පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2013 අංක 36 දරන විසර්ජන පනතේ 6(1) වැනි වගන්තිය යටතේ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ අයවැය සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම -2014
(ii) 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ 54 වැනි වගන්තිය යටතේ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරිය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නිර්දේශ මත විදුලිබල (විදුලි පරීක්ෂකවරුන්ගේ කාර්යය, කර්තව්‍ය හා කාර්යය පටිපාටි) සම්බන්ධයෙන් සාදන ලදුව 2014 ඔක්තෝබර් 10 දිනැති අංක 1883/12 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(iii) 2012 වර්ෂය සඳහා ජාතික තරුණ සේවා සභාවේ වාර්ෂික වාර්තාව
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන පනත් කෙටුම්පත (2015) - කාරක සභා අවස්ථාව
2015 විසර්ජන පනත් කෙටුම්පතේ විසි හතරවැනි වෙන් කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය".
2015 විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) සංශෝධන සහිතව සභාව විසින් අද දින වැඩි ඡන්ද 95 කින් සම්මත කරන ලදී.
වැඩි විස්තර සඳහා, 'අයවැය 2015' වෙත පිවිසෙන්න.
පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සිට 14 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-
(i) විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත - සංශෝධන සහිතව
(ii) නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමයන් දෙකක්
(iii) සුරාබදු ආඥාපනත යටතේ නියමය
(iv) විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමය
(v) රේගු ආඥාපනත යටතේ යෝජනාව
(vi) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝග
(vii) විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමය
(viii) ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග දෙකක්
(ix) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝග තුනක්
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1755 ට 2014 දෙසැම්බර් මස 12 වැනි සිකුරාදා පැය 1330 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks