01

E   |   த   |  

ඔක්තෝබර් මස දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු


2026 ඔක්තෝබර් මස 16 වන දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2026 ඔක්තෝබර් මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

 

2026 ඔක්තෝබර් මස 20 වැනි අඟහරුවාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 රටේ වත්මන් තත්වය පිළිබඳ කල් තැබීමේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 

2026 ඔක්තෝබර් මස 21 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 (i) රාජ්‍ය ණය කළමනාකරණ පනත යටතේ යෝජනාව — අනුමත කිරීමට
(2026.10.09 දින නිකුත් වූ අංක 4(8) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ 2026.10.20 දිනට නියමිත අයිතම අංක 3 බලන්න)

(ii) 2026 අංක 6 දරන පරිපූරක ඇස්තමේන්තුව — අනුමත කිරීමට
(සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව)
(මෙම පරිපූරක ඇස්තමේන්තුව 2026.10.20 දින පාර්ලිමේන්තුවට පිළිගැන්වීමට නියමිත අතර, ඒ පිළිබඳ යෝජනාව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 අත්හිටුවා 2026.10.21 දින නිකුත් කිරීමට නියමිත අංක 190 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ ඇතුළත් කෙරෙනු ඇත)
ප.ව. 5.00 විවාදයකින් තොරව අනුමත කිරීමට -
(i) ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තා (2021), (2022) සහ (2023)
(ii) බී සී සී ලංකා ලිමිටඩ් සමාගමේ වාර්ෂික වාර්තා (2021/2022) සහ (2022/2023)
(iii) ජාතික ලුණු සමාගමේ වාර්ෂික වාර්තා සහ ගිණුම් (2021/2022) සහ (2022/2023)
(iv) ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ වාර්ෂික වාර්තා (2022) සහ (2023)
(v) මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනයේ වාර්ෂික වාර්තාව (2023)

(2026.10.09 දින අංක 188 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ අයිතම අංක 77 සිට 86 දක්වා බලන්න)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
 

2026 ඔක්තෝබර් මස 22 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම [එල්.ඩී. - ඕ. 8/2026]
(2026.10.09 දින අංක 188 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ අයිතම අංක 72 බලන්න)

විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම [එල්.ඩී. - ඕ. 11/2026]
(2026.10.09 දින අංක 188 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ අයිතම අංක 73 බලන්න)
ප.ව. 5.00 විවාදයකින් තොරව අනුමත කිරීමට -
(i) ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනයේ වාර්ෂික වාර්තාව (2022) 
(ii) ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍යය ආයතනයේ වාර්ෂික වාර්තාව (2022)
(iii) ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තා (2015), (2016), (2017) සහ (2018)
(iv) රණවිරු සේවා අධිකාරියේ වාර්ෂික වාර්තාව (2023)
(v) ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තා (2022) සහ (2023)

(ඉහත (i)-(iii) අයිතමයන් සඳහා, 2026.10.09 දින අංක 188 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ අයිතම අංක 87 සිට 92 දක්වාත්, ඉහත (iv) අයිතමය සඳහා, එම න්‍යාය පත්‍රයේම අයිතම අංක 76 ත් බලන්න. ඉහත (v) අයිතමය සඳහා 2026.10.09 දින නිකුත් වූ අංක 4(8) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ 2026.10.20 දිනට නියමිත අයිතම අංක 4 සහ 5 බලන්න)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය)
 

2026 ඔක්තෝබර් මස 23 වැනි සිකුරාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත  — දෙවැනිවර කියවීම
(2026.10.09 දින අංක 188 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ අයිතම අංක 75 බලන්න)
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය)
 





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks