පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
2012 වර්ෂය සඳහා ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ වාර්ෂික වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) සෞඛ්‍ය කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාවේ
(ii) දේශීය වෛද්‍ය කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාවේ
වාර්තා පාර්ලිමේන්තුවට පිළිගන්වන ලදී.
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
“අරුන්දික ප්‍රනාන්දු සහන සේවා සහ ගොඩ්ෆ්‍රි ප්‍රනාන්දු අනුස්මරණ පදනම (සංස්ථාගත කිරීමේ)”
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු නෙරන්ජන් වික්‍රමසිංහ මහතාට අවසර දෙන ලදී.
ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත සමාජ සේවා අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 7 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-
(i) ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති පනත් කෙටුම්පත - සංශෝධන සහිතව
(ii) විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් හයක්
කල් තැබීමේ යෝජනාව
“ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ 2014.10.09 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද නියෝග” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු ඉරාන් වික්‍රමරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1945 ට 2014 ඔක්තෝබර් මස 24 වැනි සිකුරාදා පැය 1330 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks