පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2013 වර්ෂය සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ
(ii) 2013 වර්ෂය සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ
(iii) 2013 වර්ෂය සඳහා වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(iv) 2013 වර්ෂය සඳහා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ
කාර්යසාධන වාර්තා
(v) 2011 වර්ෂය සඳහා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ
(vi) 2012 වර්ෂය සඳහා ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ
(vii) 2011 වර්ෂය සඳහා වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික සභාවේ
වාර්ෂික වාර්තා
(viii) (203 වැනි අධිකාරය වූ) මෝටර් වාහන පනතේ 128 අ වගන්තිය සමග කියවිය යුතු, එකී පනතේ 237 වැනි වගන්තිය යටතේ ප්‍රවාහන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2014 පෙබරවාරි මස 06 දිනැති අංක 1848/29 දරණ අතිවිශේෂ ගැසට්පත්‍රයේ පළ කරන ලද නියෝග
පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (අල්හාජ්) ඒ. එච්. එම්. අස්වර් මහතා විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2014 මැයි මස 07 වැනි දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු සම්බන්ධ වරප්‍රසාද යෝජනාව ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදුව, ස්ථාවර නියෝග 127 යටතේ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
“එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය මගින් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත පරීක්ෂණය සිදු නොකළ යුතු බව” ට වන යෝජනාව විවාදයට ගත් අතර කල් තැබූ විවාදය හෙට දින කරගෙන යෑමට නියමිතයි.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“උසස් පෙළ අධ්‍යාපන කටයුතු සඳහා ජාත්‍යන්තර පාසල්වල සිසුන් රජයේ පාසල්වලට ඇතුළත් කරගැනීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු තිස්ස අත්තනායක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1927 ට 2014 ජුනි මස 18 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks