E   |   த   |  

2020-02-28

පුවත් කාණ්ඩ : පුවත් 

ඉහළ කාර්යසාධන මට්ටමක් ළඟාකර ගත් ආයතන 55 කට රන් සම්මාන ජනපති ප්‍රධානත්වයෙන් පිරිනැමේ

රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව මගින් ක්‍රියාත්මක රාජ්‍ය,  පළාත් සභා සහ පළාත් පාලන ආයතන ඇගයීමේ පරිගණක ජාලගත වැඩසටහනේදී 2018 වර්ෂයට අදාළව, ඉහළ කාර්යසාධන මට්ටමක් ළඟාකර ගත් ආයතන 109 ක් සඳහා සම්මාන  හා ඇගයීමේ සහතික පිරිනැමීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී අද (28) සිදුවිය. එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් රන් සම්මාන දිනා ගත් ආයතන සංඛ්‍යාව 55 කි.

රජයේ විශේෂිත වියදම් ඒකක (ප්‍රධාන) අංශය යටතේ රන් සම්මානය දිනා ගැනීමට අග්‍රාමාත්‍ය කාර්යාලය සමත් වූ අතර, රජයේ විශේෂිත වියදම් ඒකක (අනෙකුත්) අංශය යටතේ  පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය හා  මුදල් කොමිෂන් සභාව සමත් විය.

රජයේ අමාත්‍යාංශ අංශය යටතේ  ක්‍රීඩා අමාත්‍යාංශයත්, බුද්ධ ශාසන අමාත්‍යාංශයත් රන් සම්මාන දිනා ගත්තේය.

රජයේ දෙපාර්තමේන්තු අංශය යටතේ  සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව, විදේශ සම්පත් දෙපාර්තමේන්තුව, කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව, ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව, භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව , නීති කටයුුතු දෙපාර්තමේන්තුව, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුව, සමූපකාර සේවක කොමිෂන් සභාව , බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව සහ සමාජ සේවා දෙපාර්තමේන්තුව යන ආයතන රන් සම්මාන දිනා ගත්තේය.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල අංශය යටතේ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා  කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය  රන් සම්මාන දිනා ගත්තේය.

පළාත් අමාත්‍යාංශ/දෙපාර්තමේන්තු/ විශේෂිත වියදම් ඒකක අංශය යටතේ  මධ්‍යම පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව, මධ්‍යම පළාත් සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, නැගෙනහිර පළාත් අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ අධ්‍යාපන, පෙර පාසැල් අධ්‍යාපන, ක්‍රිඩා, සංස්කෘතික කටයුතු හා යෞවන කටයුතු,  පුනරුත්ථාපන හා  ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය, නැගෙනහිර පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, නැගෙනහිර පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව , නැගෙනහිර පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව , නැගෙනහිර පළාත් ග්‍රාමීය කර්මාන්ත දෙපාර්තමේන්තුව , නැගෙනහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව , නැගෙනහිර පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව , නැගෙනහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් කාර්යාලය (ඉංජිනේරු ‍සේවා) , නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය , නැගෙනහිර පළාත් මාර්ග සංවර්ධන,  ඉඩම් හා ඉඩම් සංවර්ධන, නිපුණතා හා මිනිස්බල සංවර්ධන, කාන්තා කටයුතු හා ජල සම්පාදන අමාත්‍යාංශය , වයඹ පළාත් ආණ්ඩුකාර කාර්යාලය , වයඹ පළාත් ප්‍රතිපත්ති සම්පාදන හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ දෙපාර්තමේන්තුවත් රන් සම්මාන දිනා ගත්තේය.

ඊට අමතරව වයඹ පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව , උතුරු පළාත් මුදල් හා ක්‍රම සම්පාදන, නීතිය හා සාමය, ඉඩම්, විදුලි, නිවාස හා ඉදිකිරීම්, පළාත් පාලන, පළාත් පරිපාලන, ග්‍රාමීය සංවර්ධන, මාර්ග සංවර්ධන, රථවාහන හා ප්‍රවාහන අමාත්‍යාංශය  , උතුරු පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව , උතුරු පළාත් පළාත් පාලන දෙපාර්තමේන්තුව , උතුරු පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව , උතුරු පළාත් ආදායම් දෙපාර්තමේන්තුව , උතුරු පළාත් ග්‍රාමීය සංවර්ධන දෙපාර්තමේන්තුව , උතුරු පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව , උතුරු පළාත් කාන්තා කටයුතු, පුනරුත්ථාපන, සමාජ සේවා, සමුපකාර, ආහාර සැපයුම් හා බෙදාහැරීම්, කර්මාන්ත හා ව්‍යාපාර ප්‍රවර්ධන, වෙළඳ හා වාණීජ අමාත්‍යාංශය , උතුරු පළාත් නියෝජ්‍ය ප්‍රධාන ‍ලේකම් කාර්යාලය (ඉංජිනේරු), උතුරු පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් කාර්යාලය (මුදල්), උතුරු පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් කාර්යාලය (පිරිස් පුහුණු), උතුරු පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් කාර්යාලය (සැලසුම්), උතුරු පළාත් සමූපකාර සේවක කොමිෂන් සභාව , උතුරු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව , සබරගමුව පළාත් සමූපකාර සේවක කොමිෂන් සභාව , සබරගමුව පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් කාර්යාලය (සැලසුම්) සබරගමුව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව, බස්නාහිර පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව , බස්නාහිර පළාත් පළාත් පාලන,  ආර්ථික ප්‍රවර්ධන, විදුලිබල හා බලශක්ති, පරිසර කටයුතු, ජල සම්පාදන හා ජලාපවාහන හා සංචාරක අමාත්‍යාංශය යන ආයතනද පළාත් අමාත්‍යාංශ/දෙපාර්තමේන්තු/ විශේෂිත වියදම් ඒකක අංශය යටතේ   රන් සම්මාන දිනා ගත්තේය.

ප්‍රාදේශීය සභා අංශය යටතේ රිදීගම ප්‍රාදේශීය සභාව  හා කුලියාපිටිය ප්‍රාදේශීය සභාව රන් සම්මාන දිනා ගත්තේය.

ඉහළ කාර්යසාධන මට්ටමක් ළඟාකර ගත් ආයතන  අතරින් රිදී සම්මාන දිනාගත් ආයතන සංඛ්‍යාව 23 කි. ඔවුන් වෙත සම්මාන ප්‍රදානය කිරීම කථානායක කරූ ජයසූරිය, රජයේ ගිණුම් පිළිබද පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරු ඇතුළු ආරාධිත පිරිසගේ සහභාගීත්වයෙන් සිදු වූහ.   

රජයේ අමාත්‍යාංශ අංශය යටතේ තැපැල්, තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය , කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශය , නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය රිදී සම්මාන දිනා ගත්තේය.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල අංශය යටතේ මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය  හා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය රිදී සම්මාන දිනා ගත්තේය.

පළාත් සභා අරමුදල් අංශය යටතේ උතුරු පළාත් සභාව හා  ඌව පළාත් සභාව සම්මාන දිනාගත් අතර, පළාත් සභා අධිකාරි අංශය යටතේ දකුණු පළාත් සමුපකාර සේවක කොමිෂන් සභාව , වයඹ පළාත් මුල් ළමාවිය සංවර්ධන අධිකාරිය , නැගෙනහිර පළාත් නිවාස අධිකාරිය රිදී සම්මාන දිනා ගත්තේය.

බොරලැස්ගමුව , කුලියාපිටිය , මිනුවන්ගොඩ , පේදුරුතුඩුව  යන නගර සභාවන් නගර සභා අංශයෙන් රිදී සම්මාන දිනා ගත් අතර , ප්‍රාදේශීය සභා අංශය යටතේ බිංගිරිය, පඬුවස්නුවර , පොල්පිතිගම , කටාන , පන්නල , මිනුවන්ගොඩ , කොබෙයිගනේ , නාරම්මල , උඩුබද්දාව  යන ප්‍රාදේශීය සභා රිදී සම්මාන දිනා ගැනීමට සමත් විය.

සම්මාන උළෙළේ දී ඇගයීම් සහතික හිමිකරගත් ආයතන සංඛ්‍යාව 31 කි.

08 වැනි පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සංකල්පයකට අනුව රජයේ ආයතනවල මූල්‍ය හා කාර්ය සාධනය ක්‍රමවත් කිරීමේ අරමුණින් රාජ්‍ය,  පළාත් සභා සහ පළාත් පාලන ආයතන ඇගයීමේ පරිගණක ජාලගත වැඩසටහනට යටතේ පැවැත්වෙන මෙම සම්මාන උත්සවය මෙවර පැවැත්වූයේ සිව්වෙනි වරටය. මේ අවස්ථාවට මැති ඇමැතිවරු, කාරක සභාවේ සාමාජිකයෝ, පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

1  5

6

 



සම්බන්ධිත පුවත්

2026-11-21

අයවැය කාල සීමාව තුළ පනත් කෙටුම්පත් ත්‍රිත්වයක් විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරයි

අයවැය කාල සීමාව තුළ පනත් කෙටුම්පත් ත්‍රිත්වයක දෙවැනිවර කියවීමේ විවාදයන් පැවැත්වීමට ඊයේ (නොවැ. 20) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ සභාපතීත්වයෙන් රැස්වූ පාර්ලි‍මේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.ඒ අනුව, නොවැම්බර් 23 සඳුදා, පෙ.ව. 11.00 සිට ප.ව. 6.00 දක්වා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට ගැනීමෙන් අනතුරුව, ප.ව. 6.00 සිට ප.ව. 6.30 දක්වා විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් වැළැක්වීමේ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට මෙහිදී තීරණය වී තිබේ.  තවද, දෙසැම්බර් 05 සෙනසුරාදා, පෙ.ව. 11.00 සිට ප.ව. 6.00 දක්වා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනීමෙන් අනතුරුව, ප.ව. 6.00 සිට ප.ව. 9.00 දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත විවාදයට ගැනීමටත් (දෙවැනිවර කියවීම) නියමිතව ඇත.එසේම, දෙසැම්බර් 07 සඳුදා, පෙ.ව. 11.00 සිට ප.ව. 6.00 දක්වා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ සහ කම්කරු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනීමෙන් අනතුරුව ප.ව. 6.00 සිට ප.ව. 6.30 දක්වා ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාව සහ තෙවැනිවර කියවීම පැවැත්වීමටත් මෙහිදී තීරණය වී තිබේ. (මෙම පනත් කෙටුම්පත 2026 ඔක්තෝබර් 23 දින දෙවැනිවර කියවීමේ විවාදය පවත්වා කල් තබා ඇත)  ඒ අනුව ඉහත දිනයන්හි සභාව කල් තබන අවස්ථාවේ යෝජනා විවාදයට නොගැනේ.මේ අතර, පාර්ලිමේන්තු විශේෂ කාරක සභා පත් කිරීමට අදාළ යෝජනා ත්‍රිත්වයකට ද පාර්ලි‍මේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි වී තිබේ. ඒ අනුව, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දී මියගිය පුද්ගලයන්ගේ මෘත දේහයන් බැහැර කිරීමේදී නිර්දේශිත ප්‍රමිතීන් සහ ආරක්ෂිත ක්‍රියාපටිපාටීන්, සංස්කෘතික වටිනාකම් සහ ආගමික නිදහස උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බවට එල්ල වී ඇති චෝදනා ඇතුළු ඒ සම්බන්ධ කරුණු පිළිබඳව විමර්ශනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීම, ස්වාධීන තරුණ කොමිෂන් සභාවක් පිහිටුවීම සම්බන්ධයෙන් කරුණු සලකා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවක් පත් කිරීම සහ කාවන්තිස්ස ඇතාගේ මරණය, ඊට අදාළ බලධාරීන්ගේ ක්‍රියාකලාපය සහ වනජීවී ආරක්‍ෂණ නීති ක්‍රියාත්මක කිරීම පරීක්ෂා කර බැලීම, එවැනි සිද්ධියක් නැවත සිදුවීම වළක්වා ගැනීම උදෙසා නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂ කාරක සභාවක් පත් කිරීම සඳහා වන යෝජනා ත්‍රිත්වයට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව ඇත.


2026-11-20

2027 විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 97 කින් සම්මතයි

2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 97 කින් පාර්ලිමේන්තුවේ දී අද (නොවැ. 20) සම්මත විය. අද ප.ව. 6.50 ට පමණ දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වූ අතර එහිදී අයවැයට පක්ෂව ඡන්ද 157 ක් ද විරුද්ධව ඡන්ද 60ක් ද හිමිය. 2027 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් ‘අයවැය කථාව’ මුදල් අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. අනතුරුව නොවැම්බර් 13 සිට අද (20) දක්වා, දින 7 ක් විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්විණි.කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 21 සිට දෙසැම්බර් 14 වැනිදා දක්වා දින 19 ක් පැවැත්වේ. මේ අනුව, 2027 මූල්‍ය වර්ෂය සදහා වන අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා  ප.ව. 6.00 ට පැවැත්වීමට නියමිතය.


2026-11-20

වැව් ආශ්‍රිත අනවසරෙන් ඉදිකර ඇති ව්‍යාපාරික ස්ථාන සහ පදිංචි ස්ථාන 2,196 ක්

වැව් රක්ෂිතයේ පාමුල හෝ ආරක්‍ෂිත කලාපය තුළ හෝ අනවසරෙන් ඉදිකර ඇති ව්‍යාපාරික ස්ථාන සහ පදිංචි ස්ථාන 2196 න් 1417 ක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ඇති වැව් ආශ්‍රිතවත්, ඉතිරි 779 ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ ඇති වැව් ආශ්‍රිතවත් සිදු වී ඇති බවත් ඉඩම් සහ වාරිමාර්ග ගරු නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතා පැවසීය. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරංග රත්නායක මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නවලට පාර්ලිමේන්තුවේ දී පිළිතුරු ලබා දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ඇති වැව් ආශ්‍රිත අනවසර ඉදිකිරීම් 102 ක් 2022 සිට මේ දක්වා ඉවත් කර ඇති බවත්, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ ඇති වැව් ආශ්‍රිතව ඉදිකිරීම් 779 ක් තවදුරටත් ඉවත් කිරීමට ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය.වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වී ඇති වැව් 700 ක් ඇති බවත්, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ ලියාපදිංචි වී ඇති වැව් 483 ක් ඇති බවත් පෙන්වාදුන් නියෝජ්‍ය අමාත්‍යවරයා අනවසර ඉදිකිරීම් ඉවත් කර වැව් රක්ෂිත ප්‍රදේශ නීත්‍යානුකූලව සංරක්ෂණය කිරීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


2026-11-20

මොණරාගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්ථාන 05 ක් දේශීය හා විදේශීය සංචාරකයින් සඳහා විවෘත කෙරේ

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මොණරාගල දිස්ත්‍රික්කය තුළ සංරක්ෂණය කර ඇති ස්ථාන අතරින් දේශීය සහ විදේශීය සංචාරකයින් සඳහා නැරඹීමට ස්ථාන 05 ක් විවෘත කර ඇති බවත්,  බුදුරුවගල, මාලිගාවිල, යුධගනාව සහ ගලබැද්ද පුරාවිද්‍යා ස්ථාන මෙන්ම දෙමටමල් විහාරය මෙලෙස විවෘතව පවතින බවත් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ගරු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙ‍නෙවි මහතා පැවසීය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සරත් කුමාර මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. මොණරාගල දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇති මේ වන විට ලියාපදිංචි කර ඇති පුරාවිද්‍යා ස්ථාන සංඛ්‍යාව 137 ක් බව ද ඒවා ගලබැද්ද, මාලිගාවිල, බුදුරුවගල සහ බිබිල යන පුරාවිද්‍යා කලාප 04 කට අයත් වන බව ද අමාත්‍යවරයා කිවේය. මෙම කලාපවලට අයත් භුමි ප්‍රමාණය විග්‍රහ කළ අමාත්‍යවරයා, ගලබැද්ද කලාපයට වර්ග කිලෝමීටර 2000.1 ක්, මාලිගාවිල කලාපයට වර්ග කිලෝමීටර 1199.2 ක්, බුදුරුවගල කලාපයට 1426.2 ක් සහ බිබිල කලාපයට 713.1 ක් අයත් බව ද සඳහන් කළේය.නැරඹීමට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයින් සඳහා බුදුරුවගල පුරාවිද්‍යා ස්ථානයට මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් ද, යුධගනාව පුරාවිද්‍යා ස්ථානයට විහාරස්ථානය මඟින් ද, දෙමටමල් විහාරයට විහාරස්ථානය මඟින් ද සනීපාරක්ෂක පහසුකම් සහ අනෙකුත් යටිතල පහසුකම් ප්‍රමාණවත් පරිදි සපයා තිබෙන බවත්, මාලිගාවිල පුරාවිද්‍යා ස්ථානයේ සහ ගලබැද්ද පුරාවිද්‍යා ස්ථානයේ ඇති යටිතල පහසුකම් තවදුරටත් දියුණු කළ යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks