පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2011 වර්ෂය සඳහා ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ
(ii) 2012 වර්ෂය සඳහා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ
(iii) 2012 වර්ෂය සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ
(iv) 2012 වර්ෂය සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ වාර්ෂික වාර්තාව
(v) 2012 වර්ෂය සඳහා ජාතික විද්‍යා පදනමේ
(vi) 2012/13 වර්ෂය සඳහා සී/ස. ලංකා පොස්පේට් සමාගමේ
වාර්ෂික වාර්තා
(vii) 2013 වර්ෂය සඳහා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(viii) 2013 වර්ෂය සඳහා කිළිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(ix) 2013 වර්ෂය සඳහා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(x) 2013 වර්ෂය සඳහා මුලතිවු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(xi) 2013 වර්ෂය සඳහා විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ
කාර්යසාධන වාර්තා
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ
අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ගේ අයිතිවාසිකම් සහ හිමිකම් දැක්වීම සහ එම අයිතිවාසිකම් සහ හිමිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම පිණිස ද; වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමට අදාළ සුදුසු ජාත්‍යන්තර ප්‍රතිමාන, ප්‍රමිති සහ යහපත් ප්‍රතිපත්ති බලාත්මක කිරීම පිණිස ද; අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා ජාතික අධිකාරියක් පිහිටුවීම; කළමනාකරණ මණ්ඩලයේ සංයුතිය; ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ගේ සහායක සහ ආරක්ෂක කොට්ඨාස පිහිටුවීම පිණිස ද; අපරාධයක වින්දිතයන්ට වන්දි ගෙවීම; අපරාධයක වින්දිතයන්ගේ සහ සාක්ෂිකරුවන්ගේ සහායක සහ ආරක්ෂණ අරමුදලක් පිහිටුවීම පිණිස ද; ඊට සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනත් කෙටුම්පතක් ගරු අධිකරණ අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-
(i) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි
(ii) ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමය
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1623 ට 2014 සැප්තැම්බර් මස 23 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks