E   |     |  

සභාවේ කටයුතු


පනත් කෙටුම්පත් පිළිගැන්වීම

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (සංශෝධන)

2006 අංක 17 දරන ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

 

තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට,

(i)    ගරු ආර්. යෝගරාජන් මහතා පා.ම.
(ii)    ගරු අජිත් පී. පෙරේරා මහතා පා.ම.
(iii)    ගරු ඉරාන් වික්‍රමරත්න මහතා පා.ම.        විසින් 2014 අප්‍රේල් මස 24 වැනි දින ද,

(iv)    ගරු අජිත් මාන්නප්පෙරුම මහතා පා.ම.
(v)    ගරු  නලින් බණ්ඩාර ජයමහ මහතා  පා.ම.        විසින් 2014 අප්‍රේල් මස 25 වැනි දින ද,

පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු සම්බන්ධ වරප්‍රසාද යෝජනා ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඉදිරිපත් කරන ලදුව, ස්ථාවර නියෝග 127 යටතේ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.

 

කල් තැබීමේ යෝජනාව

“පරිසරය” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු අනුර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2014 මැයි මස 9 වැනි සිකුරාදා පැය 1330 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks