පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2013 වර්ෂය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(ii) 2013 වර්ෂය සඳහා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ
කාර්යසාධන වාර්තා
(iii) 2012 වර්ෂය සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ
(iv) 2012 වර්ෂය සඳහා සේවක අර්ථසාධක අරමුදලේ
(v) 2011 සහ 2012 වර්ෂ සඳහා ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාවේ
වාර්ෂික වාර්තා
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාවේ
(ii) සංස්කෘතික හා කලා කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාවේ
වාර්තා පාර්ලිමේන්තුවට පිළිගන්වන ලදී.
(iii) “පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත පිළිබඳව “ඒ” ස්ථාවර කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට පිළිගන්වන ලදී
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව
ශ්‍රී ලංකාවාසීන් එක් ජාතියක් ලෙස ජීවත්වීම බලාත්මක කිරීම සඳහා අවශ්‍ය දේශපාලන හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල පියවර නිර්දේශ කොට වාර්තා කිරීම සඳහා වන
කාරක සභාවේ කාල සීමාව 2015 මැයි මස 12 වැනි දින දක්වා තව දුරටත් දීර්ඝ කළ යුතු බවට වන යෝජනාව ගරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් ඉදිරිපත් කරන ලදුව සභාව එකඟ විය.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන පනත් කෙටුම්පත (2015) - කාරක සභා අවස්ථාව
2015 විසර්ජන පනත් කෙටුම්පතේ දහසයවැනි වෙන් කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය".
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“භාෂා පරිවර්තක සේවයේ වැටුප්” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු දුනේෂ් ගන්කන්ද මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1850 ට 2014 නොවැම්බර් මස 14 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks