E   |     |  

2014 ඔක්තෝබර් මස 21 වැනි දින සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2012 වර්ෂය සඳහා සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ
(ii)   2013 වර්ෂය සඳහා ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ

වාර්ෂික වාර්තා

(iii)   2011 වර්ෂය සඳහා පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    ජල සම්පාදන හා ජලාපවහන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාවේ
(ii)    පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාවේ

වාර්තා පාර්ලිමේන්තුවට පිළිගන්වන ලදී.

(iii)    කල්පවෘක්ෂ සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ)
(iv)    සිව්මුනි සෑ වෙහෙර බෞද්ධ පදනම (සංස්ථාගත කිරීමේ)

නමැති පනත් කෙටුම්පත් පිළිබඳව “ඒ” ස්ථාවර කාරක සභාවේ වාර්තා පාර්ලිමේන්තුවට පිළිගන්වන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-

(i)    ඩීඑෆ්සීසී බැංකුව (ඉවත් කිරීමේ හා ආනුෂංගික විධිවිධාන) පනත් කෙටුම්පත - සංශෝධන සහිතව
(ii)    2015 වර්ෂයේ අයවැය ඇස්තමේන්තුවෙන් තෝරාගත් අමාත්‍යාංශවල වැය ශීර්ෂයන් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“ලංකා පොස්පේට් සමාගමේ වංචා දූෂණ” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු පී. හැරිසන් මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1859 ට 2014 ඔක්තෝබර් මස 23 වැනි බ්‍රහස්පතින්දා පැය 1300 දක්වා කල් තබන ලදී.


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks