01

E   |   த   |  

නොවැම්බර් මස පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු


2026 ඔක්තෝබර් මස 23, 30 සහ නොවැම්බර් මස 4 යන දිනයන්හි රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2026 නොවැම්බර් මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2026 නොවැම්බර් මස 03 වැනි අඟහරුවාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට ප‍ෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට ප‍ෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.301983 කළු ජූලි ඛේදනීය සිදුවීම හා එහි බලපෑම පිළිබඳව පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තා කිරීමටත්, ජාතික සහජීවනය තහවුරු කිරීම සහ පීඩාවට පත් පිරිස් වෙත සහන සැලසීම පිළිබඳ සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීම සඳහා යෝජනාව - ඉදිරිපත් කිරීමට
(2026.10.23 දිනැති අංක 4(10) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ, අංක පා. 136/2026 දරන දින නියමයක් නොමැති යෝජනාව බලන්න)
පෙ.ව. 11.30 සිට ප‍.ව. 5.30 ආණ්ඩු පාර්ශ්වය විසින් ඉදිරිපත් කිරීමට නියමිත කල් තැබීමේ යෝජනාව
 

2026 නොවැම්බර් මස 04 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට ප‍ෙ.ව. 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 05)
පෙ.ව. 10.30 සිට ප‍ෙ.ව. 11.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට ප‍.ව. 5.00 (i) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි - අනුමත කිරීමට
(මෙම රෙගුලාසි 2026.11.03 දින පාර්ලිමේන්තුවට පිළිගැන්වීමට නියමිත අතර, ඒ පිළිබඳ යෝජනාව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 අත්හිටුවා 2026.11.04 දින නිකුත් කිරීමට නියමිත පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ ඇතුළත් කෙරෙනු ඇත)

(ii) 2026 අංක 7 දරන පරිපූරක ඇස්තමේන්තුව - අනුමත කිරීමට
(මෙම පරිපූරක ඇස්තමේන්තුව 2026.11.03 දින පාර්ලිමේන්තුවට පිළිගැන්වීමට නියමිත අතර, ඒ පිළිබඳ යෝජනාව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 අත්හිටුවා 2026.11.04 දින නිකුත් කිරීමට නියමිත පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ ඇතුළත් කෙරෙනු ඇත)
ප.ව. 5.00 සිට ප‍.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 

2026 නොවැම්බර් මස 05 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට ප‍ෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට ප‍ෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප‍.ව. 5.00(i) භාර (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(2026.10.21 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම පනත් කෙටුම්පතට එරෙහිව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් ගොනු නොකළහොත්, මෙම පනත් කෙටුම්පත දෙවනවර කියවීම සඳහා ගනු ලැබේ)

(ii) 2026 අංක 8 දරන පරිපූරක ඇස්තමේන්තුව - අනුමත කිරීමට
(ශ්‍රී ලංකා ගුවන් හමුදාව)
(මෙම පරිපූරක ඇස්තමේන්තුව 2026.11.03 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද අතර ඒ පිළිබඳ යෝජනාව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 අත්හිටුවා 2026.11.05 දින නිකුත් කිරීමට නියමිත පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ ඇතුළත් කෙරෙනු ඇත)
ප.ව. 5.00 සිට ප‍.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 

2026 නොවැම්බර් මස 06 වැනි සිකුරාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට ප‍ෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට ප‍ෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප‍.ව. 5.00 ඉදිරිපත් කිරීමට නියමිත පෞද්ගලික මන්ත්‍රීන්ගේ යෝජනා —
(i) පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ඉහළ නැංවීම සඳහා වැඩසටහනක් සකස් කිරීම  
(ගරු නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා)

(ii) මාර්ග රක්ෂිතයන්හි ගස් සිටුවීම, විද්‍යාත්මකව කළමනාකරණය කිරීම සහ නඩත්තු කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම (ගරු ලසිත් භාෂණ ගමගේ මහතා)

(iii) ශ්‍රී ලංකාවේ සියලුම අධ්‍යාපන විද්‍යා පීඨ විශ්වවිද්‍යාල පීඨ බවට පත් කිරීම (ගරු නීතිඥ හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා)

(iv) සුහුරු විදුලිබල පද්ධතියක් සහ සුහුරු මීටර් හඳුන්වා දීම (ගරු රවීන්ද්‍ර බණ්ඩාර මහතා)

(v) පිහිනුම් කුසලතාවය ඉහළ දැමීමේ වැඩසටහනක් සකස් කිරීම (ගරු රෝහණ බංඩාර මහතා)

(vi) උඩවලව ප්‍රදේශය සංචාරක කලාපයක් ලෙස නම් කිරීම (ගරු උපුල් කිත්සිරි මහතා)

(vii) ජපන් ජබර ශාකයේ ව්‍යාප්තිය හිතකර ලෙස පාලනය සහ මර්දනය කිරීම (ගරු නීතිඥ හිරුනි විජේසිංහ මහත්මිය)
ප.ව. 5.00 සිට ප‍.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks