පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2012 වර්ෂය සඳහා ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව හා ගිණුම්
(ii) 2011 වර්ෂය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පර්යේෂණ සභාවේ
(iii) 2011 වර්ෂය සඳහා මූලික අධ්‍යයන ආයතනයේ
වාර්ෂික වාර්තා
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
විසර්ජන
2014 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීම සඳහා ද; ඒ සේවා කාර්යය සඳහා ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැර හෝ ණය ලබා ගැනීමට බලය දීම සඳහා ද; ඒ මුදල් වර්ෂය තුළ ආණ්ඩුවේ ඇතැම් කටයුතු වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපාදන සැපයීම සඳහා ද; එම කටයුතු වෙනුවෙන් ඒ මුදල් වර්ෂය තුළ වියදම් සඳහා අවශ්‍ය වන මුදල් ඒකාබද්ධ අරමුදලින් හෝ ආණ්ඩුවේ හෝ ආණ්ඩුවට සුදුස්සක් කළ හැකි වෙනත් යම් අරමුදලකින් හෝ මුදල්වලින් හෝ අත්තිකාරම් වශයෙන් ගෙවීමට ඉඩ සැලසීම සඳහා ද; ඒකාබද්ධ අරමුදලට ඒ මුදල් ආපසු ගෙවීමට විධිවිධාන සැලසීම සහ ඉහත කී කරුණු හා සම්බන්ධ හෝ එයට ආනුෂංගික කරුණු සම්බන්ධයෙන් විධිවිධාන සැලසීම සඳහා ද වූ පනත් කෙටුම්පත ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.
ධීවර හා ජලජ සම්පත් (සංශෝධන)
1996 අංක 2 දරන ධීවර සහ ජලජ සම්පත් පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ගරු ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 9 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-
(i) සුරාබදු ආඥාපනත යටතේ නියමයන් දෙකක්
(ii) රේගු ආඥාපනත යටතේ යෝජනාව
(iii) විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් තුනක්
(iv) මුදල් පනත යටතේ නියෝගය
(v) මුදල් පනත යටතේ නියෝගය
(vi) නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියෝගය
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“මිල්ලනියේ කළු ගල් කඩා දැමීමේ කර්මාන්තය නිසා සිදුවී තිබෙන පරිසර දූෂණය” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු අජිත් පී. පෙරේරා මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1918 ට 2013 ඔක්තෝබර් මස 23 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks