පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2020-01-22
පුවත් කාණ්ඩ : පුවත්
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද බැදුම්කර සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම පිණිස පත් කරන ලද , ජනාධිපති කොමිසමේ නිර්දේශ අනුව සිදු කරන ලද වෝහාරික විගණන වාර්තාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දැනගැනීම පිණිස සභාගත කිරීමට ගරු කථානායක කරූ ජයසූරිය මහතා අද (21) තීරණය කළේය.
එම වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම මගින්, බැදුම්කර නිකුතුව පිළිබදව දැනට සිදු කෙරෙන අධිකරණ ක්‍රියාමාර්ග වලට කිසිදු බාධාවක් නොවන බවට තමා විශ්වාස කරන බවද එතුමා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෙම වෝහාරික විගණන වාර්තාව මීට පෙර පාර්ලිමේන්තුවට ලැබී තිබුණු අතර, නීතිපතිවරයාගේ උපදෙස් මත එය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත නිකුත් කිරීම අත්හිටුවීමට ගරු කථානායකතුමා පියවර ගෙන තිබුණි.
මෙම වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් අවශ්‍ය බවට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කථානායකවරයාගෙන් ඉල්ලා සිටි අතර , ඉදිරි පක්ෂ නායක රැස්වීමේදී සාකච්ජා කර ඒ සදහා දිනයක් ලබා දෙන බවද එතුමා පැවසීය.
කථානායකවරයා පාර්ලිමේන්තුවේදී කළ සම්පූර්ණ ප්‍රකාශය මෙසේය.
පොදු ව්‍යපාර පිළිබඳ කාරක සභාව වෙත මේ වන විට ලැබී ඇති, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2015 වර්ෂයේදී සිදු කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සම්බන්ධව විමර්ශනය කර ඒ සම්බන්ධව නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කරන ලද විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශය පරිදි අදාළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳව පිළියෙල කරන ලද වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරයන්ගේ දැනගැනීම පිණිස පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙස මන්ත්‍රීවරයන් බොහෝ දෙනෙකු විසින් 2020 ජනවාරි 03 වැනි දින සභාගර්භයේදී සහ ඉන් පිටතදීත් දිගින් දිගටම කරන ලද ඉල්ලීම්ද, 2020 ජනවාරි 13 වැනි දින පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් හා දේශපාලන පක්ෂවල නියෝජිතවරයන් මා සමඟ පැවති රැස්වීමේදී කරන ලද ඉල්ලීම් ද, සැලකිල්ලට භාජනය කර ඒ සම්බන්ධව මාගේ තීරණය පාර්ලිමේන්තුවට දැනුම්දීමට මම අදහස් කරමි.
2015 වර්ෂයේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද ප්‍රශ්නගත භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවට අදාළව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් 2016 වර්ෂයේදී සිදු කරන ලද විමර්ශනයේදී, එකී භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක් සිදුකොට ඒ තුළින් රජයට සිදුවූ නිශ්චිත අලාභය හා පාඩුව කොපමණද යන්න සොයාගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කරමින් නිර්දේශ ලබාදී තිබුණි.
ඉන් අනතුරුව, මෙකී භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳව විමර්ශනයන් සිදු කරන ලද විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශය පරිදි, ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙහෙයවීමෙන් මෙකී භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳව “වෝහාරික විගණනයක්” සිදු කිරීමට කටයුතු කරන ලදී.
ශ්‍රී ලංකා මහ බැංකුව සම්බන්ධව විගණකාධිපතිවරයා විසින් ලබා දෙනු ලබන වාර්ෂික වාර්තාව සහ එකී ගිණුම් පිළිබඳ නිරීක්ෂණයන් පොදු ව්‍යාපර පිළිබඳ කාරක සභාව විසින් සලකාබලන ලද අවස්ථාවේදී, මෙම වෝහාරික විගණනය පැවැත්වීම හා ඊට සම්බන්ධ කටයුතු, එහි ක්‍රියාදාමයන් සහ ඊට වැයවන පිරිවැය පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් කාරක සභාව හමුවේ විස්තරාත්මකව කරුණු දැක්වීම් ද සිදුකරන ලද බව අනාවරණය කරගන්නා ලදී.
එවැනි විගණනයක් සිදුකිරීම සම්බන්ධව විශේෂ නිපුණතාවයක් හා සුදුසුකම් ඇති ජාත්‍යන්තර පාර්ශ්වයක් විසින් සිදුකරන ලද එම වෝහාරික විගණනයට අදාළ අවසන් වාර්තාව ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලැබී තිබූ අතර එම වාර්තාව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙස එකී කාරක සභාවේ සභාපතිවරයා විසින් ලිඛිතව කරන ලද ඉල්ලීමට අනුව නීතිපතිවරයාගේ උපදෙස් පරිදි, භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සම්බන්ධව පැවැත්වෙන සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිත අධිකරණ ක්‍රියාදාමයන්ට අගතියක් නොවන අයුරින් එකී කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයන්ට පමණක් ලබාදීම සඳහා එම වාර්තාව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා වෙත ඉදිරිපත් කරන ලදී.
ඉන් අනතුරුව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් මෙම වාර්තාව සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා රැස්වීමක් කැඳවීමට කටයුතු සූදානම් කර තිබූ නමුදු, 2019.12.02 දින අටවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය, වාරාවසාන කිරීමත් සමඟ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග විධිවිධාන ප්‍රකාරව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ක්‍රියාත්මකවීම අහෝසි විය.
අටවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව නැවත ස්ථාපිත කොට එම කාරක සභාව විසින් මෙම වාර්තාව සම්බන්ධව ඉදිරි කටයුතු කිරීමට තවත් සැලකිය යුතු කාලයක් ගතවීමට ඉඩකඩ ඇති බැවින් එකී කාරක සභාව ක්‍රියාත්මකව නොපවතින මෙම කාලය තුළ එවැනි කාරක සභාවන්හි භාරකරු ලෙස මා වෙත පැවරී ඇති බලතල සහ වගකීම්, මා විසින් මෙහිදී සැලකිල්ලට භාජනය කරන ලදී.
ඒ අනුව, විශේෂයෙන් මහජන මුදල් පාලනය පිළිබඳ පූර්ණ බලය පාර්ලිමේන්තුව වෙත පැවරී ඇති බවට වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධානද, විශේෂයෙන්ම ඒ සම්බන්ධව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සතු බලතලද සමඟ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 136 ප්‍රකාරව මා වෙත පැවරී ඇති බලතල මෙන්ම පාර්ලිමේන්තුවේ වැඩකටයුතු සම්බන්ධයෙන් කිසිදු බාහිර පාර්ශ්වයකගේ මැදිහත්වීමකින් තොරව ස්වාධීනව තීරණ ගැනීමේ අයිතිය අවධාරණය කරමින් මාගේ පූර්වගාමී, හිටපු කථානායක ගරු අනුර බණ්ඩාරනායක මහතා විසින් ලබාදෙන ලද ඓතිහාසික තීරණයද මෙහිලා විශේෂයෙන් සැලකිල්ලට භාජනය කරන ලදී.
එලෙසම, මෙම වෝහාරික වාර්තාව පිළියෙල කිරීම සඳහා ජාත්‍යන්තර සහ දේශීය මට්ටමේ විශේෂඥයින්ගේ සහාය ලබාගැනීමට විශාල පිරිවැයක් දරා ඇති බැවින් මෙම වාර්තාව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයන්ට පමණක් ලබාදීමට වඩා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීතුමන්ලා වෙත ලබාදීම යෝග්‍ය බව මම විශ්වාස කරමි.
තවද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14අ ව්‍යවස්ථාව ප්‍රකාරව තොරතුරු වෙත ප්‍රවේශවීමේ මූලික අයිතිවාසිකම කෙරෙහිද ම’විසින් මෙහිදී අවධානය යොමු කරන ලද බවත් සඳහන් කරනු කැමැත්තෙමි.
ඊට අනුකූලව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සම්බන්ධව වූ “වෝහාරික විගණන වාර්තාව” අද දින සභාගත කිරීම යෝග්‍ය බවට මම තීරණය කරමි.
තවද, මෙම භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවට අදාළව දැනටමත් ආරම්භ කර තිබෙන සහ ඉදිරියේදී ආරම්භවීමට නියමිත අධිකරණ ක්‍රියාමාර්ග විධිමත් හා නීත්‍යානුකූල තත්ත්වයන් යටතේ පවත්වාගෙන යාමට මෙම තීරණය කිසිදු ආකාරයකින්, එකී අධිකරණමය ක්‍රියා මාර්ගයන්ට බාධාවක් හෝ බලපෑමක් සිදුවීමට අවකාශයක් ඇති නොවන බව මාගේ විශ්වාසයයි.
2026-08-28
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු නවයම නියෝජනය කරමින් පාර්ලිමේන්තු නිලධාරීන් 25 දෙනෙකුගෙන් සමන්විත නියෝජිත පිරිසක් නවදිල්ලි නුවර ලෝක් සභා මහ ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන ධාරිතා වර්ධන වැඩසටහනකට සහභාගී වෙමින් සිටිති.ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි අනූෂා රෝහණදීර මහත්මියගේ ඉල්ලීම මත ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හරහා මෙම ධාරිතා වර්ධන වැඩසටහන ආරම්භ කෙරිණි. අනතුරුව, ලෝක් සභාවේ කථානායක ශ්‍රී ඕම් බිර්ලා මහතාගේ මඟපෙන්වීම යටතේ, ලෝක් සභා මහ ලේකම් කාර්යාලයේ මහ ලේකම් ශ්‍රී උත්පල් කුමාර් සිං මහතා විසින් මෙම වැඩසටහන සංවිධානය කර පහසුකම් සලසා දෙන ලදී. මෙම සහයෝගීතාවේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිලධාරීන් 50 දෙනෙකුට මෙම වැඩසටහන සඳහා සහභාගී වීමට අවස්ථාව හිමි වුණි.ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිලධාරීන් 25 දෙනෙකුගෙන් සමන්විත පළමු කණ්ඩායම පසුගිය මාසයේදී ඉන්දියාවේදී මෙම වැඩසටහනට සහභාගී වූ අතර, එම නියෝජිත පිරිස සමඟ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් හංස අබේරත්න මහතා ද සහභාගී විය. එහි දෙවන අදියර ලෙස, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි අනූෂා රෝහණදීර මහත්මියගේ නායකත්වයෙන් යුත් තවත් නිලධාරීන් 25 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මේ වන විට නවදිල්ලි නුවරදී වැඩසටහනට සහභාගී වෙමින් සිටීයි.මෙම වැඩසටහන් ද්විත්වයම ලෝක් සභා මහ ලේකම් කාර්යාලයට අනුබද්ධ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන පාර්ලිමේන්තු පර්යේෂණ හා පුහුණු ආයතනය (PRIDE) විසින් පවත්වනු ලබන අතර, පාර්ලිමේන්තු නිලධාරීන්ගේ වෘත්තීය දැනුම, කුසලතා සහ ආයතනික ධාරිතාව ශක්තිමත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ.ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිලධාරීන් නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ප්‍රභූ පර්යන්තයට පැමිණි අවස්ථාවේදී ලෝක් සභා මහ ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ඔවුන්ව උණුසුම් ලෙස පිළිගන්නා ලදී.සිය සංචාරයේ කොටසක් ලෙස, වැඩසටහන ආරම්භ කිරීමට පෙර ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිලධාරීහු පාර්ලිමේන්තු සංකීර්ණයේ ප්‍රේරණා ස්ථල්හිදී මහත්මා ගාන්ධිතුමාගේ ප්‍රතිමාව වෙත පුෂ්පෝපහාර දැක්වුහ.මෙම ධාරිතා වර්ධන වැඩසටහනේදී පාර්ලිමේන්තු පරිපාලනය හා ක්‍රියාකාරිත්වයට අදාළ පුළුල් පරාසයක විෂයයන් පිළිබඳ දැනුම ලබාදීම සිදු කෙරේ. ජාත්‍යන්තර පාර්ලිමේන්තු සබඳතා සහ ප්‍රොටෝකෝලය, පාර්ලිමේන්තුව වෙත විධායකයේ වගවීම, පාර්ලිමේන්තු කාරක සභාවල කාර්යභාරය හා ක්‍රියාකාරිත්වය, ලෝක් සභා මහ ලේකම් කාර්යාලයේ සංවිධාන ව්‍යුහය සහ එහි පරිපාලන අංශයේ ක්‍රියාකාරිත්වය ඒ අතර වේ.එමෙන්ම, කාරක සභා ලේකම් කාර්යාල සහ විවිධ අංශවල ක්‍රියාකාරිත්වය හා කළමනාකරණය, පාර්ලිමේන්තු වරප්‍රසාද හා ආචාරධර්ම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සපයනු ලබන සේවා, මන්ත්‍රීවරුන්ගේ සේවා, දීමනා සහ සුබසාධන පහසුකම් පිළිබඳව ද නිලධාරීන්ට අවබෝධයක් ලබා දීමට වැඩසටහන මඟින් අවස්ථාව සලසා ඇත.මීට අමතරව, මහ ලේකම් කාර්යාලයේ අයවැය සකස් කිරීම, ඒකාබද්ධ මූල්‍ය ඒකකයේ (IFU) කාර්යයන්, අයවැය හා අයවැය සම්බන්ධ අංශවල කාර්යභාරය මෙන්ම ව්‍යවස්ථාදායක ආයතනවල මුලසුන හොබවන නිලධාරීන්ගේ කාර්යභාරය හා බලතල පිළිබඳව ද මෙම වැඩසටහනේදී අවධානය යොමු කෙරේ.නියෝජිත පිරිස ඉන්දීය පාර්ලිමේන්තු සංකීර්ණය වෙත ගොස් ලෝක් සභා සහ රාජ්‍ය සභා මන්ත්‍රී මණ්ඩල ශාලා මෙන්ම සංවිධාන සභා ගොඩනැගිල්ලේ (Samvidhan Sadan) මධ්‍යම ශාලාව ද නිරීක්ෂණය කළහ. එමෙන්ම, පාර්ලිමේන්තු පුස්තකාල ගොඩනැගිල්ල වෙත ද සංචාරය කළ අතර, එමඟින් ඉන්දීය පාර්ලිමේන්තුවේ යටිතල පහසුකම් සහ පාර්ලිමේන්තු සහාය සේවා පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට නිලධාරීන්ට අවස්ථාව සැලසුණි.අධ්‍යයන හා ආයතනික සැසිවලට අමතරව, මෙම වැඩසටහනට ආග්‍රා නගරයේ සංස්කෘතික සංචාරයක් ද ඇතුළත් විය. මෙම වැඩසටහන, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අඛණ්ඩව සිදුවන පාර්ලිමේන්තු සහයෝගීතා හා ධාරිතා වර්ධන වැඩසටහන්වල කොටසක් වන අතර, දෙරටේ පාර්ලිමේන්තු ආයතන අතර අත්දැකීම් හුවමාරු කර ගැනීමටත්, පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටි, පරිපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමටත් මෙය වැදගත් අවස්ථාවක් සලසා දෙයි.මේ අතර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි අනූෂා රෝහණදීර මහත්මියගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරී පිරිසක් නවදිල්ලි නුවරදී ලෝක් සභා මහ ලේකම් කාර්යාලයේ මහ ලේකම් ශ්‍රී උත්පල් කුමාර් සිං මහතා හමුවී සුහද හා ඵලදායී සාකච්ඡාවක නිරත වූහ.මෙහිදී මෙම ධාරිතා වර්ධන වැඩසටහන සංවිධානය කර පහසුකම් සලසා දීම සම්බන්ධයෙන් ශ්‍රී උත්පල් කුමාර් සිං මහතා වෙත සිය අවංක ස්තූතිය පළ කළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි අනූෂා රෝහණදීර මහත්මිය, වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා ලබා දුන් සහයෝගය ද අගය කළාය.එසේම මහ ලේකම්තුමිය ප්‍රමුඛ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් අංශ නියෝජනය කරන නිලධාරීහු පිරිසක් ඉන්දීය ව්‍යවස්ථාදායකයේ නිල රූපවාහිනි නාලිකාව වන “Sansad TV” හි කටයුතු සිදුවන ආකාරය ද නිරීක්ෂණය කළහ. මෙම වැඩසටහන සාර්ථක කණ්ඩායම් හරහා අඛණ්ඩව පවත්වාගෙන යාම මඟින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ ලෝක් සභා මහ ලේකම් කාර්යාලය අතර වර්ධනය වෙමින් පවතින ආයතනික සබඳතා තවදුරටත් ශක්තිමත් වන අතර, දෙරට අතර පාර්ලිමේන්තු විශේෂඥ දැනුම සහ යහපත් භාවිතයන් හුවමාරු කර ගැනීමට ද එය වැදගත් දායකත්වයක් සපයයි.
2026-08-21
රජය විසින් 2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 7500 ක ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තමේන්තුව අද (අගෝ. 21) පාර්ලිමේන්තුවේදී අනුමත විය. එයට අදාළ විවාදය අද පෙරවරු 11.30 සිට ප.ව 12.30 දක්වා පැවැත්විණි.කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේම ව්‍යාපෘති/වැඩසටහන් සඳහා 2026 වර්ෂයට වෙන් කරන ලද ප්‍රතිපාදනවලින් මෙම වර්ෂය තුළදී උපයෝජනය නොවන බවට අපේක්ෂිත ප්‍රතිපාදන රුපියල් මිලියන 7500 ක් ගෙවීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කොට තිබිණි.
2026-08-21
• ශෝකය පළ කිරීම සඳහා සභා ගර්භයේ විනාඩියක නිශ්ශබ්දතාවක්දැයෙන් සමුගත් ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී අද (අගෝ. 21) ශෝකය පළ කෙරිණි. ඒ අනුව ගරු අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ යෝජනාවකට අනුව සභාගර්භය තුළ විනාඩියක නිශ්ශබ්දතාවක් පළ කෙරිණි. ඉන් අනතුරුව අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ ස්වර්ණමය හඬ ලෙස සම්භාවනාවට පාත්‍ර වූ දශක අටකට වැඩි කාලයක් සිය ගායන පෞරුෂයෙන් මෙරට සංගීතය හා සංස්කෘතිය පෝෂණය කළ අචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය පිළිබඳ පුවත ඇසීමේ තමා ඉමහත් සංවේගයට පත්වූ බවයි. නන්දා මාලිනී මහත්මියගේ විවිධ ගීත ඇසෙමින් ඒ ගීත සමග ජීවිතයේ විවිධ අවස්ථා ගෙවී ගිය රසිකාවියක ලෙස එතුමියගේ අභාවය හුදෙක් ලාංකීය සංගීතයට අසමසම කලා පෞරුෂයක් අහිමි වීමක් ලෙස පමණක් නොව අපේ ජීවිතවලට සමීපව අපේ මතකයන් සමග බැඳී සතුටේදීත් වේදනාවේදීත් අප සමග හිටි හුරු පුරුදු හඬක් අපෙන් වෙන් වීමක් බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.එතුමියගේ ගීත සිය පරම්පරාවේ අත්දැකීම් සමග බැඳී තිබුණු අතර ඇගේ මනරම් හඬ සමග රැඳී තිබූ මතකයන් ඇගේ වියෝවත් සමග වඩාත් තදින් දැනෙන බව ද සඳහන් කළ අගමැතිවරිය නන්දා මාලිනියගේ ගායන දිවිය ශ්‍රී ලාංකේය ගීත කලාවේ එක් යුගයක් පමණක් නොව, මෙරට ජන ජීවිතයේත්, සමාජ චලනයන්ගේත්, මිනිස් හැඟීම්වලත් සජීවී ප්‍රකාශනයක් වූ බව ප්‍රකාශ කළාය. ප්‍රේමය හා විරහව වැනි මානව හැඟීම් ගැයීමෙන් ඔබ්බට ගිය නන්දා මාලිනිය, පොදු ජනතාවගේ දුක, බිය, බලාපොරොත්තු සහ අරගලය සිය ගීත තුළින් හඬක් බවට පත් කළ බවත් ඒ නිසාම ඇගේ ගීත ඇසෙන විට අපට දැනුණේ ගායිකාවකගේ හඬක් පමණක් නොව, අපේම සමාජයේ හඬ බවත් සිහිපත් කළාය. අද නන්දා මාලිනියගේ වියෝව පිළිබඳ ශෝක වන මොහොතේ, ශ්‍රී ලාංකේය සංගීතයට අහිමි වූ අසමසම කලාකාරිනිය ගැන පමණක් නොව, අපේ ජීවිතයේ බොහෝ මතකයන් සමඟ බැඳුණු ආදරණීය හඬක් ගැන ද තමා සිහිපත් කරන බව අගමැතිවරිය ප්‍රකාශ කළාය. එසේම දශක ගණනාවක් පුරා අප සමඟ ගමන් කළ ඒ හඬ අද නිහඬ වුව ද, එතුමිය ගැයූ ගීත අපේ මතකයන් තුළත්, අපේ හදවත් තුළත් දිගටම ජීවත් වනු ඇති බව ද සිහිපත් කළ අගමැතිවරිය නන්දා මාලිනියගේ දියණියන් දෙදෙනා ඇතුළු පවුලේ සියලු දෙනාටත්, එතුමියගේ ගී හඬට ආදරය කළ සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවටත් තම බලවත් සංවේගය පළ කරන බවද ප්‍රකාශ කළාය.මෙම අවස්ථාවේදී ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තම අදහස් පළ කරමින් සඳහන් කළේ නන්දා මාලිනී මහත්මිය තමා පෞද්ගලිකවම හඳුනන බවත් ඇය කිසිවකට නොනැමුණු හැමවිටම ජනතාව වෙනුවෙන් හිටගත් කලාකාරිණියක් ලෙස මානව දයාව, කරුණාව, අනුකම්පාව ඉතාමත්ම ඉහළින්ම තිබුණු අපේ රටේ බිහිවුණු ශ්‍රේෂ්ඨතම ගායනවේදිනියක් බවයි. මෙහිදී අදහස් දැක්වූ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා, අභාවයට පත් ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය වෙනුවෙන් සභාගර්භය තුළ පළ කළ අදහස් සමග තමාද එක්වන බවත් එතුමියට නිවන්සුව අත්වේවායි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙනුවෙන් ප්‍රාර්ථනා කරන බවත් ප්‍රකාශ කළේය.
2026-08-20
රජය විසින් 2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 7500 ක ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව හෙට පෙ.ව. 11.30 සිට ප.ව. 12.30 දක්වා අනුමතිය සඳහා විවාදයට ගැනීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ සභාපතීත්වයෙන් අද (අගෝ. 20) රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේම ව්‍යාපෘති/වැඩසටහන් සඳහා 2026 වර්ෂයට වෙන් කරන ලද ප්‍රතිපාදනවලින් මෙම වර්ෂය තුළදී උපයෝජනය නොවන බවට අපේක්ෂිත ප්‍රතිපාදන රුපියල් මිලියන 7500 ක් ගෙවීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කොට තිබේ. අනතුරුව රජය විසින් ගෙනෙනු ලබන සභාව කල් තැබීමේ යෝජනාව පෙ.ව. 1.00 සිට ප.ව. 5.30 දක්වා විවාදයට ගැනීමට නියමිතව තිබේ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks