පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2026 ජුනි මස 1 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් 2026 ජුනි මාසයේ පළමුවැනි රැස්වීම් සතියේ සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කර පහත සඳහන් පරිදි එකඟ වන ලදී:-
|
2026 ජුනි මස 09 වැනි අඟහරුවාදා |
|
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 | පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු |
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 | පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න |
| පෙ.ව. 11.30 සිට ප.ව. 2.30 | (i) මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියෝගය - අනුමත කිරීමට (ii) වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන බදු පනත යටතේ නියමය - අනුමත කිරීමට (iii) නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය - අනුමත කිරීමට (iv) එකතු කළ අගය මත බදු පනත යටතේ නියමය - අනුමත කිරීමට (2026.05.22 දින නිකුත් කළ අංක 3(13) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ පළ කළ, පිළිවෙළින් 2026.06.09 දිනට නියම කර ඇති අංක 2, 3, 4 සහ 5 දරන විෂයන් බලන්න) (v) පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග යටතේ තීරණය - අනුමත කිරීමට (2026.05.22 දින නිකුත් කළ අංක 152 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ අයිතම අංක 1 බලන්න) |
| ප.ව. 2.30 සිට ප.ව. 5.30 | මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනා සම්මතය – අනුමත කිරීමට (2026.05.28 දිනැති අංක 2490/06 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය බලන්න. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 අත්හිටුවා යෝජනා සම්මතය විවාදයට ගැනීමට නියමිතයි) |
|
2026 ජුනි මස 10 වැනි බදාදා |
|
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 | පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු |
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 | අග්‍රාමාත්‍යවරියගෙන් අසනු ලබන ප්‍රශ්න (ප්‍රශ්න 04 යි) |
| පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 05 යි) |
| පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 | පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න |
| පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 | (i) විදුලිසංදේශ බදු (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (ii) මුදල් (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (2026.05.22 දින නිකුත් කළ අංක 152 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ අයිතම අංක 6 සහ 7 බලන්න) (iii) අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය – අනුමත කිරීමට (2026.05.28 දිනැති අංක 2490/07 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය බලන්න. මෙය 2026.06.09 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 අත්හිටුවා යෝජනා සම්මතය විවාදයට ගැනීමට නියමිතයි) |
| ප.ව. 5.00 සිට ප.ව. 5.30 | සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) |
|
2026 ජුනි මස 11 වැනි බ්‍රහස්පතින්දා |
|
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 | පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු |
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 | පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න |
| පෙ.ව. 11.30 සිට ප.ව. 1.30 | (i) සමථකරණ (සිවිල් සහ වාණිජ ආරාවුල්) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (2026.05.22 දින නිකුත් කළ අංක 152 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ අයිතම අංක 5 බලන්න) (ii) සාපරාධී කාරණාවල දී අන්‍යොන්‍ය සහයෝගිතාව දැක්වීමේ පනත යටතේ නියමය – අනුමත කිරීමට (2026.05.22 දින නිකුත් කළ අංක 3(13) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ පළ කළ 2026.06.09 දිනට නියම කර ඇති අංක 7 දරන විෂය බලන්න) |
| ප.ව. 1.30 සිට ප.ව. 5.30 | රටේ වත්මන් තත්ත්වය පිළිබඳ කල් තැබීමේ විවාදය (විරුද්ධ පාර්ශ්වය) |
|
2026 ජුනි මස 12 වැනි සිකුරාදා |
|
| පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 | පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්‍රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු |
| පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 | වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න |
| පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 | පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න |
| පෙ.ව. 11.30 සිට ප.ව. 2.30 | (i) ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ රීති – අනුමත කිරීමට (2026.05.22 දින නිකුත් කළ අංක 3(13) දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ පළ කළ 2026.06.09 දිනට නියම කර ඇති අංක 6 දරන විෂය බලන්න) (ii) 2026 අංක 02 දරන පරිපූරක ඇස්තමේන්තුව — අනුමත කිරීමට (ජාතික අයවැය දෙපාර්තමේන්තුව) (ඉහත පරිපූරක ඇස්තමේන්තුව සහ අදාළ ලිපි ලේඛන 2026.06.09 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත) |
| ප.ව. 2.30 සිට ප.ව. 5.30 | 2025 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික ආර්ථික විවරණය පිළිබඳ කල් තැබීමේ විවාදය තවදුරටත් පැවැත්වීම (ආණ්ඩු පාර්ශ්වය) (මෙම විවාදය 2026.05.20 දින ආරම්භ විය) |
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි. | පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks