පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2021-03-24
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
පළාත් පාලන ආයතන මගින් සිදුකරන ඉදිකිරීම් සැලසුම් අනුමතකිරීම සඳහා නව මාර්ගස්ථ ක්‍රමයක් (ඔන්ලයින්) හදුන්වාදීමට මේ වන විට කටයුතු ආරම්භ කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එන්.පී.කේ රණවීර මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවසීය.
නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතාගේ යෝජනාවකට අදහස් දක්වමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා සිටියේ මේවන විට කෝට්ටේ මහනගර සභාව, ගම්පහ සහ කලුතර ප්‍රාදේශීය සභා සඳහා මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කර ඇති බවයි.
ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ සහ නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.
මෙම නියමු ව්‍යාපෘතිය සඳහා සියලු තාක්ෂණික පහසුකම් ඇතුළු ප්‍රතිපාදන සැපයයීමට කටයුතු කර ඇති බවත් අදාළ පළාත් පාලන ආයතන ප්‍රධානීන් සමග සාකච්ඡා කොට ඔවුන්ගේ අවශ්‍යතාද සළකා බලා සියලු පළාත් පාලන ආයතනවලට ඉදිරියේදී මෙම ව්‍යාපෘතිය හදුන්වාදීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
සැලසුම් අනුමත කිරීමේදී පළාත් පාලන ආයතනවල එකිනෙකට වෙනස් සැලසුම් අයදුම්පත්‍ර ආකෘතින් පවතින බැවින් සියලු පළාත් පාලන ආයතන සඳහා එකම ආකෘතියක් හදුන්වාදීමේ අවශ්‍යතාවය පිළිබඳවද කමිටුවේ අවධානය යොමු විය.
එසේම නාගරික සංවර්ධන අධිකාරියට ලැබෙන සැලසුම් අනුමත කිරීමේදී අයදුම්කරු අපහසුතාවයට පත්නොවන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ආදී ආයතන 17ක් ඒකාබද්ධ කොට ඔන්ලයින් හරහා අයදුම් කිරීමේ ක්‍රමවේදයක් හදුන්වාදෙන බවත් මෙහිදී අනාවරණය විය. ඒ සඳහා ආයෝජකයෙක් සොයා ගැනීමට මේ වන විට ටෙන්ඩර් කැඳවා ඇති බවත් ලබන අගෝස්තු මස සිට නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ආරම්භ කරන බවත් නාගරික සංවර්ධන අධිකාරියේ බලධාරීන් පැවසීය.
අතිගරු ජනාධිපතිවරයාගේ සහ ගරු අග්‍රාමාත්‍යවරයාගේ නිරන්තර අධීක්ෂණය යටතේ මේ වසර තුළ ඇවිදින මංතීරු විස්සක් ඉදිකිරීම, ග්‍රාමීය සහ නාගරික නිවාස වැඩි ප්‍රමාණයක් ඉදිරිකිරීම ඇතුළු ඉලක්කගත විශාල වැඩකොටසක් මේ වන විට ශීඝ්‍රයෙන් ඉටුකරන බවත් එය රජයේ සංවර්ධන ක්‍රියාවලියෙහි විශාල කොටසක් බවත් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා මෙහිදී ප්‍රකාශ කර සිටියේය.
චන්දිම වීරක්කොඩි, මුජිබර් රහුමාන්, ජගත් කුමාර, සුදත් මංජුල, යදාමිණි ගුණවර්ධන, නසීර් අහමඩ්, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක්ද රාජ්‍ය නිළධාරීන් පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
2026-06-18
ශ්‍රී ලංකාවේ රාජ්‍ය අයවැය සකස් කිරීමේදී ස්ත්‍රී–පුරුෂ සමාජභාවය පදනම් කරගත් විශ්ලේෂණය (Gender-Responsive Budgeting) සඳහා ඇති අවශ්‍යතාවය සහ ඒ හා සම්බන්ධ වත්මන් අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ රැස්වීමක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.මෙම රැස්වීමට සංසදයේ සභාපතිනී, කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, ඒ සඳහා ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ද සහභාගී වූවාය.අයවැය ක්‍රියාවලියේදී කාන්තාවන්ගේ ආර්ථික දායකත්වය නිසි ලෙස ගණනය කිරීම සඳහා දැනට පවතින දත්ත හා දර්ශකවල හිඟකම මෙහිදී ප්‍රධාන ගැටලුවක් ලෙස අවධාරණය කෙරිණි. ඉන්දියාව වැනි රටවල් අනුගමනය කරන ක්‍රමවේද පිළිබඳ උදාහරණ දක්වමින්, මෙරට පද්ධතිමය හා තාක්ෂණික අඩුපාඩු හඳුනාගැනීමේ අවශ්‍යතාව ද සංසදය විසින් මතු කරන ලදී.තවද, ව්‍යාපෘති වාර්තාකරණයේදී ස්ත්‍රී–පුරුෂ සමාජභාවය අනුව දත්ත වෙන් කර හඳුනා ගැනීමේ අවශ්‍යතාව සහ ඒ සඳහා මාර්ගගත දත්ත පද්ධති ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය මෙන්ම, අමාත්‍යාංශ මට්ටමින් ව්‍යාපෘති ආරම්භයේදීම නිවැරදිව කරුණු හඳුනාගෙන ක්‍රියාත්මක කිරීම මඟින් ව්‍යාපෘති විශ්ලේෂණය හා ප්‍රතිඵල මැනීම වඩාත් පහසු වන බවද මෙහිදී පෙන්වා දෙන ලදී.එමෙන්ම, දැනට පවතින සාම්ප්‍රදායික හා කාලය වැයවන ක්‍රමවේදයන් වෙනුවට විධිමත් මාර්ගගත පද්ධති සහ දත්ත මත පදනම් වූ විශ්ලේෂණ මෙවලම් කරා යොමු වීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි.ස්ත්‍රී–පුරුෂ සමාජභාවී ප්‍රතිචාරාත්මක අයවැයකරණය ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියට ඒකාබද්ධ කිරීමේ වත්මන් ප්‍රගතිය හා අභියෝග මෙහිදී සවිස්තරාත්මකව සාකච්ඡා කෙරිණි.එසේම එකී අයවැයකරණය ලේඛනවල නාමික ප්‍රතිශතයන්ට සීමා නොවී, සත්‍ය ලෙසම ප්‍රයෝගික බලපෑමක් ඇති කිරීම සඳහා විධිමත් රාමුවක් සහ දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය විය.ඒ අනුව, මුලික පියවරක් ලෙස අමාත්‍යාංශවල අයවැය සකස් කිරීමේ නිලධාරීන් කැඳවා ස්ත්‍රී–පුරුෂ සමාජභාවී ප්‍රතිචාරාත්මක අයවැයකරණය ක්‍රියාත්මක කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සංසදය තීරණය කරන ලදී.මෙම අවස්ථාව සඳහා ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, ගරු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍ය ආරියරත්න, සංසදයේ නියෝජ්‍ය සමසභාපතිවරියන් වන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චමින්ද්‍රානි කිරිඇල්ල සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මෙන්ම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන නීතිඥ තුෂාරි ජයසිංහ, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වී, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි සහ අම්බිකා සාමිවේල්, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්මීහු සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරිනියන් පිරිසක් ද සහභාගී වූහ.
2026-06-17
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු ගරු අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (ජුනි 12) පැවැත්විණි. මෙහිදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් තම තමන්ගේ ප්‍රදේශවල පැන නැගී ඇති ගැටලු සහ යෝජනා මෙන්ම තවත් කරුණු රැසක් පිළිබඳ සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2026-06-17
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (ජුනි 09) පැවැත්විණි. ඉරිදා දිනයේද දහම් පාසල් පැවැත්වීමට පහසු වන පරිදි පෞද්ගලික උපකාරක පන්ති ඉරිදා පෙරවරුවේ නොපැවැත්වීමට අදාළ නියෝග සැකසීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුව සමඟ ආරම්භ කර ඇති සාකච්ඡාවල ප්‍රගතිය සම්බන්ධයෙන් සොයාබැලීම ඇතුළු ගරු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සහ තවත් ගැටලූ රැසක් මෙහිදී සාකච්ඡා කරන ලදී.මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
2026-06-17
2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ, 2026 මාර්තු 12 දිනැති අංක 2479/54 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රීති සහ 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ 2026 ජුනි 09 දිනැති අංක 2492/10 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රීති, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බැලීමෙන් අනතුරුව අනුමැතිය ලබා දීම සිදු විය. එම කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (ජුනි 09) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මෙම අනුමැතිය හිමි විය.2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ මුදල් ප්‍රතිපත්ති සම්පාදනය ඇතුළුව එහි කාර්යයන් ඉටු කිරීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවට බාහිර පාර්ශ්වවලින් සංඛ්‍යාලේඛන සහ තොරතුරු රැස් කර ගැනීමට අවශ්‍ය වේ. එම සංඛ්‍යාලේඛන, තොරතුරු වාර්තාකරණයට යටත් වන පුද්ගලයන් සහ අදාළ අවශ්‍යතා උල්ලංඝනය කිරීමේදී ගත හැකි පරිපාලන ක්‍රියාමාර්ග නියම කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ, 2026 මාර්තු 12 දිනැති අංක 2479/54 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රීති ඉදිරිපත් කොට තිබේ.මෙම රීති මගින් සංඛ්‍යාලේඛන හා තොරතුරු ඉල්ලා සිටීම සඳහා නිවේදන නිකුත් කිරීමේ බලය ශ්‍රී ලංකා මහ බැංකුවේ බලයලත් නිලධාරීන් වන නියෝජ්‍ය අධිපතිවරුන්ට, ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාට සහ සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාට පමණක් සීමා කෙරේ. තවද, ලබා දෙන ලද තොරතුරු අදාළ අරමුණ සඳහා පමණක් භාවිතා කිරීම ඇතුළු ආරක්ෂාකාරී පියවරයන් මෙම රීති මගින් තහවුරු කිරීම සිදු වේ.ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඇතැම් රාජ්‍ය ණය දත්ත ප්‍රකාශයට පත් නොකිරීම පිළිබඳව කාරක සභාවේ අවධානයට ලක් වූ අතර එවැනි තොරතුරු දැනට රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය සතුව පවතින බවත්, එමඟින් මින් පෙර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද ආකෘතියට අනුව ණය සංඛ්‍යාලේඛන නැවත සැකසීමේ සීමාවන් පවතින බවත්, කාරක සභාවට මෙහිදී නිරීක්ෂණය විය. ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රකාශන හරහා රාජ්‍ය ණය තොරතුරු වෙත ප්‍රවේශ වීමේ හැකියාව පවත්වා ගැනීමේ වැදගත්කම කාරක සභාව විසින් පෙන්වා දුන් අතර, රජයේ සුරැකුම්පත් සඳහා වන ද්විතීයීක වෙළඳපොළට අදාළ වාර්තා ප්‍රකාශයට පත් කිරීමේ ප්‍රමාදය පිළිබඳව ද අවධානය යොමු කෙරිණි. තවද, සංචාරකයන් විසින් භාවිතා කරනු ලබන විවිධ ගෙවීම් ක්‍රම හේතුවෙන් සංචාරක ආදායම නිවැරදිව ගණනය කිරීම අභියෝගයක් වන බවත් එවැනි ඇස්තමේන්තුවල නිරවද්‍යතාව ඉහළ නැංවීම සඳහා දත්ත රැස් කිරීමේ සමීක්ෂණ වැඩිදියුණු කිරීම අවශ්‍ය බවත් කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී.ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ 2026 ජුනි 09 දිනැති අංක 2492/10 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රීති පිළිබඳව ද කාරක සභාවේදී සලකා බැලීමෙන් අනතුරුව අනුමැතිය ලබා දීම සිදු විය. “2026 අංක 2 දරන අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ රීති” යනුවෙන් හඳුන්වනු ලබන මෙම රීති මගින් දැනට පවත්නා අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ රීතිය තවදුරටත් සංශෝධනය කරනු ලැබේ. ඒ අනුව, ඕනෑම මාසයක් තුළ අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා සෑම භාණ්ඩ අපනයනකරුවෙකුම එකී ආදායම, අවසර ලද ගෙවීම් සඳහා පමණක් භාවිතා කොට ශේෂය එළඹෙන මාසයේ 10වන දින හෝ ඊට ප්‍රථම හෝ ශ්‍රී ලංකා රුපියල් බවට අනිවාර්යයෙන්ම පරිවර්තනය කළ යුතු වේ. මීට පෙර 2024 වසරේ හඳුන්වාදුන් රෙගුලාසි මගින් ලබා දී තිබූ මාස 3ක කාල සීමාව මෙසේ එළඹෙන මාසයේ 10 වන දින දක්වා අඩු කර ඇත.විනිමය අනුපාතිකයේ සහ විදේශ විනිමය වෙළඳපොලේ පවතින අස්ථාවරත්වය මෙන්ම විදේශ විනිමය ද්‍රවශීලතාවයේ හිඟකම සැලකිල්ලට ගෙන අපනයන ලැබීම්, ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීම සඳහා අපනයනකරුවන්ට ලබා දී ඇති කාලය අඩු කිරීම අවශ්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙහිදී පෙන්වා දෙන ලදී. මෙම පියවර මගින් වෙළඳපොළ විශ්වාසය අඩු වීම, විදේශ විනිමය වෙළඳපොළේ අස්ථාවරත්වය ඇති වීම ආදී තත්ත්වයන් ඇති විය හැකි බව කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී. මෙම පියවර, විනිමය අනුපාතිකයේ අස්ථාවරත්වය සහ වත්මන් විදේශ විනිමය සැපයුමේ හිඟය පියවා ගැනීම සඳහා කෙටිකාලීන ප්‍රතිපත්තිමය මෙවලමක් ලෙස හඳුන්වා දී ඇති බවත්, වෙළඳපොළ තත්ත්වයන් ස්ථාවර වූ පසු එය ලිහිල් කරන බවත් මහ බැංකු නිලධාරීහු මෙහිදී සඳහන් කළහ.තවද, NDB බැංකුවේ සිදුව ඇතැයි කියන මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ද කාරක සභාවේදී සාකච්ඡා විය. මීට අදාළ ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යභාර්ය ඇතුළු අදාළ තාක්ෂණික කරුණු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වූ අතර මීට අදාළව සිදුවන වෝහාරික විගණනයකින් පසු එ් පිළිබඳව නැවත සළකා බැලීමටත් තීරණය විය.කාරක සභා සාමාජික ගරු නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න, ගරු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ රවුෆ් හකීම්, රවි කරුණානායක, එම්.කේ.එම්. අස්ලම්, නිමල් පලිහේන, විජේසිරි බස්නායක, සුනිල් රාජපක්‍ෂ, තිළිණ සමරකෝන්, චම්පික හෙට්ටිආරච්චි සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු ද මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූ අතර "පාර්ලිමේන්තුවේ අයවැය සහ ආර්ථික විශ්ලේෂණය ශක්තිමත් කිරීම" පිළිබඳ තාක්ෂණික සහාය ලබා දීමේ වැඩසටහනක් සඳහා මෙරටට පැමිණ සිටි ඇමරිකා එක්සත් ජනපද කොංග්‍රසයේ ප්‍රජාතන්ත්‍රවාදී එකමුතුවේ (House Democracy Partnership) සහ කොංග්‍රස් අයවැය කාර්යාලයේ (Congressional Budget Office) නියෝජිත පිරිසක් ද නිරීක්ෂකයින් ලෙස මෙම කාරක සභා රැස්වීමට එක්ව සිටියහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks

