පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2011 සහ 2012 වර්ෂ සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ
(ii) 2011 වර්ෂය සඳහා ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ
(iii) 2011 වර්ෂය සඳහා රාජ්‍ය දැව සංස්ථාවේ
වාර්ෂික වාර්තා
(iv) 2012 වර්ෂය සඳහා මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව
(v) 2012 අංක 23 දරන විසර්ජන පනතේ 6(1) වැනි වගන්තිය යටතේ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ අයවැය සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම -2013
1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනතේ,
(vi) 61 වැනි වගන්තිය යටතේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2012 ඔක්තෝබර් 19 දිනැති අංක 1780/31 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද
(vii) 59 වැනි වගන්තිය සමග කියවිය යුතු 61 වැනි වගන්තිය යටතේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2012 දෙසැම්බර් 14 දිනැති අංක 1788/41 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද
(viii) 29 වැනි වගන්තිය සමග කියවිය යුතු 61 වැනි වගන්තිය යටතේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2012 ජූලි 27 දිනැති අංක 1768/36 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද
(ix) 8 වැනි වගන්තියේ (ඇ) ඡේදය සමග කියවිය යුතු 61 වැනි වගන්තිය යටතේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2012 සැප්තැම්බර් 07 දිනැති අංක 1774/36 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද
(x) 8 වැනි වගන්තියේ (ඇ) ඡේදය සමග කියවිය යුතු 61 වැනි වගන්තිය යටතේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2012 අගෝස්තු 10 දිනැති අංක 1770/25 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද
නියෝග
(xi) (203 වැනි අධිකාරය වූ) මෝටර් වාහන පනතේ 5 වැනි වගන්තියේ (2) වැනි උපවගන්තිය සහ 19 වැනි වගන්තිය සමග කියවිය යුතු, එකී පනතේ 237 වැනි වගන්තිය යටතේ ප්‍රවාහන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2013 ජුලි 31 දිනැති අංක 1821/31 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව
පාර්ලිමේන්තු සේවයේ ස්වාධීන තත්ත්වය ශක්තිමත් කිරීම පිළිබඳ කරුණු සොයා බලා වාර්තා කිරීම පිණිස වන
කාරක සභාවේ කාල සීමාව 2014 පෙබරවාරි මස 28 වැනි දින දක්වා තව දුරටත් දීර්ඝ කළ යුතු බවට වන යෝජනාව ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදුව සභාව එකඟ විය.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
(i) විසර්ජන පනත් කෙටුම්පත (2014) - දෙවැනි වර කියවීම (කල් තැබූ විවාදය) (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)
විසර්ජන පනත් කෙටුම්පත (2014) දෙවැනි වර කියවීමේ විවාදයේ පළමුවැනි වෙන් කළ දිනය අදයි.
(ii) 2014 වර්ෂයේ අයවැය ඇස්තමේන්තුවෙන් තෝරාගත් අමාත්‍යාංශවල වැය ශීර්ෂයන් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 වශයෙන් සඳහන් වන) පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී.
අනතුරුව, විසර්ජන පනත් කෙටුම්පත (2014) දෙවැනි වර කියවීමේ විවාදය පැය 1830 ට 2013 නොවැම්බර් මස 23 වැනි සෙනසුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks