ගරු ගීතාංජන ගුණවර්ධන මහතා 2008 ජූලි මස 01 වැනිදා නියෝජ්‍ය කථානායක ධුරයෙන් ඉල්ලා අස්විය. ඔහු 2004 අප්‍රේල් 22 වැනිදා සිට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සයවන පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා ලෙස කටයුතු කළේය.
නියෝජ්‍ය කථානායක ධුරයට අභිනවයෙන් තේරී පත් වූ ගරු පියංකර ජයරත්න මහතාට සුභාශිංසන පළ කරමින් ඔහු විසින් අද දින සභාවේ කරන ලද කථාව මතු දැක්වේ;
ගරු කථානායකතුමනි,
පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරමින්, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් වශයෙන් දෙවන වරටත් පාර්ලිමේන්තුවට පැමිණි ගරු ප්‍රියංකර ජයරත්න මන්ත්‍රීතුමා, නියෝජ්‍ය කථානායක ධූරයට පත්වීම පිළිබඳ මාගේ ශුභ පැතුම් සහෝදර මන්ත්‍රීවරුන් සමඟ එක්වෙමින් පිළිගන්වමි. 1989 එතුමාගේ ආදරණීය පියාණන් වූ ගරු එස්.ඩී.ආර්. ජයරත්න හිටපු අමාත්‍යතුමා සමඟ පාර්ලිමේන්තුවේදී ඉතා සමීපව කටයුතු කළ මන්ත්‍රීවරයෙක් වශයෙන් එම ශ්‍රේෂ්ඨ පියාණන්ගේ පුතණුවන් මෙම ධූරයට පත්වීම පිළිබඳව මා ඉතාමත් සන්තෝෂයට පත් වූ බව හෘදයාංගමව ප්‍රකාශ කර සිටිමි. එමෙන්ම ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ඔබගේ රාජකාරි කටයුතු වලදී අප සියළු දෙනාගේ සහයෝගය තුලින් මෙම කටයුතු සාර්ථකව ඉටු කිරීමට ඉදිරියේදී ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා ! යි ප්‍රාර්ථනා කරමි.
1948 සිට අවුරුදු 60 ක කාලයක් තිස්සේ ඉදිරියට ආ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයත්, ඒ පිළිබඳ ජනතා විශ්වාසයත් තවදුරටත් ගොඩනැගීමට ඔබට හැකිවනු ඇතැයි අපගේ විශ්වාසයයි.
ගරු කථානායකතුමනි,
ඔබතුමා සමඟ සාකච්ඡා කළ පරිදි, වචන කිහිපයක් මීට අමතරව මෙම පුරප්පාඩුව ඇතිවීමට හේතු වූ කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.
2004 අප්‍රේල් මාසයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයත් සමඟ පිහිටුවන ලද රජයේ ආණ්ඩු පක්ෂයේ මහජන එක්සත් පෙරමුණ මන්ත්‍රීවරයෙක් වශයෙන් දෙවන වරටත් පාර්ලිමේන්තුවට එක්වීමි. ඊට පෙර 1989 මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සමඟ පාර්ලිමේන්තුවේ මහජන එක්සත් පෙරමුණු මන්ත්‍රීවරු තිදෙනාගෙන් එක් අයෙක් වශයෙන් වසර 05ක් පුරා පාර්ලිමේන්තුවේ කටයුතු කිරීමට අවකාශය සැලසින.
1994 සිට 2004 දක්වා කාල පරිච්ඡෙදය තුල පූර්ණ කාලීනව දේශපාලනයේ යෙදෙමින්, මහජන එක්සත් පෙරමුණ වශයෙන් ද, වෘත්තීය සමිති කටයුතු වල ද නිරත වෙමින් කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු වශයෙන් ද කටයුතු කළෙමි. මේ අතරතුර ප්‍රවාහන අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් වශයෙන් කටයුතු කිරීම සඳහා 2000 වසරේදී කොළඹ මහ නගර සභා මන්ත්‍රී ධූරයෙන් මා ඉල්ලා අස් වුනෙමි.
2004 පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධූරය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය කළ ඉල්ලීම පළමුව මා ප්‍රතික්ෂේප කළ ද, හිටපු කථානායක ගරු අනුර බණ්ඩාරනායක මැතිතුමාගේත්, එවකට අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේත් ඉල්ලීම මත එම ධූරය සඳහා ඉදිරිපත් වීමට එකඟ වීමි. ඒ අනුව නියෝජ්‍ය කථානායක ධූරයට තරඟයකින් තොරව පත්වීමට සියලුදෙනාගේ සහයෝගය සමඟ හැකි විය.
පසුගිය අවුරුදු හතරක කාලය තුල මෙම ධූරයේ කටයුතු ඔබතුමා යටතේ පාර්ලිමේන්තුව තුල ඉතා සංකීර්ණ දේශපාලන වාතාවරණයන් තුල වගකීමකින් හා කැපවීමකින් ඉටු කළ බව ඔබතුමා පිළිගන්නවා ඇත.
මෙහිදී ආණ්ඩු පක්ෂය මෙන්ම විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහයෝගය මෙන්ම ඉදිරිපත් වූ අභියෝගයන් ද ගෞරව පූර්වකව සිහිපත් කරමි.
ප්‍රජාතාන්ත්‍රවාදයේ මුදුන් මල්කඩ වශයෙන් අප කවුරුත් පිළිගන්නා පාර්ලිමේන්තුව කෙරෙහි ජනතා විශ‍්වාසය සහ ගෞරවය දිනගැනීම අප කාගේත් යුතුකම බව වැදගත් කොට සැලකිය යුතු යැයි සිතමි.
හිටපු ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකතුමාගේ ජීවිතය කුරිරු ත්‍රස්තවාදය විසින් බිලි ගැනීමත් සමඟ ඇතිවූ පුරප්පාඩුවට මහජන එක්සත් පෙරමුණේ නායක, එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ නාගරික සංවර්ධන හා පූජාභූමි සංවර්ධන අමාත්‍ය, ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ආණ්ඩු පක්ෂය විසින් පසුගිය මස පත් කරන්ට යෙදින. ගරු දිනේෂ් ගුණවර්ධන අමාත්‍යතුමා මා නියෝජනය කරන මහජන එක්සත් පෙරමුණෙහි නායකතුමා වනවා මෙන්ම, මාගේ වැඩිමහල් සොහොයුරෙකු ද වන බව කවුරුත් දන්නා කාරණයකි.
පාර්ලිමේන්තුව තුල මුලසුන හසුරුවාලීමේදී ප්‍රධාන සංවිධායකතුමා හා විවිධ ප්‍රශ්න වලට පසුගිය සමයේ මුහුණ දුන්නාක් මෙන්, ඉදිරියේදී ද එවැනි තත්ත්වයන් ඇති වීමට ඉඩකඩ ඇති බව ඔබතුමා පිළිගන්නවා ඇත.
මේ තත්ත්වය යටතේ යුක්තිය ඉටුකිරීමේදී එම තීරණය සාධාරණ හා නීතිගරුක විය යුතු බවත්, එය ක්‍රියාවෙන් ප්‍රදර්ශනය විය යුතු බවත් අපි කවුරුත් පිළිගන්නා සිද්ධාන්තයකි.
පාර්ලිමේන්තුවේ මුලසුනේ ගෞරවය සහ පාර්ලිමේන්තු සම්ප්‍රදාය ද රැක ගැනීමේ වැදගත්කම මත පැවරී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පත්වුනු නියෝජ්‍ය කථානායක ධූරයෙන් ඉල්ලා අස්වූයේ ඒ කෙරෙහි වූ සදාචාරාත්මක බැඳීම හේතුවෙන් බව සඳහන් කරනු කැමැත්තෙමි.
මේ අවස්ථාවේදී මෙම ධූරයේ කටයුතු කිරීමේදී ඔබතුමාත්, ගරු අග්‍රාමාත්‍යතුමාත්, අතිගරු ජනාධිපතිතුමාත් මා හට කිසිදු බලපෑමකින් තොරව කටයුතු කිරීමේ අවස්ථාව උදා කිරීම සම්බන්ධයෙන් කෘතඥතාවය පල කරමි. එමෙන්ම මාගේ ඉල්ලා අස්වීම පිළිබඳ කරුණු පැහැදිලි කිරීමේදී ඒ පිළිබඳව අතිගරු ජනාධිපතිතුමාගේ අනුදැක්ම ඉතා ගෞරවාන්විතව අගය කරමි. මේ තුලින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාටත් එම ධූරයේ අපහසුතාවයකින් තොරව කටයුතු කිරීමට අවස්ථාව සැලසෙන බව මගේ හැඟීමයි.
අවසාන වශයෙන් ඔබතුමාටත්, අගමැතිතුමාටත්, විපක්ෂ නායකතුමා ඇතුලු පක්ෂ විපක්ෂ සියලුම මැති ඇමතිවරුන්ටත්, මහලේකම්තුමාගේ සිට උද්‍යාන කම්කරුවා දක්වා වූ සියලුම පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයටත්, මා කෙරෙහි දැක්වූ විශ්වාසය හා කරුණාව මෙන්ම මා හට ලබාදුන් සහයෝගය වෙනුවෙන් ස්තුතිය පල කරන අතර, එය ඉතා අගය කොට සලකමි. එමෙන්ම සියළුම ජනමාධ්‍යවේදීන්ටත් මගේ ස්තුතිය පළ කර සිටිමි.
අභිනව නියෝජ්‍ය කථානායක ගරු ප්‍රියංකර ජයරත්න මැතිතුමාට මෙම ධූරයේ කටයුතු කරගැනීමට ශක්තිය, ධෛර්යය හා සියලුදෙනාගේ සහයෝගය ද ලැබේවා ! යි ඉතසිතින් ප්‍රාර්ථනා කරමි.
තෙරුවන් සරණ වේවා !
2026-10-06
අපනයන කෘෂිකර්මය ප්‍රවර්ධනය කිරීම (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (ඔක්. 06) සිය සහතිකය සටහන් කළේය.කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් මෙම පනත් කෙටුම්පත, 2026 අගෝස්තු 07 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර එමඟින් 1992 අංක 46 දරන පනතේ නීතිමය හා පරිපාලන විධිවිධාන යාවත්කාලීන කිරීම සහ අපනයන කෘෂිකාර්මික භෝග සම්බන්ධයෙන් පවතින නීතිමය රාමුව සංශෝධනයට ලක් කර ඇත.මෙම සංශෝධන මඟින් පරිපාලන ව්‍යුහය යාවත්කාලීන කරමින්, “අධ්‍යක්ෂ” යන තනතුරු නාමය වෙනුවට “අධ්‍යක්ෂ ජනරාල්” යන තනතුරු නාමය භාවිත කිරීමටත්, අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්ෂවරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් සහ සහකාර අධ්‍යක්ෂවරුන් යන තනතුරු නාමයන් ඇතුළත් කිරීමටත් යෝජනා කර ඇත.එසේම, “අපනයන කෘෂිකාර්මික භෝගය” යන්නෙහි අර්ථ දැක්වීම සංශෝධනය කර ඇති අතර, දේශීය පරිභෝජනයට අමතරව අපනයන විභවයක් ඇති බවට හඳුනාගත් භෝග ඊට ඇතුළත් වේ. කෙසේ වෙතත් වී, එළවළු, පලතුරු, අල වර්ග සහ ඇතැම් ආහාර භෝග ඇතුළු නිශ්චිතව සඳහන් කර ඇති භෝග මෙන්ම වැවිලි භෝග ද ඊට ඇතුළත් නොවේ.ඒ අනුව අපනයන කෘෂිකර්මය ප්‍රවර්ධනය කිරීම (සංශෝධන) පනත් කෙටුම්පත, 2026 අංක 24 දරන අපනයන කෘෂිකර්මය ප්‍රවර්ධනය කිරීම (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.
2026-10-02
පාර්ලිමේන්තුව ඔක්තෝබර් 06 සිට 09 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි.එම පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු පසුගියදා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය වී තිබේ.මේ අනුව, ඔක්තෝබර් 06 අගහරුවාදා පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර ඇත. පෙ.ව. 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා විදේශ විනිමය පනත යටතේ අංක 2493/36 සහ අංක 2493/37 දරන අති විශේෂ ගැසට් පත්‍රවල පළ කර ඇති රෙගුලාසි දෙකක්, විදේශ විනිමය පනත යටතේ අංක 2493/38 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝගයක් සහ රාජ්‍ය ණය කළමනාකරණ පනත යටතේ යෝජනා සම්මතය විවාදයට ගැනීමට තීරණය වී ඇත.ඉන්පසු, ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබේ. ඔක්තෝබර් 07 බදාදා පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර ඇත. පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 කාලය අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත. ඉන්පසු පෙ.ව. 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට තීරණය වී ඇත.ඔක්තෝබර් 08 බ්‍රහස්පතින්දා පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර ඇත. පෙ.ව. 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.ඉන්පසු, පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා දූෂණ විරෝධි (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය. අනතුරුව, ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර තිබේ.ඔක්තෝබර් 09 සිකුරාදා පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර ඇත. පෙ.ව. 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා පහත සඳහන් පෞද්ගලික මන්ත්‍රීවරයන්ගේ යෝජනා විවාදයට ගැනීමට තීරණය වී ඇත.පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නමපෞද්ගලික මන්ත්‍රී යෝජනාවේ නමගරු ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාදියගම වනාන්තරය ආරක්ෂා කිරීමගරු නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතාපුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ඉහළ නැංවීම සඳහා වැඩසටහනක් සකස් කිරීමගරු අමිර්තනාදන් අඩෛක්කලනාදන් මහතා1983 ‘කළු ජූලිය’ සමඟ ඇති වූ ජනවාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ සත්‍යය සෙවීම, විනාශයන් තක්සේරු කිරීම සහ නැවත එවැනි ජනවාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වීම වැළැක්වීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කිරීමගරු ලසිත් භාෂණ ගමගේ මහතාමාර්ග රක්ෂිතයන්හි ගස් සිටුවීම, විද්‍යාත්මකව කළමනාකරණය කිරීම සහ නඩත්තු කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමගරු නීතිඥ හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතාලංකාවේ සියලුම අධ්‍යාපන විද්‍යා පීඨ විශ්වවිද්‍යාල පීඨ බවට පත් කිරීමගරු චමින්ද විජේසිරි මහතාක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගත් ණය වින්දිතයින් බවට පත් වූ පුද්ගලයින්ට සාධාරණය ඉටු කිරීම සඳහා වැඩසටහනක් සකස් කිරීමගරු රවී කරුණානායක මහතාශ්‍රී ලංකාවේ ක්‍රීඩා ආයතන දේශපාලනීකරණයෙන් තොර කිරීමඅනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබේ.
2026-10-01
විභාග සමත්වීමට පමණක් සීමා නොවී පාසලේදී ලබා ගන්නා දැනුම ප්‍රායෝගික ජීවිතයට යොදා ගැනීමේ හැකියාව මෙන්ම සමාජීය හා ආවේගාත්මක කුසලතා සහිත දරුවන් බිහි කිරීම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ ප්‍රධාන අරමුණක් බව අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ගරු අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය පැවසුවාය.අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් කොළඹ කලාපීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ජනාධිපති ලේකම් කාර්යාලයේදී පසුගියදා (සැප්. 29) පැවැත්විණි.මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යතුමිය, වත්මන් අධ්‍යාපන පද්ධතිය මගින් විභාග සමත් වීමට හැකියාව ඇති දරුවන් බිහි කළද, එම දැනුම ප්‍රායෝගික ජීවිතයට යොදා ගැනීමේ කුසලතා වර්ධනය කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව සඳහන් කළාය. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් පාසලේදී ලබා ගන්නා දැනුම සැබෑ ජීවිතයේදී භාවිත කිරීමේ හැකියාව, සමාජීය හා ආවේගාත්මක කුසලතා මෙන්ම අනාගත වෘත්තීය අවස්ථා පිළිබඳ අවබෝධය ද වර්ධනය කිරීමට අපේක්ෂා කරන බව ඇය පැවසුවාය.පාසල් අතර පවතින සම්පත් විෂමතාව අවම කරමින් සියලු පාසල් සඳහා අවශ්‍ය මූලික පහසුකම් සාධාරණව ලබා දීමට කටයුතු කරන බවද අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළාය. එමෙන්ම, පාසල දරුවන්ට ආරක්ෂිත, ආකර්ෂණීය සහ සතුටින් රැඳී සිටිය හැකි ස්ථානයක් බවට පත් කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කළ අග්‍රාමාත්‍යතුමිය දරුවන්ගේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව සහ පෞරුෂ සංවර්ධනය වෙනුවෙන් පාසල් ක්‍රීඩා පහසුකම්, ක්‍රීඩා උපකරණ සහ පුහුණු පහසුකම් වැඩිදියුණු කිරීමටද පියවර ගන්නා බව ඇය සඳහන් කළාය.මෙහිදී තරුණ පරපුර අමතමින්, අග්‍රාමාත්‍යතුමිය ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා සක්‍රීය පුරවැසි සහභාගීත්වයේ වැදගත්කම ද පෙන්වා දුන්නාය. දේශපාලනය යනු පක්ෂ දේශපාලනයට පමණක් සීමා වූවක් නොවන බවත්, සමාජය තුළ සක්‍රීය පුරවැසියන් ලෙස මැදිහත්වීම ද එහි වැදගත් කොටසක් බවත් ඇය පැවසුවාය.මේ අවස්ථාවට සහභාගී වූ නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ව්‍යුහය, කාර්යභාරය සහ පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටි පිළිබඳව සිසුන් දැනුවත් කළේය.තරුණ පරපුර අමතමින්, නියෝජ්‍ය කථානායකවරයා බහුවිධ භාෂා දැනුමේ වැදගත්කම මෙන්ම විනය සහ නීතියට ගරු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය. රටේ අනාගතය හැඩගැස්වීමේදී දේශපාලන හා තීරණ ගැනීමේ ක්‍රියාවලියට තරුණ පරපුර සක්‍රීයව දායක විය යුතු බව ද ඔහු පෙන්වා දුන්නේය.ඕනෑම වෘත්තියක් ගෞරවයෙන් හා කැපවීමෙන් ඉටු කිරීමේ වැදගත්කමත්, අන් අයගේ වෘත්තීන් අගය කරමින් ඒවායින් ඉගෙනීමේ අවශ්‍යතාවත් නියෝජ්‍ය කථානායකවරයා මෙහිදී පෙන්වා දුන්නේය. සමාජය තුළ සැබෑ වෙනසක් ඇති කිරීම සඳහා මානසිකත්වයේ පරිවර්තනයක් අවශ්‍ය බවත්, විනයගරුක හා ශිෂ්ටසම්පන්න සමාජයක් නිර්මාණය කිරීම සියලු දෙනාගේම වගකීමක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.කොළඹ කලාපීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භ කරමින් කථානායකවරයා තෝරා පත්කර ගැනීම සහ ශිෂ්‍ය මන්ත්‍රීවරුන් දිවුරුම් දීම සිදු විය. අමාත්‍ය ධුර දරන සිසුන් විසින් තම අමාත්‍යාංශ ඔස්සේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන් සහ සංවර්ධන යෝජනා සභාවට ඉදිරිපත් කරන ලදී.මෙම අවස්ථාවට සහභාගී වූ සිසුන් වෙත අග්‍රාමාත්‍යතුමිය ඇතුළු සම්භාවනීය ආරාධිතයින්ගේ අතින් සහතිකපත් ප්‍රදානය කිරීම ද සිදු විය.ජනාධිපති ලේකම් කාර්යාලය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සුභාෂ් රෝෂන ගමගේ, ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ , බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කේ.ජී. ප්‍රදීප් පුෂ්පකුමාර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (සන්නිවේදන) සමන්ත මල්ලවආරච්චි, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ උදෙන හෙට්ටිආරච්චි, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (අධ්‍යාපන සංවර්ධන) රංජිත් ප්‍රේමතිලක, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (සැලසුම්) හසිනි විජය වික්‍රම, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පාසල් පාලන) චාමලී එදිරිසිංහ, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (සමාජ විද්‍යා) ඒ.කේ.එස්.කේ රුපදේව, කොළඹ කලාපීය ශිෂ්‍ය පාර්ලිමේන්තුව බාර ආචාර්ය කේ.ඩබ්ලිව් ක්‍රිෂාන් චිනතක සහ නදීශා නිර්මලී යන මහත්ම මහත්මීන්, විදුහල්පතිවරුන් සහ දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2026-09-30
අයවැය පළමුවර කියවීම ඔක්තෝබර් 07 අයවැය කථාව නොවැම්බර් 122027 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම (අයවැය කථාව/අයවැය යෝජනා ඉදිරිපත් කිරීම) 2026 නොවැම්බර් 12 වැනිදා සිදු කිරීමටත් අනතුරුව නොවැම්බර් 13 සිට දෙසැම්බර් 14 දක්වා විවාදය පැවැත්වීමටත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය. ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (සැප්. 25) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම අනුමතිය හිමි වී තිබේ. මේ අනුව විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා ඔක්තෝබර් 07 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය. මුදල් විෂය භාර අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපතිවරයා විසින් 2026 නොවැම්බර් 12 වැනි බ්‍රහස්පතින්දා විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම (අයවැය කථාව) සිදු කිරීමටත්, අනතුරුව නොවැම්බර් 13 සිට නොවැම්බර් 20 දක්වා දින 07ක් දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමටත් මෙහිදී තීරණය කර ඇත. ඒ අනුව නොවැම්බර් 20 ප.ව. 6.00ට දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වේ.අනතුරුව නොවැම්බර් 21 සිට දෙසැම්බර් 14 දක්වා දින 19ක් කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වීමටත් දෙසැම්බර් 14 ප.ව. 6.00 ට අයවැය තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමටත් මෙහිදී තීරණය කර තිබේ.මෙම කාලසීමාව තුළ රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර, සෙනසුරාදා දින ඇතුළුව සෑම දිනකම අයවැය විවාදය පැවැත්වේ. එසේම පාර්ලිමේන්තුව මෙම සෑම දිනකම පෙ.ව. 9.30ට රැස්වීමට නියමිතය.මෙම සෑම දිනකම පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. ඉන්පසු, පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 5 ක් සහ පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.00 දක්වා ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න 1ක් සඳහා කාලය වෙන් කිරීමටත් මෙහිදී එකඟත්වය පළ වී ඇත. ඒ අනුව, විවාදය පෙ.ව. 11.00 සිට ප.ව. 6.00 දක්වා පැවැත්වීමට නියමිත අතර ඡන්ද විමසීම් පැවැත්වෙන දෙදින හැර අන් සෑම දිනකම ප.ව. 6.00 සිට ප.ව. 6.30 දක්වා රජයට සහ විපක්ෂයට 50:50 අනුපාතය මත පදනම්ව සභාව කල් තබන අවස්ථාවේ යෝජනා විවාදයට ගැනීමටත් මෙහිදී තීරණය විය.තවද, දෙවනවර කියවීමේ විවාද කාල සීමාව තුළ ආණ්ඩු පක්ෂයට 60% ක් සහ විපක්ෂයට 40% ක් ලෙස ද, කාරක සභා අවස්ථාවේ විවාද කාල සීමාව තුළ ආණ්ඩු පක්ෂයට 40% ක් සහ විපක්ෂයට 60% ක් වන ලෙස ද කාලය වෙන් කිරීමට මෙහිදී අනුමතිය හිමි වී ඇත. එසේම අමාත්‍යාංශයක වැය ශීර්ෂ සම්බන්ධ ඡන්ද විමසීමක් ඉල්ලා සිටියහොත් එය අදාළ දිනය අවසානයේ දී ප.ව. 6.00ට පැවැත්වීමටත් නියමිතව ඇත.