කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
“ගරු මන්ත්‍රීවරුනි, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(1)(ආ) ව්‍යවස්ථාව ප්‍රකාරව, 2022 ජූලි 14 දින සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බැවින් ඒ පිළිබඳ නිවේදන පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා විසින් දැන් මෙම සභාවට ඉදිරිපත් කරනු ලැබේ.”
(i) 2022 ජූලි මස 16 වැනි සෙනසුරාදා පෙරවරු 10.00 ට පාර්ලිමේන්තුව රැස්වීම සඳහා කැඳවීම
(ii) අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය
(iii) 2022 ජූලි මස 19 වැනිදා නාම යෝජනා කැඳවීම
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1013 ට 2022 ජූලි මස 19 වැනි අඟහරුවාදා පැය 1000 දක්වා කල් තබන ලදී.
2026-09-25
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සහ තේරීම් කාරක සභාවේ රැස්වීම්ලිපිලේඛනාදිය පිළිගැන්වීම(i) 2024 වර්ෂය සඳහා රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව.(ii) 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ 53 වගන්තිය යටතේ ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාර සම්බන්ධයෙන් කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ නිර්දේශ සැලකිල්ලට ගෙන සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය ලබා ගැනීමෙන් පසුව, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2026 අප්‍රේල් 10 දිනැති අංක 2483/17 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය. (iii) 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ 53 වගන්තිය යටතේ ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්විතීයික ව්‍යාපාර සම්බන්ධයෙන් කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ නිර්දේශ සැලකිල්ලට ගෙන සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය ලබා ගැනීමෙන් පසුව, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2026 අප්‍රේල් 10 දිනැති අංක 2483/18 සිට 2483/85 දක්වා අනුපිළිවෙළින් වූ අංක දරන අති විශේෂ ගැසට් පත්‍ර 68 ක පළ කරන ලද නියමයන්. (iv) 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ 53 වගන්තිය යටතේ ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාර සම්බන්ධයෙන් කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ නිර්දේශ සැලකිල්ලට ගෙන සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය ලබා ගැනීමෙන් පසුව, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2026 මැයි 11 දිනැති අංක 2488/03 සහ 2488/04 දරන අති විශේෂ ගැසට් පත්‍රවල පළ කරන ලද නියමයන්. (v) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (vi) 2025 වර්ෂය සඳහා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.පෙත්සම් පිළිගැන්වීම(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා (ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය(iii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බංඩාර මහතා (iv) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ අනුෂ්කා තිලකරත්න මහත්මිය (v) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ ගීතා හේරත් මහත්මිය (පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න(i) ගරු කේ. කාදර් මස්තාන් මහතාඋතුරු සහ නැගෙනහිර පළාත්වල රජයේ ආයතනවල පවතින කාර්ය මණ්ඩල පුරප්පාඩු(ii) ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතාඋතුරු සහ නැගෙනහිර පළාත්වල පළාත් පාලන ආයතනවල පවතින මූල්‍ය හා වෙනත් ගැටලු වරප්‍රසාදපාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඩී. වී. චානක මහතා විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2026 සැප්තැම්බර් 09 දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු සම්බන්ධ වරප්‍රසාද යෝජනාව ගරු විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් ඉදිරිපත් කරන ලදුව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 හි විධිවිධාන ප්‍රකාරව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී. අද දින සභාවේ ප්‍රධාන කටයුතුපහත සඳහන් පනත් කෙටුම්පත් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී: -(i) විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය – සංශෝධන සහිතව තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මත කරන ලදී (පක්ෂව 158; විරුද්ධව 63)(ii) අධිකරණ සංවිධාන (සංශෝධන) – ඡන්ද විමසීමක් පැවැත්වීමෙන් අනතුරුව සම්මත කරන ලදී (පක්ෂව 158; විරුද්ධව 62)අනතුරුව, පාර්ලිමේන්තුව පැය 2015 ට 2026 ඔක්තෝබර් මස 6 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
2026-09-24
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.අභිනව මන්ත්‍රීවරයන්ගේ නිල ප්‍රතිඥාව හෝ දිවුරුමගරු හපීපු ලෙබ්බේ මුහම්මදු රිපාන් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ගරු කථානායකතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාට ලැබුණු ජාත්‍යන්තර ඇගයීමලිපිලේඛනාදිය පිළිගැන්වීම(i) 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව.(ii) 2023 වර්ෂය සඳහා පොල් පර්යේෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව.(iii) 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා එනර්ජීස් (පුද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තාව.පෙත්සම් පිළිගැන්වීම(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න මෙනෙවිය(ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතා - පෙත්සම් තුනයි (පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න(i) ගරු රවී කරුණානායක මහතාශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් මුහුණ දෙන ගැටලු(ii) ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතාඑරාවූර් අලිගාර් ජාතික පාසලේ ඉඩම් ගැටලුව අමාත්‍යාංශ නිවේදනජාතික වශයෙන් ඇති එල් නිනෝ සූදානම සහ ප්‍රතිචාර සැලැස්ම පිළිබඳව 2026.08.04 දින ගරු රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට ආරක්ෂක අමාත්‍යතුමා වෙනුවෙන් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, ගරු මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා පිළිතුරු ලබා දුන්නේ ය.පනත් කෙටුම්පත් පිළිගැන්වීමසුනඛයන් එන්නත් කිරීම, සුනඛ ගහනය පාලනය කිරීම සහ සුනඛයන් වාණිජ අරමුණු සඳහා අභිජනනය කිරීම නියාමනය කිරීම මගින් ශ්‍රී ලංකාව තුළ ජලභීතිකා රෝගය තුරන් කිරීම සඳහා ද; සුනඛයන් ලියාපදිංචි කිරීම සඳහා ද; ජලභීතිකා රෝගය තුරන් කිරීමේ ජාතික උපදේශක කමිටුව සහ ජලභීතිකා රෝගය තුරන් කිරීමේ ප්‍රාදේශීය උපදේශක කමිටු පිහිටුවීම සඳහා ද; (476 වන අධිකාරය වූ) ජලභීතිකා රෝගය පිළිබඳ ආඥාපනත සහ (477 වන අධිකාරය වූ) බල්ලන් ලියාපදිංචි කිරීමේ ආඥාපනත ඉවත් කිරීම සඳහා ද; ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ“ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ”නමැති පනත් කෙටුම්පත ගරු රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා විසින් පිළිගන්වන ලදී.අද දින සභාවේ ප්‍රධාන කටයුතුපහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) විවාදයට ගෙන හෙටට කල් තබන ලදී: -(i) විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම(ii) අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1916 ට 2026 සැප්තැම්බර් මස 25 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
2026-09-23
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම2 : ගරු ඩී. වී. චානක මහතා, පා.ම. විසින් මතු කරන ලද වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නයලිපිලේඛනාදිය පිළිගැන්වීම(i) 2023 වර්ෂය සඳහා සීමාසහිත නිපුණතා සංවර්ධන අරමුදලේ වාර්ෂික වාර්තාව.(ii) 2024 වර්ෂය සඳහා ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ වාර්ෂික වාර්තාව.(iii) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (iv) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ සබරගමුව පළාත් සභාව යටතේ පවතින ආයතන සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (v) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව (පාර්ලිමේන්තු ප්‍රකාශන මාලා අංක 489) සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (vi) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව (පාර්ලිමේන්තු ප්‍රකාශන මාලා අංක 492) සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාකාරක සභා වාර්තා පිළිගැන්වීම(i) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් සාමාජික මන්ත්‍රී ගරු රවී කරුණානායක මහතා විසින් පිළිගන්වන ලදී.(ii) රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නජිත් ඉන්දික මහතා විසින් පිළිගන්වන ලදී.පෙත්සම් පිළිගැන්වීම(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) දම්මික පටබැඳි මහතා (ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ යූ. පී. අබේවික්‍රම මහතා - පෙත්සම් දෙකයි (පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න(i) ගරු සජිත් ප්‍රේමදාස මහතාදිත්වාහ් හි පසු ආපදා කළමනාකරණය සහ රට තුළ පවතින එල් නිනෝ තත්ත්වය (ii) ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතාමඩවනයි හි සාම්ප්‍රදායික තණබිම් අත්පත් කර ගැනීම අමාත්‍යාංශ නිවේදනමඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ධීවරයින් මුහුදේදී මුහුණ දෙන සොරකම් සහ මුහුදු කොල්ලකෑම් සඳහා විසඳුමක් ලබාදීම සම්බන්ධයෙන් 2026.07.10 දින ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය, ගරු රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පිළිතුරු ලබා දුන්නේ ය.අද දින සභාවේ ප්‍රධාන කටයුතුපහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී: -(i) අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත(ii) පරිපූරක මුදල,— ශීර්ෂය 119 — වැඩසටහන 01 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා(ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතාඅනතුරුව, පාර්ලිමේන්තුව පැය 1800 ට 2026 සැප්තැම්බර් මස 24 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.
2026-09-22
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන1 : “විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” සහ “අධිකරණ සංවිධාන (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත් පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය2 : “දූෂණ විරෝධී (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය3 : “විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) (L.D.O 08/2026)” නමැති පනත් කෙටුම්පත සහ “විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) (L.D.O 11/2026)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් ලැබී ඇති බව4 : ගරු එම්. එස්. අබ්දුල් වාහිද් මහතාගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩු වීම සම්බන්ධයෙන්5 : පාර්ලිමේන්තු මන්ත්‍රීන් සඳහා වූ ජංගම යෙදුම6 : පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලබන සියලුම වාර්තා සහ ලේඛන ඩිජිටල් ආකාරයෙන් ලබා ගැනීමට, එක් එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ කැමැත්ත ලබා ගැනීමකථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීමA. (i) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව, 2025 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ III (3) කොටස.(ii) කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යනු ලැබූ දැනට වසා දැමීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය ලැබී ඇති ─• ගිණුම් අංක 7000/0/0/0285/0010 දරන අර්තාපල් වගා ව්‍යාප්ත කිරීමේ වැඩසටහන සඳහා වූ අත්තිකාරම් ගිණුම;• ගිණුම් අංක 7000/0/0/0999/0409 දරන වැලිසර කෘෂිකාර්මික වැඩපල මෙහෙයවීමේ අත්තිකාරම් ගිණුම;• ගිණුම් අංක 7000/0/0/0999/0002 දරන කෘෂිකාර්මික අළුත්වැඩියා වැඩපල පිළිබඳ අත්තිකාරම් ගිණුම; සහ• ගිණුම් අංක 7000/0/0/0285/0004 දරන නාරාහේන්පිට කෘෂිකාර්මික මධ්‍යම බඩු ගබඩාව පිළිබඳ අත්තිකාරම් ගිණුමයන අත්තිකාරම් ගිණුම් හතරට අදාළ රු. 65,654,746.90 (රුපියල් හැටපන් මිලියන හයසිය පනස් හතර දහස් හත්සිය හතලිස් හයයි සත අනූව) ක් වූ කාරක පාඩුව සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් වාර්තාව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව.B. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව -• 2022 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ XLVIII (48) කොටස; • 2023 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ LIX (59) කොටස; • 2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ LXIV (64) හා LXV (65) කොටස් සහ නවවැනි කාණ්ඩයේ XLVIII (48) කොටස; සහ • 2025 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ III (3) කොටස, තෙවැනි කාණ්ඩයේ III (3) කොටස සහ නවවැනි කාණ්ඩයේ I (1) කොටසලිපිලේඛනාදිය පිළිගැන්වීම(i) 2023 වර්ෂය සඳහා සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව.(ii) 2025 වර්ෂය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.(iii) 2025 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.(iv) 2025 වර්ෂය සඳහා ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.(v) 2026 අංක 05 දරන පරිපූරක ඇස්තමේන්තුව.(vi) 2022 වර්ෂය සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව.(vii) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. (viii) 2019 වර්ෂය සඳහා සීමාසහිත ඇල්කඩුව වැවිලි සමාගමේ වාර්ෂික වාර්තාව(ix) 2024 වර්ෂය සඳහා සී/ස හලාවත වැවිලි සමාගමේ වාර්ෂික වාර්තාව.(x) 2024 වර්ෂය සඳහා ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ වාර්ෂික වාර්තාව.(xi) 2025 වර්ෂය සඳහා මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.(xii) 2025 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව.(xiii) 2024 වර්ෂය සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ වාර්ෂික වාර්තාව.(xiv) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවකාරක සභා වාර්තා පිළිගැන්වීම(i) බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු අනුර කරුණාතිලක මහතා විසින් පිළිගන්වන ලදී.(ii) සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිහාල් අබේසිංහ මහතා විසින් පිළිගන්වන ලදී.පෙත්සම් පිළිගැන්වීම(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද විජේපාල මහතා (ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී බී. ආරියවංශ මහතා (iii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය (පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න(i) ගරු සජිත් ප්‍රේමදාස මහතාරැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දීම සඳහා නිසි යාන්ත්‍රණයක් (ii) ගරු රවී කරුණානායක මහතාශ්‍රී ලංකාව ඉන්දියන් සාගර කලාපයේ ප්‍රමුඛ සමුද්‍රීය භාණ්ඩ හුවමාරු සහ සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත කිරීමේ හැකියාව අමාත්‍යාංශ නිවේදන(i) සෞදි අරාබියේ දී සිවරාජා අනෝජන්ට නියම වූ මරණ දඬුවම සම්බන්ධයෙන් රජයේ මැදිහත්වීම සහ ගනු ලැබූ රාජ්‍යතාන්ත්‍රික පියවර සම්බන්ධයෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය, ගරු විජිත හේරත් මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.(ii) විශ්‍රාමික ත්‍රිවිධ හමුදා හා පොලිස් සාමාජිකයින්ට සහ ඔවුන්ගේ පවුල්වල ගැටලු සඳහා සහන සැලසීමට නිකුත් කළ චක්‍රලේඛය පිළිබඳව ආරක්ෂක අමාත්‍යතුමා වෙනුවෙන් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, ගරු මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.අද දින සභාවේ ප්‍රධාන කටයුතුපහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 3 වශයෙන් සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලද අතර, අයිතම අංක (ii) ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කරන ලදී:-(i) ඛනිජ තෙල් සම්පත් පනත යටතේ නියෝග(ii) අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව“බන්ධනාගාර පද්ධතියේ ගැටලු විසඳීම සඳහා යාන්ත්‍රණයක් සකස් කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා විසින් යෝජනා කරන ලදී. අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1753 ට 2026 සැප්තැම්බර් මස 23 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.