බලන්න

E   |     |  

සභාවේ කටයුතු


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2011 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ
(ii)    2012 වර්ෂය සඳහා සීමාසහිත ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුවේ
(iii)    2011 වර්ෂය සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ
(iv)    2011 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනයේ

වාර්ෂික වාර්තා

(v)    2011 වර්ෂය සඳහා ජාතික ආරක්ෂක අරමුදල පිළිබඳ විගණකාධිපතිගේ වාර්තාව


(vi)    2011 සහ 2012 වර්ෂ සඳහා ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ලේකම් කාර්යාලයේ
(vii)    2012 වර්ෂය සඳහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ

කාර්යසාධන වාර්තා

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

(i)    ශ්‍රී ලංකා පර්යේෂණ හා සංවර්ධන ආයතනය (සංස්ථාගත කිරී‍මේ)

පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු අචල ජාගොඩගේ මහතාට අවසර දෙන ලදී.

(ii)    ශ්‍රී ලංකා සෙත්සේවා පදනම (සංස්ථාගත කිරී‍මේ)

පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු එම්. බී. ෆාරුක් මහතාට අවසර දෙන ලදී.

ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත අංක (i) සහ (ii) පනත් කෙටුම්පත් පිළිවෙළින් තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යතුමා සහ සෞඛ්‍ය අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

ධීවර හා ජලජ සම්පත් (සංශෝධන) පනත් කෙටුම්පත

සභාව විසින් සංශෝධන සහිතව සම්මත කරන ලදී.

 

කල් තැබීමේ යෝජනාව

“කෘෂිකර්මාන්තය හා සම්බන්ධ ගැටලු” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු අනුර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2013 නොවැම්බර් මස 21 වැනි බ්‍රහස්පතින්දා පැය 1300 දක්වා කල් තබන ලදී.


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks