logo

E   |     |  

ජූලි මස දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු

2026 ජූලි මස 10 සහ 22 යන දිනවල රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2026 ජූලි මාසයේ දෙවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-

2026 ජූලි මස 21 වැනි අඟහරුවාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 2.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග යටතේ තීරණ දෙකක් — අනුමත කිරීමට
(2026.07.10 දින නිකුත් කළ අංක 164 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ අයිතම අංක 87 සහ 88 බලන්න)
ප.ව. 2.30 සිට ප.ව. 5.30දසවන පාර්ලිමේන්තුවේ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ කටයුතු සහ කාර්යසාධනය පිළිබඳ කල් තැබීමේ යෝජනාව (මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා විසින් ඉදිරිපත් කිරීම‍ට නියමිතයි)
 
2026 ජූලි මස 22 වැනි බදාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට ප.ව. 4.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 50යි)
(පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 35 අත්හිටුවා පෙළගැස්වීමට නියමිත අතර මේ සඳහා වන යෝජනාවක් 2026.07.21 දින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ ඇතුළත් කෙරෙනු ඇත)
ප.ව. 4.30 සිට ප.ව. 5.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
ප.ව. 5.00 සිට ප.ව. 5.30 සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
 
2026 ජූලි මස 23 වැනි බ්‍රහස්පතින්දා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 2.30 ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි දෙකක් – අනුමත කිරීමට
(2026.07.10 දින නිකුත් වූ අංක 4 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයේ 2026.07.21 දිනට නියම කර ඇති අංක 3 සහ 4 දරන අයිතමයන් බලන්න)
ප.ව. 2.30 සිට ප.ව. 5.30 ආණ්ඩු පාර්ශ්වය විසින් ඉදිරිපත් කිරීමට නියමිත කල් තැබීමේ යෝජනාව
 
2026 ජූලි මස 24 වැනි සිකුරාදා

පෙ.ව. 09.30 සිට ප‍ෙ.ව. 10.00 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.30

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය ගරු නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාස භංගත්වය පිළිබඳ යෝජනාව
(එම යෝජනාව දින නියමයක් නොමැති යෝජනාවක් ලෙස 2026.07.22 දින නිකුත් කිරීමට නියමිත අංක 4(2) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ ඇතුළත් වනු ඇත)

© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks