සමාජ සවිබල ගැන්වීමේ භූමිකාව මෙම පනත් කෙටුම්පත තුළ ආවරණය වීම පිළිබඳව මෙන්ම ප්‍රායෝගික මෙහෙයුම් ගැටලු සහ පාරිභෝගික ආරක්ෂාව යනාදී තවදුරටත් අවධානය යොමු කළ යුතු ක්ෂේත්‍ර පිළිබඳවද කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.ඊ - වාණිජ්‍ය ව්‍යාපාරිකයින් (e-Commerce Operators) වැනි ඇතැම් ණය දෙන්නන් මෙම පනත යටතට ඇතුළත් නොවන බව නිලධාරීහු අදහස් දක්වමින් පැවසුහ.නීති සම්පාදනය සම්බන්ධයෙන් පවතින අවිශ්වාසය සහ අවිනිශ්චිතතාව සැලකිල්ලට ගෙන මහජන සහ සියලු පාර්ශ්වකරුවන් දැනුවත් කිරීම සඳහා ඵලදායී සන්නිවේදන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස කාරක සභාව විසින් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට නිර්දේශ ලබා දෙන ලදී. මෙහිදී පළමු පියවර ලෙස නිතර අසනු ලබන ප්‍රශ්න(FAQ) ඇතුළත් ලේඛනයක් ප්‍රකාශයට පත් කිරීම යෝග්‍ය බව ද කාරක සභාව දැනුම් දෙන ලදී.ණය සහ තැන්පතු යන දේඅංශයේ ම උපරිම පොලී අනුපාත නියම කිරීමට අධිකාරියට ව්‍යවස්ථාපිත බලතල හිමිවන බැවින්, ක්ෂුද්‍රමුල්‍ය ආයතන විසින් ඉතිරි කිරීමේ හා ණය දීමේ කටයුතු සඳහා භාවිතා කරන විවිධ මුල්‍ය මෙවලම් වල ස්වභාවය රැකෙන පරිදි බලතල ක්‍රියාත්මක කරන ලෙස කාරක සභාව නිලධාරීන්ට ප්‍රකාශ කරන ලදී.ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට බලතල පැවරීම පිළිබඳව ද කාරක සභාව දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී. එහි දී කුඩා ණය දෙන ආයතන අධිකාරිය සමග කටයුතු කිරීමේදී කොළඹට පැමිණීමට අවශ්‍ය නොවන බවත්, ඒ හා බැඳුණු කටයුතු (අයදුම්පත් හැසිරවීම, අනෙකුත් දෛනික කාර්යයන්) සඳහා සීමිත බලතල ප්‍රාදේශීය ලේකම් කාර්‌යාල මට්ටමට පැවරීමට කටයුතු සලසා ඇති බව නිලධාරීහු පැවසූහ. මෙම ක්‍රියාවලිය ඵලදායීව සහ කාර්යක්ෂමව සිදු කිරීම සඳහා අවශ්‍ය ශක්තිමත් තොරතුරු තාක්ෂණ පද්ධතියක් ලබා දීමේ අවශ්‍යතාවය කාරක සභාව අවධාරණය කරන ලදී.තවද මෙදින කාරක සභා රැස්වීමේදී (235 අධිකාරය වූ) රේගු ආඥාපනත යටතේ අංක 2464/15 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති යෝජනා සම්මතය සහ විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් තුනක් සලකා බලා අනුමත කරන ලදී.
2026-02-13
කොළඹ වරායේ සිට බහාලුම් 323 ක් අනිවාර්‌ය භෞතික පරීක්ෂණයට භාජනය කිරීමකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමටත් ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තෙවැනි දිනටත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ගරු අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතාගේ සභාපතීත්වයෙන් 2026.02.11 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්විය.ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා ඇතුළු ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් පිරිසක් කාරක සභාව වෙත කැඳවා තිබූ අතර සිද්ධියට අදාළ සාක්ෂි ලබා ගැනීම සිදුවිය.වරාය සහ සිවිල් ගුවන් සේවා ගරු අමාත්‍ය අනුර කරුණාතිලක මහතා මෙම කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී ඇති බව දැනුම් දී ඇති බවත් ඒ අනුව වෙනත් සාමාජිකයෙක් ඉදිරියේදී ඒ සඳහා පත්කරනු ඇති බවත් කාරක සභා සභාපතිවරයා සාක්ෂි විමසීම ආරම්භයට පෙර කාරක සභාවට දැනුම් දුන්නේය.කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් වන කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන ගරු නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල, බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන නීතිඥ දයාසිරි ජයසේකර, අජිත් පී. පෙරේරා, ඩී. වී. චානක, මුජිබුර් රහුමාන්, වෛද්‍ය නජිත් ඉන්දික සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.
2026-02-13
2029 වර්ෂය වන විට රටේ සෑම පුද්ගලයෙකුටම අධිවේගී අන්තර්ජාල (High-Speed Broadband) සබඳතාවක් ලබාදීමට සඳහා සැලසුම් කරන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ නිලධාරීහු පැවසූහ.එම නිලධාරීන් මේ බව පැවසුවේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සඳහා 2026 අයවැය ප්‍රතිපාදන වෙන්කිරීමට අදාළ ක්‍රියාකාරී සැලැස්ම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) ජනක සේනාරත්න මහතාගේ සභාපතිත්වයෙන් 2026.02.06 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මෙහිදී ජනාධිපති උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා රටේ සෑම පුද්ගලයෙකුටම අධිවේගී අන්තර්ජාල (High-Speed Broadband) සබඳතාවක් ලබාදීමට සැලසුම්කොට ඇති වැඩසටහන සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කාරක සභාව හමුවේ කරුණු ඉදිරිපත් කළේය. මෙහිදී ඔහු පෙන්වා දුන්නේ මෙම වසර තුළ නව දුරකථන සබඳතා කුළුණු 100 ක් සවි කිරීමට කටයුතු කරන බවයි. එසේම ජාතික අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම වෙනුවෙන් දුරකථන සම්බන්ධතා කුළුණු 600 - 1000 ක් අතර ප්‍රමාණයක් අවශ්‍ය වන බවත් එය පියවරෙන් පියවර සිදු කිරීමට කටයුතු කරන බවත් ඒ මහතා පැවසීය. එසේම ඒ මහතා අවධාරණය කළේ 98% පමණ අන්තර්ජාල ආවරණයන් මේ වන විට රටේ පැවතියද එය අධිවේගී අන්තර්ජාල (High-Speed Broadband) අවශ්‍යතාවයට සරිලන ආවරණයක් නොවන බවයි. මේ නිසා සෑම ළමයෙකුටම අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබාදීමට දැනට පවතින ධාරිතාව 25% කින් පමණ වැඩි කළ යුතු බව හාන්ස් විජේසූරිය මහතා පැවසීය. තවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ අන්තර්ජාල සම්බන්ධතාවලට අදාළ කුළුණු සම්බන්ධයෙන් වාණිජ මොඩලයක් සකස් කොට ඒ සඳහා ලංසු ඉදිරිපත්කිරීමට පෞද්ගලික අංශයටද අවස්ථාව දීමට සැලසුම් කරන බවයි. කොළඹින් පිට ප්‍රදේශවල ඩිජිටල් සාක්ෂරතාවය වර්ධනය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමු වූ අතර ඒ වෙනුවෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල මාර්ගයෙන් වැඩසටහන් සංවිධානය කිරීම සුදුසු බවටද යෝජනා විය.මීට අමතරව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සඳහා 2026 අයවැය ප්‍රතිපාදන වෙන්කිරීමට අදාළ ක්‍රියාකාරී සැලැස්ම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සහ ආයතන කිහිපයක වාර්ෂික වාර්තා හා කාර්යසාධන වාර්තා අනුමත කිරීම සිදු විය.මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දිම හෙට්ටිආරච්චි, ලසිත් භාෂණ ගමගේ, චතුර ගලප්පත්ති අබූබකර් අතම්බාවා සහ රුවන් විජේවීර යන මහත්වරු සහභාගී වූහ.
2026-02-13
දූත මණ්ඩල ප්‍රධානීන් සිව් දෙනෙකුගේ නාමයෝජනාවලට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි විය. ඒ ආචාර්ය හරිණි අමරසූරිය අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (පෙබ. 06) එම කාරක සභාව පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදීය. ඒ අනුව, ඊශ්‍රායල රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස නම් කරන ලද හොරණ මහවත්තේ ගෙදර සමන් කුමාර් චන්ද්‍රසිරි, කෙන්යා ජනරජයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස නම් කරන ලද වර්ණකුලසූරිය පීටර් රොහාන් ධම්මික ප්‍රනාන්දු, ලෙබනන් ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස නම් කරන ලද අනුර විතානගේ සහ පලස්තීන රාජ්‍යය සඳහා ශ්‍රී ලංකා නියෝජිත ලෙස නම් කරන ලද මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවුසර් යන මහත්වරුන්ගේ නාමයෝජනාවලට මෙලෙස පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි විය.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks

