E   |     |  

සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2010 සහ 2011 වර්ෂ සඳහා ජාතික පුස්තකාල හා විඥාපන විද්‍යා ආයතනයේ
(ii)   2010 වර්ෂය සඳහා ලංකා ධීවර සංස්ථාවේ

වාර්ෂික වාර්තා

(iii)    2007 අංක 7 දරන සමාගම් පනතේ 477 හා 157(5) වැනි වගන්ති සමග කියවිය යුතු 527 වැනි වගන්තිය සහ 2005 අංක 11 දරන සමිති ආඥාපනත (සංශෝධිත) සමග කියවිය යුතු 1891 අංක 16 දරන  (123 වැනි අධිකාරය වන) සමිති ආඥාපනතේ 19 වැනි වගන්තිය යටතේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2013 දෙසැම්බර් 18 දිනැති අංක 1841/8 දරන සහ 2014 ජනවාරි 27 දිනැති අංක 1847/2 දරන අති විශේෂ ගැසට් පත්‍ර වල පළ කරන ලද නියෝග

(iv)    2013 වර්ෂය සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් පනත් කෙටුම්පත් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 3 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-

(i)    කුමාරසිරි හෙට්ටිගේ පදනම (සංස්ථාගත කිරීමේ)
(ii)   මොහාන් ලාල් ග්‍රේරු පදනම  (සංස්ථාගත කිරීමේ)
(iii)  වික්ටර් ඇන්ටනි අධ්‍යාපන, සමාජ, ආර්ථික සත්කාරක හා පුණ්‍යාධාර පදනම (සංස්ථාගත කිරීමේ)

පහත පනත් කෙටුම්පත් හි දෙවැනි වර කියවීම (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 5,7,10,11,12 සහ 13 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කර "ඒ" ස්ථාවර කාරක සභාවට (ව්‍යවස්ථාදායක) යොමු කරන ලදී:-

(i)    පණ්ඩු බණ්ඩාරනායක හෙල ජන පදනම (සංස්ථාගත කිරීමේ)
(ii)   හිස්බුල්ලාහ් පදනම (සංස්ථාගත කිරීමේ)
(iii)  හිරා පදනම (සංස්ථාගත කිරීමේ)
(iv)  ශ්‍රී ලංකාවේ ලේඛකයෝ සංවිධානය (සංස්ථාගත කිරීමේ)
(v)   දාම්පේ, මීගොඩ බෝධිවර්ධනාරාම ශ්‍රී මධුරසාම පිරිවෙන් විහාරස්ථ සංවර්ධන සභාව (සංස්ථාගත කිරීමේ)
(vi)  ශ්‍රී ලංකා ප්‍රභා ලේඛක සමිති සම්මේලනය (සංස්ථාගත කිරීමේ)

පහත පනත් කෙටුම්පත් හි දෙවැනි වර කියවීම (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 4,6,8 සහ 9 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කර "බී" ස්ථාවර කාරක සභාවට (ව්‍යවස්ථාදායක) යොමු කරන ලදී:-

(i)    ශ්‍රී ලංකා වරලත් නැව් තැරැව්කරුවන්ගේ ආයතනය (සංස්ථාගත කිරීමේ)
(ii)   දක්ෂිණ ලංකා තෘතීයික අධ්‍යාපන හා නායකත්ව පුහුණු පීඨය (සංස්ථාගත කිරීමේ)
(iii)  බරීරා මුස්ලිම් කාන්තා අරාබි විද්‍යාලය (සංස්ථාගත කිරීමේ)
(iv)  මිස්ටිකල් රෝස් ජාත්‍යන්තර ආයතනය (සංස්ථාගත කිරීමේ)

 

කල් තැබීමේ යෝජනාව

“2014.05.22 දින සම්මත වූ ශ්‍රී ලංකා රේගුව සම්බන්ධ විසර්ජන පනත යටතේ යෝජනාව” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු අරුන්දික ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1853 ට 2014 ජුනි මස 6 වැනි සිකුරාදා පැය 1330 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks