පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2011 වර්ෂය සඳහා සේවක අර්ථසාධක අරමුදලේ
(ii) 2010 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ
වාර්ෂික වාර්තා
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
(i) “සංඝමිත්තා ශ්‍රද්ධාකර පදනම (සංස්ථාගත කිරීමේ)”
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු කමලා රණතුංග මෙනෙවියට අවසර දෙන ලදී.
ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.
(ii) “රංජිත් සියඹලාපිටිය මිත්‍රත්ව පදනම (සංස්ථාගත කිරීමේ)”
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු ශෙහාන් සේමසිංහ මහතාට අවසර දෙන ලදී.
ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත සමාජ සේවා අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.
(iii) “සමස්ථ ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය (සංස්ථාගත කිරීමේ)”
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු ශෙහාන් සේමසිංහ මහතාට අවසර දෙන ලදී.
ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත සෞඛ්‍ය අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විශ්වාස භංග යෝජනාව
නම් අනුව ඡන්ද විමසීමක් පවත්වා (පක්ෂව 57; විරුද්ධව 151) රජය කෙරෙහි විශ්වාස භංගත්වය පිළිබඳ යෝජනාව නිෂ්ප්‍රභා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2014 මැයි මස 22 වැනි බ්‍රහස්පතින්දා පැය 1300 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks