පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2013 වර්ෂය සඳහා මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ
(ii) 2011 වර්ෂය සඳහා පුනරුත්ථාපන අධිකාරියේ
වාර්ෂික වාර්තා
(iii) 2013 වර්ෂය සඳහා බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ
(iv) 2013 වර්ෂය සඳහා මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ
(v) 2013 වර්ෂය සඳහා ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ
කාර්යසාධන වාර්තා
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත යෝජනා (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 4 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-
අධ්‍යාපනය ආරක්ෂා කිරීම සඳහා තත්ත්ව ආරක්ෂණ සභාවක් ස්ථාපිත කිරීම
වගකීමකින් තොරව විශ්වවිද්‍යාල නාමයන් භාවිත කරමින් ශ්‍රී ලංකාව තුළ විශාල වශයෙන් අධ්‍යාපනික ආයතන බිහිවෙමින් පවතින නිසා, අධ්‍යාපනය අනාගත පරම්පරාව සඳහා ආරක්ෂා කර දීම උදෙසා “තත්ත්ව ආරක්ෂණ සභාවක්” නීතිමය වශයෙන් වහා ස්ථාපිත කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ශ්‍රී ලංකාවේ දහම් පාසල් අධ්‍යාපනය හා පරිපාලනය විධිමත් කිරීම
ශ්‍රී ලංකාවේ සියලුම ආගම්වල දහම් පාසල් අධ්‍යාපනය හා පරිපාලනය වඩාත් විධිමත් කිරීමට සහ බෞද්ධ දහම් පාසල් තුළ පවත්නා දහම් අවසාන හා ධර්මාචාර්ය විභාග මෙන්ම සියලුම ආගම්වල දහම් පාසල් තුළ පැවැත්වෙන ඒ හා සමාන විභාග සහතික පත්‍ර සඳහා නිසි පිළිගැනීමක් ලබාදීමට, දහම් පාසල් සඳහා අඛණ්ඩව මානව සම්පත් හා භෞතික සම්පත් ලබා දීමෙන් දහම් පාසල් සඳහා පැමිණෙන සිසුන් සංඛ්‍යාව වැඩි කිරීමට කඩිනම් වැඩපිළිවෙළක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
කජු වගාව වැඩි දියුණු කිරීම උදෙසා කටයුතු ආරම්භ කිරීම
කජු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සැකැසුම, අලෙවි කිරීම සහ වගා කිරීමට ආධාර කිරීම සහ එමගින් ප්‍රධාන පෙළේ, තත්වයෙන් උසස් සහ වටිනාකම එකතු කළ කජු නිෂ්පාදකයකු සහ අපනයනකරුවකු බවට පත්වීම සඳහා ශ්‍රී ලංකාවට සහාය ලබා දීම පිණිස කජු වගාව වැඩි දියුණු කිරීම උදෙසා කටයුතු ආරම්භ කළ යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
ද්වීතීයික පාසල් අධ්‍යාපනය සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඉංග්‍රීසි මාධ්‍යයෙන් නොමිලේ ලබාදීම
ශ්‍රී ලංකාවේ සෑම රජයේ පාසලකම ද්විතීයික අධ්‍යාපනය සහ සියලු රජයේ විශ්ව විද්‍යාලයන්හි සම්පූර්ණ අධ්‍යාපනය ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලබා දිය යුතු බවත්, එකී අධ්‍යාපනය සම්පූර්ණ රජයේ වියදමෙන් ලබාදෙන නිදහස් අධ්‍යාපනයක් විය යුතු බවත් මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“වෙබ් අඩවි වාරණය කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු තිස්ස අත්තනායක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1925 ට 2014 ජුනි මස 17 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks