පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) (235 වැනි අධිකාරය වන) රේගු ආඥා පනතේ 10 වැනි වගන්තිය යටතේ ආනයන තීරු ගාස්තු සම්බන්ධයෙන් වූ යෝජනාව. (2013 නොවැම්බර් 21 දිනැති අංක 1837/25 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
(ii) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(2) වැනි ව්‍යවස්ථාව සහ 1969 අංක 1 දරන ආනයන සහ අපනයන (පාලන) පනතේ 4(3) වැනි වගන්තිය සහ 14 වැනි වගන්තිය සමග කියවිය යුතු එම පනතේ 20 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් සාදන ලදුව 2013 නොවැම්බර් 21 දිනැති අංක 1837/41 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(iii) 2012 වර්ෂය සඳහා මහා භාණ්ඩාගාරයේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව
ශ්‍රී ලංකාවාසීන් එක් ජාතියක් ලෙස ජීවත්වීම බලාත්මක කිරීම සඳහා අවශ්‍ය දේශපාලන හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල පියවර නිර්දේශ කොට වාර්තා කිරීම සඳහා වන
කාරක සභාවේ කාල සීමාව 2014 ජූනි මස 21 වැනි දින දක්වා තව දුරටත් දීර්ඝ කළ යුතු බවට වන යෝජනාව ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදුව සභාව එකඟ විය.
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
(i) ජාතික පාරිසරික පර්ෂදය (සංස්ථාගත කිරීමේ)
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු අචල ජාගොඩගේ මහතාට අවසර දෙන ලදී.
(ii) රිල්වානියියාහ් අරාබි විද්‍යාලය (සංස්ථාගත කිරීමේ)
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු එම්. එස්. තව්ෆික් මහතාට අවසර දෙන ලදී.
(iii) දයා සරණ සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ)
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු අනෝමා ගමගේ මහත්මියට අවසර දෙන ලදී.
ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත අංක (i), (ii) සහ (iii) පනත් කෙටුම්පත් පිළිවෙළින් පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමා, බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා සහ සමාජ සේවා අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන පනත් කෙටුම්පත (2014) - කාරක සභා අවස්ථාව
2014 විසර්ජන පනත් කෙටුම්පතේ විසිදෙවැනි වෙන් කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය".
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1835 ට 2013 දෙසැම්බර් මස 20 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks