E   |     |  

සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2013 වර්ෂය සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ
(ii)   2012 සහ 2013 වර්ෂ සඳහා රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ

කාර්යසාධන වාර්තා

(iii)   2007 මාර්තු 31 වැනි දිනෙන් අවසන් වන වර්ෂය සඳහා
(iv)   2008 මාර්තු 31 වැනි දිනෙන් අවසන් වන වර්ෂය සඳහා
(v)    2009 මාර්තු 31 වැනි දිනෙන් අවසන් වන වර්ෂය සඳහා
(vi)   2010 මාර්තු 31 වැනි දිනෙන් අවසන් වන වර්ෂය සඳහා
(vii)  2011 මාර්තු 31 වැනි දිනෙන් අවසන් වන වර්ෂය සඳහා

සීමාසහිත ශ්‍රී ලංකා රබර් නිෂ්පාදන සහ අපනයන සංස්ථාවේ ගිණුම් වාර්තා

(viii)    2008 අංක 35 දරන සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනතේ 6 වැනි වගන්තියේ (උ) ඡේදය සහ 39 වැනි වගන්තිය සමග කියවිය යුතු 51 වැනි වගන්තියේ (2) වැනි උප වගන්තියේ (ඈ) ඡේදය යටතේ පරිසර අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2012 අගෝස්තු 15 දිනැති අංක 1771/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග

(ix)    2008 අංක 35 දරන සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනතේ 27 වැනි සහ 28 වැනි වගන්ති සමග කියවිය යුතු 51 වැනි වගන්තිය යටතේ පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2013 ජුනි 28 දිනැති අංක 1816/37 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද සහ 2013 සැප්තැම්බර් 27 දිනැති අංක 1829/38 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ නිවැරදි කර පළ කරන ලද  නියෝග

(x)    (203 වැනි අධිකාරය වූ) මෝටර් වාහන පනතේ 19 වැනි වගන්තිය සමග කියවිය යුතු, එකී පනතේ 237 වැනි වගන්තිය යටතේ ප්‍රවාහන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2014 ජනවාරි 29 දිනැති අංක 1847/32 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

“එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය මගින් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත පරීක්ෂණය සිදු නොකළ යුතු බව” ට වන යෝජනාව

නම් අනුව ඡන්ද විමසීමක් පවත්වා (පක්ෂව 144; විරුද්ධව 10; වැළකී සිටි 37; නොපැමිණි 33) සභාව විසින් සම්මත කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1845 ට 2014 ජුනි මස 19 වැනි බ්‍රහස්පතින්දා පැය 1300 දක්වා කල් තබන ලදී.


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks